හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ප්‍රශ්න හා උත්තර වැඩසටහනට ප්‍රශ්න 3500කටත් වඩා වැඩි ප්‍රමාණයක් යොමුවී තිබුණි. ඒවායින් බොහොමයකට රාජපක්ෂ මහතා විසින්ම පිළිතුරු ලබාදී තිබුණි.
20,000 කට අධික පිරිසක් එම වැඩපිළිවෙළ ගැන කැමැත්ත ප්‍රකාශ කරමින් ෆේස්බුක් ලයික් යොදා තිබූ අතර බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැරණි වැරදි ගැන ප්‍රශ්න ඇසූහ.
ඒවාට පිළිතුරු දෙමින් තමන් ඇතැම් වැරදි පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් රාජපක්ෂ මහතා පවසා තිබුණි. තමන් එම වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සිදු කර ඇති බවත් වැරදි නිවැරදි කරගැනීමට ඒවා දැනගැනීම ප්‍රයෝජනවත්වූ බවත් වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කරන බවත් හිටපු ජනපතිවරයා පවසා ඇත.
රාජපක්ෂ මහතා නැවත ජනපති වුවහොත් ඔහු වටා සිටින පිරිසගේ දුෂණ වංචා නැවැත්වීමට ක්‍රියා කරන්නේද යන්න ඇසූ පැනයකට පිළිතුරු දෙමින් එවැනි දූෂණ වංචා කිරීමට කිසිදු ඉඩක් නොතබන බවත් විනිවිද භාවයකින් යුතු වැඩපිළිවෙළක් මත ආණ්ඩුව පවත්වාගෙන යන බවත් පිළිතුරු ලෙස සඳහන් කර තිබිණි.
තවත් අයකු යොමු කර තිබූ පැනයක් වූයේ ශ්‍රීලනිපයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට අවස්ථාවක් නොදී මහින්ද රාජපක්ෂ යළි අගමැතිවීමට පැමිණීම මත පක්ෂය දෙකට බෙදීමක් සිදුවේද යන්නයි. එයට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත එම තීරණයට පැමිණි බවත් කිසිසේත් පක්ෂය දෙකට නොකැඩෙන බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට වරදින්නේ නෑ. (ර)
මෙයා වැරදි හදාගන්නෙ නැහැ කවදාවත්. වටේ ඉන්න හොරු දැන්මම ඉවත්කරලා පටන්ගන්නකෝ (නි)
පැරදුනාම ගෙදරට වෙලා ගෙයි මුල්ලට වදින්නේ නෑ නියම පිරිමි සංඛ මහත්තයෝ. සැබෑ පිරිමි කරන්නේ පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන සතුරාට නැවත සංවිධානය වී පහර දීම. විප්ලවයට ප්‍රති විප්ලවයෙන් කුමන්ත්‍රණයට කුමන්ත්‍රණයෙන් පිළිතුරු දීම. කෙටි කලකින් සතුරා බොටුවෙන් අල්ල පරසක්වල ගැසීම. මහින්ද මහත්තය කරන්නේ එක. ඒක ඔබතුමාට විද ගන්න බැරුව ඇති. නමුත් එතුමා සමග පරාජයේදී සිටි ලක්ෂ 58 කට ඒක බලාපොරොත්තු මල්පල ගැන්වීමක්... (ර)
ඔය තෙරුවන් සරණයි දෙවිපිහිටයි කියන අය හිතුවොත් හොඳයි, රටක් පාලනය කරන්න ඕවා ඕනෑද කියලා. ඒවාට ජාත්‍යන්තර සහාය අනෙකුත් ජාතීන්ගෙ විශ්වාසය අවශ්‍යයි. මෙතුමාට ඒවා තිබෙනවද? (නි)
එක වතාවක් පැරදීම පිටුපස නිහඬ බලවේගයක් තිබේය. (ම)
