මහින්ද රාජපක්ෂ ජනපතිට තුන් වැනි වරටත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකියැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති තර්කවල කිසිදු පදනමක් නැතැයි ද, නීතිය අනුව මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නම් තුන්වැනි වරටත් ඉදිරිපත් විය හැකි යැයි ද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ ‘යුක්තිය උදෙසා ශ්‍රී ලාංකික තරුණ එකමුතුව‘ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වැඩ සටහනක් අමතමිනි.
‘රට හමුවේ ඇති අභියෝග, විධායක ජනාධිපතික්‍රමය හා 18 වැනි සංශෝධනය‘ මැයෙන් පැවැත්වූ එම වැඩ සටහනට නීතීඥවරු පිරිසක් හා නීති ශිෂ්‍යයෝ පිරිසක් ද සහභාගී වූහ.
මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම මහතා ද දේශනයක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට පුළුවන් වුණත් බැරිවුණත්, දෙපාරකට සීමාකර තිබුන ජනපතිධුරයේ වාර ගණන සීමාරහිත කිරීම සාධාරණද? මේ නිසා සිද්ධ වෙන්නේ ඕනෑම පක්ෂයකින් ජනාධිපතිධුරයට පත්වෙන කෙනාට අවශ්‍ය තරම් එම තනතුරේ සිටීමට අවකාශ ලැබීමයි. එතකොට සිද්ධවෙන්නේ ඒ ඒ පක්ෂ වලින් ජනාධිපතිධුරයට සුදුසු අය බොහෝ දෙනෙකුට ජනතාව කැමති වුණත් කවදාවත් රටේ නායකයා වීමට නොහැකි වීමයි. (නි)
බලමුකෝ අපි මැතිවරණයක් තියලාම... (නි)
ලක්ෂ්මන් ජයවර්දන, ඔයාගේ තර්කයට අනුව වෙන වෙන අයත් විශ්‍රාම නොගිහින් දිගටම ඒ තනතුරු වලම තියාගන්න වෙනවනේ! (නි)
මටත් හොදටම විශ්වාසයි එතුමාට පුළුවන් කියලා (නි)
සමහරුන්ගේ අදහස් දකිනකොට අපි තව අවුරුදු කීයක් විඳවන්නද කියලා හිතෙනවා. (නි)
මමත් මගේ උපරිම සහයෝගය දෙනවා (නි)
ඒක ඇත්ත. එතුමාගේ ජයග්‍රහණය ඉර හඳ වගේ ස්ථිරයි (නි)
බොරු තර්ක වලින් වැඩක් නැහැ. එතුමා දිනනවා (නි)
නීතියක් රීතියක් නැති දූෂණයෙන් පිරි රටක කොපමන කල් ඉන්නද අපි? (නි)
අපි රටේ නීතියක් නැහැ, දුෂණයෙන් පිරිලා කියනකොට නැහැ නැහැ රටේ දූෂණ නැහැ කියන්න කෙනෙක් නැහැ. නමුත් ජනාධිපති නැවත දිනනවා කියන්න මිනිස්සු ඉන්නවා (නි)
ලෝකයේ අපරාධ වැඩිම රටවල් ලැයිස්තුගත කිරීම යටතේ අපේ රට ඉන්නේ කොතැනද කියලා බන්දුල දන්නේ නැද්ද කොහෙද? (නි)
දීකිරට සාක්කි කියනා බළලුන් බොහෝ සිටින බව මෙම අදහස් දෙස බලනවිට පෙනේ (නි)
