පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 05 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනු කළ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට අද (24) උදෑසන ලැබී තිබීම නිසා ඒ පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීමට සහ අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම පෙත්සම සළකා බැලීම කල් තබන ලදී.
අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන බැවින් එම ආරාක්ෂාවට අඩු කිරීම හෝ මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ටද මෙවැනිම ආරක්ෂාවක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
හිටපු ජනපතිගේ ආරක්ෂාවට අතිවිශාල පොලිස හා යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත්,ට්‍රක් රථ, ඩිෆෙන්ඩර් රථ, ලෑන්ඩ් කෘෂර් රථ, කැබ්, බස් ඇතුළු යුද හමුදා වාහනද එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහනද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටරද, ඩීසල් ලීටරද, තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාද පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ෆොන්සේකා මහත්තයත් ආරක්ෂාව ඉවත් කරලද ඉන්නේ? (නදී)
මේ ඉල්ලීම හරි. මමත් කියන්නේ වහාම කට්ටිය අඩුකරන්න ඕනෑ (නි)
මහින්ද මහතාගේ පසුගිය වසර පහේ දේශපාලන ක්‍රියාකාරකම් වලට මාගේ අප්‍රසාදය පලකරන අතර මෙම ගොනු කර ඇති පෙත්සම ගැන කණගාටුවක් ඇතිවන්නේ. මහින්ද ඔහු තමා කොටි සංවිදානයේ ප්‍රදාන හතුරා , යුද්දය අවසන් කරපු ඔහුගේ ආරක්ෂාව පිලිබඳව අප මෙලෙසද ඔහුට සලකන්නේ. මනුෂත්වය නමැති පුන්සද වැසි යාමට දේශපාලනය නමැති කළු වලාකුලට ඉඩ නොදෙන්න. (නදී)
ලස්සන වැඩේ කියන්නේ සොරකමට ගොදුරුවන මිනිසුන්ගේ මුදලින් මේ අය රැකීමයි. (නි)
මෙයාට දැන් මහාලොකු ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.මෙයා මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉල්ලන නිසා,අනිත් අපේක්ෂකයන්ට වගේම සමාන ආරක්ෂාවක් තිබුනොත්,සියලු දෙනාටම කරන සාධාරණයක් නේද? (අ)
ඊට පස්සේ සතියකින් ඡන්දෙ එයි. පෙරහැර ගිහින් ඉවරයි නඩු අහනකොට. අනිත් අපේක්ෂකයන්ට අසාදාරණය වෙලා ඉවරයි (නදී)
දැන් එතකොට අගමැති මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ වාහන ආරක්ෂකයන් නැතුවද ඡන්දෙට එන්නේ? සරත් පොන්සේකා ටත් ඇමති කෙනෙකුගේ ආරක්ෂාවටත් වඩා තියාගෙන එයා ඡන්දෙට එන්නේ. මේ ඔක්කොම මහින්දට බයයි. බයගුල්ලෝ එක්ක මොන සටනක්ද?...(අ)
දැන් තමය යහපාලනය (ම)