"තමන් එම වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සිදුකර ඇති බවත් වැරදි නිවැරදි කරගැනීමට ඒවා දැනගැනීම ප්‍රයෝජනවත්වූ බවත් වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කරන බවත් හිටපු ජනපතිවරයා පවසා ඇත."තවමත් පරණ හොරු ටිකම ළඟ තියාගෙන වැරදි හදාගන්නවලු. කරුණාකරලා හිනාගස්සන්නේ නැතුව ඉන්න. (නි)
දැන් ඔබගේ වයස ගැන සිතන්න දැන් බණක් භාවනාවක් කර අධික තණ්හාව නැතිකර ගන්න (ම)
ඔබට තුනුරුවන්ගේම පිහිටයි. අපිට මතකයි හැමදාම.(ම)
රටකට ඕනා අපමණ අගයක් ,,,එ්කට ඕන පන ඇති මිනිහෙක් ...මුලින්ම අාපු ගමන් වැරදි කරපු හැම කෙනාටම දඬුවම් දෙන්න පක්ෂ බේධයක් නැතුව. (ස)
මේ ඉන්නේ ෆේස්බුක් එක තහනම් කරන්න ඕනෑ කරපු ගොයියාම නේද? (ස)
ඔබතුමා අනිවාර්යයෙන්ම අගමැති වෙන්න ඕන. රට බේරාගත්තේ ඔබතුමායි. ලංකාවේ මිනිස්සුන්ට තාම ඒවා අමතක නෑ. ඔය එක එක ඇමති බයියෝ පල් හෑලි කියෙව්වට මිනිස්සු ඕව පිළිගන්නේ නෑ . (ර)
අපට ඕනේ පන ඇති නායකයෙක් ඔබ තුමාට තෙරුවන් සරණ වේවා (ම)
සත්‍යය යනු සැමටම අවබෝධ කරගන්න බැරි දෙයක් බවත් එය අවබෝධ කරගැනීම මිනිසෙකු ඉදිරියේ ඇති බලවත්ම අභියෝගයක් බවත් තේරුම්ගෙන මෙහි අදහස් ලියන්නේ නම් මිණිකැට ඇල්ලුවා සේ මෙම තීරය අලංකාර වෙනවා. (නි)
ඔබතුමා කොන්ද පණ ඇති නායකයෙක් අපිට ඕනේ අපේ රට රැකගන්න ඔබව අපේ පැතුම, බුදුසරණයි (බ)
ගරු ජනපතිතුමනි. ඔබට දීර්ඝායු වේවා.. ඔබයි අපගේ හද තුල සදා ජනපති. ඔබතුමන් නැවතත් අප රට දියුණු කරනවා සත්තයි..(බ)
ඔබට උපදේශකයෙක් වගේ වෙලා අනෙක් කෙනෙකුට තැන දුන්න නම් නේද හොඳ? (ම)
අපි හැමදාමත් ඔබ තුමා එක්ක ඉන්නවා .අපිට ඕනේ අපේ සිංහල ජාතියට හා මව්මට අාදරය කරන නායකයෙක් (ම)
සංක මහත්තයෝ, ඔබතුමාගේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂෙ එකේ ලොකු මහත්තයගෙන් ඇහුවනම් කොච්චර ලස්සනද? මම හිතන්නේ ඔබතුමාගේ ඇසෙ තියෙන පරාලයට වඩා අනුන්ගේ ඇසෙ තියෙන අල්පෙනෙත්ත පෙනවවගේ (අ)
මෙතුමා නැවත අගමැතිකර අර්ජුනව ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරමු මොකද ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම මැතෙව්ස් පැරදුනා (බ)
අපට ඕනේ කොන්ද පන ඇති මව්බිමට අාදරය කරන නායකයෙක් (බ)
මෙතනට අදහස් ලියන අය පරිඝණකයේ යතුරු පුවරුවට අත තියන්න කලින් දැනගත යුතුයි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, යහ පාලනය, නීතිය හා සදාචාරය, ආර්ථික සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. මොනයම් හෝ තක්කඩියෙක් ජනතා ඡන්දයෙන්ම තේරීපත්වී මේ වචන ටිකම පාවිචිචි කරලා කෝටි ගණන් ජනතාවගේ මුදල් ගසා කනවා නම් ඒ ටික වටහා ගන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපොහොසත් නම් ජාතියේ ඉරණම කුමක් විය හැකිද? (නදී)
