මහින්ද රාජපක්ෂගේ අනුරාධපුර මංගල රැලියේ වේදිකාවේ සිදුවූ දෙයක් කිහිප දෙනෙක් දුටුවේ නැත. එක් පසෙකින් දිසාපති කාර්යාලයෙන්ද දෙපැත්තකින් මහ පාරෙන්ද වටවූ පුංචි සල්ගාදු පිටියේ එක් වේදිකාවක සිටින එක්සත් ජනතා සන්ධාන ආධාරකරුවන් ඇමතූයේ මෛක්‍රෆෝනයකිනි. තවත් මෛක්‍රෆෝනයක් එහි විය. එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙනි.
එම මෛක්‍රෆෝනයේ විශේෂත්වය වූයේ එතැන ටෙලිප්‍රොම්ප්ටරයක්ද තිබීමයි. ටෙලිප්‍රොම්ප්රටය යනු කතිකයා කළ යුතු කථාව ලොකු අකුරෙන් විද්‍යුත් තිරයකින් කතිකයාට පෙන්වීමයි. තිරයේ ලොකු අකුරු නිසා ඈත සිට වුවද කතිකයාට කිසිම ප්‍රශ්නයකින් තොරව කථාව කරගෙන යා හැකිය. ඇමරිකා නායක බරක් ඔබාමාද ටෙලිප්‍රොම්ප්ටරය භාවිතා කරයි. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාද ටෙලිප්‍රොම්ප්ටරය භාවිත කළේය. බොහෝ කරුණු මතකයේ තබා ගත යුතු රූපවාහිනී නිවේදකයන් වෙනුවෙන් ටෙලිප්‍රොම්ටරය 1950 දී මුලින්ම හඳුන්වා දුන්නේ ෆ්‍රෙඩ් බාර්ට්න් (කණිෂ්ඨ) නම් නළුවාය.
අයිසන්හවර් ජනපති 1952 ජනපතිවරණයේදී ටෙලිප්‍රොම්ප්ටරය මුලින්ම පාවිච්චි කළ ඇමරිකා ජනපතිවරයා වශයෙන් ඉතිහාස ගතවේ.
කොළයක් බලාගෙන කථාවක් කිරීමේදී සිදුවන අවාසිය මග හැරවීමට ටෙලිප්‍රොම්ප්ටරය උපකාරී වේ. ටෙලිප්‍රොම්ප්ටරය අද අයිෆෝනය හා අයිපෑඩය දක්වා විකාශනය වී මහින්ද රාජපක්ෂ ලියාගෙන ආ කථාව ටෙලිප්‍රොම්ප්ටරයේ ආධාරයෙන් කියවීමට අදහස් කළ බව වේදිකාව සකසා තිබූ ආකාරයෙන් ඒ බව තාක්ෂණය ගැන දන්නා අයට පෙනිණි.
එහෙත් මහින්ද මුලදී ටෙලිප්‍රොම්ප්ටරය පාවිච්චි කළේ නැත. කථාවේ අවසාන භාගයේදී ඔහු ඒ පහසුකම යොදා ගත්තේය.
මෑතදී ඇමරිකා ජනපති බරක් ඔබාමා ටෙලිප්‍රොම්ප්ටරයෙන් කථාවක් කරගෙන යද්දී අලි අමාරුවක වැටුනේය.
ඔහු එකම දේ කිහිපවරක්ම කියන්නට විය. ඊට හේතුව වූයේ ඔහු කථාකළ වේගයට කථාව ඔහු ඉදිරියෙන් ඇති තිරයේ දිස් නොවීමයි.
සල්ගාදු පිටියට බස්වලින් සෙනග නොඇද්ද බව සන්ධාන මහ ලේකම් රූපවාහිනී වැඩසටහනකදී දිවේ තොලේ නොගෑවී කීවේය. දැන් අපට බස් කොයින්ද? යනුවෙන් ඔහු ආඩපාලියක්ද කීවේය. සාල්ගාදු පිටියට පිටපළාත්වලින් ආ පිරිස් ක්ෂණිකව රජරැටියන් කිරීමද භාරගත් පිරිසක් වූහ. අනුරාධපුර ප්‍රබලයකුගේ නම සඳහන් කැප් තොප්පියක් බසය ළඟදීම හිසේ දමා ගැනීමෙන් ක්ෂණිකව රජරැටියකුවූ බව බොහෝ දෙනෙක් කියති.
