මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොකැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (20) දිගින් දිගටම කථා කළහ. මන්ත්‍රී වරප්‍රසාද යටතේ කරුණු දැක්වූ අය අතර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මහත්වරුද වූහ.
යුද්ධය අවසන් කර රටට කීර්තියක් ගෙනදුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසම හමුවට ගෙන යාම හෙළා දකින බවත් ඔහු එහි ගෙන නොයන බවට ස්ථිර ප්‍රතිඥාවක් රජයෙන් අවශ්‍ය බවත් ඔවුහු කියා සිටියහ.
වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි දෝෂාරෝපණයට ලක් කළහ. අගමැති කුහක වැඩ කරතියි වාසුදේව නානායක්කාර මහතා කීවේය. අගමැතිගේ ඕනෑකමට රාජපක්ෂ මහතාට හිරිහැර කරන බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් පැවසූයේ තමා මේ ගැන කිසිත් නොදන්නා බවයි.
‘අල්ලස් කොමිසමේ වැඩට රජය ඇඟිලි ගහන්නේ නෑ. එය ඔවුන්ගේ ස්වාධීන තීරණයක්. ඔහු කැඳවා ඇත්තේ සාක්කියක් ගැනීමට බවයි පෙනෙන්නේ. මොකක්ද ප්‍රශ්නය? ප්‍රශ්නයක් ඇත්නම් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුනට නිසි පියවර ගන්නට පුළුවන්.‘
මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි කෑ කෝ ගසමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ වාඩිවූ අය අතර සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ මහත්වරුද වූහ. අඩු ගණනේ තිස් දෙනකුවත් සභා ගැබේ බිම වාඩිවී සිටියහ.
සභාව කල් තබා කථානායක සෙංකෝලය ඉවත් කළ පසුද මන්ත්‍රී පිරිසක් එහි බිම වාඩිවී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද එනවට ඇයි ඔච්චර බය ? (බ)
බය වෙන්න දෙයක් නෑ....... නිර්දෝෂිනම් එතුමාට කරදරයක් වෙන් නෑ..(බ)
ඇයි මොකක්ද එයාලට ඇති ප්‍රශ්නය? (නි)
උද්ඝෝෂණ කරන්නේ නම් නියම කට්ටියකනේ! (නි)
වාඩිවෙලා ඉන්න අයගේ නම් ටික දැක්කහම ඇඟම හිරිවැටෙනවා (නි)
බලනකොට හැමෝම එකයි (නි)
අල්ලස් කොමිසම මේ රටේ නීත්‍යනුකූල ආයතනයක්. නීතියේ හැටියට ඕනෑම පුරවැසියෙකු මේ කොමිසම ඉදිරියට කැඳවන්න පුළුවන්. රටේ නීතිය කාටත් සමාන දෙයක්. එහෙමනම් මේ කට්ටිය මෙච්චර කලබලවෙලා තියෙන්නේ මොකද? (නි)
ඔච්චරටම බයද? (නි)
මන්ත්‍රීවරුනි, අල්ලස් කොමිසමට ගිහින් බිම වාඩිවෙන්න (නි)
එතකොට මහින්ද ජෙනරල්ට කළ දෙය හරිද මුන් කොහෙද හිටියේ එතකොට, පාර්ලිමෙන්තුවේ මේ කතා කරලා තියන හතරදෙනා මහින්දට කඩේ යන අය (බ)
තමන්වත් අහුවෙයි කියලා බයද දන්නෙ නැහැ (නි)