වයස ගැන හිතන්නෙම නැතිද (බ)
අපි ඔබට ජය ප්‍රකාශ කරනවා (බ)
හිටපු ජනපති තුමනි. ඔබතුමාට හෝ ඔබතුමාගේ පව්ලේ අයෙකුට හෝ නැතිවුනානම් වෙනත් පක්ෂයක සිංහල නායකයෙකුට හෝ මේ රටේ නායකයා වශයෙන් බලයට පත්වීමට සිංහල ජාතිය ඉතිරිවිය යුතුය. එදා අතිපුජ්‍ය මඩිහේ මහා නා හිමියන් තදබල විරෝදය දක්වද්දීත් පුංචි පවුල රත්‍රන් යන තේමාව යටතේ සිංහලය,විෂේශයෙන් සිංහල බෞද්ධයා වඳ කිරීම අැරඹුනි. අද එහි උච්චම තත්වයට පත්වී ඇත. අසිංහලයන් සිංහල ජාතියට පහර දෙන්නේ මුදලිනි ,ස්ත්‍රී ගර්භාශයෙනි..රටක සියලුම වැසියන් ජිවත් විය යුත්තේ එකම නීතියක් යටතේ බවට ජාත්‍යන්තර සම්මුතියක් ඇත. සිංහලයෙකුට මේ රටේ අනාගතයේදී රජවීමට හෝ සිංහලජාතිය ඉතිරිවිය යුතු බව ඔබතුමා දැන්වත් වටහාගෙන ඇති සිතමි. (බ)
සංකා පොඩි ප්‍රශ්නයක්. මෙදා මහ මැතිවරනෙට ඇවිල්ලා ඉන්න අය කී පාරක් පැරදිලා තියෙනවද? (ර)
පැරදුන නම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව අපහු ඉතිරි ටිකත් කන්න ඇවිල්ල. ලංකාවේ උගත් තේරෙන මිනිස්සු මේ අාපහු ඇවිල්ල තියෙන්නේ මොකද කියල තේරෙන මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. ඉන්නකන් කුඩු කාරයෝ මිනි මැරුම් කරපු උන් ආරක්ෂා කල. දැන් කියනවා වැරදි උනා හදා ගනවලු. මෙයාට වසර 10 ඉඳල දැන් තමා තේරිලා තියෙන්නේ වැරදි උනා හදා ගන්න ඕන කියල. මේ වගේ මිනිස්සු නොමග යවන්න බෑ මහා රජ තුමා. (ස)
පැරදුන එකම නෙමේ. මෙයා දෙපාරක් ජනපති වෙලා හිටියනේ. පැරදුණේ බල තණ්හාව වැඩි වෙලානේ. මෙයා නැවත පහළ දේශපාලනයට එන එක සදාචාර සම්පන්න නෑ නේද? (ම)
ඔබතුමාට තෙරුවන් සරණ වේවා .අගමැති වේවා. රට බේරාගත් ඔබතුමා සිංහල අපි අමතක කරන්නේ නැත. (ම)
ආපෝ මම නම් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. හිතවත්කමට ඇඟිල්ලෙන් අල්ලන්න ගිය කෙනාට වෙච්ච දේ ඇහුවානම් නම් ප්‍රශ්න කරන කෙනාට... (ර)
අනේ මන්දා, අතේ තියෙන වශී බෝල දැක්කම නම් මට හිතෙන්නේ නැහැ වැරදි නිවැරදි කරගන්න පාටක්. (නි)
ඔබ තුමාට තෙරුවන් සරණ වේවා .! (ර)
මහින්ද මහත්තයාමද පිළිතුරු දුන්නේ කියලා අපි දන්නේ කොහොමද ? (ම)
සසිඳු ඒ වුනාට මෙතුමාට ලඟදි තමන්ගේ ඇඟිල්ල බේරා ගන්න බැරි වුනා නේද? (ර)
ඒකෙත් හැටි... කලින් එෆ්බි හොඳ නෑ කිව්වා නේද?? කමක් නෑ වැරදි නිවැරදී කරගෙන එනවානම්... නමුත් වැරදි කරපු සියලු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් කල යුතුය... (ර)
රකිත් මොකද වශී බෝල වලට මෙච්චර බය? මට නම් පෙනෙන්නේ ඔයා කාගේ හරි වශී බෝල වලට අහුවෙලා ජීවිත කාලෙටම බිඳින්න බැරි බන්ධනයකින් දුක් විඳින කෙනෙක් වගෙයි? (අ)
