IMG-LOGO

මහින්දානන්දට නලීන්ට කොට්ටියක් පැදුරක්

(සුජිත් හේවාජුලිගේ)

බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස්( මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය.

දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද(30) කරන බවද හෙතෙම සඳහන් කළේය.

බරපතළ සිර දඬුවම් විඳින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීම කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විඳින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත්වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණි දිසානායක මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (24)

මහින්දානන්දට නලීන්ට කොට්ටියක් පැදුරක්

සෙනෙවිරත්න Friday, 30 May 2025 08:06 AM

මේ සියල්ල නායකයා සහ නායකයින් දූෂිත වීමේ ප්‍රතිඵලයයි. මෙම සිද්ධිය අනුව නායකයා දිනවීමට බදු මුදල් අයථා ලෙස යෙදවා ඇත. ඒ වෙනුවට මොවුන්ට ඇති පමණ රාජ්‍ය මුදල් කොල්ලකෑමට ඉඩදී නායකයා නිහඬව සිට ඇත. දැන් මෙවැනි දෑ කළ සියලු දිනකට දහස්වරක් උන් මැරි මැරී ඉප⁣දෙන තත්වයට මානසිකව පත්ව ඇති බව සහතිකයි.

:       7       84

idr tharanga Friday, 30 May 2025 08:22 AM

මාස 7ක් ගියා හොඳ නිව්ස් එකක් අහන්න...

:       6       68

Nickon Friday, 30 May 2025 08:55 AM

අනේ, අරවයින් කැරම් බෝඩ් එකකුයි දාම් ලෑල්ලකුයි දෙන්න. පව්නෙ.

:       5       50

Asela Friday, 30 May 2025 08:58 AM

මේ කුණු වූ රාජ්‍ය ආයතන තවමත් අමානුෂික සහ තුන්වන ලෝකයේ පිළිවෙත් පවත්වාගෙන යනවා. මේ ජරා වළ අතහැරලා විදේශගත වෙන්න

:       44       18

පොඩිඑකාFriday, 30 May 2025 10:47 AM

ඒකනං ඇත්ත අසේලයෝ, තක්කඩි අපරාධකාරයන්ට නං රට පැනලත් බැරිවෙයි!

:       3       32

Deshababandu Friday, 30 May 2025 09:05 AM

දැනට එහෙම තමයි ඉතින්. පසුවට ඕකා ඇතුළේ ඉන්න ජේලර්ලායි, ගෝල බාලයොයි, කොළ පාට, කහ පාට නෝට්ටුවලට වහ වැටිලා, පැදුර වෙනුවට මෙට්ටයක් දෙන්නවත් බැරි නැහැ

:       1       51

chandima Friday, 30 May 2025 09:13 AM

පව් කියලත් හිතෙනවා. එත් රටේ මිනිස්සු කොච්චරනම් පව් ද? රජා බලු වී , බල්ලා රහවෙයි කියනවානේ?"

:       32       10

වින්සන්ට් කජ්ජාFriday, 30 May 2025 10:41 AM

"බල්ල රහවෙයි" කිව්වේ, ඔබ බලුමස් කනවද?

:       3       22

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Friday, 30 May 2025 09:13 AM

ඒකත් මහජන මුදලින්.

:       4       43

කුකුල් චමින්ද Friday, 30 May 2025 09:15 AM

බන්ධනාගාර පොදු වාට්ටුවේ ඉන්න සහෝදරවරුන් මේ මාව බලගත්තටත් වැඩිය හොඳට මේ ජෝඩුව බලාගන්න ඕනෙ. පොදු වාට්ටුවේ ඉන්න සහෝදරවරුන්ට, දැන් වැඩ කෝටියයි...ඉදිරියට වැඩ ප්‍රකෝටියයි...

:       4       37

අරවින්ද මොණරවිල Friday, 30 May 2025 09:39 AM

කොට්ටෙයි පැදුරයිත් මුන්ට හොද වැඩියි, උල තියන්න ඕනා......

:       8       44

Saman Friday, 30 May 2025 10:24 AM

එහෙනම්, සොරකම් කළ මහජන මුදල් අයකර ගැනීමට ඊළඟ පියවර කුමක්ද ????, එසේ නොවුවහොත් මෙය නැවතත් මහජනතාවට බරක් වනු ඇත.

