බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංච මහා බලවේගය කියලයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියකින් තමන්ගේ පක්ෂය ගැන ආඩම්බරයෙන් පංච මහා බලවේගය ගැන කතා කළා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරිබත්ගොඩදී පැවැසීය.
නමුත් මහන්ද රාජපක්ෂ මහතා මේ පක්ෂයට මොකක්ද කළේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගය වෙනුවට කූඩු, එතනෝල්, බාර්, ස්කාගාර, ස්ත්‍රි දුෂක පෙරමුණක් බවට පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයට හිමි තැන නැවත අත්පත්කර ගන්නට නම් මහින්ද රාජපක්ෂගෙන් මේ පක්ෂය බේරා ගත යුතුයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු.ඇන්.පී සල්ලි රතු අලි පැටියාගේ කටින් එලියට (නදී)
ඔයා ඔයාගේ පක්ෂය බේරගන්න. අනිත් ඒවා අපි බලා ගන්නම්. තමුන්ට තියෙන මහජන ප්‍රසාදය අපි බලමු ඡන්දෙන් පස්සේ. (නදී)
අනුර අපිට ජවිපෙ ගැන කියන්ට එපා. අපි හිටපු ජවිපෙ එක අවංකයි. දාස් ගානක් සැමරුම් දින නැති පස් කදු යට වැලලුනා. ඒ කාලේ අනුර කුමාර කෙනෙක් අපි දන්නෙත් නෑ. 88/89 අපි හිටියා. ඊට පසු පක්ෂය ගොඩනගන අමාරු කාලෙත් අපි හිටියා. ඔයා කොහෙද හිටියේ. අද ඔයා මොකද කරන්නේ. අපේ සහෝදරවරු දාස් ගානක් මරපු එජාපයේ පැත්ත අරන් (නදී)
කොහොම උනත් සීනුව අලියාගේ වල්ගේ (නදී)
අනුරගේ කතාව මල්. වැදගත් පක්ෂයක්, රටට ආදරය කරපු මිනිසුන්ගේ පක්ෂයක්. මේ කොමිස් කාක්කෝ එදාවේල හොයාගෙන කාපු දුප්පත් මිනිසුන්ගෙන් පවා දඩ මුදල් පවා මංකොල්ල කාපු අය. නැවත ඉඩ නොදෙමු (නදී)
අනේ දේශපාලක තුමෝ සිංහලයා, බොදු දහම රජ කරවූ ගරු බණ්ඩාරනායක අගමැති තුමාගේ ශ්‍රීලනිපය අද නැහැ.ගරු බණ්ඩාරනායක මැතිනියගේ පරාජයත් සමඟ එය ඉවරයි (ම)
අපේ රටේ ඉන්නේ මහා පුදුමාකාර මිනිස්සු කොට්ටාශයක්. ජනතා විමුක්ති පෙරමුණ එජාපයේ වැරදි කියනකොට කියනවා සාරි පොටේ එල්ලෙනවා කියල. ශ්‍රීලනිපයේ වැරදි කියනකොට කියනවා අලියට කඩේ යනවා කියලා. අනේ මෙහෙමත් මිනිස්සු. (නදී)
අනුරට මොකද නිදහස් පක්ෂය ගැන අමුතු වේදනාවක්. මිනිස්සු රවටන්න හදනවා. මේවට රැවටෙන්නේ මෝඩයෝ. පිස්සු කියවන්න එපා. (නදී)
අපෝ මෙයාගේ කට විතරයි කිසි වැඩක් කරලා නැහැ රටට. ඡන්දේම දෙයි මිනිස්සු බලාගෙන ඉන්න (නදී)
සෝමවංස හිටපු නායකතුමා කියන්නේ පක්ෂය අලියාගෙන් බේරා ගත යුතුබව නේද ? (ම)
