තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන්තරවාසියක් යොමුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ බදාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය. මූල්‍ය අපරාධ චෝදනා ඇති පුද්ගලයෙක් මුදල් ඇමති වශයෙන් කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තමන්ට අපහාසයක් සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය. එම ප්‍රකාශය අසත්‍යයක්ද බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙච්චර අහිංසක මිනිසෙක්ට මේ වගේ අපහාස කරන්නේ. පව් මෙයා අනේ. (ර)
ඔව් ඒක ඇත්ත.. (ර)
ඉල්ලුවා කියලා වැඩක් නැහැ. දැන් එතුමාට ගෙවන්න සල්ලි නැහැ (නි)
ජනතාවට ටොපි දීම නවත්වල , ටොපිය ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න. තමාගේ හෙළුව වසා අනෙකාගේ හෙළුව පෙන්නන මාතෘකා හැරෙන්නට වෙනත් බුද්ධිමත් මාතෘකා නැද්ද? (බ)
ලොකු හොර වැඩක් යනවා යන්න (බ)
පවු බෝ පැලේ. (ර)
සතොස ගිලපු බහිරවයා නේද මේ? (ස)
ඔහොම බැලුවොත් මේ රටේ දේශපාලුවන්ගෙන් නින්දා අපහාස ලබන මහින්ද මැතිදුන් කොච්චර එන්තරවාසි යවන්න වෙනවද? නමුත් එතුමා නින්දාවලින් සැලෙන්නේ නැහැ. අන්න නියම පෞරුෂය. (ර)
ඇයි මොකද?මෙයාට මහා බැංකුවේ සල්ලි මදි වෙලාද තවත් සල්ලි හොයන්නේ .පික්පොකට් ඇමති කැමති පික්පොකට් ගහමින්ම ඉන්න වගේ මටනම් හිතෙන්නේ. (ස) .
කොයි පැත්තෙන් කළත් ඔවැනි වැඩ ගැලපෙන්නේ ගැලරියට පමණයි (බ)
මෙතුමා යවන එන්තරවාසි ගැන මෙතුමාටවත් මතක නැතුව ඇති. කවුරු හරි මොනවා කිව්වත් මෙතුමා එන්තරවාසි යවන්නේ මොන වාසියක් බලාගෙනද දන්නේ නැහැ! (බ)
මේ ඇමතියා හැමදාම බොරුව වංචාව ඇතුව වැඩ කරන්නෙකි. (බ)
මොකද චෝදනා තිබුනේ නැත්තේ? අවුරුදු ගානක් ඒ නඩුව ගියාට පස්සේ මෙයා මුදල් ඇමති වුනාට පස්සේ කරුණු මදි කියල නඩුව අහක දැම්ම. එහෙම වුනේ කොහොමද කියල හැමෝම දන්නවා. (බ)
හොරාට ඉස්සර කෙසෙල් කැන වැට පැනීම. (ර)
යුද්ධයට අපහස කළාට මෙයට නඩු දාන්න ඕනේ අලිමංකඩ පාමංකඩ කළාට (ම)
බලයට පත් වුණහම ලෙහෙසියෙන් නඩු යට යනවා . (ම)
අනේ හරිම දුකයි අපිට මොනවත් චෝදනා නැති ඇමති කෙනෙකුට මෙහෙම කීවාට . අපි නොදන්නා රවී (ම)
මෙයා ලෝක හොරෙක් වග ලංකාවේ ඉන්න පොඩි එවුනුත් දන්නවා. (ස)