ආචාර්ය කොල්වින් කිව්වා වගේ "නීතිය ඔලු දෙකේ බුරුවෙකි". ඒ හින්ද නීති තර්කවල නම් වැදගත් කමක් නැහැ. 'සියලුම කරුණු අනුව' අදට ගැලපෙන්නේ කවුද කියල ජනතාව දෙන තීන්දුවයි වැදගත්. හැබැයි ඉතින් ජනතාව 'සියලුම කරුණු' සලකන්න තරම් බුද්ධිමත් නුනොත්, ඒ තීරණයට සාර්ථකව බලපෑම් කරන්න පුළුවන් කට්ටිය දිනයි. (නදී)
බමුණු අපිනම් අවාසනාවන්ත තත්වයෙන් මිදී ආවා...අපිට දුක විඳවන අනෙක් පිරිස ගැනයි. (නදී)
බල තෘෂ්නාව. වැරදි බව දැන දැනත් කඩේ යනවා. (නදී)
ඔව් එයාට පුළුවන්. එහෙයියෝ එහෙම කියනවා.(නදී)
බංකොලොත් දේශපාලන පක්ෂ වල අදහස් (නදී)
ඉල්ලන්න පුලුවන්ද බැයිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ජනාධිපතිතුමා නැතුව වෙන ගේන්න කෙනෙක් ඉන්නවද කියන එක. මොකද කොටි එක්ක ගිවිසුම් ගහල රට බෙදන්න හදපු මිනිස්සුන්ට බලේ දීලා අාපහු විදවන්න බැහැනේ. (නදී)
කෝ මේ බන්දුල? කොහේ ගියාද? (නි)
වෙන රටවලින් ආදර්ශ මොකටද? අපි තෝරාගත යුත්තේ අපේ රටට ගැළපෙන ක්‍රමයක්. අපි තෝරාගන්නේ අපේ රටේ නායකයා විනා වෙන රටකට නායකයෙක් නොවේ. ඒක නිසා බොරු නීති තර්ක නොදමා ජනතා කැමැත්තට ඉඩ දෙන්න. ඔය බොරු තර්ක දමන්නේ දිනන්න බැරි බව නිසැකවම දන්නා අය. ප්‍රධාන පක්ෂ දෙකම ඕනෑම මැතිවරණයකට සුදානම්. (නි)
සඳුනි එහෙනම් ස්වාසිලන්තයේ රජතුමා ලිබියාවේ ගඩාෆි මේ වගේ අය අවරුදු 20 කටත් වඩා රාජ්‍ය නායකත්වය දැරුවේ? (නදී)
බන්දුල හරි, ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මහතා වසර 24ක් අකණ්ඩව එම රටට නායකත්වය ලබා දුන්නා . සදුනි මේ උදාහරණයම මදිද? (නදී)
අපේ සන්දානය කවුරු මොනවා කිව්වත් ගාල්ල ,මාතර ,මොණරාගල, පොලොන්නරුව දිස්ත්‍රික්ක 4 එන ජනාදිපතිවරෙනේදී දිනනවා. අනිත් දිස්ත්‍රික්කවලින් උනත් එජාපයට ඔය කියන තරම් අති විශාල බලයක් ලැබෙන්නේ නැහැ. (නදී)
තුන්වෙනි වරත් ඉල්ලලා බලන්න.(නදී)
ලක්ෂ්මන්, සිම්බාබ්වේ ජනාදිපති අති ගරු රොබර්ට් මුගාබේ මහතාද දැනට වසර 24 ක නොබිදිනු නායකත්වයක් සිම්බාබ්වේ රාජ්‍යයට ලබා දෙනවා. (නදී)
බන්දුල පෙරේරා 2014-10-23 14:21:58 බන්දුල පෙරේරා 2014-10-23 14:26:23 යන අදහස් දෙක පමණක් මාගේ වන අතර මාගේ නමින් අන් අය පෙනී සිටීම වැලක්වීමට මාහට හැකියාවක් නොමැති හෙයින් මේ නිවැරදි කිරීම කල බව කරුණාවෙන් සලකන්න. (නදී)
අනේ කට්ටිය මටත් ඩුප්ලිකේට් ගහලා. එකම නම් තියෙන අය හිටියට එකම අනන්‍ය නාම තියෙන අය ඉන්න එක නම් අස්වාභාවිකයි. බලාගෙන (නදී)
