රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් පවතින අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාව ඉවත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘‘අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ගොවි සමුළුවක් පැවැත්වීමට නියමිතයි. එහි ප්‍රධාන ආරාධිතයා ජනාධිපතිවරයායි. උත්සවයේ ආහාර පාන සඳහා වියදම හැට ලක්ෂයක්. පසුතල ආලෝක කරන ශබ්ද ආධියට වියදම අසූ ලක්ෂයක්. ගොවීන් ප්‍රවාහනය සඳහා හැත්තෑ ලක්ෂයක්. එහිදී බෙදීමට නියමිත ලිත් සිහිවටන බෙදන්න හතලිස් ලක්ෂයක්. සැරසිලි සඳහා විදයදම පන් ලක්ෂයක්. ‘‘
මේ අතර රජය කියනුයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ප්‍රමාණවත් ලෙස ප්‍රභූ ආරක්ෂකයන් ලබා දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් මහින්දට අකමැති වුනාට කමක් නැහැ ඒ මිනිහට ගරහන්න නිකන් බූරු කතා කියන්න එපා.ඒ මනුස්සය නිකන් හිටියනම් ඔයාත් අද ජීවතුන් අතර නැහැ.ප්‍රභාකරන් අදත් මේ රටේ නිල නොලත් පාලකයා. (බ)
ඕක සුළු දෙයක්නේ. දැන් මහින්ද මහත්මයට තර්ජන තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් විතරයිනේ ආයිබෝවන්. ඒ ගැන දයාසිරි ජයසේකර මහත්තය බලාගනීවි. (බ)
මෙයා ගණන් කියන්නේ කජු ඇට කොස් ඇට ගානට. ඒ වුනාට මහත්තයෝ ඒ කාලෙහි මේ කාලෙහි සම කරන්න බැ.(හේ)
විමල් වීරවංස මහින්දගේ මාධය ප්‍රකාශක නොවේ නේද. (හේ)
යහ පාලනය කියන්නේ මේකටද? (බ)
මෙයා මේ කියන්නේ ඒ කලේ හිටපු ජනාධිපති විමල් මහත්තයට රැස්වීම් සංවිධානය කරන්න දීල තියෙන ගණන්, දැන් ඊට වැඩ වැඩි, හැබැයි මීට වඩා මුදල් ගෙවල තියෙනවා විමල් මහත්තයට ජනාධිපති කාර්යාලයෙන් ලබා දුන්න වාහන වලට. (බ)
මේ අය කියන දේවල් අහන මිනිස්සුත් තාම ලංකාවේ ඉන්නවනේ (බ)
හොර පාස්පෝර්ට් දේශප්‍රේමීන්ටයි , එයාර් ලංකා වැනි ආයතන කාබාසීනිය කරපු අයටයි , මිනීමරුවන්ටයි හොදටම ආරක්ෂාවක් දෙන්න හිර ගෙදර තමයි වඩා සුදුසු .බයවෙන්න එපා කර්මය කියල දෙයක් තිබෙන බව මේ හැම දේශපාලුවෙකුටත් පොදුයි (බ)
මේදිනවල විකිණෙන්නේ ජාතික ආරක්ෂාවය. මෙතුමන්ලා උගන්නපු නිලධාරී තමයි තවමත් මේවා සැළසුම් කරන්නේ. කව්රු කළත් මේවාට තැලෙන්නේ පීඩිත පංතියේ ජනතාවය. කිසිවෙක් අන් අයකු විවේචනය කළේ නම් ඊට අදාළව තමන් සැළකිල්ලෙන් කටයුතු කළයුතුව ඇත . යහපාලනය මෙයට පිළිතුරු දියයුතුය. (බ)