වැරදි කරලා නැත්නම් ඇයි බයවෙන්නේ? (නි)
ඇයි මෙහෙම විරුද්ධ වෙන්නේ? (නි)
මේකෙන්ම පේනවා රටේ නීතියට පාර්ලිමේන්තුවේ ඉන්න අයම ගරුකරන විදිය. මේගොල්ලෝ රටේ පුරවැසියන්ට දෙන ආදර්ශය මොකක්ද? (නි)
අනේ මන්දා! වැරදි කරලා නැත්නම් බයවෙන්න ඕනෑ නැහැනේ.ඒක තමයි වෙන්න ඕනෑ.නීතියට අනුව හැම දෙයක්ම වෙන්න ඕනෑ.ඇත්තටම මේ රජය ආවෙත් දුෂණ කළ අයට නිසි දඬුවම් දෙන්නනේ. මේ මන්ත්‍රීවරු මොනවාහරි නීතියට අනුව කරන්න හදනකොට උද්ඝෝෂණය කරනවා. (නි)
මහදැනමුත්තාව කැඳවලා.ගෝලයෝ රොත්ත බයවෙලා. මොකද ඊළගට ගෝලයෝ ටිකට අවස්ථාව ලැබෙයි කියලා වෙන්න ඇති. නිවැරදි නම් මොකටද බයවෙන්නේ? (නි)
තමා නිවැරදි නම් බියවියයුතු නැත. (නි)
රටක හිටපු ජනාධිපතිවරයකුට මෙහෙම සලකන එක වැරදියි විශේෂයෙන්ම යුද්ධය අවසන් කළ නායකයා (බ)
මාරු බඩු සෙට් එක ! ඊළගඡන්දෙන් කට්ටියම ගෙදර තමයි (බ)
අලි බබා සහ හොරු හතලිහ කතාව දිග හැරෙන වගයි....(ම)
තමා වරදක් නොකළා නම් මොකද බය . මම හිතන්නේ ඔය අන්තේවාසිකයන්ගේ ෆයිල් ටික එළියට එ්වි කියලා බයේ. නැතිව මහින්දට තිබෙන ආදරේකට නෙවෙයි . ඔන්න නාමල් මහතා ගැන අපිට හිතන්නේ එහෙම මොකද එයා පුතා නිසා. (බ)
කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු! (නි)
මේවා දැක්කහම අපිට නම් දෙකොණින් හිනායනවා (නි)
අනේ අනේ! මෙතුමා හොරකම් කළේ නැත්නම් බයනැතුව යන්න පුළුවන්නේ. (නි)
කුහකකම් වල ඉවරයක් නැහැ, ඒ උතුම් මනුෂ්‍යයාට (නි)
මැක්කෝ ජීවත්වෙන්නේ සතෙක්ගේ ලේ උරාබීලා. දවසක ඒ සතා නැතිවුණහම වෙන්නේ මොකක්ද මැක්කන්ට? පරපෝෂිතයන්ට කල්පැවැත්මක් නැහැ. (නි)
හංගපු ෆයිල් ටික එලියට එයි කියලා බයේ (ම)
පේනවද ඔලුවක් කදක් බඩක් හොයාගන්න පුලවන් උන්ද මේ විරෝධය දක්වන්නේ රියල් කම්බ හොරුටික. වැරැද්දක් නොකා, එනම් අල්ලස් කොමිසමට ගියාට මොකද වෙන්නේ (බ)
දයාල් කියන එකම මට හිතුනා (නි)
නීතිය කාටත් එකවගේ වෙන එකේ වැරැද්දක් නැහැ. වැරදි නොකළානම් බයවෙන්න දේකුත් නැහැ. (නි)
නැව ගිලුණු පලියටම මීයෝ මුහුදට පනින්නේ නැහැ. කොහොමහරි බේරිලා ඉන්න විදියකුත් හොයනවා. (නි)
සමහර අදහස් දැක්කහම හිනාත් යනවා (නි)
එකට එකතුවෙලා අල්ලස් ගත් , කොමිස් ගහපු වංචා කරපු සහ අල්ලස් දුෂණ විමර්ශන කොමිසමේ දැනටම විභාග වන නඩු තිබෙන කොටසක් කියා මුහුණු දෙකකම පේනවා (බ)
