සන්ධානයේ අපේක්ෂකත්වය නොලැබුණු හිටපු ඇමැති මර්වින් සිල්වා අමුතු කතාවක් කීවේය. ඔහු මේ බව කීවේ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සහභාගී වූ රැස්වීමකට සහභාගී වෙමිනි.
‘ළඟදි ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ලංකාවට එනවා. එන්නේ මමත් දෙපාරෙන් යනවා. මගෙන් ආදර්ශය ගන්න කියා මහින්ද රාජපක්ෂට කියන්නයි. ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි එන්නේ.‘ යැයි ඔහු කීවේය.
තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදුණු රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණය ඉදිරිපත් වීම ගැන මර්වින් සිල්වා උපහාසයෙන් එලෙස කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයන් මෙපමණ තැනකට ගෙන ආවේ කවුද? දැන් මේගොල්ලෝ ළංකර ගන්න අයටත් වෙන්නේ කලින් අයට වුණදේමය (නි)
ඒක අපි ආවහම බලමුකෝ (නි)
ඇත්තටම ඔබ ඒ කාලයේ නටපු හැටියට ඔබ හිතුවද මෙහෙම වෙයි කියලා? හිතන්න මොළයක් කියන එක තමයි අපේ දේශපාලකයින්ටයි මහජනතාවටයි නැතිම දේ. (නි)
ටෙනිසන් කුරේ එක්ක අලුත් ෆිල්ම් එකක් ගහන්න දැන් මෙයා ගැලපෙනවා. මෙයාට ලංකාවේ අායේ මැතිවරණෙකට තරග කරලා කවදාවත් දිනන්න බෑ. මහින්ද ජනාධිපතිගේ පරාජයට මුලික හේතුවක් තමා මෙයා මුලින්ම පන්නපු නැති එක. දැන් මෙයා ගාව ගන්න අයටත් වෙන්නේ ඒ ටිකම තමා (බ)
ඔබාමා එන්නේ මහින්දගෙන් උපදෙස් ගන්න කියන්නේ, කුඞු එනතෝල් රටට ගෙන්වන හැටි කියන්නද (බ)
මෙයාට හරිම සන්තෝෂයි වගේ වහල්භාවයෙන් ගැලවුණාට (නි)
හිතේ දුකට කියවෙන අවලාද (ම)
එතකොට මහින්දගේ දෙපාමුල වැටිලා වේදිකාවේ හිටපු දවස්වල ඔය කටට මොකද වුණේ? (නි)
දැනට ලංකාවේ සිටින මා හට අප්‍රසන්නම මහජන නියෝජිතයා ඔබයි (නි)
විකට කතා කියන්නේ නැතුව ඉන්න. (නි)
මට හිතෙනවා ඔබාමා ඇවිල්ලා මහින්දගෙන් උපදෙස් අරගෙන එයාගේ ප්‍රධාන උපදේශකයා හැටියට මර්වින්ව එක්කගෙන යන්න වෙන්න ඇති එන්නේ කියලා. (නි)
එහෙම කරන්න පුළුවන් ඔබාමාටම තමයි. මොකද මෙයාලා වගේ කට්ටිය එහෙ නැහැනේ (නි)
මෙහෙම අය රැස්වීම් වලට අරගෙන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය හෑල්ලුවට ලක්කරන්න එපා. (නි)
ඔබාමා ලංකාදීපේ කියවන්නේ නැති නිසා හොඳයි (නදී)
හීනෙන් දකිනවා ජනපති මෙහි එනවා!;;;; නින්දෙන් ඇහැරගෙන ඒවා කියවනවා..............මෙහෙමත් පාලකයෝ අප රට බිහි වෙනවා................. මොනවා කරන්නද මිහිකත වැලපෙනවා...............(ම)
මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන් ඉවත්කරන්න ඕනෑ. කිසිම දේශපාලන පක්ෂයකින් බාරගන්න හොඳ නැහැ. (නි)
අයියෝ! කව්රුත් ඔබේ වගන්තියට ඇහුම්කන් දෙන්නේ නැහැ (නදී)
මේ වගේ අය නිසයි මහින්දට යන්න උනේ (නදී)
දැන් ඔබතුමාද ඔබාමාව ගෙන්වන්නේ? (නි)
නෑ නෑ ඔබාමා එන්නේ මහින්දගෙන් උපදෙස් ගන්න (නදී)
ඒ ගමන්ම මර්වින්ටත් ආරාධනයක්...... "වරෙන් ඡන්දෙට එහේ.... මේ සැරේ මාත් නැති එකේ... උඹටත් මෙහෙ නැති එකේ... බඳිමු එකෙක් දෙන්නෙක් ගහේ..." (නි)
දේශපාලකයොත් ඉතින් මේ රටේම අයනේ. ප්‍රථමයෙන් ජනතාව පිරිසුදු නම් ඒ අතරින් එන අපේක්ෂකයොත් ඒ වගේ වේවි. (නි)
ඉර හද පායනවනේ අපි ලැජ්ජ වෙන්න ඕනේ (බ)
මොනවා උනත් කෙලින් කතා කරන කෙලින් මනුස්සයෙකුට ඉන්න ඔබතුමා දේශපාලනයේ සිටිය යුතුම කෙනෙක් - ජයවේවා !(නදී)
දෙපැත්තෙන්ම කතා කරනවා. කෙලෙහි ගුණ නැති මිනිස්ස්සු අපිට ඕවා හොද පාඩම් (ම)
නාම යෝජනා ලැබුනත් ඔයා ඡන්දෙන් පරාදයි. (බ)
මේ වගේ මිනිස්සු දිහා බලලවත් අපේ රටේ ජනතාව හැදෙනවා නම් රටට කලක් යයි. 90% ක්ම මේ වගේ දේශපාලකයෝ තමයි අපේ රටේ ඉන්නේ ප්‍රතිපත්ති ගරුක. හොඳ හදවත් තියෙන මිනිස්සු අපේ රටට ඕනා. ඒ වගේ මිනිස්සු අපි මේ සැරේ පාර්ලිමේන්තුවට යවමු (නදී)
ඔබාමා කියන දේ දැන් එතුමා අහයිද? (නි)
එයත් එක්ක ඉන්නකොට හැමදේම හොඳට පෙනුනා. දැන් එයත් එක්ක නැතිකොට සේරම හොඳ නැහැ. තමාට වාසියක් වෙනවා නම් කොයි පැත්තට ගියත් මොකද නේද. (නදී)