IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මහින්දට පුළුවන්නම් ඇමැතිවරුන්ට බැරි ඇයි‘ - ජනපති

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුව වසර 5ක්ම බලයේ සිටින බවත් කිසිවකුටත් එය කඩා දැමීමට නොහැකි බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති අද ප්‍රකාශ කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හැකිනම් හිටපු ඇමැතිවරුනට නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ක්‍රියා කිරීමට නොහැකියාවක් නැතැයිද ජනපති කීවේය.

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී ඔහු එසේ කීවේය.

‘පිට අපේ රට විදිහට අපට බොහෝ දුර යා යුතු ගමනක් යන්න තිබෙනවා. ඒ ගමන කටුකයි. මම ජනාධිපති වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති වුනෙත් ඔබ තුමාලා ඇමතිකම් ගන්නෙත් පහසු සුපිරි කාර්යක් සඳහා නෙමේ. දේශපාලනයේ තිබෙන කටුක බව දේශපාලනයේ තිබෙන අභියෝගාත්මක බව අපි කවුරුත් පිළිගන්නවා. ඔබ බලය සමග සුන්දර දේශපාලනයේ යෙදෙන්න පුළුවන්. එ්ත් ඒ සුන්දර දේශපාලනය සමග අවිනීත කම් ඇතිවෙනවා. අපි කරන්න ඕනේ කටුක බව තියාගෙන අභියෝගාත්මක දේ කරන්න ඕනේ අපි ඒ දේ කරන්නේ රටක් සහ ජනතාවක් වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ රට ගොඩනගන්න යම්කිසි කාල සීමාවක් එකට වැඩ කරන්න ඔබ තුමාල කැමැත්ත දුන්න. එ්කට මම ස්තුති වන්ත වෙනවා. මේකට ආරම්භයේ සිටම ගල්මුල් වදිනවා. අපිට නින්දා වදිනවා. සමහරු හඳුන්වනවා මමත් අග්‍රාමාත්‍යතුමාත් අධිරාජ්‍යවාදී කර්මාන්තනයකට අහුවෙලා කියල. එ්කට මම උත්තර දෙන්නේ නෑ. ඉදිරි කාලය තුළ අපේ වැඩ තුළින් එ්ක පෙන්නම්. සැබෑ ලෙසම අපි මේ රටට ආදරේ කරන මිනිස්සු කියන එක. අපි කිසිම විදේශ බලපෑමකට යටත් වෙන්නේ නෑ. අපිට මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අප කළු ලප ඇතිකරන්න ඉඩ තියන්නේ නෑ, බෞද්ධයින් වේවා කතෝලික වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා හැමෝම කියන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන් එක්වීම පිළිබඳ හා වෙන්වීම පිළිබඳවයි. එක්වීමද හොඳ වෙන්වීමද හොඳ ? පටු පරමාර්ථවලින් තොරව අපි ජනතාව ගැන හිතවනවම් එ්ක තමයි වැදගත් වෙන්නේ. ජාතික ආණ්ඩු සංකල්පයක් ඉදිරිපත් කළේ මේ රටේ අනාගතය වර්තමානය සුඛිත මුදිත කිරීම සඳහායි. අපිට පැහැදිලිවම මේ ආණ්ඩුවේ හැදිලා තිබෙන සංයුතියත් එක්ක ඉතා පැහැදිලිව කියන්න ඕනේ සමහර අය කියනවා මේ ආණ්ඩුව වැඩිකල් යන්නේ නෑ කියලා. සමහරු කියනවා මේ ආණ්ඩුව වැඩිකල් යන්න කලින් පෙරලන්න පුළුවන් කියලා. 2020ට මෙහා කිසිම කෙනෙක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න එපා. බණ්ඩාරනයක මහත්තයත් එදා කිව්වා මා වෙත පැවරී ඇත්තේ වින්නඹු මාතාවකගේ කාර්යයි. දරුවාගේ කාර්ය නිසිලෙස ඉපදෙන විට එම කාර්ය කිරීමට මට දෙන්න. නිසි කලට පෙර දරුවා මව් කුසින් එළියට ගන්නේ නෑ කියලයි. කව්රු කොහොම කිව්වත් ස්ථාවර ආණ්ඩුව අපේ ආණ්ඩුවයි ඒක වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. එ්ක ස්ථිරවම කියනවා.

