පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ඉවත දැමීය.
බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී එහි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා පෙත්සම අස්කර ගන්නා බව දැනුම් දුන්නේය.
හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ සේනක පෙරේරා මහතා පෙත්සම ගොනු කර තිබිණි.මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක් (නි)
හොඳ නීතිඥයොත් ලංකාවේ ඉන්නවා (නි)
ගාස්තුවට යටත්කර ඉවත් කරන්න ඕනෑ. (නි)
බුද්ධිමත් තීරණයක් (නි)
මේ තීරණය ගැන මට නම් සතුටුයි (නි)