ඉදිරි මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබා නොදුනහොත් තම කණ්ඩායම සෙංකෝලය ගෙන පාර්ලිමේන්තුව වටේ දුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ පොල්පිතිගම පැවැදි රැලියකදී ය. රාජපක්ෂ මහතා ද එම උත්සවයට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්කොලය නොවෙයි මොකක් අරගෙන දිව්වත් වැඩක් නැහැ, මහා ඡන්දෙන් සන්ධානයට වැඩි ඡන්ද ලබා ගන්ට බැරි උනොත් එහෙම. ඒ නිසා ඡන්දයට නියම කරුණු ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කරන්න. (බ)
ගෙදර තිබෙන අං තට්ටුව අරන් වටේට දිව්වත් අපිට නම් කමක් නැහැ. (ම)
දැන් වත් ඔය මෝඩ චුන් නවත්තලා බුද්ධිමත් දේශපාලනයක් කරන්න බලන්න. මේ වගේ ගොන් කතා වලට රැවටෙන මිනිස්සු දැන් නැත.(ම)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රටට දෙන ආදර්ශය නම් බොහෝ වටිනවා ඇත. (නි)
දැක්කනේ කට්ටිය මහින්ද එක්ක නැගිටින හැටි... (ර)
දෙකේ පන්තියේ ළමයෙක්වත් මේ වගේ කතා කියන්නේ නැහැ.ඡන්දෙ දානකොට මොවුන් පරිපාලනයට සුදුසුද කියා හිතනු මැනවි ..... (නි)
මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකට යන්න හදන්නෙ. ජනතාව මෙවර බුද්ධිමත්ව ඡ න්දය පාවිච්චි කල යුතුයි. (ර)
අසව් අසව් සන්ධානයේ බුද්ධිමතෙක්ගේ මහා බුද්ධිමත් ප්‍රකාශය.(ම)
පරණ චුන් ආයේ ඔය එන්නේ? (ම)
මෙන්න තවත් පිස්සෙක් (බ)
දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ (ම)
ඒක අරගෙන දිවීම සඳහා පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න බැරිවුණොත් මොකද කරන්නේ? එතකොට ඉතින් කාඩ්බෝර්ඩ් සෙංකෝල උස්සාගෙන දියවන්නා ඔය වටේ දුවන්න තමයි වෙන්නේ (නි)
මේ වගේ අය තමයි මහින්දට ඉන්නේ. රටටම බරක් මෙහෙම අය පාර්ලිමේන්තු යවන එක. මොවුන්ට නෙමෙයි, මොවුන්ව යවන අයටයි බූවල්ලෙන් ගහන්න ඕනෑ (නි)
අරන් දුවන්නත්, පාර්ලිමේන්තුවට යන්න එපෑය. (ර)
ඇත්තටම මේ වගේ ප්‍රකාශ කරන අය පාර්ලිමේන්තුවට යවන්න තරම් සුදුසුද? ඇයිමේ බාල ප්‍රකාශ කරන්නේ?(ම)
ඕවට මිනිස්සු හිනාවෙනවා (නි)
ඔව් ඔහෙලා වගේ අයට පුළුවන් සෙංකෝලය අරගෙන දුවන වගේ නාඩගම් විතරයි. සෙංකෝලය අරගෙන දුවන්න තමයි ඡන්දදායකයෝ ඔහේලාව උත්තරීතරයි කියන ආයතනයකට පත්කරලා යවන්නේ.පොල්පිතිගම හා කුරුණෑගල ජනතාව මොවුන්ට පොල්පිත්තෙන් සංග්‍රහ නොකළ එකයි පුදුමේ. සියනෑ කෝරලේ ජනතාවනි, සෙංකෝලය අරගෙන දිවීමට වඩා වැදගත් සේවයක් කළ හැකි සහ ඔබව පාර්ලිමේන්තුවේ නියෝජනය කළ හැකි වැදගත් පිරිසක් පක්ෂය පාට නොසළකා ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න. (නි)
ඔහේ දුවපුදෙන්. හති වැටිලා නවතියිනේ. (නි)
සෙංකෝලය මෙයාගේ තාත්තගේද ඕන වෙලාවට අරන් දුවන්න. (නදී)
ජනතාව දුවන අයට කැමතිද.? (ර)
දුවන එක හොඳයි ,(අ)