මහින්ද රාජපක්ෂ ජනපති හිතාමතාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කියමින් ඔහු ජනවාරි අටවැනිදා ඡන්දයට ඉදිරිපත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ජාතික සිංහල බෞද්ධ මහජන පක්ෂයේ නායක රත්න බණ්ඩාර අභියාචනාධිකරණයට අද(27) පෙත්සමක් ඉදිරිපත් කළේය.
ජනපති මහින්ද රාජපක්ෂ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හා නිතීපති වග උත්තරකරුවෝය.
මහජන මත විචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝදනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමත් සංශෝදනය කරමින් ජනාධිපති එම තනතුර දැරීමට නුසුදුස්සෙකියි ඔහුගේ පෙත්සමේ දැක්වේ.
ජනපති පදවියට තෝරාගත යුතු ඊළඟ දෙදෙනා වන අගමැති හා කථානායක ද 18 වැනි සංශෝධනයට ඡන්දය දීම නිසා ඔවුන්ද නුසුදුස්සන් වු බවත් ඊළඟට සිටින විපක්ෂ නායකද ඒ හේතුව නිසාම නොසුදුස්සන් බවත් ඊළඟට සුදුසු පුද්ගලයා අන් කිසිවකුත් නොව තමා බවත් එම පෙත්සමේ දැක්වේ.
හිස් වී ඇති ජනපති පදවියේ ඉදිරි දෙවසර දක්වා තමා ජනපති ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්නම් ෂෝයි අනේ! බිය වැඩි කමටද මන්ද? ඉතිරි අවුරුදු දෙක අපරාදේ කියල හිතල නිර්මාණය කරලා තියන අලුත්ම කොමඩි පිටපතක් වගෙයි. ලැජ්ජයි!! (නදී)
මම හිතුවා මට විතරයි පිස්සු කියලා. (නදී)
අපරාදේ අධිකරණයට ගිහින් මුදල් නාස්තිකරන්නේ. තීන්දුව කොහොමද කියල දන්නවානේ (ම)
තිස්ස, හේතුක මම නම් දැන් කොමෙන්ට් දැමීම සදහා වැඩි කාලයක් වැයකරන්නේ නැහැ නමුත් ඔබ දෙදෙනාගේ කොමෙන්ට් ඉතා කාලෝචිතයි මෙය අද රට මුහුණදී තිබෙන බරපතල ප්‍රශ්නයක් හැමදාම හැමකෙනාවම රවටන්න බැහැ. (නදී)
මොහුගේ ප්‍රකාශයේ තර්කයක් තිබෙනවා. නීති ව්‍යවස්ථා සම්පාදනයේ ඇති අඩු පාඩු තමයි මේ හේතුව. නීති ව්‍යවස්ථා සම්පාදනය කිරීම ඉතාමත් සූක්ෂම ලෙස කළයුතුයි.(දිල්)
තවත් මානසික ලෙඩෙක්ද (දිල්)
මේ වගේ දේවල් වලට කාලය නාස්ති කර ගන්න එපා (නදී)
මේක පිටින් දාල චන්දයෙන් ඉවත් වෙන්න හදනවද දන්නේ නැහැ. එන පොට හොඳ නැහැනේ. මේක උසාවියේ අහන්න ගත්තොත් මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. මොකද දහ දෙනෙක් දීපු තීන්දුවක් අහන්නේ කොහොමද? (නදී)
මෙය උපහාසයට සිනහවට ලක් කළ යුතු කාරණයක් නෙමෙයි. මෙවැනි නඩුවක් පවරන්නට මොහු ඉදිරිපත් වීම ප්‍රශංසා කළ යුතුයි (නදී)
හිතල වැඩකරන්න ඕන කාලයක් ඉස්සරහට තියෙන්නේ. (ර)
ඔබතුමාගේ ධෛර්ය ප්‍රසංසනීයයි. (ර)
කමක් නැහැ ඔන්න ඔහේ. දැන් ඉන්නෙත් ඔය ජාතියේම එක්කෙනේක්නේ. (නදී)
මෙයාව " රත්න බණ්ඩාරව" ලෝකේ ඉන්න හොඳම පිස්සා වෙන්න ඕන. (ස)
ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ඕනෑම පුරවැසියකුට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් විය හැකිවුවත් මහජනයා තෝරන්නේ රට පෙරට ගෙනයාමට සුදුස්සෙකි. එබැවින් තමා සතු ධනය නාස්තිකර නඩු නොදමා එම මුදල් තම දරුමල්ලන්ගේ දියුණුවට යොදන්න. (ස)
:) :) :) :) - මෙන්ටල් හොස්පිටල් එකෙන් පන්නලා වගේ. (ස)
හා..හා..හා..හ..හා.. (ස)
මොහුගේ තර්කය සාදාරණයි.....කෝ නීති සංගමය විසින් ඉල්ලපු මහින්දට පුළුවන් කියා දුන්න කියන උසාවි නියෝගය ??මොහුට නොවේ පිස්සු රට ගිලගෙන ඉන්න හස්තය නොපෙනෙන ,නොතේරෙන පුද්ගලයන්ටයි පිස්සු...(ස)
