මෙතරම් කාලයක් හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට යුද හමුදා ආරක්ෂකයන් 103 දෙනකු ලබා දී ඇත්තේ නීතියට පිටින් බවත්, එය වරදක් බවත්, එය දැන් නිවැරදි කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘‘හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව පොලිසියේ 103 දෙනෙකු හා යුද හමුදාවේ 103 දෙනකු යොදවා තිබුණා. හදිසි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක යුද හමුදාව ලබා දීමේ නීතිමය හැකියාවක් නැහැ. මීට මාස ගණනකට පෙර ආරක්ෂක මණ්ඩලයේ දී ඒ බව මතුවූ මතුවුණා. ඒ අනුව යුද හමුදාවේ සාමාජිකයන් වෙනුවට ඒ හා සමානව විශේෂ කාර්ය බළකාය ඇතුළුව පොලිසියේ සාමාජිකයන් ලබා දෙන්න තීන්දු වුණා. මෙතෙක් පැවති වරද දැන් නිවැරදි කරනවා. ‘‘
ප්‍රශ්නය - එහෙනම් මෙතෙක් කල් නීතියට පිටින්ද යුද හමුදා භටයන් දී ඇත්තේ?
පිළිතුර - ඇත්තෙන්ම ඔව්
‘‘රටේ ජනාධිපතිටත්, අගමැතිටත් යුද හමුදා ආරක්ෂාව ලබා දී නෑ. නමුත් හිටපු ජනපතිට යුද හමුදාවේ 103 දෙනකු සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යුද හමුදාවේ 50 දෙනකුත් ලබා දී තිබෙනවා.
ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කළ බවට පැතිර යන කතා බොරු. මීට දින කිහිපයකට පෙර හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිසියේ තවත් 50 දෙනකු යැව්වා. අද මේ මොහොත වන විට ඔහුගේ ආරක්ෂාවට යුදහමුදාවේ හා පොලිසියේ 256 දෙනකු සිටිනවා.
ක්‍රමානුකූලව යද හමුදාව ඉවත් කර ඒ වෙනුවට විශේෂ කාර්ය බළකා හා පොලිසිය යොදවනවා. ආරක්ෂාවේ අඩු කිරීමක් කරන්නේ නෑ. අවශ්‍ය තරම් ආරක්ෂාව දෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
256ට රුපියල් 30000 ගානේ පඩි දුන්නොත් මාසෙකට ලක්ෂ 77 විතර වියදමක් දරන්න වෙනවා නේ. මේවට කවුද ගෙවන්නේ.(හේ)
ඇයි එච්චර ආරක්ෂාවට. (හේ)
මොහු පවසන ලෙසට ආරක්ෂාව අඩු කර නැහැ. එසේ නම් විපක්ෂය අඩු කල බව පවසන්නේ ඇයි? ජනතාව මුලා කිරීම, සත්‍ය සඟවමින් වැරදි තොරතුරු පවසා මුලා කිරීම හා නොමඟ යැවීමත් අනවශ්‍ය ලෙස උසිගැන්විමත් උචිත නොවේ.(අ)