මහින්ද පුත් යෝෂිතගේ අණසක යටතේ තිබූ කාල්ටන් ස්පෝට්ස් රූපවාහිනී චැනලය මෙවර මහින්දට උදව් කළ බව නොපෙනුණි. සල්ගාදු පිටියේ මිනිසුන් නොසිටි තැන්ද සජීවී විකාශනයෙන් ප්‍රදර්ශනය විය. සල්ගාදු පිටියේ කී දෙනකුට සිටිය හැකිදැයි අනුරාධපුර වැසියෝ හොඳින්ම දනිති. එක්සත් ජාතික පක්ෂයත් බස්වලින් සෙනග ඇදීම නොකරනවා නොවේලු. අඩු ගණනේ දැන් බස්වලට සල්ලි ගෙවනවාලු. මිනිසුන්ගේ ගමන් බිමන් සඳහා දෙන බස් ඡන්ද රැස්වීම් පුම්බා මහ සෙනගක් ආ බව පෙන්වීමට ගෙන යන වැඩපිළිවෙළ ව්‍යක්ත බුද්ධිමත් දේශපාලනඥයන්ට තරම් නොවන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමේෂා නිවැරදියි. කොළපාට කණ්ණාඩි දාලා බලන හරකුන්ට හැමදේම පේන්නේ බටලන්දේ බටකොළ වගේ රට කන බඩ ජාරියෝ තමයි හැම විටම රට සහ ශ්‍රීලනිපය විනාශ කරන්න දගලන්නේ (ම)
බඩ ඉරිගු බඩ ඉගුරු උනේ ඔය ටෙලිප්‍රොම්ටරය නිසාද? (ර)
2015 වේ ජනවරි 09 . උණ දේ 1015 අගෝස්තු 17 ත් වෙයි. (ර)
මහින්ද මහත්තයාට අමතක වෙනවා ඇති දැන් (නි)
මේගොල්ලො කොහොමත් අවුරුදු 10ක් මිනිස්සු ගොනාට ඇන්දුවානේ. (ම)
යූඇන්පී මතය (බ)
මොලයක් තියන අයටනම් වැඩක් නෑ (බ)
ඔබාමා පාවිච්චි කලාට මහින්ද පාවිච්චි කලාට පස්සේ තමයි ලංකාවේ අය මේක දන්නේ (ම)
අපේ අනෙක් අයටත් දැන් ඉතින් මේ එකක් ගන්න පුළුවන්නේ. (නි)
17 වෙනිදා වෙනකම් ඉතින් ඉවසන්නකෝ. (නි)
සරත් ඒ දේවල් දැනගන්න මාධ්‍යවේදියෙක් වෙන්න ඕනෑම නෑ, මට හිතෙන්නේ දහම් කන බොන එකේ ඉඳන් ඔක්කොම කරන්නේ අනිත් පැත්තට කියල, ඒ නිසා වැඩිය හිතන්න එපා, (ම)
මහින්ද දිනයි කියන බය නිසාද? බය වෙන්න එපා රනිල් වගේ මහින්ද මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්නේ නැහැ. (බ)
මහින්දට ජයවේවා! (නි)
ඔන්න ඔහේ ඕනෑ දෙයක් කරගත්තාවේ. (නි)
සල්ගාදු පිටිය හරිම පුංචි එකක්.(ම)
ඉතින් ඕක මහා ලොකු දෙයක්ද ? (ම)
නව තාක්ෂණය භාවිතය නරකද?(ම)
මහින්දට ජය!!! (නි)
බස් වලින් ඇද්දත් නැතත් දෙන මිනිහා කොහොමත් දෙනවා,නොදෙන මිනිහා දෙන්නෙ නැහැ (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
ප්‍රජා තන්ත්‍රවාදය කියන්නේ ඕකටනේ. ඇයි අපි ඕවාට පැත්තක ඉදන් ගහ බැන ගන්නේ. (බ)
මහින්දගේ කතාවේ ඉස්සර තිබ්බ ජවය එදා තිබුනේ නැ (ම)
වේදිකාවේ මාලු විකුනන්නේ ලියාගෙන ඇවිල්ලද , දේශපාලන වෛරය වහගන්න නම් බැරි වුනා මොන දේ ලියාගෙන ආවත් (බ)
නායකයෙකුගේ කතාවක ස්ථාවරබාවය තහවුරු කරන්නටත් නොගැළපෙන දේවල් කියලා පස්සේ අමාරුවේ නොවැටෙන්නත් මෙම තාක්ෂණික භාවිතාවන් අවශ්‍ය වෙනවා. දැන් දැන් අපේ රටෙත් මේවා යොදාගන්නවා නම් කතාවලින් පසු ඇතිවන ගැටළු මඟහැරෙන්න හේතුවෙනවා. (නි)