:       2       29

ලුම්බිණි Friday, 30 May 2025 10:38 AM

කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

:       3       23

සසේ Friday, 30 May 2025 10:58 AM

ලුම්බිණි, මීසේ රස පව් දැන් කිලෝ එකක් කීයද?

:       4       16

ලූට මුස් Friday, 30 May 2025 11:05 AM

ඇයි කැරම් බෝඩ් එකක් දෙන්නේ නැතෙයි?

:       0       6

Janahitha Friday, 30 May 2025 11:15 AM

දුප්පත් ජනතාවගේ මුදල් සොරකම් කළ අයට සාප වෙනවා. ඒ අය ආරක්ෂා කළ අයටත් එහෙම වෙනවා. හොර බෙහෙත් ගෙන්වා අහිංසක පාසල් දියණියක් මරා දැමූ දහසක් දෙනාගේ ඇස් අන්ධ කළ අයටත් සාප වෙනවා.

:       1       9

janahitha Friday, 30 May 2025 11:17 AM

රජකම් කළත් කළකම් ඵලදේ...

:       1       8

de silva berlin Friday, 30 May 2025 11:57 AM

මොහුට නියම කළ දඬුවමට මම අධිකරණයට ස්තුතිවන්ත වන අතර, එක්ස්ප්‍රස් පෙර්ල් වන්දියට, sri lankan ගුවන් සේවයේ ඩොලර් මිලියනයක අල්ලස් සිද්ධියේ චූදිතයින් වන කපිල චන්ද්‍රසේන, වැනි පුද්ගලයින් සම්බන්ධ නඩුත් ඉක්මනින් විසඳා සුදුසු තීන්දුවක් දෙනු ඇති බවට බලපොරොත්තු වෙමි. තවද වීසා මගඩියේ සහ වෙනත් කරුණු මත ඍජු චෝදනා එල්ලවන ටිරාන් අලස්ට විරුද්ධව පරීක්ෂණ කර ඔහුට විරුද්ධව කඩිනමින් චෝදනා අධිකරණයේ ගොනු කරණ ලෙස රජයට බලකර සිටිමි. නමුත් බන්ධනාගාරේ සිටින බහුතරයක් රැඳවියන් ජීවත් වන්නේ ඉතා අවම සනීපාරක්ෂක තත්වයන් යටතේ බව සඳහන් කරන්න ඕනේ.., ඔවුන්ගේ සනීපාරක්ෂාව සහ සුබසාධනය ගැන බලධාරීන් මෙයට වැඩිය සොයා බලන්න ඕනේ...

:       4       22

ravin Friday, 30 May 2025 12:57 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතුවේ. ඔය කියන බන්ධනාගාර උදවියම අනන්තවත් හේතු කියයි මෙට්ටයක් සමගින් කෑම වේල ලබාදෙන්න හේතු කාරණා.

:       0       11

tissa Friday, 30 May 2025 01:24 PM

"අතු ගෑම" දුෂ්කර කාර්යයක් වෙන්නේ කොහොමද? මම ඕක හැමදාම කරනවානේ.

:       0       13

ලූට මූස් Friday, 30 May 2025 02:00 PM

මම අහලා තියෙනවා සමහර කට්ටිය රෑට රෑට ගෙවල් වලටත් ගිහිං එනවා කියලා. ඇත්තද මන්දා...?

:       0       10

ගැමුණු Friday, 30 May 2025 02:16 PM

තිස්සයෝ ඔයත් ඉන්නේ හිරේද?

:       1       2

සෑම් Friday, 30 May 2025 02:18 PM

මෙම රාජ්‍ය මුදල් කොල්ල කෑමට ආධාර අනුබල දුන් අමු කපටි පාදඩ මහින්ද රාජපක්ෂට ස්වභාවික යුක්තිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතුයි. නමුත් අද ඒ වසලයා මහජන දේපල මුදල් ලබමින් යහතින් කොළඹ 7 මන්දිරයක සැපසේ ඉන්නවා. එනිසා කරනුකාර මහින්ද රාජපක්ෂ කියන වසලයා යන යන තැන මහජතාව ඔහුට 'හූ' කියන්නත් විරෝධය දක්වන්නත් කටයුතු කරන්න...

:       6       15

සොරිසේන Friday, 30 May 2025 03:14 PM

දැන් මහින්දානන්දයට පුළුවන් එයාගේ භාර්යාව වුණු දැන් ඇතුලේ ඉන්නේ දුමින්දගේ පරණ බිරිඳ ගැන රසකතා බෙදා හදා ගන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 695 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site