උපාලි, යුද්දය ඉවර කරන්න හිටපු හැම නායකුටම හැකිව තිබුන. නමුත් එය කිරීමට බටහිර රටවලින් ඉඩ දුන්නේ නෑ. මහින්ද ඒ තහනම් වලට යට නොවුන නිසා තමයි හමුදාවට ඒ දිනුම කළ හැකි වුනේ. වෙනස එ්කයි - ඒ නිසා තමයි එතුමාට ඒ කීර්තිය ලැබෙන්නේ. මේ තරම් විස්තර කළ යුතු නෑ ඔබ නියම තොරතුරු කියවා බලා සිටියානම්. (බ)
දැන් තියන්නේ තිත්තයාගේ වාරයයි. එහෙම නැත්නම් අනුන්ට කැපූ වළේ තමන් වැටීමයි. බලයේ ඉන්න කාටත් මේවා හොඳ පාඩම් (නි)
මහින්දට සම්බන්ධ හැමදේම දැන් නීතිවිරෝධියි. යුද්ධය නවත්තපු එකත් දැන් නීතිවිරෝධියිද දන්නෙ නැහැ (නි)
මොඩයෝ ආරක්ෂාව දුන්නත් නොදුන්නත් මේ යොදවන්නේ හමුදාවේ ඉන්න අයමයි. ඒ අයට කොහොමත් පඩි ගෙවනවා. එහෙම නම් මුළු හමුදාවම ගෙදර යවන්න ඔනේ (අ)
නීතියට පිටින් වැඩ යහපාලනයට අදාලද (අ)
ඉන්න ජනපතිට වඩා හිටපු ජනපතිට ආරක්ෂාව අවශ්‍යයි. රට බේරාගත් නිසා කොටින්ගේ වෛරය ඇත්තේ හිටපු ජනපති සමගයි.(අ)
රට එක්සේසත් කළ උතුමාට මොනව දුන්නාම මොකද?(අ)
ඕමන්තෙන් එහාට කොටින්ට ගිවිසුම් මගින් ලියාදී,සිංහලයනට ජාතික හැඳුනුම් පතේ පිටපත් සහ මුදක් ගෙවා ඕමන්තෙන් එහාට යන්නට ඉඩ සලසා දෙද්දී ,සිංහලයා ඇතුළු ඕනෑම කෙනෙකුට නිදහසේ ඇවිදින්න අවස්ථාව සලසා දුන්නේ , මහකොටිය ඇතුළු කොටි රල විනාශ කිරීමට ආයු ද සහ දේසපාලන නායකත්වය ලබා දුන්නේ හිටපු ජනපති. අද කියන අය සිටියේ කොළඹ (අ)
කොටිය සම්පුර්ණයෙන් විනාශ කරලා රට බේරාගත්ත නම්, අාපහු කොටියන්ගෙන්ම ඔවුන්ව බේරගන්න දෙසිය ගානක ආරක්ෂාවක් මොනවටද? ඒ කියන්නේ කොටියව විනාශකළා කියන්නේ බොරුවක්නේ (නි)
නීති විරෝදී වැඩේ කල අයට වහාම දඬුවම් කරන්න (අ)
උපාලි, නායකයෙක් නැතුව රටේ මෙච්චර කාලයක් ඔය කියන අය හිටියෙ නැද්ද? මිනිස්සු හිටියට වැඩක් නැහැ, රට වෙනුවෙන් දිවිපුදන්න, දෙයක් කරට අරගෙන කරන්න නායකයෙක් නැතුව (නි)
මෙයාගේ ජීවිතේට මෙච්චරම ආරක්ෂාවක් ඕනෑනම් මෙයාට හමුදාපතිගේ නිල නිවාසේ කාමරයක් කුලියට දුන්නා නම් ඉවරයිනේ. එතකොට ඒ පොලිසියේ මහත්තුරුන්ට රටේ අපරාධ දුෂණ මඩින්න උදව් වෙන්න පුළුවන්නේ. (හේ)
මහින්ද ආරක්ෂා කරගැනීම අප කාගේත් යුතුකමක් (නි)
ජනපතිට අගමැතිට කොටින්ගෙන් ආරක්ෂාවීම ප්‍රශ්නයක් නෙවෙයි.. හිටපු ජනපතිට එය ප්‍රශ්නයක්..(හේ)
රට බේරාගත් මහින්දට ආරක්ෂාව දෙන්න ඕනෑ තමයි. අද ඔය කෑගහන අය ජීවත් වෙන්නෙත් මහින්ද නිසයි (නි)
මේකේ සමහරුන්ගේ අදහස් දැක්කහම හිතෙන්නේ එයාලා අද ඊයේ ඉපදිලාද කියලයි (නි)