ඔය කියන විදිහට එතුමා අවොත් මිනිස්සුන්ට කන්න නැති වෙනවා. බඩු ගණන් යනවා කිව්වත් හැමෝම කොහොම හරි කනවා බොනවා අලුත් දේවල් කරනවා. ඒ නිසා හරි කෙනෙක් ඉන්න එක හොඳයි. මිනිස්සුන්ට මුල මතක නැහැ. කව්ද ඉන්නේ ජනාදිපති වෙන්න රනිල් මහත්තයද? ඒ නිසා බොරුවට කියවල වැඩක් නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්න. මිනිස්සුන්ට දිගටම එක නායකයෙක් ඉන්නකොට ටිකක් කල් යනවා කරපු දේවල් මොනවද කියල මතක් කරන්න. 18 අවුරුද්ද යු.ඇන්.පී තිබුන කාලේ වගේද දැන් ? නිදහසේ තැනකට යන්න පුළුවන්. ගමනක් උනත් ඉක්මනට යන්න පුළුවන්. ආර්ථිකයත් නරකම නැහැ. හම්බකරන්න ඕනා. එතකොට කිසි ප්‍රශ්ණයක් නැහැ. (නදී)
ඉරාකයයි ,ලිබියාවයි, ස්වාසිලන්තයයි සිම්බාබ්වෙයි කළා කියල අපිත් ඒකම කරන්න ඕනෙද, බන්දුල මහත්තයෝ ? (නදී)
සඳුනි, සිංගප්පූරුව , මැලේසියාව, කොරියාව , රටවල් දියණු උනේ කොහොමද? ඒ වගේ නායකයොත් අවුරුදු 20 වඩා වැඩිය හිටිය අය. දැන් කියන්න ඒවත් රටවල්ද කියලා. ඇමෙරිකාවෙත් තාත්තාගෙන් පුතාට තමා. (නදී)
අසීමිත බලතල තිබෙන තනතුරක් සදහා අසීමිත කාලයක් ලබාදීම එ්කාදිපතිවාදයකට රට තල්ලු වීමක් (නදී)
රට බේරාගත් ශ්‍රේෂ්ඨ අවංක බොදු නායකයා මහින්ද රාජපක්ෂයි. පක්ෂ පට ජාති බේදයක් නැතිව රැකගන්න. (නදී)
මමත් කියන්නේ තුන්වරක් බැහැමයි (නි)
කව්රු මොනවා කිව්වත් මහින්ද උඩින්ම දිනනවා. (නදී)
සිරිසේන, ඔබතුමාගේ මානසික මට්ටමත් හිතාගන්න පුලුවන් ප්‍රතිචාරයෙන්ම. (නි)
කවුරු මොනවා කිවුවත් එතුමා දිනනවා දිනනවාමයි! (නි)
ඉනෝකා අපි කන හැටි දන්නේ අපි. ඔව් ඉනෝකා ජනාදිපති වෙන්න ඉන්න හොදම සුදුස්සා රනිල් මහත්තයා. දැන් රටට ඕනේ යුද්ධ කරන්න පුළුවන් නායකයෙක් නෙමෙයි. ආර්ථිකය ගොඩනගන්න පුලුවන් නායකයෙක්. 2002 දී රටේ යුද්ධයකුත් තියාගෙන රටේ ආර්ථිකය උඩුගම් බලා ගෙනියන්න රනිල් මහත්තයට පුළුවන් උනා. අද යුද්දයක් නැතුවත් අපිට එ්ක බැරි වෙලා තියෙනවා. මමත් අපේ ජනාදිපතිතුමාට කැමතියි . නමුත් අද අපේ කැමැත්තට වඩා රටේ සුබ සිද්ධිය ගැන අපිට හිතන්න වෙලා තියෙනවා. බන්දුල මුගාබේ ,ගඩාෆි , සදාම් කියන්නේ හරි හමන් නායකයෝද? (නදී)
ඔව්. එතුමාට දහපාරක් වුණත් ඉල්ලන්න පුළුවන්.ජය වේවා! (නි)
බන්දුල මහත්තයෝ ඉරාකයටයි, ලිබියාවටයි ඒ මාර්ගයේ ගිහිල්ල උනේ අමාරුවේ වැටුන එක. සිබ්බාබ්වේ ගැනයි , ස්වාසිලන්තේ ගැනයි නම් කියන්න මම දන්නේ නැහැ (නදී)
නීතියෙන් බැහැ ඒ වගේම සදාචාරාත්මක අයිතියකුත් නැහැ.(හේ)
ඉනෝකා බත්ද කන්නේ ? (නදී)
පදනමක් තියනවා නම් උසාවි නොගිහින් ඉදීවිද මෙයාලා.එකම කාරණය පරද්දන්න බැහැ කියන බය.(හේ)