පිවිතුරු යහපාල යන්තම් ඇත්තක් කියලා තියනවා, ඔය කියපු තර්කයම තමියි රනිල් කරන්නෙත්, මෙයාට හොදනම් එයාට නරකද.? (ර)
කොහොමහරි බලය ගන්න දඟලන දැඟලිල්ලක් අම්මපා. (ර)
ඔබ අද ඉන්න තැන නොවේ ඔබ සිටිය යුත්තේ; මම ඔබට ආයාචනා කර සිටින්නේ ජනතා ප්‍රසාදය මැද ඔබතුමා විශ්‍රාම සුවයෙන් ජිවිතයේ සැඳෑ සමය ගත කරන ලෙසයි. (ර)
ඔබ තුමාට ජය...! (ර)
ඔබතුමන්ට සුබ පැතුම් අප හැමදාම ඔබ සමඟයි . අපට ඕනෑ පණ ඇති නායකයෙක් රජෙක් (ම)
මේවා නම් ඉතින් කලින් කරන්න තිබ්බේ. බොරු වැඩ. දැන් මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ. (ර)
හිතාගෙනඉන්නේ ෆේස්බුක් එකේ පිහිටෙන් මේ පාර ගොඩ එන්න වගේ. අපෝ අපේ ටයිම් ලයින් එකේ ගන්නම දෙයක් නැහැ. බලන්න අප්‍රසන්න මඩ ප්‍රචාරක දැන්වීම් ගොඩගහලා. (ස)
මහින්ද මහත්තයාට හොඳට පරිගණක සාක්ෂරතාව තියෙනවා වගේ නේද?(ම)
වැරදි මිනිසුන් හඳුනාගන්න ,දුප්පත්කම ,බඩගින්න අහිංසක ජනතාව ගැන තවත් හිතන්න ඒ වගේම අපේ රට රකින්න ඔබ තුමාට ජය (ම)
ගිය පාර මැතිවරණයේදී ෆේස් බුක් නිර්මාතෘගේ මව්පියන් සාදරයෙන් මතක් කළ කෙනා නේද මේ ? (බ)
අසභ්‍ය වචනවලින් අහපු ඒවාට මොකද වුනේ (බ)
වරෙක ඔහු බලලෝබය වෙනුවෙන් තමන්ව නැවත අපේක්ෂකයකු කිරීමට මහත් වෙහෙසක් දැරූ සුසිල් ප්‍රේම ජයන්තට පහර දුනි. තවත් වරෙක රටේ අගමැතිට තමුසේ යැයි ප්‍රකාෂකරයි. (ජනපතිව සිටි සමයේ මෙලෙස තුප්පහි ලෙස කිසිදා කතා කර නැත)තවත් වරක තමන්ද ජනාධිපතිවරනේදී ඡන්දය දුන්නේ මෙෙත්‍රීපාල මැතිතුමාට යයි පවසයි. මෙවන් අයෙකුට රටේ පාලනය ලැබුනොත් කුමක් වෙවිද. තීරණය ජනතාව අත. (නදී)
රාජපක්ෂ ජනාධිපතිතුමා එඩිතරව තීරණ ගත්තේ නැත්නම් කොහොමද හලෝ සෙන්පතිවරු යුද්දේ කරන්නේ. ඕක තේරුම් ගන්න බැරි ගොබිලෙක් උඩින් කමෙන්ට්ස් දාලා තිබුන. මම හිතන්නේ ඒ කුහකකම කියලා (බ)
ඒ.ජා.ප. ජ.වි.පෙ. අැතුව සියලු පක්ෂ වල පොදු හතුරා බවට පත්ව අැත්තේ ඔබතුමාවයි. ඒයට හේතුව මේ සියලු දෙනා අතර ඉන්න ඒකම සිංහල බෞද්ධ නායකයා ඔබ නිසා. ජය නියතයි. (බ)
මෙයා අයිත් එන්නේ හොඳ දෙයකට නෙමේ ? අනේ මහත්තයෝ ඔයා නෙමේ යුද්දේ කළේ. එහෙම බැලුවොත් නියම වීරයා ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා. තමාගේ ජීවිතේ පරදුවට තිබ්බා ලංකාවේ මිනිසුන් වෙනුවෙන්. දැන්වත් මිනිසුන් හරිදේ තෝරාගෙන ඡන්දය දිය යුතුයි. (බ)
ඔබතුමා කොන්ද පණ ඇති නායකයෙක් (බ)
හිටපු ජනාධිපතිතුමනි මාගේ අදහස ඔබතුමා සහ සන්ධානය අති බහුතරයෙන් දිනවීමට මෙසේ ප්‍රකාශ කර මෙය ක්‍රියාත්මක කළ යුතුයි. ඔබ මෙම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ පක්ෂය දිනවීමට පමණක් බවත් ඉන්පසු අගමැති කම මගේ අයිය වන හිටපු කතානායකට මම පිළිගන්වා දේශපාලනයෙන් මම සමුගෙන පක්ෂයේ අනුශාසක විදියට ඉදිරියට වැඩකරමි යනුවෙනුයි,ඉන්පසු ඔබට ජාතියේ උසස්ම ගෞරවය හිමිවෙනවා වෙනවාමයි (බ)