සියලු වරප්‍රසාද ඉවතලා මන්ත්‍රීකමට අාවානම් මන්ත්‍රී ආරක්ෂාව තමයි .අනතුරක් වෙන්න එපා දෙවි රැකවරණයි (බ)
‘උගත් බුද්ධිමත්, විමල් අගමැති කරමු‘ කඩුවෙල ජනතාව (බ)
යම් විදියකට මහින්ද ජිවිත අනතුරක් වුනොත් පෙති අල වගෙ අහුවෙන කෙනා (බ)
ඕපනායකලා වගේ ගුණමකු අය ඉන්නකන් මේ රට හදන්නම බෑ. මම හිතන්නෙ ඕපනායකට අස්ල්වැසියෙක්වත් නැතුව ඇති හදිස්සියටවත් (බ)
පළිගැනීමක් නිසා එහෙම කළේ. මහජනයාගේ ආරක්ෂක හමුදාවක් එතුමා වෙනුවෙන් හැදේවි (බ)
ඔය බොරු අහන්න කවුරුත් දැන් නෑ.(හේ)
මේ ගොල්ලෝ හෙලිකොප්ටර් වලින් සවාරි ගහපු කාලේ අමතක වෙලා වගේ ඒ සැප මතක්වෙලා බොරුවට තප්පුලනවා (හේ)
විදුලිපුටුවට යන්න කතාව මෙය දැන් නිකම්ම නිකම් මන්ත්‍රී. පොලිසියෙන් 4 ක් දුන්නම ඇති. අනික දැන් යුද්දයක් නෑ සාමකාමී රටක් මෙයට ගෙදර වැඩ කරන්නද?(හේ)
ඉතින් ගෙදරට වෙලා හිටියානම් ඉවරයි නේ තවදුරටත් මහජන මුදල් කාබාසිනියා නොකර.(හේ)
මහින්ද තමයි මේ රටේ වීරයා ඔහුගේ ආරක්ෂාව අඩු කරන්න හදන්න එපා.(හේ)
ඔබතුමා දුක්වෙන්න එපා.(හේ)
බොරුවට බය වෙන්න එපා එහෙම දෙයක් වෙලා නෑ.(හේ)
යුද්ධයත් නැති එකේ බය වෙන්න දෙයක් නෑනේ දැන්.(හේ)
මහින්ද යනු ශ්‍රී ලංකාව එක්සේසත් කළ නායකයායි. කොන්ද පණනැති දීන නායකයන් අතරින් ඔහු රටේ ජනතාව බේරාගත් නායකයායි. (හේ)
පක්ෂ පාට බේදයෙන් තොරව හරි දේට හරි කියන්නත් වැරැදි දේට වැරැදි කියන්නත් පුරුදු වෙන්න.!!(හේ)
ජිනීව ගිහින් කියන්න කෝ.(හේ)
මේ ගැන මහින්දට කිසිම ගාණක් නෑ ඒ නිසා ඔබතුමා දුක්වෙන්න එපා.(හේ)
මහින්දගේ ආරක්ෂාවට. ඔබ මොකටද කෑගහන්නේ එක එයා බලාගනියි ණයට කරන්න එපා. පසුගිය. ආණ්ඩුවේ. ඔබගේ අතින් වටිනා දේපල කුණු කොල්ලෙට විකුණුවේ. (කෞ)
මහින්දගේ ආරක්ෂාව ඉවත් කළොත් එය මේ රජයට පාරා වළල්ලක් වනු නොඅනුමානයි (බ)
ෙඑයා තනියම කාල තුවක්කුව උස්සන් ගිහින් දිගට හරහට වෙඩි තියලා රට බේරා ගත්තනේ!(කෞ)
ශෂික, ඔබ තුන්කල් දක්නා කෙනෙක් වගේනෙ කතාව (නි)
නලින් ඒ රණවිරුවන්ට පින් සිද්දවෙන්න ? නැත්නම් කොහෙද (හේ)
මොන දේ නැතත් මහින්ද එක්ක තමාත් විමල් ඉන්න එක ලොකු හයියක්.(හේ)
ජනතාව විසින් පත් කළ ඉතාමත් ජනප්‍රිය මහින්ද ජනතාව විසින් අාරක්ෂා කරනු අැත.(හේ)
මගේ මතය නම් මෙවැනි දේශපාලකයන්ගේ මාධය අාවරනය කරන මාධ්‍යවේදීන්ට කුමක් හෝ කල යුත්තේ.එයාලගේ වෙලා රැකගන්න ඕනෑම දෙයක් ප්‍රචාරය කරයි.(කෞ)