මමත් කියන්නේ, පුළුවන් (නි)
අනේ! පුලුවන් නම් ඉල්ලන්න කියන්න. ඉල්ලපු පළියටම දිනන්නේ නැහැනේ. දිනන පරදවන එක මහජනයා අතේ තියෙන්නේ. හැමෝම එක වගේ එකතුවෙලා ඒ වෙලාවට හොඳ උත්තරයක් දෙන්න (නි)
ලෝකයේ එක දිගට නායකත්වයේ සිටි පුද්ගලයින් ගැන කතා කරනවා නම් මුලටම එන්නේ ඇමෙරිකාවේ රුස්වෙල්ට් ජනාධිපතිතුමාය. එතුමා මිය ගියේ නැත්නම් අදත් ඔහු එහි ජනාධිපතිය. (හේ)
උසාවියෙන් දිනුවත් ජනතා උසාවියෙන්.......? (නදී)
මට ඇති ප්‍රශ්නය මහින්ද යවලා කවුද රට කරන්නේ කියන එකයි. මොකද නැවතත් අපිට යුද්ධ කරන්න බැහැ. අපි අවුරුදු තිහක් තැලුනා හොඳටම ඇති. (නි)
තුන් පාරක් ඉල්ලුවට දිනන්නේ නැහැ. තුන්පාරක් බැහැ කිව්වේ. (නදී)
පුලුවන්ද බැරිද කියලා බලාගන්න පුළුවන් උසාවියට දැම්මා නම්. (නදී)
ඉල්ලන පලියට දිනන්නේ නම් නැහැ තමයි. එ්ත් මෙච්චර කල් දිනුවේ ජනතාව දුන්න ඡන්දවලින් නේද ? (නදී)
ජනතාව කියනවා නම් (බහුතරයක්) එතුමා තව කලක් බලයේ සිටිය යුතුයි කියා. ඔය ව්‍යවස්ථා, තනි පුද්ගලයන්ගේ, බංකොලොත් දේශපාලන පක්ෂ වල අදහස් ගණන් ගත යුතු නැත. එක පැත්තකින් කියනවා එතුමා පරදවන්න පුළුවන් කියලා. අනිත් අතට එතුමා එනවට බය මොකටද? (නදී)
තාම ජනාධිපතිවරණය ප්‍රසිද්ධ කරලා නැහැනේ. බොරුවට උසාවි ගිහින් මොනවා කියන්නද? ජනාධිපතිවරණය ප්‍රසිද්ධ කරාම කට්ටිය වෙලාවට උසාවි යයි. නිශාන්ත බය නැතිව ඉන්න. (නදී)
ඒ අයගේ නිතිය අනුව තුන් පාරක් නොවයි සිය පාරක් හරි ඉල්ලන්න පුළුවන්.(හේ)
මහිනද හැර වෙන කිසි කෙනෙක් සන්දානෙ නැද්ද රට හදන්න පුලුවන් කෙනෙක්. ඇයි ඒ අයට අවස්ථාව නොදෙන්නේ. දැන් බලන්න ඉහල තනතුරු වල ඉන්න අය විශ්‍රාම නොයවා මැරෙන කල්ම රාජ්‍ය සේවයේ යෙදෙව්වොත් පහල ඉන්න අයට ඒ තනතුරු වලට යන්න අවස්ථාව ලැබෙනවද? තමන්ටත් ඔය වගේ ප්‍රශ්නයක් ආ විටදි කට්ටියම කියයි ඔව් ඔව් නීතිය ක්‍රියාත්මක කල යුතුයි කියලා (නදී)
එතුමාට පුළුවන්. මේ පාර පරදින්න. (නදී)
එතුමා සයවරක් ඉල්ලුවත් මොකද? අභියෝග ජයගන්න සිංහයෙක් සමග සිංහයෙක් සටනට යන්නේ. (නදී)
මගේ අදහසත් එතුමාට ඉල්ලන්ඩ පුළුවන්. උසාවි යන එක මෝඩ වැඩක්? දිනන කෙනා දිනයි, පරදින කෙනා පරදියි. කොහොමත් රටේ දුප්පත් මිනිසුන් මේ පාරත් පාරදයි, සල්ලි කාරයෝ දිනුම්. අපි වැඩ කරමු කඩේ තියෙන මිලට බඩු ගනිමු. (නදී)