අතේ මුදුටික ගලවලා නේද ? (ම)
යුද්ධය නිමාකර රට බේරා ගත් නායකයා වශයෙන් කලයුතුව තිබුනේ රට අර්ථිකය දියුනුකර බහුතරයක් දුගි ජනයා වෙනුවෙන් යම් සහනයක් සැලසිම නමුත් සිදුවූයේ... (ර)
සත්‍ය මහත්තයාගේ වචනයම තමයි අපිටත් කියන්න තියෙන්නේ. රබර් බෝලයක් බලෙන් දියේ එබුවට ඒක ආයේ උඩ මතු වෙනවා.. ජන හදවතට සමීප වුනු රට වෙනුවෙන් මෙහෙවරක් කල පුදගලයෙකුත් ඒ වගේ තමයි. යට ගහන්න හදන්න හදන්න වෙන්නේ තව තව උඩ මතු වීම. ඔබ තුමා පමණක් සත්‍යයේ ජිවත් වෙනවා සත්‍යය දකිනවා කියල හිතා ගෙන ඉන්න තරම් අසත්‍යයක් තවත් නැහැ සත්‍ය මහත්තයෝ. (ර)
ඔබ එඩිතර නායකයෙක්, ඔබට අනාගතයේදී ලොකු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි, නමුත් අපි ඔබ සමගයි 58 ලක්ෂයේ සාමාජිකයෙක්. (ර)
ඔබතුමා සමඟ අපි ඉන්නවා........... (ම)
රට කොටින්ගෙන් බේරගත්ත, අපිට නිදහස ලබාදී රට සංවර්ධනය කල ඔබට සැමදා අපි ණය ගැතී. ඔබට ජය.! (ර)
ඔය ෆේස්බුක් වැඩෙත් පිවිතුරු යහපාලව හොයලා එයාටම බාර දුන්න නම් හොඳා නේද? මොකෝ ඒ මහත්තයාගේ වැඩේත් මේකේ කොමෙන්ටු ගහ ගහ ඉන්න එකමනේ. ඔය කන්න බොන්න දීල දවසකට රුපියල් 100 ක් විතර දුන්නම ඇති. (ර)
මහින්ද මහතා, දිනුවාට පසුව ගෝඨාභයට ආරක්ෂක ලේකම් කම දෙන්න (බ)
මොනවා කිවත් ඔබයි රටට අවශ්‍ය (බ)
ගුණමකු අයට කළගුණ අමතක වුණාට අපට කළගුණ හොඳට මතකයි. අපි අපේ රටට ආදරෙයි. අපි බත් පැකට් එකට අරක්කු කාලට විකිණෙනවය කියලා විස්කි මැඩම් අපිට අපහාස කළාට ඇත්ත ඒක නොවෙයි. ඩහදිය මහන්සියෙන් හරිහම්බ කරපු තුට්ටු දෙක වියදම් කරගෙන එතුමා සොයාගෙන යන්නේ රටක ගිනි නිවපු නායකයාට කළගුණ සලකන්නයි. අද බය නැතිව රටේ ඕනෑ තැනක වන්දනාවේ යන්නේ එතුමාට පින් සිද්දවෙන්නයි කියලා දන්නවා. එතුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් අපි නිතර පින් දෙනවා! අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල දුන්න විතරක් නෙවෙයි එතුමා රටේ ආර්ථිකය දියුණු කරන්නත් අමතක කළේ නැහැ. පාලනය භාර ගනිද්දී දුප්පත් රටක් හැටියට තිබුණු අපේ රට එතුමා ආපසු භාර දුන්නේ මධ්‍යම මට්ටමේ අදායම් ලබන රටක් හැටියටයි. මේ දියුණුව ඉදිරියට ගෙනයන්නත් යලි හිස ඔසවන බෙදුම්වාදීන් පරාජය කරන්නත් අපේ රටට එතුමන්ගේ නායකත්වය ඕනෑ. (බ)
මහින්ද මහතාණනි , ඔබට අපගේ නොමසුරු සහයෝගය, මෙවර දිනුවට පසු, රටේ ජාතික ආරක්ෂාව මුලින්ම තහවුරු කරන්න, දෙවනුව ඉතුරු වැඩ. (ර)
