ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ බව එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහතා ද ඊට පැමිණ සිටියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඕක මුලින්ම හිතුවා.. ගොනා හැරෙනකොට පොල් පලේට තමයි කියලා. (ර)
ඔබල වැනි උගත් අය මේ මොහොතේ ඉදිරියට පැමිණීම අනිවාර්යයි. ජයවේවා.! (ර)
අමතකද ගිය ආන්ඞුවෙන් අධ්‍යපනයට වෙන්කල මුදල? (ර)
ඔය සංගමයේ සාමාජිකයෝ කි දෙනෙක් විතර ඉන්නවද දන්නේ නැහැ? එතනිනුත් බහුතර මතයක්ද? (ර)
වකුගඩු රෝග ඇතිකළ හැකියි කියන ග්ලයිකොපොස්පේට් තහනම් කළේ කවුද එතකොට? මිනිසෙකුට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. (නි)
දැන් රට නිවැරදි මගට යැවීම ඔබලාගේ වගකීමයි. මෙයිට වඩා ඹබලා කැපවිය යුතුයි. (ර)
ඔබේ තීරණය නිවැරදියි. අපගේ ප්‍රණාමය. (ර)
හොඳ තීරණයක්. මේ අවස්ථාව මඟහරින්න හොඳ නැහැ. අනෙක් අය මුදල් වෙනුවෙන් වැඩ කරනකොට අපි රට වෙනුවෙන් හිටගනිමු. ඔබට අපේ ආචාරය! (නි)
බොහොම හොඳයි . මුලින්ම කට්ටියම කුරුණෑගලින් ඡන්දෙට රෙජිස්ටෙර් උනානම්... ඖෂධ පනත වැඩ කරලා නෑ වගේ. (ර)
ඔබට ජය! (නි)
මේ ඩොක්ටර් තමයි ලංකාවේ වකුගඩු රෝගේ ගැන ගොඩක් පරීක්ෂණ කරලා කෘමිනාශක මාෆියාව එක්ක හැප්පුනේ, තමුන්ගේ වාසියට වැඩ කරන කෙනෙක් නොවේ, මේ ගත්ත තීරණයට අපි හදවතින්ම සුබ පතනවා. (ර)
අපිට හරිම සතුටුයි (නි)
අපි නම් ඉතින් වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා (නි)
අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
ශ්‍රේෂ්ඨ තීරණයක් (ම)
සුබ පැතුම් , අනිත් අයටත් කියලා දෙන්න. (ර)
මව් බිමට ආදරය කරන සංවිධානයක්. මහින්ද මහතාට ජය වේවා.! (ර)
වැදගත් තීරණයක් ,,, ජය වේවා (ම)
ජය වේවා. (බ)
වෛද්‍ය ජයසුමන රටට විශාල සේවයක් කරපු සුවිශේෂී විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඔහුගේ වටිනාකම හඳුනාගත්තේ ලංකාවේ දේශපාලඥයින්ට වැඩිය විදේශ රටවල විද්‍යාඥයෝ. උගත්, නිහතමානි, රටට ණය නැති පුතෙක්. ලන්ඩනයේදී ඔහුව මට හමු උනා. අපේ සුභ පැතුම්! (ර)
තිලක් නම් කඩේ යන්නේ රනිල්ට නම් රට වෙනුවෙන්, මහින්දට නම් බඩ වෙනුවෙන් නේද? (නි)
රට ජාතිය ගැන සිතා ඔබ ගත් තීරණයට හිස නමා ආචාර කරමී (බ)
දැන්නම් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනිය මහින්ද වෙනුවෙන් බෙලිඅත්තේ කොළ බෙදුවා (බ)
නිවැරදි තීරණයක් කියා සිතනවා (නි)