තවත් අවරුදු 5ක් දුන්නා කියන්නේ අපිට අපේ දරුවන් සමගම බඩ ගින්නේ මැරෙන්නයි වෙන්නේ. නැති නම් දරුවන් සමගම ගගට මුහුදට පැනල මැරෙන්නයි සිද්ද වෙන්නේ. (නදී)
සමන් කුමාර , ජනාධිපතිකමට ඉල්ලන්න පුලුවන් අය පක්ෂයක ගොඩක් නැහැ, එක්කෙනයි දෙන්නයි ඉන්නෙ. සුදුසු කෙනා තමයි පක්ෂයෙන් දාන්නෙ. ඔයා කලබල වෙන්න එපා. ඒක හැමෝටම කරන්න බැහැ. සුදුසු කෙනා පුලුවන් තරම් හිටියට කමක් නැහැ (නි)
මංගල විදාන පතිරණ මහත්තය චම්පික මහත්තයත් එක්ක මොකද ඔච්චර තරහ..මොන වැරද්දක් කලාටද? (අ)
එතුමාට ඉල්ලන්ඩ පුළුවන්. එතුමා දිනයි කොහොම හරි. අපි රත්න හාමුදුරුවන්ගෙත් මාදුළුවාවේ හාමුදුරුවන්ගේත් එකමුතුවෙන් අපේ සහයකයෙක් බලාපොරොත්තු වෙනවා. (නදී)
ශාන්ත ලාල් ,බඩ ගින්නේ හිටියත් සිංහයෝ තණකොළ කන්නේ නැහැ නේ. (නදී)
අපේ ලංකාවේ උසාවියට නම් යන්න එපා (නි)
අපිටනම් එතුමා කි පාරක් ඉල්ලුවත් ගැටළුවක් නැහැ. මිනිස්සුන්ට එපා නම් ගෙදර යවාවි. ඕකට මොන නීති තර්කද? මේ මහින්ද මහත්තයව දැක්කම කලිසම් තෙමා ගන්න කට්ටියගේ තර්ක කවුද ගණන් ගන්නේ. නියම පිරිමි වගේ ඇවිත් හැප්පිලා බලන්න. .රට අාගාදයට යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් දුෂණ වංචා ඉහවහ ගිහින්නම් වසර දෙකකට කලින් එතුමාව ගෙදර යවන්න අවස්තාව ඇවිත් තියෙනවා. ගන්නකො එ්කෙන් ප්‍රයෝජන නියම පිරිමි වගේ. (නදී)
ටිකිරි බණ්ඩා, ඒ සිංහයෝ. ඔයා ප්‍රතිචාර දක්වන්නේ නරින්ට. නරිය තණකොළ කන්නෙත් නෑ (නදී)
ටිකිරි බන්ඩෝ පුලුවන්නම් ලොකු උදව්වක්..එතුමා කොහොමත් එනවා. ඔබ තුමාට එතකොට සුරලොව ගිහින් අර හත් දෙනාව හම්බ වෙන්න පුළුවන්. හැබැයි බිරින්දවයි දරුවනුයි තියල යන්න. නැත්නම් ප්‍රශ්නයක් වේවි. (නදී)
අපි ඉන්නේ පඩි දෙනකන්.(හේ)
මහින්දට නම් පුළුවන් මොකද බැරි.(හේ)
රටේ සම්පත් සුර කෑම හා කොමිස් මත පදනම් වූ අර්ථ ක්‍රමය පරදවමු . "පාටලි චම්පික රණවක " ජනපති කරමු. විනයගරුක , නීතිගරුක සදාචාර සම්පන්න රටක් අපේ දුව දරුවන්ට තිලින කරමු ......අත්වැල් බැද ගන්න , "පාටලි චම්පික රණවක " ජනපති කරමු. ......මිලියන 5 ක සිංහල බෞද්ධයන්ගේ එකම පැතුම ....(නදී)
මේ අනවශ්‍ය කොටි වල්ගයක් නේ මේ කට්ටිය අල්ලාගෙන කැගහන්නේ කනවෝ කනවෝ කියල. මහින්දට තුන් සැරයක් ඉල්ලන්න බැහැ කියන ඇත්තන්ටත් පුළුවන් කියන ඇත්තන්ටත් පුළුවන්නේ නීතිය ඉදිරියට ගිහිල්ල විනිශ්චයක් ලබාගන්න. (නදී)
