අල්ලස් කොමිසම පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති බව පෙනේයැයි ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ගැන ක්‍රියා කිරීමේදී පිළිගත් හා වැදගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද, රටට සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ගෙන්වීම සුදුසු නැතැයි ද, ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු යැයි ද නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් 113න් දෙනකුගේ අත්සන් සහිත ලිපියකින් මේ බව කතානයකට දන්වා ඇති බවත් ඔහු කීවේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ද මන්ත්‍රීරුන් ඉල්ලා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ යහපාලනය, සාධාරණත්වය හා යුක්තිය ඉෂ්ට වන බව ප්‍රදර්ශනය කරමින්යැයි ද ඔහු සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවුසවේ මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණයක් වන්නේ නම් ඊට පිළියම් ඇති බවයි.
‘අල්ලස් කොමිසමට වැරදි නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. අනෙක් අතට ඔහු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නොවෙයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට යුද්දය දිනවල දීපු ජනරාල්ව කුදලගන ගිහිල්ල හිරේ දානකොට ඔය නිමල් සිරිපාල හිටියේ කොහෙද .එතකොට කට තිබුනේ කොහෙද. (අ)
මේ යහපාලන තක්කඩි රැළ රට නිදහස් කරගත් නායකයාව විනාශ කරන්න කෙතරම් කුමන්ත්‍රණ කරනවාද?එදා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් සැබෑ නායකයා මහින්ද මහත්මාය.මෙරටේ මෙන්ම විදේශ රටවලින් කොපමණ කැනහිලි ක්‍රියාකාරකම් කළත් කළගුණ දත් රටට ආදරය කරන මිනිස්සු ඉන්නේ ඔහු සමගයි. (බ)
එක පුද්ගලයෙකුට අනික් පුරවැසියන්ට නැති වරප්‍රසාද ඉල්ලන මන්ත්‍රීවරුන් ගේ මට්ටම ගැන කවර කතාද? (ම)
ද්විත්ව චරිත රංගන. (ස)
හිවලුන් සිංහවෙස්ලු කල... සිංහයෝ බිය වෙත්ද... කුමන්ත්‍රණ කරුවන් දැයේ විරුවන් පාවා දීමට පළමු අඩිය තැබීමක් සේ අප මෙය සලකන අතර. යහපාලන රජයක් බිහි කිරීමට හදවතින් කැපවුවන් වූ අප, අද ලැජ්ජාවෙන් මුහුණ වසා ගන්නෙමු. (බ)
මෙය අත්අඩංගුවට ගැනීමක් නොවේ, ඒ බව දැන දැන මන්ත්‍රී ලා ජනප්‍රිය වෙන්න රඟපානවා (බ)
ඉතා වැදගත් (බ)
ඉතා වැදගත් කරුණ නම් ඔහු තවත් එක් පුද්ගලයෙක් වීමයි. (ස)
ජනරාල් තුමාව ගෙනගිය විදියටද විපක්ෂ නායක තුමෝ? (ස)
ඉස්සෙල්ලම අර කාඩ්බෝඩ් වීරවංස හිරේ යවල ඉන්න. (ස)
ෆොන්සේකාට අරියාදු කිරීම සාධාණද ? (බ)