ඉන්දික, ඔච්චර ගුණමකු වෙන්න එපා. අපි මේ නිදහසේ ඉන්නේ එතුමන් නිසයි. ඔයාලා වගේ අයට යන්න අපායවල් හදන්න වෙයි (නි)
අමල්, එහෙම ගෙව්වත් මොකද රටක් වටිනා මහින්ද ආරක්ෂා කරලා (නි)
දිලිප්, සමහරු කියන විදියට නම් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ටික මාලු අල්ලන්නලුනේ. එතකොට ඔයා ඒවා පිළිගන්නවද? (නි)
අමල්, මේගොල්ලෝ යුධ හමුදාවේ හිටියත් ඔය පඩියම ගෙවනවානේ (නි)
මොරින්ගේ කතාවට තව පොඩි දෙයක් එකතුකරන්න කැමතියි. කලින් හිටපු නායකයන්ට යුද්ධය ඉවරකරන්න සැබෑ ඕනෑකමක් තිබුනෙත් නැහැ. නැත්නම් ආරම්භයේදී කොටි හිටියේ 100 කටත් අඩුවෙන්. හරියට ගැහුවා නම් මාසෙන් දෙකෙන් ඉවරයි. පසුකාලීනව එය වර්ධනය වුණෙත් හරි දේශපාලන නායකත්වයක් තිබුනේ නැති නිසයි (නි)
කෙලෙහි ගුණයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. (ම)
ඔයාල අද මෙහෙම කතා කරන්නේ එතුමාට පින් සිද්ධ වෙන්න කියන එක අමතක කරන්න එපා මහත්තයෝ.... (ම)
අද රටේ අවසනාව යනු බලයට කෑදර වෙච්ච අපේම සිංහල පිරිසක් (ම)
අපි අපරාදේ ලංකාවේ ඉපදුනේ. මොකද අමල් ,ඉන්දු වගේ කට්ටියගේ අදහස් දැකලා.... මොනතරම් ගුණමකු ජාතියක්ද? (නි)
මොනවා කළත් රටේ මිනිසුන්ට දරාගන්න පුළුවන් ආකාරයකට වෙන්න ඕනෑ. (නි)
ශ්‍රී ලංකාව කොටින්ගෙන් නිදහස් කළ නායකයාගේ ආරක්ෂාව ලිහිල් කිරීම හේතුවෙන් කොටි ඉලක්කයකට ගොදුරු වුවොහොත් එයට වගකිවයුත්තන්ට ශ්‍රී ලංකාවාසීන් විසින් සමාවක් නම් ලබා නොදෙනු ඇත (නි)
අමල්, වර්තමානයේ සමහරු ශ්‍රී ලංකාව අරාජිත කරනවට ගෙවන ජනතා මුදල් ගැනත් සිතාබලන්න (නි)
එහෙම කොහොමද? එතුමාට 500කවත් ආරක්ෂාවක් දෙන්න එපායැ (නි)
චතුරි, ඔබත් 60% මෝඩයින්ගෙන් කෙනෙක් බවයි මට හිතෙන්නේ (නි)
උපාලි, අද වනතුරු කොන්ද කෙළින් තබාගෙන ධනවාදී රටවල් වලට අවනත නොවූ එකම නායකයා "මහින්ද රාජපක්ෂ" බව මතක තබාගන්න (නි)
මොරින්, ඇයි ඔයා දන්නේ නැද්ද, චන්ද්‍රිකා මැතිනියගේ කාලෙත් යුද්ධ කළා. ඒ කාලේ තමා වැඩිම ආයුධ තොගයක් ගෙනාවේ. නමුත් හමුදාවේ නියම නායකත්වයක් නැති නිසා හමුදාව පසුබැස්සා. ඔබ මහින්ද සරණං ගච්ඡාමි කෙනෙක්ද? (නි)
ඉන්දු , ලංකාවේ කොටි නැහැ. සියලුම කොටි විනාශකරලා දැම්මා. අපි නෙමෙයි එහෙම කියන්නේ මහින්ද. එහෙනම් මොකටද මේ වගේ විශාල හමුදාවක්? මේවා දුප්පත් මිනිසුන්ගේ සල්ලි. (නි)