උදිත, නොදන්නා නිසා අහන්නේ. මැලේසියාවේ අද සල්ලි මංකොල්ල කන්න මෝටර් සයිකල් වලින් ඇවිත් පාරේ යන මිනිස්සුන්ගේ අතවල් කපනවලු නේද?. උතුරු කොරියාව කියන්නේ ලෝකයෙන් කොන් වෙච්ච මිනිස්සු දහදුක් විදින රටක් නේද? උතුරු කොරියාවේ අත්තනෝමතික න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නිසා යුද්දයකට නොවැටී බේරුනේ අනුනාවයෙන් නේද?. ලෝකය පුරාම රටවල් උතුරු කොරියාවට සම්බාදක දාල නේද තියෙන්නේ? මිනිස්සු ගොඩක් අයට එක වේලක්වත් කන්න නැහැ කියල මම අහල තියෙනවා. (නදී)
මොන බාදක ආවත්, කවුරු අවත් මහජනයා තමන්ව දිනවනවා කියන විස්වාසය තියනව නම් දෙපාරකට වැඩිය ජනාධිපති තරගයට ඉල්ලන්න බැහැ කියා කියා තර්ක ඉදිරිපත් කරන්නේ නැහැ.(හේ)
දැන් රට ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මහින්දට පුලුවන්ද, බැරිද කියලා නෙවේ. මේ ජනතාවගේ ජිවන යුද්ධය දිනන වැඩ සටහනක්. මේ කරන්නෙත් ජන මත විචාරණයක්. අනේ, අහිංසක ලංකාවේ ජනතාව.(හේ)
ලිබියාව ඉරාකේ දැන් හරි දියුණුයි. හප්පා, බලන්න එපැයි සංවර්ධනේ. ඒ රටවල් ගියපු මාර්ගේ වෙනස් කලානේ. ඒකයි දියුණුවේ රහස. (නදී)
ඩීන් වෙන මොකුත් කනවද ඉනෝකගෙන් බත් කනවද අහන්නේ. ඔයා කන දේ ඔයා කන්න හැබැයි බලාගෙන ඔය තණකොළ කෑලි පුන්නක්කු කෑලි හිර උනොත් අනෙක්වා හිර වුනා වගේ නෙමෙයි. (නදී)
කොහොම කීවත් අපි එතුමාව නැවත ගේනවා.(හේ)
මේ රටේ තිබෙන පීඩනය ඡනතාවට දැනෙනවා නම් කවුරු ඉල්ලුවත් මොකද? තීරණය ඡනතාව අතේ. (නි)
2002 කාලයේ ආර්ථිකය උඩුගම් බලා ගිය හැටි ස.තො.සින්ම පෙනුනා නේද? (නි)
අනිවාර්යෙන් මෙතුමා දිනනවා.තුන්වරක් නෙමෙයි දස වතාවක් වුණත් ඉල්ලන්න පුළුවන්. වසර 4කට පස්සේ නැවත ඉල්ලන්න පුළුවන් (නි)
පසුගිය වසර 10 තුළ රටේ ඇතිවී ඇති දියුණුව හා සාමය දෙස බලන කල මෙතුමාට තවත් වැඩකරන්න ව්‍යවස්ථාව වෙනසක් කර අවස්ථාව ලබාදිය යුතුය (නි)
මොන දේ කියන්න පුලුවන් වුණත් කවුරුවත් කරන දෙයක් නැහැනේ. අපේ ජනාධිපතිතුමා තුන්වැනි සහ හතරවැනි වතාවටත් එනවා. මහජනයා පත්කරගන්නවා. (නි)
අනිවාර්යයෙන් පුළුවන්. නැත්නම් බලන්න පුළුවන් රටට වෙන දේ (නි)
තව 100 වරක් ඉල්ලුවත් මහින්දට පුළුවන් වුණත් අරයට නම් බැහැ (නි)
මම හැමදාම යූ.එන්.පී. කාරයෙක්. ඒ වගේම මම "බන්දුල පෙරේරා" මහත්මයාට හුඟක් කැමතියි. මොකද, එතුමා අපිට පෙන්වලා දෙනවා මේ ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ මොනවගේ මානසික මට්ටමක මිනිස්සුද කියන එක. බන්දුල මහත්මයාට බනින්න එපා කියලා අනෙකුත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. (නි)