රට ජාතිය බේරාගත් මහින්ද ජනපති තුමාට මේ විදිහට අපහස කරන රනිල් ත්‍රස්තවාදීන් එක්ක සාම ගිවිසුම් ගැහුවට, බටලන්ද වගේ දේවල් වැදගත්ම රටේ බුද්ධි අංශ පාවලා දීලා, රවිට මුදල් ඇමතිකම දීමේ වරදට, රටේ ආරක්ෂාවට තර්ජන වෙන බව දැන දැන උතුරේ හමුදා කදවුරු ඉවත් කිරිමේ වරදට, රටේ සංවර්ධනය විනාශ කළ වරදට මොකද කරන්න ඕන? (බ)
සුනිල් එක පුද්ගලයා වුනත් එයා විශේෂී පුද්ගලයෙක් ශ්‍රී ලංකා මාතාවට (බ)
මෛත්‍රී වහාම ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපති ඡන්දය පවත්වන්න. (බ)
නුවන් ඔබටනම් ඔහු තවත් එක පුද්ගලයෙක් විය හැක.නමුත් අපටනම් ඔහු මුළු ජාතියක් ගලවාගත් නායකයෙකි. (ස)
හොරු ටික එකතුවෙන හැටි පෙනේද? (ස)
එදා ෆොන්සේකා මහතා මන්ත්‍රී කෙනක් වෙලා ඉඳලත් ඔය බුරන කට්ටිය ඔක්කොම වලිගය පස්ස පැත්තේ ගහගෙන හිටියේ. (ස)
පද්මිණි නෝනා,පොඩ්ඩක් ඉන්න සැප්තැම්බර් ජිනීවා මානව හිමිකම් සැසියේදී ගොඩක් දේවල් අහගන්න දැනගන්න පුලුවන්. එජාප නොවේ, ජේවීපී නොවේ, ටිඑන්ඒ හරි කමක්නැහැ. වැදගත් පක්ෂය නොවේ රටයි. වැදගත් පුද්ගලයෝ නොවේ රටයි. වැදගත් ජාතිය නොවේ රටයි. එහි වෙසෙන සියලුම ජාතීන් හා ගහකොළයි. (නි)
හෂිත් මහතාණෙනි ඔබ තුමා සමග මා 100% එකගයි. (ර)
එතකොට තිළිණ අර ෆොන්සේකා මහත්තයාව හිරේ දාපු විදිය හොඳද? ඔහු විතරක් කොහොමද ජාතිය ගළවාගත්තේ? මේකට උරදුන් කී දෙනෙක් ඉන්නවද? කොහොම වුණත් රටක් සූරාගෙන කන්න දෙන්න බැහැනේ. මහජනතාවට මොනවද ඉතුරු වෙන්නේ. (නි)
සුරාකන්නත් රටක් තියෙන්න එපායැ. මේ විදිහට තව අවුරුදු 2 -3 ගියොත් අපිට ඉතිරි වෙන්නේ ප්‍රාන්තයක්. (නි)
තිලින, ඔබට ලොකු වැරදීමක් වෙලා. එහෙම කළේ රාජකීය දෛවඥයා සුමනදාස මහත්තයානේ (නි)
''මහින්දට අරියාදු එපා '' එක ඇත්ත මහින්ද රාජපක්ෂ කියන්නේ නමක් නෙමයි රටක්. ලංකාව බේරාගැනීමේ සටනට නායකත්වය දීපු එඩිතර සිංහලයා. එයාට මෙහම අරියාදුකරන්න දෙන්න පුලුවන්ද . ? (ර)
පද්මිණි සහ රන්වල, සරත් ෆොන්නසේකා මහතා යුද හමුදාපති ලෙස කළ මෙහෙයට සම්මාන ද සුදු කොඩි කතාවෙන් රට පාවාදීමේ වරදට දඬුවම් ද ලැබීය. එකී සම්මාන ද දඬුවම් ද රටේ නීතියට එකඟව ඔහුට දෙනු ලැබිණි. එහෙත් අල්ලස් කොමසාරිස්තුමිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවත් ඇයට ලැබී ඇති බලතල ඉක්මවා යමිනුත් කටයුතු කර ඇත. මේ එකිනෙකට වෙනස් සිද්ධි දෙක ඔබ එකට පටලවාගන්නට තනන්නේ නොදන්නා කමටදැයි නැතහොත් හොරට නිදන හෙයින්දැයි නොදනිමි. (අ)