අපි දන්නවා මේ තීරණ ගද්දි අපි ගොඩක් සංවේදී වුණා. හරිම අමාරුවෙන් මේ තීරණ ගත්තේ. විවේචනය කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට එ්ත් කාර්යක් ඉටු කිරීමේදී ඒ කාර්යය කරන පුද්ගලයා කරන කැපකිරීම තමයි වටින්නේ. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කෙනෙක් වෙලා ඉඳල අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහෙනම් කැබිනට් අමාත්‍යවරයෙක් වී සිට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වීම ලොකු දෙයක් නෙමේ. අපි මේ එකතුව අවුරුදු දෙකේ කාල සීමාව තුළ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවත් එක්ක මේ රට ගොඩනගන්නයි උත්සාහය. දශක දෙකක් තිස්සේ ගහගත්තු අපි මරාගත්තු අපි ඒ අපකීර්තිමත් දේශපාලන සංස්කෘතිය අවසන් කළා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරමින් දුෂණ අක්‍රමිකතා වැනි දේවල්වලට අහු නොවී වැඩකිරීමට හැමෝම වගකීමෙන් සිතන්න ඕනේ. අපි සාර්ථක ගමනක් යමු. සියලු දෙනාට ස්තුතියි.‘



අදහස් (0)

‘මහින්දට පුළුවන්නම් ඇමැතිවරුන්ට බැරි ඇයි‘ - ජනපති

විමුක්ති Wednesday, 09 September 2015 01:25 PM

අනේද කියන්නේ කරුණාතිලක. (නි)

:       0       0

සම්පත් Wednesday, 09 September 2015 01:31 PM

හොඳ කතාවක් (නි)

:       0       0

මුණසිංහ Thursday, 10 September 2015 04:57 AM

මිනිස්සු හරිම ආත්මාර්ථකාමී. අපට ජීවිතයක් දුන්න මනුස්සයාගෙන් අහනවා මොකද ජීවිතේ දුන්නේ කියල. මහින්ද මැතිදුනි ඔබට ජය.!. (ම)

:       0       0

සුනෙත් Wednesday, 09 September 2015 01:45 PM

මහින්ද ළඟ ඉන්නේ කොහොම අය කියලාද අපිට පැහැදිලි කර දුන්නේ.අද ඒ කියපු උදවිය කොහෙද ඉන්නේ? මිනිසුන්ට තේරෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා. (නි)

:       0       0

දිලිප් Thursday, 10 September 2015 05:11 AM

අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ මේ ලද අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න විදිය අනුව කියලයි මට හිතෙන්නේ. ගහ මරාගත්තා ඇති. දැන්වත් රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ඉතිහාසගත වෙන කාර්යයක් කරන්න සිතාගෙන තම තමන්ට පැවරුණු විෂයට අදාළව හරි දේවල් හා රටට හා යුගයට අවැසි දේ කිරීමට සිත් පහන් වේවා! (නි)

:       0       0

රිහාන් Thursday, 10 September 2015 05:20 AM

මහින්ද සැමදා මහින්දමය... (නි)

:       0       0

ඉෆ්රාන් Thursday, 10 September 2015 05:52 AM

මාලනි ඔව් මහින්දට පුළුවන් දේශපාලනය ජරාජීර්ණ කරන්න සල්ලි දීල මන්තිවරු බිලිබාන්න හා සටකපටකම් කර මිනිස්සු මුලා කරන්න බොරු සෝභන සන්ධර්ශන ජනතාවගේ මුදලින් තියන්න ඒවාට ඔහු හොදයි තමා (අ)

:       0       0

ඉෆ්රාන් Thursday, 10 September 2015 05:55 AM

ඔව් සමන් කොහොමහරි ලක්ෂ 58 ට 47 ටට බැස්සුවා තව ටිකක් හිටියොත් නිදහස් පක්ෂයේ තව ලක්ෂ 10 අඩුකරගන්න පුළුවන් එහම නේද ...(අ)

