මහින්ද රාජපක්ෂ මහතාට අගමැති විය නොහැකියැයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයාට අගමැති ධූරය ලබාදීමට ජනපති බැඳී සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්.පීරිස් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතරය නොපිළිගන්නා පුද්ගලයකු අගමැති බවට පත්වුවහොත් ඒ තුළින් බිහිවන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට කිසිසේත් වෙනස් නොවන අකර්මන්‍ය හා අස්ථාවර ආණ්ඩුවක් බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් එන්න ලැබෙන්නෙත් නැහැ.රාජපක්ෂලා ඉවරයි.ගෙන්නෙත් නෑ (ම)
කේවට්ට තනතුරට නම් කිහිප දෙනෙක්ම ඔය සුදුසුකම සපුරලා ඉන්නේ. (ම)
මහින්ද අගමැති වෙන්නේ මන්ත්‍රී බහුතරයක් තිබුණෙෘත් නේ? (ම)
අනේ අපේ රටට වෙන දෙයක්? (නි)
මේ රට ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධානය තුනෙන් දෙකක බලයක් තිබෙන පරිදි පාර්ලිමේන්තුවට පත්කොට යැවිය යුතුය. රටේ යහපත් අනාගතයක් උදෙසා මෙය අපට පැවරී ඇති වගකීමකි. (නි)
43 (3) වගන්තියේ අගමැතිව පත්කරන්නේ "ජනාධිපතිගේ අභිමතය පරිදි" කියලා කොටසකුත් තියෙනවා නේද? (නි)
මේ කියන කතා හරිම බොළඳයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඔව් පුළුවන්, එත් ඔයගොල්ලෝ එක බැරි බවනේ කියන්නේ! (ම)
තමන්ගේ මහාචාර්යකම මොනතරම් වටිනවද? දේශපාලනයට ඇවිල්ලා නම කැතකරගන්න එපා (නි)
විධායකයේ අවුරුදු දහයක් ඉදලා කරන්න බැරිවුණ දේවල් කොහොමද එතරම් බලයක් නැති අගමැති වෙලා කරන්නේ ? (ම)
පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන්නේ අපිනේ. මෙයා කොහොමද ඒ ගැන කතා කරන්නේ? (ම)
මෙයා දන්න නීතිය! දන්නෝ දනිති (ම)
ඔබතුමාලා බලයේ සිටියදී ඕවා කළාද? ඒ කාලෙත් අගමැති පත්වුණේ එහෙමද? අපි දන්නා විදියට හැමදාම රට දුවන්නේ මැදපෙරදිග අපේ ශ්‍රමිකයන් නිසා. එහෙම නේද? (නි)
එතුමාගේ තර්කය නිවැරදියි (නි)
මහින්ද දිනෙව්වේ නැත්තං කලු සුද්දො රජවෙලා සිංහලයව නැත්තටම නැති වෙනවා (ම)
අනිවාර්යයෙන්ම ඒක වෙනවා. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. මෙයාලට 62 ට වඩා 58 ලොකු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිටු දකින හින්දද..? (ර)
විශ්‍රාම සුවය විඳින්න නම් අපේ දේශපාලකයෝ කැමති නැතුවම ඇති (නි)
ජී.එල්. මහතාට ජයවේවා! (නි)
ඒක ඇත්ත. මොකෝ බැරි? (නි)
අපරාදෙ ඔබතුමා දේශපාලනයට ආවෙ. (නි)
ඔබතුමා නිහඬව සිටිනවා නම් ගොඩක් හොඳයි. සුමනදාස වගේ පේන බලන්න යන්න එපා. (නි)
මම නම් කියන්නේ ඔබ දැන් දේශපාලනයෙන් ඉවත්ව ටිකකලක් හෝ විවේකීව ඉන්න කියලයි. (නි)
අගමැතිකම නොවෙයි අගමැති පුටුවවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.අපි ඒකට ඉඩ තියන්නේත් නැහැ. (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
මෙවැනි අයගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේවාද? (නි)
මහින්දට අගමැති වෙන්න පුලුවන් කියලා මමත් හිතනවා (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයාට අගමැති ධූරය ලබාදීමට ජනපති බැඳී සිටින බව ඒ වගන්තියේ නැහැ.ජනතාව අකුරු කියන්න බැරි අය කියලා තමයි තාමත් සමහරු හිතාගෙන ඉන්නේ (නි)
මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒවා මම මෙතන කියන්නේ නැහැ. (නි)
ජනතාව දැන් මෝඩ නැහැ මහත්තයෝ (නි)
හරිම දුකයි. කොහොම ගරුනම්බු ඇතුව ඉන්න තිබුන කෙනෙක්ද ජී.එල්. පීරිස් මැතිතුමා? (නි)
එතකොට ඩී. එම්. ජයරත්න අගමැති කළෙත් බහුතර කැමැත්තටද?(ම)
ඒක තීරණය කරන්නේ රටේ මිනිස්සු (නි)
ටිකක් පිස්සු පොරක් (බ)
මම මහින්ද මහත්තයා වෙනුවෙන් පසුගිය මැතිවරණයේදී ඉතා විශාල කැපකිරීමක් කළා. ඔහුව දිනවන්න පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් අද පවතින තත්වය අනුව මහින්ද මහතා ජයග්‍රහණය කළහොත්, මහින්ද මහතා සහ මෛත්‍රී මහතා අතර ගැටුම් ඇතිවන බව ඒකාන්තයි. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නිරන්තර ගැටුම් ඇතිවීම ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවීමට මෙන්ම, රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමටද, නිරන්තර ඡන්ද ඇතිවීමෙන් ආර්ථිකයට දැඩි බරක් පැටවීමෙන් බඩු මිල ඉහළයාමටද හේතු වන බව මම දනිමි. මේ නිසා මෙතුවක් කාලයකට මම එජාපයට ඡන්ද පාවිච්චි කර නොතිබුණද ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ සුහදත්වය රටකට ඉතා වැදගත් බැවින් මෙවර මාගේ ඡන්දය අකමැත්තෙන් වුවද රට ගැන සිතා එජාපය වෙනුවෙන් භාවිතා කරමි. (නි)
මහින්ද දිනුවොත්, මහින්දට අගමැතිකම නොදුන්නොත්, රට තුළ ලොකු දේශපාලන පෙරළියක් වෙනවා ඇත (නි)
මෙයත් අර හිටපු අගවිනිසුරු වගේ කුජීත වෘත්තිකයෙක් (බ)
ඔක්කොටම කලින් දිනන්න එපැයි. (බ)
නිමල් මහත්තයා බදුල්ලෙන් එකට ආවොත් ඔහු තමයි නියම සුදුස්සා මම හිතන හැටියට. (නි)
පොඩ්ඩක් අමාරු වෙයි. (බ)
නිදහස් පක්ෂ සභාපතිතුමා කියලා තියනවා පැහැදිලිවම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දී බැරිවෙලා හරි නිදහස් පක්ෂය දිනලා මහින්දට දුන්නොත් එය ජනතාව රැවටීමක්. මොකද දැන් නිදහස් පක්ෂ පාක්ෂිකයා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්නේ මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා හිතාගෙන (නි)
මෙයත් අර කැලණියේ ආචාර්ය වගේ කෙනෙක්ද? (බ)
ජපානය වගේ රටවල රාජ්‍ය නායකයෙකුට හෝ ඔහුගේ පවුලේ අයට දුෂණ චෝදනා එල්ලවුණාම ඒ අය ඉල්ලා අස්වෙනවා ඒ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නොවන්නට.අපේ රට දුෂණ චෝදනා වලින් ගැළවෙන්නට සමහර අය ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ මදිවාට අනිත් පැත්තටත් බොරු චෝදනාවක් කරලා තමුන්ගේ චෝදනා වලින් ගැළවෙන්න හදනවා. (නි)
මෙයාට ජන මතයක් නැහැ. 2004 සිට මෙයා පක්ෂයෙන් පක්ෂයට පැන පැන ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක්. කාලයක් මෙයා අතරමැදියෙකු ලෙස පෙනී සිටියා (බ)
බලාපල්ලා මේ මුනේ හැටි .. උදෙන්ම දැකගන්න කීයත් වටී (බ)
එහෙම නොදුන්නොත් රට විශාල විපතකට ලක් වෙනවා (බ)
ඉස්සෙල්ලා දිනන්න එපැයි . අගමැතිමක් ගන්න (නදී)
මේ අර ඉරුණ පැකේජය ගෙනාපු මහාචාර්ය තුමා නේද? ඇයි මෙහෙම දේවල් කියන්නේ ? (නදී)
මම නම් මේ කතා අහන්නත් කැමති නැහැ (නි)
හීනෙන්ද?ජනවාරි 8 වෙනිදා ඉගෙනගත් පාඩම, ආයෙත් ඉගෙනගන්න යනවට අපිට දොස් කියන්න එපා. තණ්හාය ජායතී ශෝකෝ! (නි)
