ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදි රජයේ මුදල් අවභාවිත කරමින් ඡුන්ද අල්ලස් ලෙස මහජනතාවට රුපියල් මිලියන ගණන් වටිනා සිල්රෙදි ඇතුළු විිවිධ භාණ්ඩ හා ද්‍රව්‍යයයන් බෙදා හැරීම සම්බන්ධයෙන් වන විගණකාධිපති වාර්තා ලබන මාර්තු 31 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) විගණකාධිපතිවරයාට නියෝග කළේය.
ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි ඇතුළු ද්‍රව්‍යයන් බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කළ බවට පැමිණිලි කරමින් පැෆරල් සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.
පැවති ජනාධිපතිවරණයේදී සිල්රෙදි බෙදාදීම ඇතුළු ක‍්‍රියාවන් සිදුකිරිම මඟින් අල්ලස් පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන ලෙසට බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය පැනවීය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු සිසිර ද ආබෲ යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට අවුරුද්දක් ගතවෙලා අවසන්වෙලා. නමුත් දුප්පත් මහජනයාට ලබාදුන් සහනය මොකක්ද? (නි)
ඕන පින්කමක් , දෙමවුපියන්ගේ සුසාන භූමියක් රටේ පොදු දේපලෙන් නැතුව තමන්ගේ පොකට්ටුවෙන් කළානම් පින් ලැබෙනවා .දැන් මේ ආත්මයේදීම කර්මය පලදීල තියෙන්නේ (බ)
ඇයි වෙනස හම්බවුණේ. මදිද? (නි)
තාමත් මාධ්‍ය සංදර්ශන පෙන්න පෙන්නා මිනිස්සු රවට්ටනවා. අහලම එපාවෙලා. ඉන්ධන මිල ආයෙත් වැඩිවුණ දවසක බදු මිල අහස උසට යයි මෙයාලා හිටියොත් (නි)
මංගලිකා ඇන්ටි පසුගිය ආණ්ඩුවෙන් අඩුකළ එක බඩුවක නමක් කියනවද ? වැටුප් වැඩිකළේ කොහොමද ? කාගේද ? ඉන්ධන අඩුකරන්න බැහැ කීවා නේද ? ඉස්සරහට තවත් අඩුවේවි වැඩි මිලට ගෙනා තොග ඉවර වීමෙන් .අනික ඉරානයෙන් නැවතුනු ආනයන නැවතත් පටන් ගන්නවා (බ)
අනුන්ගේ සල්ලිවලින් තමන්ට පින් කරන්න බැරි බව නන්දලාල් දන්නවා ඇති නේද? (බ)
දැන් මේකද රටේ ලොකුම ප්‍රශ්නය? (නි)
මේගොල්ලන්ට වෙන වැඩක් නැද්ද? (නි)
කවදාද ඉතින් මේ අය අත්අඩංගුවට ගන්නේ? (නි)
මහින්ද මහතාව මේ උගුලේ දැම්මේ හාමුදුරුකෙනෙක්. මේ කාලයේ බොහෝදෙනා හාමුදුරුවන්ට රැවටෙනවා සංඝයාවහන්සේලා සිතා. (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මගේ මිතුරනි, නොවුණ දේ ගැන බලන්න එපා. සිදුව ඇති දේ ගැනත් බලන්න. මීට අවුරුද්දකට කලින් ඡන්ද අල්ලසක් ගැන කොයි අධිකරණයෙද විභාග වුණේ? හා කියමු. ගැටළුව අධිකරණයට ගියාට පස්සෙ ආණ්ඩුවට බනින එක වැරදියි. මොකද ආණ්ඩුව මෙවා වේගවත් කරන්න මැදිහත් වුණොත් නැවත සිදුවන්නෙ පරණ කථාවම නේද? ඉවසීමෙන් බලාඉන්න. යහපානයට ඇති ඉතාම සුළු ප්‍රවණතාව පවා එක වචනෙකින් හරි ශක්තිමත් කරන්න. ඊට විරුද්ධ බලවේග පිළිකුල් කරන්න. මහජනතාව හැටියට අපේ භූමිකාව එයයි. (නි)
