හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන් අතර අසාමන තත්ත්වයක් ඇතැයි ද, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂකයකු වන නීතීඥ සුනිල් වටගල මහතා අද (17) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්, කුරුණෑගල තේරීම් භාර නිලධාරී සහ පොලිස්පති එම පෙත්සමෙන් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
හිටපු ජනපතිට පොලිසියෙන් 105 දෙනකු ද, යුද හමුදාවේ 105 දෙනකු ද, ට්‍රක් රථ 04ක්, ඩිෆෙන්ඩර් තුනක්, ලෑන්ඩ් කෘෂර් තුනක්, කැබ් දෙකක්, බස් දෙකක් ඇතුළු යුද හමුදා වාහන 20ක් ද ලබා දී ඇතැයි වටගල මහතා සඳහන් කරයි.
ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහන හතක් ද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටර 750ක් ද, ඩීසල් ලීටර 1200ක් ද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, පරීක්ෂා කිරීමේ ගේට්ටු, මයින් ඩිටෙක්ටර ඇතුළු තවත් උපකරණ ද ලබා දී ඇතැයි ඔහු පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතර දේවල් සියල්ල ඉවත් කළ යුතුයි. නැතිනම් අපේක්ෂකයින් සියල්ලන්ටම ඒවා ලබා දිය යුතුයි (නදී)
මහින්ද ට දීපු මේ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මැතිවරණය අවසන් වෙන තුරු මේ "බයගුල්ලාට" දීපු සියලු දේවල් ඉවත් කල යුතු වෙනවා. මේවා නිසා අනිකුත් අපේක්ෂකයන්ට වරප්‍රසාද ප්‍රශ්නයක් ඇතිවෙන බැවින් අසාධාරණයක් වෙනවා. මොකද සිරිසේන ජනාධිපතිතුමාට රාජ්‍ය කටයුතු සඳහා අධි ආරක්ෂක වාහනය මහින්ද බාර නොදුන්නේ ? සමහරවිට එම රථය මහින්දගේ "බුදල් සල්ලි" වලින් ගන්න ඇති. හිටිද්දී මහජන මුදල් වලින් සුඛ විහරණ ජීවිත ගත කලත්, තාමත් එයා හිතන් ඇති එයා තාමත් ශ්‍රී ලංකාවේ "නිළ නොලත්" ජනාධිපති කියල.(නදී)