උගත්-නූගත් සියලු දෙනා දේශපාලන සත්වයෝමය. (ර)
මේ තීරණයට අපි ගරුකරනවා (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල වලට දෙවියන්ගේම පිහිටයි! (නි)
හොඳ තීරණයක් රට බේරාගත යුතු වෙලාවක් මෙයය (ම)
ජය වේවා ! (ම)
ඔබට අපේ ආචාරය. රට දැය වෙනුවෙන් හැමදාම රටේ උගතුන් බුද්ධිමතුන් ඉදිරියට ආවා. වසර ගණනකට පසු පහළ වූ මේ නායකයා වෙනුවෙන් පෙළගැසුණු ඔබ ජාතියේ සැබෑ විරුවන් (නි)
ලංකාවේ තවමත් රටට ආදරය කරන විද්වතුන් සිටින බව දැනගැනීම පිටරට වෙසෙන වෘත්තියන් සැනසීමක්. ජය නියති ලංකාවේ! (ම)
අපි වෙන දෙයක් වෙන්න දීලා බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර හොඳ පාඩමක් උගන්වනවා. මහින්දට ජය වේවා! අපේ රටට ජය වේවා! (නි)
ඒකත් එහෙමද? හොඳයි හොඳයි... (නි)
ආ... ක්ෂණිකා මහත්මියත් ඉන්නවනේ (නි)
අපේ ගෞරවනිය ආචාරය.(හේ)
වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. මහින්ද මහත්තයා පරදිනවා. මොකද? ඔයාලා විදියට නොවෙයි රටේ ජනතාව හිතන්නේ. ජනතාව දැන් හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙනවා. (නි)
ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය.(හේ)
හොඳ තීරණයක්. අපේ උපහාරය! (නි)
ක්ෂණික කියන්නේ කවුද කියලා අන්තර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දීල තියෙනවා.(ම)
මෙයාලත් ඉතින් හොර ගුහාවල් නේ. පත්වීම ගත්ත වෙලාවේ ඉඳල සල්ලි සල්ලි තමයි. (බ)
හොඳයි හොඳයි. කරලා බලමුකෝ! (නි)
ශ්‍රේෂ්ඨ තීරණයක්. රට ජාතිය ගැන සිතා ඔබ ගත් තීරණයට අපේ ගෞරවනිය ආචාරය. (බ)
ඔන්න ආයෙත් තීරණය වෙනස් කරන්න බැහැ හොඳේ (නි)
ඔහොම යමුකෝ! (නි)
අපිත් උදවු කරනවා ඔබට (නි)
අපිත් ඔබතුමා සමඟයි (නි)
අපි සමහරු ගැන මෙතෙක් හිතාගෙන සිටි හැටි වැරදියි වගෙයි (නි)
හොඳට හිතලා බලලා වෙන්න ඇති තීරණය ගන්න ඇත්තේ (නි)
ඔහුගේ ඔය තීරණය ඔය ලෙස ගන්නා බව මට නම් හිතුනා කලින් ඉඳලම (නි)
රජරට විශ්ව විද්‍යාලයට මහින්ද මහත්තය ගැහුවේ කොහොමද කියල මතක ඇති නේද? එතුමාට අමතක වෙලා ඇති එකේ 2005 ගත්ත බැච් එක කෙතරම් කාලයක් හිටියද කියලා..(ම)
දෙයියන්ගේම පිහිටයි.(හේ)
මේ අය කරපු එක හොඳ දෙයක් කියන්න බලන්න. (නි)
මේ වෛද්‍ය ජයසුමන ගිය මහා මැතිවරනේදී සන්ධානයෙන් අනුර පුරයට ඡන්දය ඉල්ලා පැරදුනා (බ)
ජයවේවා ඔබට! (නි)
මට නම් වත්මන් ජනාධිපති ගොඩක් හොඳයි (නි)