බුද්ධිමත් ජනතාව ඹබලා සමගයි ජවිපෙ ට ජයවේවා (ම)
රතු අලි පැටියා (නදී)
අපි හිතා ගෙන හිටියේ මෙයා නියම විප්ලවවාදියෙක් කියලා. 71 කේ විප්ලවයට ජීවිත පූජා කල විප්ලව වාදීන්ට අගෞරවයක් මේ කතාව. ලැජ්ජයි ජේවීපී එකේ නායක තුමා ගැන. වැඩිය කට අරින්න එපා (නදී)
අනේ අම්මපා, මටත් හරි දුකයි අනේ. කොහොම හරි බේරා ගන්න. කිඹුලෙක් අඩනවෝ (නදී)
සෝමවංස ගෙන් ජ .ව්.පෙ බේරගන්න ද ඔහු එලියට දැම්මේ ? (නදී)
අනුර ඔබ මෙවර විපක්ෂ නායක වෙන්න ඕනා (නදී)
අගල් 2 වත් උස නැතුවට කටේ සැර.(නදී)
කරුණාකරලා ඔයාලගේ වැඩ පිළිවෙල ගැන කතා කරන්න.(නදී)
අපි 17 වෙනිදට එ්ක කරනවා (නදී)
පුදුම සෙනගක් නේ ඉන්නේ ඔයාගේ කතාව අහල තේරුම්ගන්න. (ර)
දවසේ කියමන මහින්දට ඕන පක්ෂයවත් රටවත් නෙමෙයි තමන්ගෙයි පුතාගෙයි අනාගතය. නිදහස් පක්ෂ සාමාජිකයන් මෙය හොඳින් තේරුම් ගත යුතුයි (නදී)
ප්‍රතිචාර දැක්කම දුකයි. ජවිපෙ ගමන හරස් කිරීමට ඔවුන් කාටවත් බෑ. ජවිපෙ කියන්නේ ආත්ම ශක්තිය සහ බුද්ධිය පීටාර ගලන ගංගාවක්. (ර)
මේවා දේශපාලන බයිලා (නදී)
සීනුව නෙවෙයි, දැන් ඕකට කියන්න තියෙන්නෙ "ගෙජ්ජිය" කියලා. අලියගෙ බෙල්ලෙ එල්ලපු ගෙජ්ජිය. දැන් තමන්ගෙ පක්ෂ රැස්වීම වල කතා කරන්න පක්ෂයට අදාල මොකුත් ඉතිරි වෙලා නැතුව වගේ. (නදී)
මෙයා කවදා ඉඳලද ශ්‍රී ලංකා කාරයෙක් වුනේ. එහෙම නම් අපි කියන්න ඕනා අනුර කුමාරගෙන් ජේවීපී එක බේරගන්න කියලා. මෙයා නිසා තමයි නන්දන ගුණතිලකගේ ඉඳලා සෝමවංශ සහෝදරයා වනතුරු පක්ෂයට දරදිය ඇදපු අයට දොට්ට බහින්න වුනේ (නදී)
කවුරු මොනවා කියුවත් ජේ වී පී එක විතරයි පිරිසිදු දේශපාලනයක් කරන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වල තිබෙන්නේ. සල්ලි ඕනනම් ඔය ලක්ෂ 25 ක් 30 ක් නෙවේ කෝටි දහස් ගණනකට විකිනේවි. මොවුන් අද ඔය දෙගොල්ලටම හිසරදයක් කියන ගානකට ගනීවි. එහෙත් මොලේ කළදක් තියෙනවා නම් ඔය වගේ මෝඩ කතා කියන්නේ නැහැ අද රටේ කිසිම දේශපාලන පක්ෂයක් බදාගෙන නැති බුද්දිමතුන් පවා මෙතුමන්ලා ගැන විශ්වාසයෙන් කතා කරන්න පටන් අරගෙන එය හොද තත්වයක්.(නදී)
බණ්ඩාරනායක බිහි කරපු ඒ පක්ෂයේ ප්‍රතිපත්ති මහින්ද විකුණලා සල්ලි හම්බුකරගත්තා. වික්කේ කුඩුකරයන්ට, හොරුන්ට, බාර් කාරයන්ට, ස්ත්‍රී දූෂකයන්ට, ගංජා කාරයන්ට. ඒක නිසා ශ්‍රීලංකා එක බේර ගන්න නම් මහින්දව මේ සැරේ කුනු කුඩෙටම යවන්න ඕනා (නදී)