ජනාධිපති තුමාට 3 පාරක් නෙමේ හය පාරක් උනත් ඉල්ලන්න පුළුවන්. අපිට අද පාරේ බැහැල යන්න පුළුවන් තත්වයක් ඇතිකරලා දුන්නේ එතුමා. අපි එ්කට නය ගැතියි. අපේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනට අමතක වෙනවා. (නදී)
1989,1990 කියන මිනීමරු කාලය මතක තිබෙන මිනිසුන් සිටිනතුරු, එල්ටීටී මිනීමරුවන්ගේ මිනීමරු කාලය මතක තිබෙන මිනිසුන් සිටිනතුරු මහින්ද මහත්තයා තුන්පාරක් නොව දහපාරක් ඉල්ලුවත් එතුමා තමා දිනන්නේ (නි)
කවුද කියන්නේ බැහැ කියලා. ඇමරිකාව,එංගලන්තය, ඉන්දියාව,ප්‍රංශය... මේ වගේ රටවල විතරයි බැරි. (නි)
අපි අපේ රට ස්වාසිලන්තය ලිබියාව වගේ රටක් කරන්න කැමති නැහැ (නි)
බන්දුල, මෙතන ප්‍රශ්නය දිනනවද පරදිනවද කියන එක නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සෑම රටකම වගේ දෙපාරකට වඩා රාජ්‍ය නායකයෙක් බලයට පත්වෙන්නේ නැහැ. පුලුවන් නම් එහෙම එක රටක් කියන්න. මේක දෙපාරකට සීමාකරලා තියෙන්නේ හේතු රාශියක් ඇතුව. ඒවා මෙතන ලියන්න ඉඩ මදි. ඔයාගේ ප්‍රතිචාරයෙන් පෙනේනේ එක්කෝ ඔයාගේ නොදැනුවත්කම. නැත්නම් කපටිකම. (නි)
අනිත් ඉල්ලන්න බලාගෙන ඉන්න අයට වඩා මෙතුමා හොඳයි. (නි)
දැන් කවුරු කියන එකද හරි? මේ තර්ක වලින් අපිට හිතාගන්න වෙන්නේ මේ කවුරුත් නීතිය දන්නේ නැහැ කියලයි. (නි)
මේ ප්‍රතිචාර බන්ධුල පෙරේරාගේ නෙවෙයි. ඇත්ත නමින් ඉදිරිපත් කරන්න. මම පිළිතුරු දෙන්නම්. (ස)
බහුතරයක් ඉන්නේ වැඩිදුර හිතන්න බැරි මිනිස්සු (නි)
තුන්පාරක් නොවේ පනස්පාරක් හරි ඉල්ලන්න කියන්න. ජනතාව තීරණය කරාවි ඉන්නවද යනවද කියලා. (නි)
නීතිය මොකක් වුණත් හිතට එකඟව කල්පනා කළොත් තුන්වැනි වතාවටත් තරඟ කිරීම හොඳ නැහැ නේද? (නි)
මහින්දට පුළුවන් බව මටත් විශ්වාසයි (නි)
බන්දුල පෙරේරා හරියට හරි. කයිවාරු ගහලා කාලය අපතේ නොහැර පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉල්ලලා දිනන්න. මහින්ද හොඳ නැත්නම් එයා ගෙදර යවලා සමහර අය හිතන හොඳ නායකයෙකුට රට භාරදෙන්න. හැබැයි මහින්ද නොහිටියා නම් දිනාගන්න ඡන්දයක් හෝ භාරගන්න රටක් අද වෙනකොට නොතිබෙන්න තිබුනා. (නි)
මහින්දට පුළුවන් ඉල්ලන්නත්, දිනන්නත්... රට බේරාගත් නායකයා ඔහුයි. බොරු තර්ක නැතුව නියම පිරිමියෙක් ලෙස තරඟකරලා බලන්න. මරණ බියෙන් සිංහල දෙමල මුස්ලිම් ජනතාව බේරාගත් නායකයා ඔහුයි. නිදහසේ පාරේ බැහැලා ගිහින් මැරෙන්නේ නැතුව ගෙදර එන්න පුළුවන්කම ඇතිකළ නායකයා ඔහුයි (නි)