‘මමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ දුන්න කෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහතාව අඳුනාගෙන දැන් අවුරුදු 40ක්. කිට්ටු මිත්‍රයෙක්. හැබැයි අපේ මිත්‍රතාවයේ වහල් සම්බන්ධතාවයක් නැහැ. මම වැරැද්දක් කළොත් එතුමා කියනවා. එතුමා වැරැද්දක් කළොත් මම කියනවා.‘ යැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කොළොන්නාව ආසනයේ පැවැති සන්ධාන රැලියකදී පැවසීය.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්ටර් අයිවන්ගේ නොනිමි අරගලය පොත කියවනකොට ගොඩක් දේවල් හොඳට තේරෙනවා (නි)
[මම වැරැද්දක් කළොත් එතුමා කියනවා. එතුමා වැරැද්දක් කළොත් මම කියනවා.] ඒ වගේම මේ කතාවේදී කියන්න අමතක වුණ ටිකකුත් තව තිබෙනවා කියලා මට හිතෙනවා (නි)
කාට කාටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන දවස වැඩි ඈතක නැහැ. එය එසේම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා (නි)
පක්ෂ පාට කුමක් වුවත් අපිට නම් දැනෙන්නේ ලොකු ලැජ්ජාවක් (නි)
තමන් දැරූ තනතුරට ගරුකළ යුතුයි (නි)
මහින්ද මහතා ළඟ ඉන්න හිටපු මැති ඇමතිවරු ඔහුව දාලා නොයන්නේ ඇයි කියලා අපි දන්නවා. (නි)
මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. පහුගිය ජනාධිපතිවරණ කාලයේදී කිව්ව දේවල් එක්කෝ එයාලට දැන් අමතකවෙලා. එහෙම නැත්නම් දැන් ඉන්නේ කොහේද කියලා තේරෙන්නේ නැතිතරමට මංමුලාවෙලා (නි)
තමුන්ගේ බල පාවිච්චි කරලා එක බොරුව ඇත්ත කරපු ඇත්ත බොරුව කරපු සම්බන්ධයක් විතරක් බව ඔයාමනේ අපිට කිව්වේ අපෙන් සමාවත් ඉල්ලලා. නැද්ද මන් කියන්නේ ? (ම)
ඔයාලා හිතන තරම් දැන් රටේ මිනිස්සු රවට්ටන්න බැහැ (නි)
ගියපාර ඡන්දය දෙන්න ඵපා කිවුවා නේද? දැන් මොනවද කියන්නේ? අපි කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයි (නි)
මේ අපිටද මේවා කියන්නේ? (නි)
මහත්තයා,ඔහොම කතාකරන්න එපා (නි)
දැන් අපිට මේවා පිළිගන්නද කියන්නේ? (නි)
කන්න හිතුනහම කබරගොයත් තලගොයා වෙන වෙලාවල් තිබෙනවා (නි)
දැන් එතකොට අර ජාතියෙන් සමාව ගන්නව කියපු කථාව ඉල්ලා අස්කර ගන්නවද? (ම)
රටේ පවතින නීතියේ ඉහලම තනතුර දැරුවේ මේ වගේ අයනම්නම්, රටේ ජනතාවට නීතියේ පිළිසරණක් ගැන හීනෙකින්වත් සිතිය හැකිද..? (ම)