සන්ධානය දිනුවහම අගමැති වෙන කෙනෙක් වුණොත් අස්ථාවර ආණ්ඩුවක් හැදෙයි. (නි)
මහින්ද රාජපක්ෂ පත් වුවහොත් රට විශාල විපතකට ලක්වෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඔන්න උගත්තු පාර්ලිමේන්තු යවලා ජනතාවට ලැබෙන දේ ගැන හොඳම උදාහරණය. හැම දේටම ඔළුව නමන මේ වගේ උදවිය මොකට දේශපාලනය කරනවද මන්දා? (නදී)
අපිට උගන්නපු උගත් බුද්ධිමත් මහාචාර්යතුමා මේ විධියට හොරු සමග හෙළුවෙන් සිටගැනීම, ජනතාව ඉදිරියේ සමච්චල් වීම, බොරුකීම මට දරාගත නොහැකි දුකකි. (නදී)
ඔයාලට කාලයක් දීලා තිබුණනේ. දැන් ඔය ඔක්කොම පැත්තකට වෙලා ඉන්න. අලුත් අයට ඉඩදීලා. (නි)
මට හිතට එන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
හිටපු ජනපති නැවත අගමැති කළයුත්තේ ඇයි? ඔහු රටට කළ සේවයට මහජනතාව ගෞරව කළා. එම ගෞරවය බලලෝභීත්වයට පත්නොකළ යුතුය (නි)
දේශපාලනයට බැහැලා එක එක්කෙනාගේ අඳ බාල පුතාලාටත් වැඳගෙන මෙහෙමත් තමන්ගේ උගත්කම හෑල්ලු කරගන්න මිනිස්සු ඉන්නවා නේ. (ම)
කවුරු කොහොම කිවුවත් මහින්ද මහත්තයා ලංකා ජනතාවගේ නායකයා වියයුතුයි. රට සංවර්ධනය කළහැක්කේ මහින්ද මහතාට පමණි. (නි)
මහින්දට අගමැති වෙන්නට අනිවාර්යයෙන් පුළුවන්. ඒ ඔහුගේ සහ අනුගාමිකයන්ගේ සිහින ලෝකයේ පමණය! (නි)
හදිසියේවත් වෙන කෙනෙකුට දුන්නොත්? (නි)
ඔබතුමා කරුණාකරලා බුද්ධිමතෙක් හැටියට වැඩකරන්න රටේ අනාගතය ගැන හිතලා. (නි)
තිලාන්ගේ අදහස හරි (නි)
මහාචාර්යතුමනි,දැන්වත් ඔබ බුද්ධිමත්ව සිතා තීරණයක් ගන්න (නි)
අපිට ඉක්මනට අතීතය අමතක වෙනවා. මහින්ද නැත්නම් අද අපිට මොකද වෙන්නෙ? (නි)
19 වන සංශෝධනයේ 42 (4) වගන්තියට අනුව "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය." මෙහි, වඩාත්ම වැදගත් කොටස වන්නේ "මතය අනුව" යන්නයි. ඒ අනුව ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඒ සඳහා තෝරාගත හැකිද? (නි)
ජන්ද දින 180 ට කරපු ටික හොඳටම ඇති තව දුන්නොත් ඉන්දීය සාගරේ අබ ඇටයක් තම ඉතුරුවෙන්නේ (ම)
තිලාන් හිතන දේ හරි කියල පැහැදිලියි . (ම)
ඔබතුමා ගැන අපිට හරි දුකයි, පිනක් දහමක් කලොත් යන ලෝකෙට වැඩක් වෙයි. දොඩවා කාලය නාස්ති කරන්ඩ එපා ගරු මැතිතුමනි.(ම)
මුලින්ම දිනලා ඉන්නකෝ බලන්න. (නි)
ඔව් එතකොට මෙතුමාටත් පුළුවන් තව දුරටත් අර පුතාගේ දේශපාලන ටියුෂන් මාස්ටර් වෙන්න.(ම)
අනිවාර්යයෙන්ම පුළුවන් තමයි (නි)
යකඩෝ..මෙහෙම බැලුවම මහමැතිවරණයකින් දිනලා වැඩක් නැහැනේ..දැන් යු අන් පි එක දින්නොත් මෛත්‍රී මහත්තයට පුළුවන් එස් බි මහත්තයව අගමැති කරන්න..එහෙම වේවිද? මේවා හීන මහත්තුරුනේ..ප්‍රයෝගික දේශපාලනේ ඉන්න ඕන කෙනෙක් දන්නවා දිනපු පක්ෂයේ බහුතරය අනුව මිස ජනාධිපතිට ඕන විධියට අගමැති පත් කරන්න බැහැ කියල..දිනපු පක්ෂයේ සැබෑ පිළිගත් නායකයා ජනාධිපතිම නම් ඔන්න එයාගේ කැමැත්ත වලංගුයි..නමුත් එයාට පක්ෂේ බලයක් කැමැත්තක් නැත්නම් එයාගේ කැමැත්ත අවලංගුයි.(ම)
මෙහෙමත් තණ්හාවක් බොරු ප්‍රකාශ කරන්න එපා එයාව රකින්න මහින්ද ආයේ ගෙන්නේ නෑ (ම)
තිත්ත ඇත්ත (බ)
මෙවැනි බුද්ධිමත්තු පොල් පිත්තක් ගත්තම සීයක් විතර කපා ගන්න පුළුවනි.(ම)
ඇත්තටම මේ රට පාලනය කරන්න පුළුවන් මහින්දට විතරමද? රටට ආදරේ වෙන නායකයෙක් ඇත්තෙම නැද්ද? (නි)