එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුව වසර 5ක්ම බලයේ සිටින බවත් කිසිවකුටත් එය කඩා දැමීමට නොහැකි බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති අද ප්‍රකාශ කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හැකිනම් හිටපු ඇමැතිවරුනට නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ක්‍රියා කිරීමට නොහැකියාවක් නැතැයිද ජනපති කීවේය.
නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී ඔහු එසේ කීවේය.
‘පිට අපේ රට විදිහට අපට බොහෝ දුර යා යුතු ගමනක් යන්න තිබෙනවා. ඒ ගමන කටුකයි. මම ජනාධිපති වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති වුනෙත් ඔබ තුමාලා ඇමතිකම් ගන්නෙත් පහසු සුපිරි කාර්යක් සඳහා නෙමේ. දේශපාලනයේ තිබෙන කටුක බව දේශපාලනයේ තිබෙන අභියෝගාත්මක බව අපි කවුරුත් පිළිගන්නවා. ඔබ බලය සමග සුන්දර දේශපාලනයේ යෙදෙන්න පුළුවන්. එ්ත් ඒ සුන්දර දේශපාලනය සමග අවිනීත කම් ඇතිවෙනවා. අපි කරන්න ඕනේ කටුක බව තියාගෙන අභියෝගාත්මක දේ කරන්න ඕනේ අපි ඒ දේ කරන්නේ රටක් සහ ජනතාවක් වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ රට ගොඩනගන්න යම්කිසි කාල සීමාවක් එකට වැඩ කරන්න ඔබ තුමාල කැමැත්ත දුන්න. එ්කට මම ස්තුති වන්ත වෙනවා. මේකට ආරම්භයේ සිටම ගල්මුල් වදිනවා. අපිට නින්දා වදිනවා. සමහරු හඳුන්වනවා මමත් අග්‍රාමාත්‍යතුමාත් අධිරාජ්‍යවාදී කර්මාන්තනයකට අහුවෙලා කියල. එ්කට මම උත්තර දෙන්නේ නෑ. ඉදිරි කාලය තුළ අපේ වැඩ තුළින් එ්ක පෙන්නම්. සැබෑ ලෙසම අපි මේ රටට ආදරේ කරන මිනිස්සු කියන එක. අපි කිසිම විදේශ බලපෑමකට යටත් වෙන්නේ නෑ. අපිට මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අප කළු ලප ඇතිකරන්න ඉඩ තියන්නේ නෑ, බෞද්ධයින් වේවා කතෝලික වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා හැමෝම කියන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන් එක්වීම පිළිබඳ හා වෙන්වීම පිළිබඳවයි. එක්වීමද හොඳ වෙන්වීමද හොඳ ? පටු පරමාර්ථවලින් තොරව අපි ජනතාව ගැන හිතවනවම් එ්ක තමයි වැදගත් වෙන්නේ. ජාතික ආණ්ඩු සංකල්පයක් ඉදිරිපත් කළේ මේ රටේ අනාගතය වර්තමානය සුඛිත මුදිත කිරීම සඳහායි. අපිට පැහැදිලිවම මේ ආණ්ඩුවේ හැදිලා තිබෙන සංයුතියත් එක්ක ඉතා පැහැදිලිව කියන්න ඕනේ සමහර අය කියනවා මේ ආණ්ඩුව වැඩිකල් යන්නේ නෑ කියලා. සමහරු කියනවා මේ ආණ්ඩුව වැඩිකල් යන්න කලින් පෙරලන්න පුළුවන් කියලා. 2020ට මෙහා කිසිම කෙනෙක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න එපා. බණ්ඩාරනයක මහත්තයත් එදා කිව්වා මා වෙත පැවරී ඇත්තේ වින්නඹු මාතාවකගේ කාර්යයි. දරුවාගේ කාර්ය නිසිලෙස ඉපදෙන විට එම කාර්ය කිරීමට මට දෙන්න. නිසි කලට පෙර දරුවා මව් කුසින් එළියට ගන්නේ නෑ කියලයි. කව්රු කොහොම කිව්වත් ස්ථාවර ආණ්ඩුව අපේ ආණ්ඩුවයි ඒක වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. එ්ක ස්ථිරවම කියනවා.