මේ අය වේදිකාවේ කතාකරනකොට කණ්ණාඩියක් ඉස්සරහින් තියන්න ඕනෑ තමන්ගේ දිව මොනතරම් නම් පැති වලට හැරෙනවද කියලා බලාගන්න (නි)
ඒ ගමන මොනවාද මේ කියන්නේ? (නි)
අපිට මේවා කියන්න එපා. අපි දැන් කතා අහන්නේ නැහැ (නි)
මේ අගවිනුසුරුතුමා පුළුවන් තරම් වේදිකාවට නග්ගන්න එතකොට ජන්ද දොරේ ගලයි (ම)
අපිට නම් කමක් නැහැ කවුරු කා සමඟ මිතුරුකම් පැවැත්වූවත්... (නි)
ඔබයි මහින්දයි මිතුරන් වුණාට ඔබ දෙදෙනාම අපේ නම් හතුරන් (නි)
මම නම් දැන් කාගෙවත් කතා අහන්නේ නැහැ (නි)
කාගෙ කාගේත් කැරැට්ටුව මේ මුළු රටම දන්නවා. අර දියවන්නාවේ සිද්ධිය දැකලා අපි පුදුම ලජ්ජාවකට පත්වුණා. (නි)
අගවිනිසුරුවරයෙක් කියන්නේ රටේ මොනතරම් පැසසුම් ලබන පුද්ගලයෙක්ද? (නි)
අනේ මගේ කට! මම මේ වෙලාවේ මොකුත්ම කියන්නේ නැහැ (නි)
තමුන් පුන්නක්කු කෑවට අපිත් එහෙමයි කියල හිතන්න එපා. අපිට ඔයාට වැඩිය ප්‍රතිපත්තියක් තියෙනවා.(ම)
අපිටත් දැන් එයාලා ගැන විශ්වාසයක් නැහැ. ඇත්තක් කිව්වත් බොරු කියලා තමයි හිතෙන්නේ් (නි)
අපිට අවශ්‍ය කෙළින් ඇත්ත කතාකිරීම පමණයි (නි)
අපිට අතීතය හොඳට මතකයි (නි)
ඉහත අදහස් බොහොමයක් සමඟ මම එකඟ වෙනවා (නි)
අද මිනිස්සු බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)
අපි දැන් කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
මොනවා කියනවද කියලා අපිට තේරෙන්නෙ නැහැ (නි)
එහෙනම් ඔබතුමා හෙල්පින් හම්බන්තොට නඩුව අහපු එක වැරදිනේ. වෙන නඩු කාරයෙක් දාන්න තිබුනනේ (නදී)
සමහරු එලොව විකාරෙන් මෙලොව අතගානවා වගෙයි මට නම් දැනෙන්නේ (නි)
එහෙනම් එතුමා හොරකම් කළා කියල සහ සුනාමි ආධාර වංචා කළා කියල ඔබතුමා කියපු දේවල් ඇත්ත තමා (බ)
අධිකරණය රාජපක්ෂකරණය කර වෛශ්‍යා වෘත්තියේ යෙදුනු කෙනක් නම් අධිකරණ ශේෂ්ත්‍රයේ ඔබ තරම් නැහැ, ලැජ්ජයි මහත්තයෝ වෙලාවකට දුන් නඩු තීන්දු ගැන සමාව ඉල්ලනවා ටිකකින් ඔවුන් සමග එක වේදිකාවට ගොඩ වෙනවා, (බ)
අපි කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා කියන්නේ දැන් ලංකාවේ ඉන්න සුපිරිම පිස්සා. මෙයා කියන ඒවා කව්ද පිළිගන්නේ. (බ)
මෙතුමාගේ අදහස් සහ ආකල්පමයි මේ වනවිට බොහෝ ජනතාවත් දරන්නෙත්.(බ)
අපේ රටට කළු ලපයක්වූ මෙවැනි අගවිනිසුරුලා අපට අවශ්‍ය නෑ (බ)
හෙල්පින් හම්බන්තොට මතක නැද්ද? (බ)
වහල් සේවයක් නැත. ප්‍රවේනියකු දාසකම් කරයි හිටපු අගවින්සුරු නේද යාලුවෝ දෙන්නාගේම ලජ්ජා නහරය කපා ඇත (බ)