මේ ජයසුමන මොන මොන රටවල් පිළිගන්නවා ද කියන එකත් මේ කමෙන්ට් දාන අය දානවනං හොඳයි. මොකද කිසිම පිළිගත් ක්‍රමවේදයක් නොමැතිව තමා ගේ හිතේ පහල වූ දේවල් පර්යේෂණ ලෙස පල කළ කෙනෙකි (බ)
ජයසුමනලාට රටේ සල්ලි ගිලලා වරදාන දෙනකොට මේ වගේ තින ගන්නා එක පුදුමයක් නොවෙයි (අ)
මේ වයසක මිනිසුන් පිටි පස්සේ යන්නේ( පක්ෂ විපක්ෂ ) රටේ නායකත්වයක් ගන්න කොන්ද පන තියෙන තරුණ තරුණියන්ගේ හිඟයක් තියෙන බවයි පෙනෙන්නෙ (අ)
අපිට මේ ආරංචිය අහලා නව පණක් ලැබුනා වගෙයි (නි)
අපේ රට බෙරා දුන් නායකයාට සදාකල් ඔබ සමගයි. (ර)
සියල්ලෝම දේශපාලන සත්වයෝ වෙති (ම)
චන්න මහත්තයට ජයවේවා! (නි)
ආචාර්ය ජයසුමන ලොවම පිළිගත් සේවයක් කල පුද්ගලයක් . ඔහුගේ සොයාගැනීම වකුගඩු රෝගීන්ට පමණක් නොව මුළු රටටම වැදගත්. (ර)
මොවුන් මෙසේ තීරණය කළේ ඇයි කියලා හිතාගන්න පුලුවන්. පක්ෂය රැකගත යුතුයි. ගත් තීරණය ඉතා වටී. (නි)
හොරු සමග හෙළුවෙන්. (බ)
ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය (හේ)
මේ අය ලංකාවට ආදරය කරන විද්වතුන් නොවෙයි. (හේ)
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් දෙකක් තියෙනවා. මේකේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. (බ)
ඔන්න දැන් බලා ගත්තහැකි විශ්ව විද්‍යාලේ ඉන්න උගත් බුද්ධිමත් අය අතරින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙනියපු සටනේ හිටිය හොරිකඩ රැල. පුදුමය මෙතන නැත දෙය්යෝ නැති එක. තමන්ගේ බඩගොස්තරයට මෙහෙමත් හෙළුවෙන් කඩේ යනවද. (බ)
ජය වේවා ඔබලා සියලු දෙනාටම (ම)
ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය (බ)
වෘත්තියවේදීන් කඩේ යනවනම්, ඔවුන් ජනතාව වෙනුවෙන් නොව , තමන්ගේ බඩ වෙනුවෙන් (බ)
මෙයා නේද කිව්වේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආනයනය කරන පළිබෝධ හා කෘෂි පොහොර නිසා කියලා. ගිය ආණ්ඩුව විවේචනය කළා. සරත් සිල්වාගේ යාළුවෙක් වෙන්න ඇති (බ)
නියමයි. ජයවේවා! (නි)
නාථ දෙයියන්ගේ නිර්දේශයක් වෙන්ටෑ බටහිර විද්‍යාව පට්ටපල් බොරු , වශී බෝල තමා ඇත්ත (අ)
ජාතික මතවාදය ශක්තිමත් කිරිමට පිටුවහලක් වේ (බ)
නියම බුද්ධිමත් තීරණයක් (නි)
මම නම් මේ තීරණය ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
මාරු බඩු ටික (අ)
ජයවේවා! (නි)
රට වෙනුවෙන් ගත් තීරණයට අපේ සුබපැතුම්.! (ර)
බොහොම හොඳ තීරණයක් (නි)
ඔබලාට ස්තුතියි. අපි හැමෝම එකතු වෙලා එක තමයි. කළ යුත්තේ මේ රට බේරා ගැනීමට නම්. (අ)
රටේ ප්‍රගතිශීලී ජනතාවත් ඉන්නේ එම මතේම. (ර)