විජේවීර කොහොමද පටන් ගත්තෙ? ඔයාලගේ ගල්කටස්, ඩප්පි, ටින්කිරි ටින් බෝම්බ වලට මොකද උනේ? අනුන්ගේ රෙදි හෝදන්න යන්නේ නැතුව තමන්ගේ රෙද්දේ තියන දේවල් ටික හෝදා ගත්තානම් හොඳයි නේද?(නදී)
ජේ වී පී එක දැන් ඩොලර්වලට යට වෙලා ඒජන්ත රනිල් තමයි මෙයාලව මෙහෙයවන්නේ.මෙයා මිනීමරුවෝ නිසා ඕනෑම නිවට ද්‍රෝහී දෙයක් කරනවා.සෝමවංශත් දාල ගියේ හොඳ නිසාද? (බ)
සිංහලයා යනු කිසිම දිනෙක හරි දෙය තේරුම් ගන්න උත්සහා ගන්න ජාතියක් නොවේ. අද රටේ සිදුවෙන බඩගෝස්තරවාදී දේශපාලනය තේරුම් ගනිමටවත් මොලේ කලඳක්වත් නැති අනුන්ගෙන් යැපෙන ජාතියක් වෙලා (නදී)
ජවිපෙ කියන්නේ ආත්ම ශක්තිය සහ බුද්ධිය පීටාර ගලන ගංගාවක්. එක ඇත්ත. නමුත් ඒ ඉස්සර. (ර)
අනුර කුමාර සහෝදරයා මම 94 ඉදන් 2004 වෙනකන් ජේ වී පෙ එකටයි ඡන්දේ දුන්නේ. ගොඩක් වැඩ කරා පක්ෂය වෙනුවෙන්, ඔබලාගේ ආතමාර්තකාමි පිළිවෙත් නිසා ගොඩක් නායකයෝ පක්ෂය දලා ගියා. කොටින්ම කියතොත් නායකයත් ගියා. දැන් ඔබට වෙලා තියෙන්නේ සහෝදරයා අලියට කඩේ යන්න විතරයි. මහින්ද රාජපක්ෂ බලයට එන එක එනවාමයි. එනිසා ඔබ පක්ෂයේ නම්බුව බේරගන්න උත්සහ කරන්න. ජන සුලගට හස්වෙන්න එපා. එ්ක සුළි කුනටුවකට වඩා ප්‍රබලයි. එහෙම උනොත් ඔබේ නායක කමත් හුළගේ යනවා (නදී)
ඔබ ගැන තිබුණු පැහැදීම මේ පාර ඡන්දෙන් නැති උනා. ඔබ තනිකරම කරන්නේ එජාප කොන්ත්‍රාත්තුවක්. (නදී)
ජවීපෙ මේ පාරත් ගහන්නේ පරණ තැටිය නේ (නදී)
අතුල කළුආරච්චි, ජවිපෙ සුපිරිසිදු බව 89/90 කාලේදී පෙනුනා. ඒත් දැන් අනුරත් රනිල්ගේ නළු බට්ටෝ වෙලා ඉන්න අපුරුව (නදී)
මේ ගොල්ලෝ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ප්‍රතිපත්ති අපට කියන්න. (නදී)
අනුර මල්ලි තව ටික දවසකින් කියාවි විජේවිරගෙන් ජේවීපී එක බේරගන්න කියලා.(නදී)
තිලක් ඩුබායි /වින්සන්ට් .... ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල....මහින්ද වටේ ඉන්න සෙනග දැක්කම ජබර කලන්තේ කට්ටියටම මහින්ද මොනවද කළේ කියලත් අහනවා ...කෙලෙහිගුණ නොදන්නා උන්ට මොනවා කළත් ඇදයක් තියෙනවා ...... පුලුවන්නම් ජ.වී.පෙ.ආසන 10 ක් අරන් පෙන්නන්න ....එදාට මගේ ඡන්දෙත් රතු අලියට (බ)
මහින්ද භීතිකාව (නදී)
ඔව් රන්ජිත් ... කොච්චර බුද්ධිය පිටාර ගැලුවද කියල අපි දැක්කේ 89 දී (බ)