මෛත්‍රිපාල හොරු සමග හෙළුවෙන්. (බ)
මෙයාලත් කියයි. අනේ ඉතින් අපිත් අහයි.දවසේ කොමඩිය (බ)
මේ මිනිස්සු අතරින් සරත් සිල්වා කලිසමක් ඇදගෙනද කතා කරන්නේ කියල හිතෙනවා. මොකද , මේ මිනිහම තමයි මහින්ද හිරේ දැම්මේ නැති එක ගැන කනගාටු වුනේ. නීතිය බල්ලට දාපු මිනිහෙක්. (බ)
සමහරුන්ට නම් ඉතින් කවදත් තිබෙන්නේ වාසියට හෝයියා මානසිකත්වයනේ. (නි)
කතා ඇති දැන් හොඳටම! (නි)
රටට දෙවියන්ගේ පිහිටයි! (නි)
අද මෙහි තිබෙන අදහස් දැක්කහම ගොඩක් සතුටුයි. මිනිසුන් දේශපාලකයා සහ ඔහු වටා ඉන්න අය ගැන හොඳ වැටහීමක් ඇතිකරගෙන තිබෙනවා . (නි)
සරත් සිල්වා කියන්නෙත් මහින්ද වගේම නීති විද‍්‍යාලයට විතරක් ගිය කෙනෙක් නේද? මෙයාට වෙන සුදුසුකමක් නෑනෙ. චන්ද්‍රිකා මෙයාට අග‍්‍ර විනිශ්චයකාරකම දුන්නෙ මෙයාට වඩා පළපුරුදු අය ඉද්දි. එයා අග විනිසුරු බලතල පාවිච්චි කරල මහින්දයව සුනාමි වංචාවෙන් බේරුවා. ඵ්ක එයාම කියල දැන් ආයෙ කඩේ යනවා (නදී)
මෙතුමා මේ මොනවද කියන්නේ? (නි)
දැන් විශ්වාස කරන්නත් අමාරුයි මෙයාලගේ කතා (නි)
තෙන්නකෝන් මහත්තයා කියපු කතාවට කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
අයියෝ! මෙතුමා කියන කතා දැන් නම් මම විශ්වාස කරන්නේ නැහැ (නි)
මේවා පුදුම කතා තමයි (නි)
ඔන්න බලාගන්න දෙපත් නයි! උදෙන්ම නැගිටලා තමා කල කී දෑ මතක් කරගන්න. අපාය බොහෝ දුර නොවේ. (නදී)
අනේ කාලේ වනේ වාසේ! (නි)
බළලා මල්ලෙන් එලියට පැන්නා. (නදී)
මට නම් තේරෙන්නේ නැහැ මේවට මොනවා කියන්නද කියලා (නි)
අනේ අපි නම් මේවා ගැන කතාකරන්නේ නැහැ (නි)
එච්චර ගණන් ගන්න දෙයක් නැහැ මේ කියන කතා ගැන. (නි)
මිත්‍රත්වය ගැන අමුතුවෙන් අපිට කියන්න දෙයක් නැහැ (නි)
මේවා දැක්කහම "පිරුනු කළේ දිය නොසැළේ " කියන්නෙ බොරු කියලා හිතෙනවා මට (නි)
මාස 6 කට කලින් කිවුව දේවල් දැන් අමතකද? (නි)
දැන් ඉතින් අපි මේක අහලා මොනවද කරන්න ඕනෑ?මේවා පිළිගන්න එකද? (නි)
මේ තත්වය හිතාගන්න. දෙදෙනාම යහළුවන් නම් කොහොමද සරත් මහින්දගේ නඩුව ඇහුවේ. අනේ මන්ද සරත්............(ම)
කියන්නා කෙසේ කිවුවත් අහන අපි සිහිබුද්ධියෙන්නේ අහන්නේ (නි)
ලැජ්ජාවක් නැද්ද මන්දා මෙහෙම දේවල් කියන්න? (නි)
කරන කියන දේවල් බැලුවහම වෙලාවකට මට පුදුමත් හිතෙනවා (නි)
එතුමාගේ අදහස හරියටම හරි. (නි)
ඔබගේ හෘද සාක්කිය නිවැරදිද (බ)