දැන් මහින්ද මහත්තයා ඉස්සර වගේ හැමදාම කතාකරන්නේ නැහැනේ (නි)
ඉතින් දැන් රනිල්ටත් එකක් ගන්න පුළුවන්නේ. ඕකක මිල රුපියල් 40000. (බ)
බහුතරේ බහුතර ජන මතය 17 වෙනිදට (ම)
'අඩු ගණනේ දැන් බස්වලට සල්ලි ගෙවනවාලු. ', ගෙවපු රිසිට් එක එකම අංකය තියෙන්නේ ඇයි? මංගල්ලලු ඕව දන්නේ අයි ඩෝන්ට් නෝ වයි? (බ)
මහින්ද හැමදාමත් කලේ මවාපෑම් කරලා ජනතාව ගොනාට අන්දපු එකනේ !(ම)
ඕක බලාගෙනද කිව්වේ... (ර)
දැන් හැමෝම මේවා අරගෙන කතාකරයි නේද? (නි)
හැමදාම මහින්දට ජයවේවා කියන්නේ මේ ටිකදෙනා විතරයි. අර 58 ලක්ෂය ගැන දැන් කතා නැහැ වගේ (නි)
ඒ ක්‍රමය නම් හොඳයි තමයි (නි)
ඔය උපකරණය පාවිච්චි කළේ දැන් ඉස්සර වගේ කතා පවත්වන්න බැරිකම නිසා වෙන්න ඇති. (නි)
බය්යන්ගේ මොලේ තරම යි හිතන විදිහයි කොහොමද කියල "දහම්" ගේ අදහසින්ම පෙන්නව. මම රනිල් හා යූන්පී එකේ දැන් මාධ්‍ය භාවිතයත් කලින් භාවිතයත් ගැන නෙමේ කතාකරන්නේ. අපේ කලින් ජනපතිගේ මාධ්‍ය සදාචාරය. එතුමා , දහම් කියන ලෙසින්ම මාධ්‍යවේදීන්ට ඉතාම උසස් ලෙස සැලකුව. කට්ටියක්ව නොමිලේම සුර ලෝකෙට යැව්ව, කට්ටියක්ව ආගිය අතක් සොයා ගන්නම බෑ, මාධ්‍ය ආයතන වලට ගැහුවා, ගිනිතිබ්බ, අතපය කැඩුවා, වෙනඑකක් තම රජයේ මාධ්‍ය "රුපවාහිනියටත්" රසට කෑමක් දුන්න. පත්තරකාරයෝ මරල ආයතන අල්ල ගත්ත, සමහරක් සල්ලි දීල ගත්ත, සමහරක් අයට සල්ලි දීල අලුතින් පටන් ගත්ත. පට්ට මාධ්‍ය නිදහසක් තිබ්බේ. අනේ දහම් පක්ෂයක් පාටක් වෙනුවෙන් කඩේ ගියාට කමක් නැහැ, අඩුම ගානේ ගොන් කතා නොකිය හිටියොත් ඇති. රනිල්ලට වඩා දහස් ගුණයක් හොඳින් මහින්ද හැම දේම කලා. මහිදගේ කාලේ කවුරු කවුරුගේත් දායකත්වයෙන් යුද්දේ උනා. පස්සේ එ්කත් විකුණන් කෑව. (ස) දැන්වත් JVP කට්ටියට අවස්ථාවක් දෙමු. අඩුම ගැනේ තමන්ගේ චන්දෙට වටිනා කමක් ලැබෙනවා. හෝරා හොරාම තම හෝරා කොච්චර තටමුවත් "හොරා නා" වෙන්නේ නැහැ. හොරනා = හොද රාජ්‍ය නායක => මයිත්‍රී හොරා = මහින්ද / රනිල්
මාධ්‍ය නිදහස දැන් හොඳින් තිබෙනවා කියලා අපිට හොඳින් දැනෙනවා (නි)
දහම්, මමත් මාධ්‍යවේදියෙක්. ඔයා දන්නා දේ තමයි ඔය. ඒ නිසා නොදන්නා දේවල් කතාකරන්න එපා. (නි)
අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩා පිටිය පුංචි පිටියක් වන්නේ මහින්ද විරෝධීන්ට පමණි. ටෙලිප්‍රොම්ටරයක් යොදා ගැනීම කොතරම් හොඳ ද? (ම)
එකෙන් තමයි එහෙනම් පරවගෙන් පරයා වෙන් කරගත්තේ... (බ)