ජවිපේ නායකයාට මහින්දවාදින්ගෙන් මෙවන් ප්‍රතිචාර ලැබිම අරුමයක් නොවේ ජවිපෙ නායකයා තමයි ගිය ජනාධිපතිවරණයේ මහින්දගේ නිරුවත රටට හෙලි කළේ කොහොම නමුත් බුද්ධිමතුන් ජවිපෙ වටා ඵක්විම කාටවත් නවත්තන්න බැහැ ඹබලාට සැලකිය යුතු බලයක් මෙවර ලැබෙනවා (බ)
අමිහිරි තිත්ත ඇත්ත රටට හෙළි කරන්නේ ජවිපෙ. එයාල නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියෙනවා කියල යන්තම් හරි දැනෙන්නේ. (ම)
කවුරු මොනවා කිව්වත් ඔබතුමා වගේ නායකයෙක් ඉන්නවාද? (නදී)
මේ මහත්තයා මේ මහත්තයාගෙ තියෙන දේ ආරක්ෂා කරගෙන හිටියොත් හොදයි.(නදී)
බොරු කියන්න එපා ..ඔයාලට රතු එලිය අපි දෙනවා ..(නදී)
පංච මහා බලවේගය වෙනුවට කූඩු,එතනෝල්,බාර්,ස්කාගාර,ස්ත්‍රිදුෂකයෝ. ඉතින් මෙතුමා කල ප්‍රකාශය අසත්‍යයයි කියා අභියෝග කලහැක්කේ කාටද? කූඩු,එතනෝල්,බාර්,ස්කාගාර මොන ජාතිය සදහාද? ස්ත්‍රි දුෂකයෝ දූෂනය කලේ මොන ජාතියේ කාන්තාවන්ද? නිල්පාට,කොළපාට කණ්නාඞි ගලවලා විසිකර දමන්න කාලය පැමිණ ඇත. අප බුද්ධිමත්ව වියයුතු නොවේද? (නදී)
මන්ද බුද්ධිකයෝ ඔබලා සමගය (බ)
අනුර කුමාර එජාපයට කඩේ යන ගමන් වගේ. (නදී)
ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට මෝඩයන්ට නොහැකිය (නදී)
අනුර කුමාර සහෝදරයා දැන් සේවය කරන්නේ රට අස්ථාවර කරන්නට වෙර දරන ඔහුට අරමුදල් සපයන බවක් පෙනෙන පිටස්තර ඒජන්තයන් කිහිප දෙනකුට බව දැන් දැන් පෙනී යමින් තිබේ.
මෙතුමා කියන දෙයට මහින්දට කඩේ යන මහින්දගේ කටු කාලා ජිවිතය ගෙනයන අයට රිදෙනවා. වහලෙක් නොවී තමන් හිතට ඵකගව වැඩ කලානම් ඹ්ක හරි යනවා (නදී)
ඔයාගේ වැඩක් බලාගත්තා නම් හොඳයි නේද? ඔයා රනිල්ගෙන් කීයක් ගත්තද ? (නදී)
ජ.ව්.පෙ තරම් රටට වින කළ පක්ෂයක් නැහැ. කොටින්ට විතරයි දෙවැනි වෙන්නේ ? (නදී)
ඇත්තටම ජවිපෙට අවලාද නගන්න පුළුවන් මානසිකත්වයක් ඇතිවෙන්න නම් කුඩු එතනොල් ගංජා ගහන තත්වෙට පත් වෙන්නම ඕනා. හේතුව රටේ බුද්දිමතුන්ගේ සතුට ආදරය කරුණාව විස්වාසය දිනාගන්න සමත් වෙච්ච එකම දේශපාලන පක්ෂය ජනතා විමුත්ති පෙරමුනයි.(නදී)
අනුරට ජය ජය ජය ජයවේවා (නදී)
ජ වී පෙ අද ස්තාවර වගේම තීරණාත්මක පක්ෂයක් ! (නදී)
අනුර ගේ කතාවට මම එකඟයි (නදී)
ශ්‍රී ලංකාවේ රන් දිව අනුර (නදී)
ශ්‍රී ලංකාව වන අප රටේ රිදී සීනුව අනුර ඔබයි (නදී)
ජේ . වී . පි එක පසුගිය කාලේ කළ දේ අගය කළ යුතුයි (ම)
අනුර ඔබ ජනගඟ අවදි කල වගයි (නදී)