විපක්ෂ නායක 18 වැනි සංශෝධනයට ඡන්දය දුන්නේ නැහැ මම දන්නා තරමින් නම්, ඔහු එදා පාර්ලිමේන්තුව වර්ජනය කළා. (නදී)
අනේ! බලාගෙන යනකොට ඔක්කොම තමන් පමණක් සුදුසුයි කියන අයනෙ. (නි)
හික්...හික්..හික්...හිනා මනා...(නදී)
මේක හිනාවෙලා සුළුවෙන් හිතන්න පුළුවන් කාරණයක් නෙමෙයි (නි)
අපේ රටේ මිනිස්සු. තනිකර කෙලින්නේ පිස්සු (නදී)
පිස්සු එකේ හොදම එක. (නදී)
පක්ෂ විපක්ෂ ලෙස බෙදී සිටි ජනතාවක් ලංකාවේ සිටින නිසා ඉදිරි දෙවසර සදහා චීන ජනාධිපති පත්කරන ලෙස සංශෝධනය කරන මෙන් ඉල්ලමි (නදී)
බැරිනම් ඔච්චර වද වෙන්න ඕනේ නැහැනේ මහත්තයෝ. ඡන්දෙදි පරාද කලානම් ඉවරනේ. (නදී)
එයා නෙවෙයි මමයි ඊලගට සුදුසුම කෙනා. (නදී)
මේ මහතා දිනවමු (නදී)
අනේ මොකක්ද ඒ (නදී)
අපොයි මට තාම හිනාව නවත්තගන්න බැරි වුනා. එහෙම බලන කොට නම් ඉතින් බන්දුල පෙරේරා තමයි ඊළඟට සුදුසු (නදී)
අන්න හරි, ඔය නඩුවෙන් ඔබ තුමා දිනුවොත්, ගිනිකෙළි,ගැටුම්,ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොවෙයි, රුපියල් කෝටි ගණනක් රටට ඉතුරු වෙනවා. ඒ සියල්ලටම වඩා, අපට කනක් ඇහිලා ඉන්න පුළුවන්. (නදී)
මේ කාලේ අන්දරේ හිටියා නම් මොකද වෙන්නේ කියල මට හිතුනා. (නදී)
හොඳටම පිස්සු බවයි පේන්නේ. (නදී)
මෙහෙමත් විහිලු, උසාවියත් විහුලුවට අරන්. ඉදිරි වසර දෙකේ ජනාදිපති වන්නත් ඕනෙලු. අංගොඩ පිස්සන් කොටුවෙන්ද දන්නේ නැහැ (නදී)
ජනපති කියා අමතන්නේ භීෂණයෙන්. දුෂණයෙන්,තොරව සාදාරන කතිරයෙන් බලයට ආව පුද්ගලයාටයි. (නදී)
මේ මහත්මයා මහින්දට බැහැ කිව්වාම මා හිතුවා ව්‍යවස්ථාවේ කවුරුත් නොදුටු පැත්තක් පෙන්වා දෙන්න යනවා කියා. ප්‍රවෘත්තිය කියවා ඉවර උනාම හිතුනා ජනපති කමට සුදුසුම කෙනා එයා කියලා. (නදී)
මේකත් උගුලක්ද දන්නේ නැහැ. පරදිනවට බයේ මග ඇරලා යන්න (නදී)
විකට චිත්‍රපටයක් වගේ (නදී)
ඔය කියන විදියට හැට පැනල හොට බිම ඇනිලා තියෙද්දිත් උසාවි ගානේ යන නීතිඥයන්ට, වයසට ගිය විසේසඥ වෛද්‍යවරුන්ට එහෙමත් වැඩ කිරීම තහනම් කරන්න වෙනවා. (නදී)
අනේ රටක් වටින මනුස්සයෙක් (නදී)
ඇයි අපි සුදුසු නැද්ද ? (නදී)
කේවට්ට පුත්‍රයෙක්! (නදී)
ආන්ඩුවේම නාටකයක් ද ? (නදී)
සතියකට මට රට බාරදෙන්න (නදී)
හරියට හරි හේතුක. මේ යන විදියට ගියොත් රටෙන් වැඩි පිරිසක් පිස්සෝ වේවි. මමත් තවම ඡන්දෙ දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැහැ. හොදට හිතලා බලල තමයි ඡන්දෙ දෙන්න ඕනෙ. කථා වලට නම් මම හිතන්නේ නැහැ මිනිස්සු මේ සැරේ රවටන්න පුළුවන් වේවි කියලා. (නදී)
ප්‍රභාකරන්ට තිබුනේ නෑනේ අප්පා මෙහෙම මොලයක්. එකමදේ, මෙයාට විතරක් තියෙන 18 ට ඡන්දය නොදීපු අපිටත් නැති සුදුසුකම මොකද්ද දන්නේ නැහැ. (නදී)
එහෙම බැලුවොත් ජනපති පදවියට එකම සුදුස්සා මමයි. මට අව්‍යාජ උපාදියක් ඇත. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වී ඇත. බෙන්තර ගඟෙන් එහා උපත ලබා ඇත. (නදී)
අපිට ගැලපෙන කෙනා අන්තිමට හමු වෙලා කියල මටනම් හිතෙනවා. (නදී)
අපි රන්ජන්ට බාර දෙමු (නදී)
විපක්ෂ නායක 18 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ. එදින ඔහු පාර්ලිමේන්තුව වර්ජනය කළා. ජනාධිපති කම ඉල්ලුවට මොහු දේශපාලනික වටපිටාවේ සිදුවූ කිසිම දෙයක් නොදන්නා බවයි පේන්නේ. (නදී)