ජනවාරි 8ට කලින් මෙයලමයි කිව්වේ ෆේස් බුක් තියෙන්නේ ෆන් එකක් ගන්න මිසක් පාලකයෝ තෝරන්න නෙමේ කියලා. මදැයි එහෙම කියපු එක්කෙනාටම ෆේස් බුක් පිහිට පතන්න උනා.(ර)
ඔබ තුමට සම්මා සම්බු සරණ වේවා. ජය ස්තීරය. (ර)
තෙරුවන් සරණයි ! ඔබට ජය මහින්ද රජ තුමනි! ජය ශ්‍රී ලංකා ! (ර)
ඔබතුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩ ඕනේ .ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. (ර)
ඔය බොරු ලොක්කා නෙමේ ඕවට උත්තර දෙන්නේ.... නියම නළුවා තමා මෙයා. (අ)
ඕක පිවිතුරු යහපලට බාරදුන්නා නමේ හරි. මෙතන එක එක නම් වලිනේ කොමෙන්ට් දලා තියෙන්නේ ඔහු නිසා. (ර)
ඔබට වාසනාව උදාවේවා.! (ර)
දැන් ඔබට ආයි වැරදි හදාගන්නේ අවස්තවක් නොමැත. ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. (ර)
පැරදුනාම ගෙදරට වෙලා ඉන්න .බල තණ්හාව හින්ද නැවත එනවා. මහින්ද මහත්තයට කියන අය දන්නේ නැද්ද අපේ රටේ එක්කෙනෙක් ඉන්නවා 29 වැනි වතාවකට වැඩිය පැරදිලා. (ර)
ඹය වගේ කීපාරක් කියලා තියනවාද කියද්දි ඵහෙමයි කරද්දි මෙහෙමයි. (ර)
ලෝකෙට දහවල හා රාත්‍රිය (ආලෝකය සහ අඳුර) කියල දෙයක් තියෙනවා වගේ මිනිස්සු හිතන පතන ආකාරයේත් එලිය හා අඳුර කියල වෙනසක් තිබෙන නිසා තමයි ලංකාවේ ජනතාවගෙන් කොටසක් තවමත් හිතන්නේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා රටට, බෞද්ධකමට හා සිංහල කමට ආදරේ මනුෂ්‍යයෙක් කියලා. රාත්‍රිය ගෙවිලා අඳුර පහවෙන කොට රාත්‍රිය විසින් ඉතිරි කර ඇති සියලුම නොපනත් කම් පේන්න පටන් ගන්න වා. ඒ යථාර්තය තුල ජීවත් වෙමින් සත්‍ය යනු කුමක්ද කියල වටහා ගත් විට යහපාලලාගේ මෙහෙවරත් ඉබේටම අවසන් වෙනවා. පිවිතුරු කියන වචනයත් කෙලෙසු මිනිසුන් ඉතිහාසයේ කුණු කුඩයට එක් වෙනවා. (ර)
සරත් සෞදි, ලංකාවේ ගිය අවුරුදු දහයේ ආර්ථිකය හොදනමේ ඔබ ඇයි පිටරටක රැකියාවට ගියේ. අනික සෞදි වගේ රටකට කවුරුත් ජොලියට යන්නේ නැත. (ර)
ඔබේ ජය නියතයි. නැවත පෙරමුණට එන්න රජතුමනි. (ර)
පහුගිය කාලේ ෆේස්බුක් ඇලජික් උන එතුමාට දැන් ෆේස්බුක් උන හැදිලා වගෙයි. ඔය ෆේස් බුකිය හින්ද අපිට අපේ ළමයි වත් හරියට හදා ගන්න බැරුවයි ඉන්නේ. බලාගෙන මහත්තයෝ, ඒකම තමයි ඔය ෆේස් බුකියෙනුත් වෙන්නේ.. පොඩ්ඩක් පරිස්සමින් ඔය ජරාව පාවිච්චි කරන්න. (ර)
හැම මිනිසකුම සම්පූර්ණ වෙන්නේ නෑ හැමෝම අතින් වැරදි දේ වෙනවා. ඒවගේම එම වැරද්ද දැනගත් කනා එයින් වැලකීසිටිනවා. ඔබතුමා ඔය කියන තරම් බිහිසුණු වැරදි කළේ නැති බව අපි දන්නවා ඔබතුමාට සුබ පතමි.(බ)
කව්රුත් කියලා නැද්ද පැරදුනානම් ගෙදරට වෙලා හිටියනම් හොදයි කියලා. (ර)
මේ රටට ඕනේ ඔබයි මහ රජුනි (ම)
හොඳ වැඩක්. (ර)
අංගුලි මාලත් රහත් උනේ වැරදි හදාගෙන. (ර)