මෙයාට පුදුම අමාරුවක් තියෙන්නේ අනිත් පක්ෂ ගැන (නදී)
මේ රටේ තියෙන වැඩක් නැති පක්ෂේ මහින්දගේ සන්ධානේ.එය ලංකාවෙන් අතුගාලා දාන්න ඕන (බ)
ජේවීපෙ එක එයාලගේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල් දැක්ම වගේ දේවල් කතා කලට ඒවා ජනමාධ්‍ය වල යන්නේ නැනේ වැඩිපුර යන්නේ ඕපාදුප වගේ දේවල් ඒවා හොදට මාකට් කරන්න පුළුවන්නේ මහින්ද ගැන අනුර කියන දේවල් විතරක් ලියන්න කියවන්න එපා ඔවුන්ට හොද දැක්මක් අවංක වැඩ පිළිවෙලක් තියෙනවා අපේ රට මේ තරමෙන්වත් තියෙන්නේ එයාල නිශ්චිත මොහොතේදී ගත්ත නිවැරදි තීරණ නිසානේද වැරදි දේ වැරදි කියන්න එයාලට කොන්දක් තියෙනවා වගේම වැරදි කළොත් ඕනිම කෙනෙක් එලියට දානවා ඒ නිසා එයාල කවද හරි අපේ රට හදනවා (බ)
ඔය ජනතා විමුක්ති පෙරමුනට බනින අයට විමල් වීරවංශ හොඳයි නේද ?(නදී)
ජවිපෙට රට හදන්න පුලුවන් (නදී)
අතුල කළුආරච්චි එතකොට ඔය කියන පිරිසිදු දේශපාලනය 89 කොහෙද දන්නේ නැහැ තිබුනේ නේද ? පාරවල් වල වලවල් හාරලා විදුලි ට්‍රාන්ස්ෆොමෙර් ගිනි තියල මහජන දේපල,බස් ගිනිතියල ජන ජීවිත අඩාල කරලා වෙන්න ඇති පිරිසිදු කරගත්තේ (නදී)
මට නම් පුදුම කලකිරීමක් ඇති වෙනවා. මේ මිනිස්සු තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න කියන බොරු වලට. ඔහොම ගිහින් තමන්ගේ අම්මවත් පාවා දෙයි. මහින්ද මහත්තය යුද්ධය ඉවර නොකලා නම් හොඳයි කියලා හිතෙනවා. හැමෝම යුද්දේ වවාගන කෑවා. අද මැරිලා ඉපදිලා වගේ කතාව.(නදී)
ජවිපෙ කියන පක්ෂය අද තියෙන නායකත්වය යටතේ අන්තිම පිරිහීමකට පත් වෙලා. කියලා වැඩක් නැත ඔක්කොම කියන්නේ රට වනසන බොරු කතා. පක්ෂය පිරිහිලා ,හදන්නේ තමන් රජවෙන්න බොරු වපුරලා. (බ)
අනුරගේ කතාව හරියට හරි. මෙවර මැතිවරණයේදී දුෂිතයනටත් නාමයෝජනා දෙන්න උනා නේද ? (නදී)
පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂයක් තියෙනවා කියල අපි දැක්කේ ජේ.වී.පී සහ යු.එන්.පී මන්ත්‍රීවරු දෙතුන් දෙනෙකුගේ නිර්භීත කම නිසා පමණයි. ජන 8 මේ වෙනසට මුල්වුණේ ඔබල ඒ කරපුදේ තමා. මොනවා නොකෙරුවත් ජනතාව දැනුවත් කරපු එකම ඇති ජීවිත අවදානම නොසලකා (නදී)
රතු අලි පැටියට මතක් වෙලා බටලන්ද වදකාගාරය (නදී)
මහින්ද මහත්තයට මෙච්චර බය අැයි ? (නදී)
මෙන්න පුදුම කැක්කුමක් මෙයාට. අපි එ්ක බලා ගන්නම්. ඔය ඔයාගේ රතු කට්ටිය බලාගන්නකෝ.(නදී)
