ජපානයේ ටෝකියෝ නුවර නරිටාකේ ගුවන්තොටුපළේ අංක 2 පර්යන්තයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජැකට්ටුවට උඩින් ලෝහ පිරික්සුම් උපකරණයක් තබා ආරක්ෂකයෙක් පරීක්ෂා කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරයේදී විදේශ අමාත්‍යංශය ඔහු මන්ත්‍රීවරයකුගේ මට්ටමේ ප්‍රොටොකෝල පහසුකම් අනුමත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරීක්ෂාව ලංකාවෙදි කලා නම් කොහොම සද්දයක් දමයිද හොරු ටික.(හේ)
ලෝහ පරීක්ෂා කළාට වරදක් නැහැ. රත්තරන් පරීක්ෂා කළොත් වැඩේ අවුල්. අර කරකවන එක දැන් නැහැ වගේ. (නි)
මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා කවුද හිතුවේ.(හේ)
යහපාලනයට කඩේ ගිය අයගේ හිත රිදුනද? (නි)
අපේ අය ඉක්මනට මුල අමතක කරන, කෙලෙහි ගුණ නොදත් කොටසක්. ඉස්සර ගෙදරින් පිට වුණාට පස්සේ නැවත ගෙදර ඒවිද කියලා සැකයි , කොයි වෙලාවේ බෝම්බ පිපිරේවිද කියලා බයෙන් හිටියේ. ඒවා කොහොමත් මේ ගුණ මකු මිනිසුන්ට මතක නැහැ. මේ ජාතිය ඉක්මනින් වද වෙනවා සිකුරුයි (අ)
මෙයා ජනාධිපතිකමේ ඉන්න කාලේ කරපු දේවල් දිහා බලන කොට ලෝහ පිරික්සුම් අල්ලලා විතක් නොවෙයි මෙයාව පරීක්ෂා කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට නොතිබුන විශ්වාසයක් ජපානයට තියෙන්න විදියක් නැහැ. (බ)
මෙයා ජනාධිපතිකමේ ඉන්න කාලේ කරපු දේවල් දිහා බලන කොට මෙයට වදින්න ඕනේ ත්‍රස්තවාදයෙන් අපිව නිදහස කර ගත්තේ මෙතුමා අනික් අය ලැහැස්ති වුනේ රටත් එක්ක ත්‍රස්තයින්ට අපිවත් දෙන්න.(බ)
දැන් අලුත් රජය කරන දේවල් එක්ක බලනකොට මහින්ද කළ වැරදි ඉතාම සුළුකොට තැකිය හැකිය. ගහක ගෙඩි හොරකම් කිරිම සහ ගසක මුල් සොරකම් කිරීම යනු කාරණා දෙකකි. එක දෙයක් පැහැදිලිය. තව වසර 500 කටවත් ලංකාව දියුණු රටක් නම් නොවේ (නි)
සත්‍යායා ,ඔබලා වගේ කළ ගුණ නොදත් පිරිසක් ශ්‍රී ලංකා භූමියේ ජිවත් වීමත් ශ්‍රී ලංකාවට අවමානයක් (බ)
සාමාන්‍ය සිදුවීමක්. (ර)
බලේ තිබුණ කාලේ ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑනේ.(හේ)
මිනිසුන්ගේ ජීවිතයට ජීවත්වීමේ වරම ලබාදුන්නේ මහින්ද. අද ඔක්කොම කතාකරන්නේ සියල්ල අමතක කරලා. මුළු ලංකාව පුරාම බෝම්බ පිපිරුන අතීතය දැන් හැමෝටම අමතකවෙලා. (නි)
පාට කණ්ණාඩි දාලා බලන මිනිසුන්ට රට ජාතිය බේරාගත් වීරයන් අමතකවෙලා රටට මුකුත් නොකළ ඡන්දෙන් පැරදුන ඇමතිලා වටිනවා නේද (නි)
ජපානේ විතරක් නෙමෙයි හරිනම් ලංකාවේදීත් ඔය ඕනෑම කෙනෙක්ව ඔහොම පරික්ෂා කරන්න ඕන . පරික්ෂා කරන්නේ නැති අය තමයි රට රටවල් වලට හිතාගන්න බැරි බඩු ගෙනියන්නේ .මොන තරම් හොර වැඩ කරන්න පුලුවන්ද කෙනෙක්ව පරික්ෂා කරන්න බැරි නම් .(හේ)
ඒක සම්පුර්ණ නීත්‍යානුකූල පරික්ෂා කිරීමක්. මහින්ද දෙවියෙක් හැටියට සළකන අය අපේ රටේ හිටියාට එයා වෙන රටකට ගියාම සාමාන්‍ය පුද්ගලයෙක්. නැත්නම් ගුවන් මගියෙක් විතරයි. කිසිම පරික්ෂාවකට භාජනය නොවී එයා ලෝකේ පුරාම පියාඹපු කාලෙත් දැන් අවසානයිනේ (නි)
ගුවන් තොටුපොල පරික්ෂා කරන එක ජාත්‍යන්තර නීතියක්. එ්ක මහින්දට මට ඔයාට කියලා වෙනසක් නැහැ (නි)
ප්‍රනාන්දු, නිකන් බොරුවට කෑගහන්න එපා. මොන ලොක්කා වුණත් ඒ රටවල නීතිය එක වගේ. සත්‍යා කිවුවා වගේ මෙයාට ඔය සැප හොඳ වැඩියි කියලා අපි හිතනවා. හිතුවේ රජා කියලනේ. එ්ත් අද සත්‍යයට මුහුණදෙන්න වෙලා. (නි)
ප්‍රනාන්දු, ඔයා වගේ අය පැරිස් වල වැඩිවෙලා නිසා තමයි අයි.එස්. ත්‍රස්තයන්ට අර වගේ දේවල් කරන්න පුළුවන් වුණේ. ජනාධිපතිගේ වගකීම රටවැසියා ත්‍රස්තවාදයෙන් මුදාගැනීම. එ්කට කළගුණ වශයෙන් නැවත පත්කළා නේද? රට කන්න ලයිසන් දෙන්නද කියන්නේ? (නි)
රන්ජිත්, ඔයාගේ කතාව හරියටම හරි. මොවුන්ට දැන් ඔක්කොම අමතකවෙලා (නි)
යන හැමතැනම වශී කරන පහන අරන් යනවනේ ලංකාවේ නම්. මෙහේ මිනිස්සු මෝඩ වුණාට ජපනා මෝඩ නැහැ (නි)
ප්‍රනාන්දු, රන්ජිත් වගේ අය හිතන්නේ යුද ජයග්‍රහණය කියන්නේ රට සූරාකන්න දුන් අවසර පත්‍රයක් කියලයි. නැහැ. නාරද කියනවා වගේ අපි එයාව නැවතත් පත්කළේ කෙළෙහිගුණ දන්නා නිසා තමයි. රට හදයි කියලා විශාල බලාපොරොත්තුවක් ඇතුව. මොකද කළේ ඇවිල්ලා? (නි)
මේක සාමාන්‍ය දෙයක්, රට අත ගාමින් හදන කාලයක් දැන් ඇවිල්ල තියෙන නිසා රට කෑව අයගෙන් දැන් වැඩක් නැහැ..(බ)
ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ (නි)
මෙච්චර පස්ස බිම ඇනිලත් තාමත් චතුරිලට හිටපු මනුස්සයගේ අගය තේරිලා නැහැ වගේ! (නි)