මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ රුව ඇතුළත් ස්ටිකර් තොගයක් හා ඒවා ප්‍රවාහනය කළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය අපක්ෂපාතීව කටයුතු කිරීම ගැන අපේ ප්‍රණාමය. (නි)
ස්ටිකර් එකක් හරි දැන්මම ගහලා තියාගන්න. මොකද 18න් පස්සේ එයා නැහැනේ... (නි)
ඔව්වා වැරදි වැඩඩ මහත්තයෝ. පෝස්ටර් කටවුට් එපා ස්ටිකරුත් එපා (නදී)
මොවුන්ට ඡන්දය දීමට පෙර දෙවතාවක් හිතන්න ඕනෑ ජනතාව.තවත් ඡන්දය දෙනවනේ (නි)
මේ අය ඡන්දෙ ඉවර වෙනකල් ඇතුලෙම තියන්න, ඕනේ එතකොට ඊලග ඡන්දෙ වත් ඡන්ද නීති රකින ඡන්දයක් වේවි. (බ)