වංචා විමර්ෂණය වෙන කොට හොරුන්ටයි හොරුන්ට උදව් කරපු අයටයි හොඳටම රිදිලා වගේ. (බ)
හැමෝම කියන්නේ ඒ කරපු දේ හරි කියලද (බ)
මේ ආණ්ඩුව ආපු දා ඉඳලම කරන්නේ බහු බූත. දැන් ජනතාව කිලකිරිලා. ලෝකේ ඉන්දන මිල පහලටම වැටිලා. මෙහෙ සතයක්වත් අඩු කරන්නේ නැහැ. එ්කද යහපාලනය කියන්නේ. (බ)
ඒ කාලේදී ලෝක බොර තෙල් මිල මොනතරම් අඩුවුණාද කියලා ඩුබායි රටේ ඉන්න අපි දන්නවා. එදා කළේ මිල වැඩිකරගෙන වැඩිකරගෙන ගිහින් රුපියල් 180 ගණන් දක්වා ඉහළ යවපු එක විතරයි. සත්‍ය තේරුම් ගන්නවත් බැරි අයනේ ලංකාවේ ඉන්නේ (නි)
රාජපක්ෂලා රටට කර තිබෙන සංවර්ධනය කොතෙක්ද කිව්වොත් මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු 35 කදී කරන්න ලැබුනේ රාජපක්ෂලා කළ සංවර්ධනයෙන් 0.0001%ක් පමණයි. (නි)
ඉස්සර ඉන්ධන මිල අඩු කරන්න උද්ඝෝෂණය කළ අයට සැළකුවේ කොහොමද කියලත් අපිට මතකයි (නි)
මංගලිකා දුප්පත් මිනිස්සුන්ට තමයි ලාම්පුතෙල් අඩුකළ එකේ වාසිය ලැබුනේ. වික්‍රම මහින්දගේ ආණ්ඩුව ආයි අවොත් නම් ඉන්ධන මිල වැඩි වෙයි. (බ)
මහින්ද මහත්තයා එහෙම හරි කෙරුවා. මෙයාලා එහෙමවත් නැහැනේ (නි)
අපේ එවුන් දන්නේ ඔච්චරයි. එදා ඉදන්ම රටට වැඩක් කරපු .රට වෙනුවෙන් කතා කරපු අයට ගරහන්න තමයි අපේ එවුන් පුරුදුවෙලා තියෙන්නේ.ඒ කනේ අපේ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න ලෝකේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ.බලන්න දෙමල මිනිහ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න රටවල් කියක් පොරකනවද.ඇත්තටම අපි ජාතියක් හැටියට ලජ්ජා වෙන්න ඕනා (බ)
දැන් මිනිසුන් පින් කියන්නෙ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. (නි)
මේ ආත්මෙදීම නිවන් යන්න හිතාගෙන කළ මේ සිල් රෙදි දානයටත් කණකොකා අඬන්න ගත්තා. පින් අතේ වැඩක් කරන්නත් දැන් කාලේ අල්ලස් පනතට එකඟද කියලා බැලුවේ නැත්නම් යන්න වෙන්නේ ආණ්ඩුවේ බෝඩිමට තමා...... (නි)
අතුල, ලංකාවේ කොහෙද දැන් භූමිතෙල් පාවිච්චි කරන්නේ? ලංකාවේ 95% වැඩිය විදුලිය තිබෙනවා. උතුරු පළාතේ නම් තැනින් තැන භූමිතෙල් පාවිච්චි කරනවා (නි)
අතුල මහත්තයෝ, ඉන්ධන මිල අඩුකිරීම කාගේවත් වීරකමක් නෙමෙයි. ලෝකේ වාර්තාවුණ අඩුම මිල මේක (නි)