අපි දන්නවා මේ තීරණ ගද්දි අපි ගොඩක් සංවේදී වුණා. හරිම අමාරුවෙන් මේ තීරණ ගත්තේ. විවේචනය කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට එ්ත් කාර්යක් ඉටු කිරීමේදී ඒ කාර්යය කරන පුද්ගලයා කරන කැපකිරීම තමයි වටින්නේ. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කෙනෙක් වෙලා ඉඳල අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහෙනම් කැබිනට් අමාත්‍යවරයෙක් වී සිට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වීම ලොකු දෙයක් නෙමේ. අපි මේ එකතුව අවුරුදු දෙකේ කාල සීමාව තුළ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවත් එක්ක මේ රට ගොඩනගන්නයි උත්සාහය. දශක දෙකක් තිස්සේ ගහගත්තු අපි මරාගත්තු අපි ඒ අපකීර්තිමත් දේශපාලන සංස්කෘතිය අවසන් කළා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරමින් දුෂණ අක්‍රමිකතා වැනි දේවල්වලට අහු නොවී වැඩකිරීමට හැමෝම වගකීමෙන් සිතන්න ඕනේ. අපි සාර්ථක ගමනක් යමු. සියලු දෙනාට ස්තුතියි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ කරුණාතිලක. (නි)
හොඳ කතාවක් (නි)
මිනිස්සු හරිම ආත්මාර්ථකාමී. අපට ජීවිතයක් දුන්න මනුස්සයාගෙන් අහනවා මොකද ජීවිතේ දුන්නේ කියල. මහින්ද මැතිදුනි ඔබට ජය.!. (ම)
මහින්ද ළඟ ඉන්නේ කොහොම අය කියලාද අපිට පැහැදිලි කර දුන්නේ.අද ඒ කියපු උදවිය කොහෙද ඉන්නේ? මිනිසුන්ට තේරෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා. (නි)
අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ මේ ලද අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න විදිය අනුව කියලයි මට හිතෙන්නේ. ගහ මරාගත්තා ඇති. දැන්වත් රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ඉතිහාසගත වෙන කාර්යයක් කරන්න සිතාගෙන තම තමන්ට පැවරුණු විෂයට අදාළව හරි දේවල් හා රටට හා යුගයට අවැසි දේ කිරීමට සිත් පහන් වේවා! (නි)
මහින්ද සැමදා මහින්දමය... (නි)
මාලනි ඔව් මහින්දට පුළුවන් දේශපාලනය ජරාජීර්ණ කරන්න සල්ලි දීල මන්තිවරු බිලිබාන්න හා සටකපටකම් කර මිනිස්සු මුලා කරන්න බොරු සෝභන සන්ධර්ශන ජනතාවගේ මුදලින් තියන්න ඒවාට ඔහු හොදයි තමා (අ)
ඔව් සමන් කොහොමහරි ලක්ෂ 58 ට 47 ටට බැස්සුවා තව ටිකක් හිටියොත් නිදහස් පක්ෂයේ තව ලක්ෂ 10 අඩුකරගන්න පුළුවන් එහම නේද ...(අ)
අපේක්ෂාභංගත්වය තරමි මිනිසුන් අසරණ කරන දෙයක් ලෝකයේ තවත් නැහැ.මිනිසුන්ගේ විශ්වාසය තවදුරටත් බිඳුනොත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති බලාපොරොත්තුත් නැතිවෙයි.ජනමතයට ගරුකරන්න පුරුදු වෙන්න (නි)
මහින්දට පුළුවන් බොහෝ දේවල් කරන්න කාටවත් පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
ඔබතුමා හොඳින් සිතාමතා වැඩ කරන්න. අපි සැමදා ඔබ සමඟයි (නි)
ඒක ඇත්ත. මමත් අහන්නේ ඒකම තමයි (නි)
මහින්ද පාර්ලිමේන්තු ආවේ ඡන්දෙන් දිනලා මහජන කැමැත්තෙන් (නි)
ඇමති වරුන්ටත් මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබාදෙනවා නම් ඔය තරම් පොරයක් නැහැ.(ම)
සංකල්පය හොද වුණාට ප්‍රායෝගික නැහැ අපි දින 100 ආණ්ඩුව තුළ සිද්දවෙච්ච දේවල් දැක්කානේ. (අ)
එතුමා කියන දේ ඇත්ත (නි)
කරුණාතිලක , ඔයා මහින්දට සුදුහුණු ගෑවාට අදවෙනකොට මුළු රටම දන්නවා මහින්ද කවුද කියලා. එයා ඔයතරම් රටට ආදරේ නම් පිට ඉඳලා මෛත්‍රී මහතාට උදව් කරන්න තිබුනා, මන්ත්‍රී කෙනෙක් නොවී. අපි බලමු යහපාලනය කොහොමද කියල ඉදිරියේදී මේවා විසඳන්නේ. (නි)
මහින්ද කියන්නේ සැබෑ නායකයෙක් (නි)
මහින්ද මැතිඳුන්ට සමාන කරන්න මට නම් වෙන කිසිම කෙනෙක් නැහැ (නි)
මේක තමයි අපේ රටේ දේශපාලනය කියන්නේ. (නි)
මහින්ද කියන්නේ බලයට කෑදර කෙනෙක් කියලයි අපි නම් හිතන්නේ (නි)
සාමා, ඔයාට වඩා හොඳට අපිත්, ඒ කියන්නේ ලක්ෂ 58 ජනතාවත් දන්නවා මහින්ද කවුද කියා.එතුමා පරද්දන්න ලෝකෙම එකතුවුණා. ඒත් තාම බැහැ (නි)
සේන, බයිලා කියන්නේ නැතුව ධනාත්මකව සිතන්න (නි)
මහින්ද චිත්ත ධෛර්යය තිබෙන දක්ෂ සැබෑ එඩිතර නායකයෙක්. ඒ වගේ අය ලංකාවට ලැබෙන්නේ කලාතුරකින් (නි)
මහින්ද මහත්තයා වැඳුම් පිඳුම් ලබන්න තරම් කෙනෙක් වුණාට එතුමා විසින්මයි මේ තත්වය උදාකර ගත්තේ (නි)
සමන්,පරාජය පිළිගන්න දැන්වත් (නි)