‘අද මහින්ද රාඡපක්ෂ මහත්තයට වෙලා තියෙන්නෙ මුට්ටිය ඇතුළට ඔළුව දාගත්ත එළුවට වෙච්ච දේ. ඔළුවයි මුට්ටියයි දෙකම බේරගන්න හදනවා. ඒක කරන්න විමල් විරවංශයි, ගම්මන්පිලයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අලුතින් ආපු මහත්තුරුයි ඉඩ දෙන්නේ නැහැ.‘ යැයි ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී. හැරිසන් මහතා මහනුවරදි පැවැසිය.
‘විමල් වීරවංශලා, ගම්මන්පිලලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇරෙන්න වෙන විකල්පයක් නැති නිසා මහින්ද මහත්තයගෙ පස්සෙ එල්ලි සිටිනවා. බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වුණා සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් එහෙම වෙන්නයි යන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයට අභයාරාමයට ගිහින් දේශපාලනය නොකර බණක් භාවනාවක් කර පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙටවත් පිං ටිකක් රැස්කරගන්න පුළුවන්‘ යැයිද ඇමැතිවරයා කීය.
මහින්ද රාජපක්ෂ මහත්තය මල් වට්ටි අරන් පන්සල් යන්න යන්න දෙයියා කෝප වෙලා එතුමාගෙ තනතුරු විතරක් නොව පවුලේ අයගෙත් තනතුරුත් නැති වෙන්න යන බවත් දැන් එතුමාට කරන්න තියෙන්නෙ මෛත්‍රිපාල ජනපතිට පක්ෂය භාර දිල ඉතුරු ගෝලයොත් එක්ක පක්ෂය රැකගෙන රට ගෙනියන්න කියල ඉවත් වෙන එක යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට තිබුන පළියට වචන භාවිතා කරන්න එපා (නි)
කතා කරන්න වත් දන්නේ නැති ඇමතියෙක්. මෙවුන්ට පුළුවන් වාචාල කතා කියන්න පමණයි. මොනම වැඩක් වත් කරන්නේ නැහැ, (හේ්)
ඒ දේ තමයි වෙලා තියෙන්නේ්.(හේ)
අනේ හැරිසන් බැරිද ඔය ටික එස්එෆ් ට කියන්ඩ එයාට හොදනම් ඔබලාගේ නැට්ටේ එල්ලෙන්න මහින්දට බැරි මොකද වෙන පක්ෂයක් හදන්ඩ ඇත්ත කියන්න ඔබලා බයවෙලා ඉන්නේ ළගදීම ගෙදරයන්න වෙන එකට (බ)
බලාගෙන ගියහම මහින්ද නොහිටියානම් මෙයාලට කතා කරන්න දේකුත් නැතිවෙනවා. (බ)
මොකෝ හැරිසන් ඔච්චර බයවෙලා මහින්ද මහත්තයාට එයාගේ පාඩුවේ දේශපාලනය කරන්න දෙන්නකෝ (බ)
හැරිසොන්ගේ කොහොම වුනත් මහින්දගේ නම් කකුල් දෙක වෙවුලනවා වගේ පේනවා. (බ)
මොනවා කලත් මොනව කිව්වත් තවම මුන්ටික මහින්ද මහත්තයට පට්ට බයයි. ඒක ඔවුන්ගේ කතා වලින්ම අපිට තේරෙනවා. (ම)
හැරිසන් කියන්නෙත් එක්තරා විදිහක මැක්කෙක් තමයි. බල්ලා කවුද කියල කියන්න ඕනේ නැනේ (බ)
ඔය බලු මැක්කෝ කතාවේ මුල් කොටස 2015 ජනවාරි මාසෙදිත් දෙවැනි කොටස මහා මැතිවරණයෙන් පස්සේදීත් මුළුදරටටම ඉතාමත් පැහැදිලිවම තේරුම් ගියා. ඒ වුණත් පස්ස බිම ඇනී, පහුගිය කාලේ රහස් සඟවා ගැනීමට මානබලමින්, බලකාමයෙන් අන්ධවී සිටින විමලේ, ඇතුළු රංචුව මැදමුලන ගමට ගොස් විශ්‍රාම සුවයෙන් පසුවීමට සුදානම් වූණ මහින්දගේ බෙල්ලෙන් ඇදගෙන ඇවිත් මේ නස්පැත්තිය කරපු බව (අ) මහින්දට නොතෙරුනේ එයාගේම අවාසනවටයි.....
තවමත් මහින්ද රාජපක්ෂ කියන නමට පුදුම බයක්නේ මේ ගොල්ලෝ තියෙන්නේ.බලාගෙන යනකොට මේ ගොල්ලෝ කියන හැම වචනයක් පාසාම.කරන වැඩක් පාසාම මහින්ද මහත්තයට තමන්ගේ බලසම්පන්න භාවය ගැන ආඩම්බර විය හැක.ප්‍රහාබකරන් ඇතුළු මුළු ලෝකයටම බය නොවෙච්ච මිනිහා මේ ගොල්ලන්ට බය වෙයිද (කෞ).
හැරිසන් කියන්නේ මැක්කෙක් මෙයාගේ මාමන්ඩියා කැලේ හොරෙක්.. (කෞ)
කිව්වොත් කියන්නේ ඔහොම කතාවක්මයි (නි)
රනිල් මහත්මයාට වෙන්නෙත් ඔය ටිකම තමා මේ වගේ අය හිටියොත්. (අ)
පළාත් පාලන ඡන්දය තියෙන කම් නටමුකෝ (අ)
රාජ ඌෂ්ණය තිබෙන අය ළඟට මැක්කෝ එන්නේ නැහැ. (නි)
අනේ මොකටද අපි මේවට උත්තර කියන්නේ? (නි)
ජනපති විධායක බලය තියාගෙන, අගමැති පාර්ලිමේන්තු බලය තියාගෙන, අමාත්‍යවරු ඇමති බලය තියාගෙන, මේ පුංචි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වන මහින්ද මහත්තයාට මේතරම් බය මොකටද? ඒකෙන්ම පෙනෙනවා ඔය මොන බලයටත් වඩා ජනබලය ලොකුයි කියලා (නි)
මහින්ද කියන නමටත් දැන් මේ ගොල්ලන්ගේ කකුල් වෙව්ලනවා (බ)
ඒත් තව සමහරු එක්ක නිදාගත්තොත් නැගිටින්න වෙන්නේ ඉහඳ පණුවන් එක්ක (නි)
රජවාසල කවටයාගේ භූමිකාව නෙමෙයි අපි දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ (නි)
මේ ඉතින් අපේ ජනතා නියෝජිතයොනේ! (නි)
වෙනසත් එක්ක ගමන් කරන සෑම රටක්ම දියුණුව කරා ගමන් කරනවා. අපේ රටේ අය හැමදාම පරණ කෙනාම බදාගෙන එකතැන පල්වෙන්න බලනවා. මහින්දගෙන් තොර රටක් ඇත්තෙම නැද්ද? වෙනසක් දකින්න කැමතිම නැද්ද? (නි)