:       0       0

සෙන්සාන් Thursday, 10 September 2015 06:59 AM

අපේක්ෂාභංගත්වය තරමි මිනිසුන් අසරණ කරන දෙයක් ලෝකයේ තවත් නැහැ.මිනිසුන්ගේ විශ්වාසය තවදුරටත් බිඳුනොත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති බලාපොරොත්තුත් නැතිවෙයි.ජනමතයට ගරුකරන්න පුරුදු වෙන්න (නි)

:       0       0

මාලනී Wednesday, 09 September 2015 05:39 PM

මහින්දට පුළුවන් බොහෝ දේවල් කරන්න කාටවත් පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

ගිහාන් Wednesday, 09 September 2015 05:55 PM

ඔබතුමා හොඳින් සිතාමතා වැඩ කරන්න. අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 09 September 2015 06:50 PM

ඒක ඇත්ත. මමත් අහන්නේ ඒකම තමයි (නි)

:       0       0

සෑම් Wednesday, 09 September 2015 09:32 PM

මහින්ද පාර්ලිමේන්තු ආවේ ඡන්දෙන් දිනලා මහජන කැමැත්තෙන් (නි)

:       0       0

රෝයි Wednesday, 09 September 2015 10:30 AM

ඇමති වරුන්ටත් මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබාදෙනවා නම් ඔය තරම් පොරයක් නැහැ.(ම)

:       0       0

සේන Wednesday, 09 September 2015 10:41 AM

සංකල්පය හොද වුණාට ප්‍රායෝගික නැහැ අපි දින 100 ආණ්ඩුව තුළ සිද්දවෙච්ච දේවල් දැක්කානේ. (අ)

:       0       0

නිශාන්ත Wednesday, 09 September 2015 10:40 PM

එතුමා කියන දේ ඇත්ත (නි)

:       0       0

සාමා Wednesday, 09 September 2015 11:03 PM

කරුණාතිලක , ඔයා මහින්දට සුදුහුණු ගෑවාට අදවෙනකොට මුළු රටම දන්නවා මහින්ද කවුද කියලා. එයා ඔයතරම් රටට ආදරේ නම් පිට ඉඳලා මෛත්‍රී මහතාට උදව් කරන්න තිබුනා, මන්ත්‍රී කෙනෙක් නොවී. අපි බලමු යහපාලනය කොහොමද කියල ඉදිරියේදී මේවා විසඳන්නේ. (නි)

:       0       0

සඳරුවන් Thursday, 10 September 2015 01:39 AM

මහින්ද කියන්නේ සැබෑ නායකයෙක් (නි)

:       0       0

යෝනක Thursday, 10 September 2015 01:53 AM

මහින්ද මැතිඳුන්ට සමාන කරන්න මට නම් වෙන කිසිම කෙනෙක් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 10 September 2015 01:56 AM

මේක තමයි අපේ රටේ දේශපාලනය කියන්නේ. (නි)

:       0       0

රෝහණ Thursday, 10 September 2015 02:16 AM

මහින්ද කියන්නේ බලයට කෑදර කෙනෙක් කියලයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

සමන් Thursday, 10 September 2015 02:21 AM

සාමා, ඔයාට වඩා හොඳට අපිත්, ඒ කියන්නේ ලක්ෂ 58 ජනතාවත් දන්නවා මහින්ද කවුද කියා.එතුමා පරද්දන්න ලෝකෙම එකතුවුණා. ඒත් තාම බැහැ (නි)

:       0       0

රෝමන් Thursday, 10 September 2015 02:32 AM

සේන, බයිලා කියන්නේ නැතුව ධනාත්මකව සිතන්න (නි)

:       0       0

කරුණාතිලක Wednesday, 09 September 2015 11:43 AM

මහින්ද චිත්ත ධෛර්යය තිබෙන දක්ෂ සැබෑ එඩිතර නායකයෙක්. ඒ වගේ අය ලංකාවට ලැබෙන්නේ කලාතුරකින් (නි)

:       0       0

සමීර Thursday, 10 September 2015 03:36 AM

මහින්ද මහත්තයා වැඳුම් පිඳුම් ලබන්න තරම් කෙනෙක් වුණාට එතුමා විසින්මයි මේ තත්වය උදාකර ගත්තේ (නි)

:       0       0

නිශාන්ත Thursday, 10 September 2015 03:53 AM

සමන්,පරාජය පිළිගන්න දැන්වත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site