ඊළගට එතන ඉන්න අයවත් අල්ලස් කොමිසමට ගේන්නයි. මහින්ද මහත්තයාගේ කාලේ ගත්ත ණය මුදල ගෙවල දාන්නනම් කරන්න තියෙන්නේ මේ රටේ සියලු දෙනා එකතුවෙලා නොමිලේ වසර 50ක් පමණ වැඩ කරන එක. එතකොට ඔය ණය යම් ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. ඉස්සරත් රට වැසියන් රටේ රජතුමා වෙනුවෙන් වැටුප් රහිතව සේවය කළා (බ)
සුමුදු, මොලේ විකාරෙට ඔහොම හිතෙනවා. තමන් අවුරුද්දක් නොමිලේ වැඩ කරලා පෙන්නන්නකෝ. (අ)
ඔතන වැඩි හරියක් ඉන්නේ අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටිය සිටිය හෝ පෙනී සිටිය යුතු අය,ඉතින් ඒ අයට තමන්ව ආරක්ෂා කරන්න ඉන්න නායකයාත් අල්ලස් කොමිසම ඉදිරියට කැදවන එක තමන්ට වෙන මාරාන්තික තර්ජනයක් බව අවබෝධ වනවිට නිකන් බාලාගෙන ඉන්නේ නැහැ රටේ නිතිය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ට අදාළ නැහැ. (බ)
රට බේරාගත් සිංහල වීරයා ට මෙහෙම කරන එක නම් වැරදි , නමුත් මෙයට සහයෝගය දීම මහින්ද මැතිතුමා ගේ යුතුකමක්, පැහැදිලියි මෙය පළිගැනීමක් බව (බ)
රට බේරාගත් නිසා අනෙක් සියලු වැරදි හා පව් වලින් නිිදහස් වෙනවා ද ? (බ)
විජතිකත්වය ඊස් මුදුනෙන් පිළිගෙන මවු බිම එක් සේසත් කල මහින්ද මැතිදුට හොරුයි යැයි කියමින් කොපමණ අපහස මඩ ගැසුවද,ඔබලා හොදයැයි කියන්නේ මේ රනිලටද? 88-89 වසර වල තරගෙට මිනි මැරුවේ කවුරුද? එක්සත් ජාතික පක්ෂයේ දරදඩු එකාදිපති ඔවුන්ගේ මතයට සහය නොලැබෙන බව දන්නා නිසා සුපුරුදු මැර බලයෙන් 19නි වියවස්ථාව සම්මත කිරීමට දරන්නාවූ උත්සාහයක ප්‍රථිපලයයි මේ. (අ)
මේවට රිටන් එක හම්බවෙන දාට කිසි කෙනෙකුට කට අරින්න හම්බවෙන්නේත් දුවන්න පාරවල් හොයන්න හම්බවෙන්නෙත් නැහැ. ඡන්දෙත් නැතුව අගමැති උනාට ඉරිසියාව ඉහටත් උඩින්. අැගේ වෛරය ප්‍රධාන නිළිය මේ කොටසේ. අයියෝ සිරිසේන කරගත් දෙයක්. රට බේරගත්ත නායකයාට සලකන විදිය. සමහරු කියනවා ජෙනරාල් ගැන ඒ කාපු පිගාන උඩ ඉදගත්ත ජෙනරාල්. (බ)
රට බේරාගත් නායකයා වෙනුවෙන් බිම නිදාගන්න (බ)
රටක් බේරාගත් වීරයාට මේවා මොන ප්‍රශ්නද (බ)
කම්බ හොරු බයවෙලාද? යුද්දේ ඉවර කළා එ්කට හරියන්න මොනාද කළේ? මැරුම් කෑවෙ ගම්වල දුප්පත් කොල්ලෝ.මුන් යුද්දේ විකුනන්කනවා. වටේ ඉන්නවුන් ලෙවකනවා (බ)
හොරට උදව් කරන්න කට්ටිය පිරිලා ( ම)
සිංහයා සිංහයෙක් නම්, බැටළු හම් පොරවාගෙන නැත්නම් තේජාන්විතව ඉදිරියට එයි. (නි)
වාඩිවෙලා ඉන්නේ නියම සුදනෝ ටික. ලැජ්ජාව කියලා නාමයක් නැහැ. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට තියෙයි (නි)
රනිල්ට දෙහි කපලා මොනවා කරන්නද? (නි)
උද්ඝෝෂණ කරන අය කවදද නීතියට අනුව වැඩකළේ? (නි)