( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත නොහැකි රැපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගන්නැයි ඉල්ලා හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහින්දානන්ද අලුත්ගමගේ ගොනු කළ රිට් පෙත්සම වැඩිදුර විභාගය ලබන ජුනි 18 වැනි දා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය .
මෙම පෙත්සම එස්.එස්.තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම තීන්දුව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නේ නඩුව 2020 වෙනකම් නඩුව අදින්න කරන උප්පරවැට්ටියක්... හොරකම් කල සල්ලි අතේ තියනවනේ ඒවා වියදම් කරකර නඩුව අදිනවා. වර්තමාන ආණ්ඩුවේ වංචා, දූෂණ ගැන කතා කරන්න හරියට කපුරුහාමිලා වගේ.. ඒ වුණාට ඇඟපුරාම දූෂණයේ ඕජස් ගලනවා. මේ අයට රැවටෙන මෝඩ රැළකුත් ඉන්නවනේ මේ රටේ.
අපිටත් පුළුවන් ද අපට කැමති නඩුකාරයා දාගන්න මොකද මෙහෙම නීතියක්
අම්මප! නඩුකාරයොත් මෙහෙම තීරණය කරනවාද? ?