ක්‍රි.ව. 1948 න් පසු ධනපති පංති දෙකට දර දිය ඇද්ද බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවට පිං අයිතිවෙන්න ලෝකයේ දියුණුම රට ශ්‍රීලංකාව වී ඇත. විදේශ හිඟමන් නොලැබුනොත් හෙට රටම අනාතේ. මැද පෙරදිගට කාන්තාවන් වහල්කමට නොගියොත් ජනතාවට කන්න වෙන්නේ පාරවල්වල කාපට්ය. තරුණයන් බෝට්ටුවක නැඟී රටකට පනින්නේ රටේ ඇති සුඛිත මුඛිත කම නිසාය. තුන්වේල එක වේලට පැමිණ ඇත්තෙත් මහා යුඟ පුරුෂයන්ගේ මහා බලපරාක්‍රමය නිසාය. ශ්‍රී ලංකාව වැනි සුන්දර රටක් කුලල් කාගන්නන්ගේ රටක් වෙමින් පවතින්නේ ජනතාවද ක්‍රමවේදයක් නොමැති නිවැරදි දේශපාලන ගමනක් තෝරා නොගැනීමය. කට්ටියක් හොරු කිවොත් ඇයි ඔබලත් හොරු නේ. අපියි කානුව හැදුවේ කිව්වොත් ඇයි අපියි බෝක්කුව හැදුවේ. බලයේ ඉන්න එකා සිල් රෙද්දක් දුන්නොත් හෝ දන්සල් කෑම වේලක් දුන්නොත් ජනතාවගේ වටිනා ඡන්දය ඔහුටය. මෙම දේශපාලන තත්ත්වයෙන් ජනතාව ඉවත් කර ගැනීමට ජ.විමුක්ති පෙරමුණ යම් උත්සාහයක නිරත වීම ඇත්තෙන්ම සතුටට කරුණකි. (නදී)
මොහු කිසිම දිනෙක ප්‍රභාකරන්ගෙන් රට බේරා ගත යුතු බව කියා නැහැ. ඒ වෙනුවට කීවේ 17 වන සංශෝධනය ක්‍රියාත්මක කර උතුරට ඉඩම් පොලිස් බලතල ලබා දිය යුතු බවයි. රට බේරා ගත් මහින්දට මෙසේ කියන්නේ මන්ද යන්න දැන් අපට වැටහේ. (නදී)
මෙතුමා කතාකරන කතාවේ අනිත් ටික නැතුව ශ්‍රීලංකා එක ගැන කියන ටික විතරයි අපේ මේ මාධ්‍ය කලාවට ලියන්න තියෙන්නේ. ඒ ටික බලල අර අලියාගේ විදිහ කියපු කන්නු ටික වගේ තමයි මේ කොමෙන්ට් ලියන නුගත් පාට කන්නාඩි දාගත්තු කට්ටිය හිතන්නේ කරන්නේ ..මේ පවට මොනවා කරන්නද ශ්‍රී ලංකා මෑණියනේ (නදී)
වර්තමාන ජනාධිපතිතුමා තවදුරටත් ශක්තිමත්ව තබා ගැනීමට ජ.විමුක්ති පෙරමුණේ සහය ලබාදීම ගැන ජනතාවගේ පැත්තෙන් අගය කළ යුතු කරුණකි. මෙම කරුණ ජ.වී.පෙරමුණේ නිවැරදි දේශපාලන දැකීම පෙන්වන හොඳ අවස්ථාවකි. (නදී)
ශ්‍රීලනිපය ගැන මෙයාලට තියෙන කැක්කුම මොකක්ද. (නදී)
මොලේ කලඳක් නැති වහලුන් මෙන් හිතන්නන්ට මේවා අරුමයක් උවත් බුද්ධිමත් ජනතාවට වැටහේ මෙහි ඇත්ත (නදී)
පක්ෂයේ නායකයා පක්ෂය දාල යනකොට බේරගන්න බැරි උනු මනුස්සයා දැන් එනවා අනිත් පක්ෂ බේරන්න. බම්බුව තමයි. (නදී)
ඉස්සර ජේව්පී එක පවතින ආණ්ඩුව කරන වැරදී තමයි කියන්නේ. දැන් කොහෙවත් නැති මහින්දව අල්ලාගෙන බනිනවා. බැඳුම්කර වංචාව ගැන මොකද දන්නේ නැහැ කියන්නේ? පරණ ජේ.වී.පී එක දැන් නැහැ. දැන් මේකත් හොර ගුහාවක් (නදී)
