ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් නොමිලේ ප්‍රචාරය කරමින් ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 115 ක පාඩු සිදුවීම හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ දැන්වීම් විකාශය නොකර රුපියල් ලක්ෂ 87 ක් නැවත මුදල් ලබාදී ස්වාධීන රූපවාහිනියට පාඩු කිරීම ගැන හිටපු ජනපති ඇතුළු හය දෙනකු ලබන 15-16 දෙදින හා 29-30 දිනයන්හි ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවට සාක්කි දීම සඳහා කැඳවා ඇතැයි එම කොමිසම කියයි.
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති හේවගේ අනුර සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති විජේසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයසිංහආරච්චිගේ උපුල් රංජිත්, සහකාර අලෙවි කළමනාකරු දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්වරු මෙලෙස කොමිසම හමුවට සාක්කි දීම සඳහා කැඳවා ඇත.
ජනාධිපති කොමිසම් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිලි 800 ක් අතරින් පරීක්ෂණ නිමාකර විභාගයට ගත් තෙවැනි පැමිණිල්ල මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් වැරදීමක්. (ර)
හිතාගන්නත් බෑ මේක. (ර)
ඔය කාටවත් මතක නෑ යුද්ධය කලේ කොච්චර වියදම් කරලද කියලා, නිර්භීත තීරණයක් ගෙන යුද්ධය නිමකළ මෙවැනි යුග පුරුෂයකු හට යමකු චෝදනා කරන්නේ නම්... (ර)
යුද්ධය දිනුවේ ලෝක අධාර මුදලින්. (ර)
ඔබ තුමා රට ජාතියට උදාර සේවයක් කළා,පුළුවන් නම් නිදහසේ අප්‍රකටව ඉතිරි ජිවිත කාලය ගෙවන්න බලන්න. (ම)
ඒ කියන්නේ පාඩු දෙකක් කරලා (නි)