හෂිත් මහතාණෙනි ඔබ තුමා සමග මා 100% එකගයි. පසුගිය කාලයේ ගොඩක් වැරදි සිදු බව මම නොවේ මහින්ද මහතාත් ප්‍රසිද්ධියේ පිළිගන්න බව ඔබ තුමා දන්නවා ඇති . වැදගත් මහින්ද මහතා හෝ පසුගිය රජය නොවේ , අපිට වැදගත් විය යුත්තේ අපේ රටයි , එහෙම නැතිව පුද්ගලයින්ගේ අවංක කම , වැදගත් කම , උඩු රැවුල , මහතා බඩ නොවේ . ඔබතුමා පිලි ගත්තත් නැතත් අද රට අනතුරේ , රට අද නැවතිලා . රට නැවතී ඇති බව සරත් ෆොන්සේකා මහතාත් ප්‍රසිද්ධියේ කිව නොවේද ? අද අපිට අවශ්‍ය වී ඇත්තේ අඩුමුදලට ඩිසල් පෙට්රෝල් නොවේ ( අතින් පාඩු කරගන ලාබෙට බදු නොවේ ) , නිෂ්පාදන ආර්ථිකය පදනම් වූ කල්පවතින , ආර්ථික ක්‍රමවේදයක්. සියල්ලටම වඩා වැදගත් වන්නේ නොබෙදුණු රටක් හා සුරක්ෂිත රටක් . මේ රට අද අනතුරේ නැති බව ඔබ කියනවා නම් මට ඔබ හා වාදයක් නොමැත (බ)
රන්වල ෆොන්සේක මහතාට කල දේ වැරදි නිසානේ අලුත් නායකයෙක් පත්කරගත්තේ..අනිත් දේ මුළු ජාත්‍යන්තරයම බලාගෙන ඉන්නේ මහින්ද මහතාගේ බෙල්ලට තොන්ඩුව දාන්න මිසක් වෙනත් අයෙකුගේ නොවේ.එලියට ඇවිත් බලන්න අද කී දෙනෙකුගේ රැකියා නැති වෙලාද? මේ දින 100 ට මහා බැංකුවේ සල්ලි සූරාගෙන කාවේ කවුද? (ස)
එකම කාල වකවානුවක රජයේ ආයතන දෙකක පූර්ණකාලීන රැකියා දෙකක් සඳහා වැටුප් ලබා ගැනීම පිළිබඳව අල්ලස් කොමසාරිස්තුමියට එරෙහිව චෝදනාවක් ඇය යටතේ පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දෙනු ලැබ තිබියදී ඇය තවමත් ධුරයේ රැඳී සිටින්නේ කවර නම් සදාචාරයකට අනුවදැයි පැනයෙකි. හැරත් ආණ්ඩුවේ අගමැතිගේ මිතුරකුගේ භාර්යාව අල්ලස් කොමිසමේ සභාපති වී තම බලතල ද රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධි විධාන ද ඉක්මවා තම සැමියාගේ මිතුරාගේ දේශපාලන සතුරන් දඩයමට කටයුතු කිරීම කෙසේ නම් යහපාලනයක් වේ දැයි විදේශීය ඇණවුම් වලට රොටි පුච්චන සෝභිත හිමි සහ පිවිතුරු කැරට් දී ඡන්දදායකයන් මුළා කළ රතන හිමි යන බුද්ධපුත්‍රයන් වහන්සේලා අපට කියා දෙන සේක්ද? (බ)
මහානාම මහතා අපිත් හිතන්නේ ඔහොම තමයි . හැබැයි යුද්ධයෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවෙන් වැඩ කෙරුනේ පවුලක් ගැන මිසක් රටක් හරි මිනිස්සු ගැන හරි හිතලද කියල අපිට තවම පැහැදිලි මදි. (බ)
රටේ නිතිය සැමට පොදුනම් අයි පැරදවි ගිය අයට වෙනසක්. මතක නැද්ද ගියවර පැරදවි ගිය කෙනා හිරේට දැම්මේ. (අ)
ඔව් ඉතින් රාජපක්ෂලන්තයේ ප්‍රාන්තයක් අපිට ඉතිරි වුණත් ඒකත් ලොකු දෙයක් මහානාම මහත්තයෝ. (අ)
තිලින, ජාතියක් ගලවාගත් කියල එක තමන්ගේ බුදලය කරගන්න බැහැනේ. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට පහුගිය දේවල් අමතක වෙලා..(අ)