ඉන්දුගේ ප්‍රශ්නයට ඇත්තේ සරළ පිළිතුරකි. හිටපු ජනපති කොටින් සමඟ යුධ වැද ඔවුන්ගේ නායකයා මරා ඔවුන් පරාජය කළේය. දැන් පාලකයන්ට කොටි ප්‍රශ්න නැත. නමුත් හිටපු ජනපති කොටින්ගේ ජන්මාන්තර වෛරක්කාරයෙකි (නි)
එතුමාට නීතියට පිටින්හරි කමක් නැහැ, හොඳ ආරක්ෂාවක් තිබෙනවා නම් අපි කැමතියි (නි)
මහපොළොව ඉඹලා, පපුවට අතගසාගෙන කියනවා මම ත්‍රස්තවාදය අතුගාලා දැම්මා කියලා. දැන් මෙතරම් බය මොකටද? අපරාධ කරලා තියෙනවා නම් සේනාව පිරිවරාගෙන හිටියත් කළකම් පළදෙනවා. (නි)
කොහොමහරි කරලා ඒ වටිනා මනුස්සයා ආරක්ෂා කරගැනීමයි වෙන්න ඕනෑ. (නි)
අමල්ගෙන් අහන්න දෙයක් තියෙනවා. ඔයාගේ නඩත්තුවට දවසට කීයක් වියදම් වෙනවද? අවුරුද්දට කීයද? ඔයාගෙන් රටට ජාතියට කෙරෙන දේ මොකක්ද? ඒ සල්ලි අපරාදේ නේද? (නි)
ගුණමකු සිංහලයෝ. කළගුණ නොදත් අතීතය අමතක අපිට විඳවන්න වේවි. (ස)
මෙච්චර ආරක්ෂාවක් දීලා තියෙද්දිද මේ තවත් කෑගහන්නේ? (නි)
මෙයා මීට කලින් මාධ්‍ය සාකච්ඡා වලට ඉදල තියනවද. (බ)
එහෙනම් ඒ ආරක්ෂාව අඩු කරන්න තවත්.(හේ)
අමල්, ඔයාට ඕනෑ මරාගෙන මැරෙන කොටියෙකුට කියලා ඒ මනුස්සයාව මරාගන්නද? මමත් යූඑන්පී කාරයෙක්. එ්ත් කොටි විනාශකරපු තරහා තාම ඔවුන්ගේ හිතේ තියනවා. මේ මනුස්සයා කොහොමහරි අපට නිදහසේ ඉන්න රටක් හැදුවා. නිකන් කුහක වෙන්න එපා (නි)
හරියට නිතිය ක්‍රියාත්මක. කරන රටක් වුනානම් අද මේ අයට ආරක්ෂාව දෙන්නේ හිරේ දමලා. (බ)
මෙයා රට බේරගන්න බඩගාගෙන ගිහින්ද සටන් කළේ. සටන් කරලා රට බේරාගත්තේ ඉදිරියෙන් ගිහින් මුහුණට මුහුණ සටන් කරපු රණවිරුවෝ. (බ)
රට බේරා ගැනීම ගැන ලියන කට්ටිය ඒක මහින්දගේ තනි වැඩක් වශයෙන් අදත් දකින්නේ 2009 ඉඳලම කරපු මොළ ශෝධනය නිසයි. දේශපාලනික වශයෙන් මහින්ද ජනපති කළ විශිෂ්ට කාර්යය මේ රටේ කිසිවෙකුට අමතක නොවන බව සැබැව. නමුත් යුද ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක් හැටියට දකින්න තරම් මේ ලියන අයට බැරි ඇයි? සරත් ෆොන්සේකා ඇතුළු හමුදා ප්‍රධානීන් ජීවිත් පරිත්‍යාගයෙන් ඍජුවම යුද බිමේ කළ කාර්ය සම්භාරය පමණක් නොව යුද්ධයට තම දරුවන් යැවූ දෙමවුපියන් පවා යුද ජය ග්‍රහණයට දායක වෙලා තියෙනවා. (බ)