ජනතා විමුක්ති පෙරමුණට තියෙන අමාරුව මොකක්ද අනිත් පක්ෂ ගැන. ඉන්දික ඔයා හරි, අනුර කුමාර කියන්න ඕන එයාලගේ ඉදිරි වැඩ පිලිවෙලනේ (නදී)
අනුරගේ කතාව හරියට හරි. වදින තැනට වදිනකොට තියෙන අමාරුව පේනව නේද මේ කොමෙන්ට් වලින්. තිත්ත ඇත්ත මේක තමයි (නදී)
මහත්තයෝ, නිදහස් පක්ෂේ කට්ටිය එ්ක බලා ගනියි. ඔයා ඔයාගේ පක්ෂය ගැන බලා ගන්නකෝ. අනිත් අයගේ ඇස් වල පොල් රොඩු හොයන්න කලින් ඔයාගේ ඇහේ තියෙන පොල් පාරලේ ගැන බලා ගන්න. ලක්ෂ 4-5 ජන්ද තියාගෙන අනිත් පක්ෂ ගැන දුක් වෙන්න එපා. ඔයාගේ ගොඩ වැඩි කරගන්න කියන්න බොරු ටිකක් හදා ගන්න.(නදී)
මේවා දේශපාලන බයිලා (නදී)
අනුර කුමාරගෙන් බේරෙන්න තමයි ජේවීපී එක දෙකඩවෙලා පෙරටුගාමින්ගේ පක්ෂය හැදුනේ. තමන්ගේ කෙරුවාව හදාගන්නේ නැතිව කකුළුවා පැටියන්ට කෙලින් පලයන් කියනවා.(නදී)
ජේ.වී.පී එකට දැන් වෙලා තියන්නෙ අනුන්ගේ පක්ෂ හදන එක. මම දැක්කේ නැහැ කිසිම ප්‍රතිපත්තියක් කතා කරනවා. ජේ.වී.පී හුඟක් හොද පක්ක්ෂයක් ඉස්සර. ඒක නිසා තමයි මිනිස්සු දිවි පිදුවේ පක්ෂය වෙනුවෙන්. දැන් ඉතින් ඒ කිසිවක් නැහැ නිකම් දොඩවනවා අනුන්ගේ පක්ෂ හදන්න. වරකට එජාපය ගැන කියවනවා තවත් වරකට ශ්‍රීලනිපය ගැන කියවනවා. මේකද විජේවීර කියපු විප්ලවය. අඩුම ගන්නේ විජේවීරගේ හොඳ ටිකක්වත් කියල ඡන්ද ටික වැඩිකරගන්න හදන්න. දැන්වත් පිස්සු කෙල්ලින්නේ නැතුව. (නදී)
මේකේ අදහස් බැලුවම මතක් වෙන්නේ අර කව්දෝ හඳට ඇගිල්ල දික්කරල පෙන්නුවහම හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලනවා වගේ වැඩක් ඉහත වාර්තාවට අනුව ඔහු කියා තිබෙන දේ හරිද වැරදිද කියල කියන්න. (නදී)
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන බලා ගන්නම්. ඔබට පුළුවන් නම් මෙවර එක ආසනයක් දිනා ගන්න පුලුවන්ද කියල බලන්න. ඔබ මහින්දගේ ලගින්වත් තියන්න බෑ (නදී)
"මහින්ද රාජපක්ෂ මහතා මේ පක්ෂයට මොකක්ද කළේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගය වෙනුවට කූඩු, එතනෝල්, බාර්, ස්කාගාර, ස්ත්‍රි දුෂක පෙරමුණක් බවට පත් කළා". මල්වට්ටියෙන්,පිරිත් නුලෙන් රටට කරපු පාපකර්මයෙන් බේරෙන්න බැහැ. කවදා හෝ දවසක පරිසන් දෙනවා දෙනවාමයි. (නදී)
ජවිපෙ නොතිබෙන්න "රාජපක්ෂ සහ සාමාගම" රටේ බත් කන හරක් ටිකත් මසටම විකුනම් කාල ගොඩාක් කල්.(නදී)