‘සන්ධානයේ උදවිය දන්නේ නෑ කොහේද ඉන්නේ කියලවත්. පක්ෂයේ නායකයාම කියනවා මේ රට ආරක්ෂා කරන්න ඕනෑ නම් රටේ සදාචාරයක් ඇති කරන්න ඕනෑ නම් මහින්දට ඡන්දය දෙන්න එපා කියා.‘යි එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක රුක්මන් සේනානායක මහතා දැරණියගල දි පැවසීය.
‘ඉදිරි මහ මැතිවරණයෙන් මුළු රටේම එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා. රටේ තරණ පරපුර බලාපොරොත්තු වෙන්නේ සිය බලාපොරොත්තු ඉටු කරන ආණ්ඩුවක් බිහි කිරීමයි. සියලු ජාතීන් වෙනුවෙන් එජාපය කැප වෙනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත මහත්තයෝ! (නි)
ඔබ මහප්පා වෙනුවෙන් දැදිගමට සේවයක් කල යුතුයි. මම එදා ජේ.ආර් ට විරුද්දව ඔබත් සමග ආ පාසැල් ශිෂ්‍යයෙක්. මා අපොස උසස් පෙළ ලිවේ 1971. (නදී)
රටේ සාමය ඕනෙ නම් මහින්දට බලය දෙන්න (නදී)
සරත්, දැන් රටේ සාමය නැද්ද එතකොට? (ර)
කොමෙට් දාන බොහෝ දෙනා කියන්න හදන්නේ රනිල් ට,මෛත්‍රිට කොරන්න පුළුවන් මහින්දට පන නැහැ කියලා වගේ. (බ)
ඇයි සරත් ඔයා ඉන්නේ දැන් හදේද? (ම)
සරත් කියන විදියට, මහින්ද මහත්තයාගේ සාමය නිසාද සුදු වෑන්වලින් කෝටිපතියෝ උස්සල කප්පම් ගත්තේ? සාමය නිසාද සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් නැති කලේ..? සාමය නිසාද ධර්ගා නගරේ තුන්දෙනෙක් මරල දැම්මේ...? ඔය ටිකයි කිව්වේ. මේ හැම දේටම වගකිව යුත්තේ එවකට හිටපු ජනපති මහින්ද මහත්තයමයි. ඉතින් තවදුරටත්, එය වෙයි අගමැති හෝ ජනපති. හීනෙන් තමයි. (නදී)
අනේ රුක්මන් මහත්තයෝ ඔයාට මතකද ඔයාගේ ලොක්ක කොටිත් එක්ක අවුරුදු ගනනක් සාමෙ කෙරුවා. ඒ පැත්ත කොටින්ටම දීල කොළඹ බෝම්බ කොච්චර පිපුරුණාද. කවුද සාමේ දුන්නේ කියල සිංහල මිනිස්සු හොඳට දන්නවා.(නදී)
දැන් හීනෙන් නැගිටලා වෙග් කථාව. (ර)
මහින්දට මේ සැරේ ඇපත් නැහැ. හම්බන්තොටින් දැනටමත් පරාදයි. (ර)
සාමය වැඩිකමට ක්‍රිකට් මැච් එකවත් තියාගන්න බැහැ (නදී)
හුසේන් මහින්දට ඔයාලගේ ඡන්ද වැඩක් නෑ. එයාට සිංහල බෞද්ද ඡන්ද ඕන තරම් තියෙනවා.(නදී)
අනේ හුසේන් ඔයාලට දැන් මතක ණෑ අර කාත්තන්කුඩි පල්ලියේදී කොටි ඔයාලගේ අය මරපු විදිහ. ඔයාලගේ අය දැන් බය නැතිව කැලේ වනසන්නේ එ්කනේ. ඉස්සර ඔයාලට ඔය කැලයක් ගාවට යන්න බැහැ. කොටි ඒවායේ පදිංචි වෙලා හිටියේ. දැන් ඔයාල අපේ මුහුදු මහා විහාරෙට කරන විනාශේ අපි දන්නවා. කෝ සහජීවනේ. බලාගන යනකොට මහින්ද මහත්තය යුද්ධේ ඉවර කරපු එකත් අපරාදයක්.(නදී)
ජයවේවා! (නි)