කවුරුත් මේ කයිවාරු ගහන්නේ, මහින්ද මේ රටට සාමය ඇති කළ නිසා. මහින්දට මොනවාහරි වුණොත් මිනිස්සු මොනවා නොකරයිද? (නි)
එතකොට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව කොහොමද? දැන් මහින්ද මහත්තයා නම් වයසයි (නි)
කමනි , රට එක්සේසත් කළා නම් ඉතන් ආරක්ෂාවක් මොකටද? (නි)
මව්බිමෙන් කොටි අතුගාලා දාපු හිටපු ජනාධිපතිට අලුත් රජයෙන් හිරෙන් නිදහස් කරන කොටින්ගෙන් ආරක්ෂා වෙන්න යුධ හමුදා ආරක්ෂාව අවශ්‍ය කරනවා. යුද්ධ කරපු අයට දෙන ආරක්ෂාව තීරණය කරන්නේ යුද්ධ නොකළ අයද? (නි)
එතුමාගේ ආරක්ෂාව අපි සියල්ලන්ගේම ආරක්ෂාවයි (නි)
දේශපාලන මත නොසළකා සියලුම යුධ විරුවන්ට නීතියට පිටින් හෝ ආරක්ෂාව සැළසිය යුතුය. ඔවුහු කොටින්ගේ බිලි බවට පත්නොකළ යුතුය. කොටින්ගේ බිලි වුවහොත් රට ගිනිගනු ඇත. (නි)
ඇන්ටන්, අමතක කරන්න එපා. චන්ද්‍රිකාගේ කාලෙම තමයි ජයසිකුරු මෙහෙයුම, අලිමංකඩ වගේ හමුදා කදවුරු විනාශ වෙන්නේ. යුද්ධයක් කරන්න හොඳ දේශපාලන නායකත්වයක් ඕනෑ. අභිතව තීරණයක් ගත්තේ මහින්ද මහත්තයා විතරයි. තවම හැංගිලා ඉන්න කොටින්ට ඕනෑ මහින්ද, ගෝඨාභය මහත්තුරුන්ගෙන් පළිගන්න. එයාලට දෙන්න ඕනෑ හමුදා (කොමාන්ඩෝ) ආරක්ෂාව. (නි)
මහින්ද එදා කළ දේවල් අද සිංහලයාට අමතකයි (නි)
කේ.පී. ටත් මේ ආරක්ෂාවම දෙනවද? (හේ)
ඉරන්තට නම් ආයෙත් බාලංශයේ ඉඳලාම පාසල් යන්න වෙයි වගේ (නි)
මොහමඩ් නිතාස් ස්තුතීයි ඔබට ....(හේ)
අනේ උපාලි, ගුණමකු වෙන්න එපා. ආපහු කොටි ආවොත් මහින්ද නැතුව ඔයාම කරලා බලන්නකෝ. (නි)
ඉන්දික, කොහෙද ඔය කියන කොටි ඉන්නේ? ඉවරකළේ මොනවද එහෙනම්? ඔබ කොහොමද තීරණය කරන්නේ හිටපු ජනාධිපතිට වර්තමාන ජනාධිපතිට වඩා ආරක්ෂකයන් අවශ්‍යයි කියලා? එහෙනම් ඒ ඔක්කොටොම වඩා ආරක්ෂාව දෙන්න වටිනවා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට! (නි)
නිවැරදි කරුවෝ කවදාවත් බය නෑ! (බ)
මේ රට නිදහස් කරගත්තේ මහින්ද හා ගෝඨාභය නම් මොකටද එයාලට ආරක්ෂාවක් අනේ.රට නිදහස්නේ (බ)
මොහොමඩ් නිසාත් බොහොම ස්තුතියි ඔබට!!!!!!!!!!! ඔබ වගේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම හිතනවා නම් අපේ රට මොනතරම් සුන්දර තැනක් වේවිද .(හේ)
ආරක්ෂාව දිය යුත්තේ කොටින්ගෙන් මේ රට නිදහස් කරගත් මහින්දට හා ගෝඨාභයට.(හේ)