සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව අද (01) ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්වා ඇතැයි ‘‘ද මැලේසියන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය වාර්තා කළේය.
හිටපු ජනාධිපතිවරයා එරට පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීම සඳහා ක්වාලාලම්පූර් නුවරට ළගා වූ අවස්ථාවේ මෙම විරෝධතාවය පවත්වා ඇතැයි වාර්තාවේ.
මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානය ඇතුළු එරට දෙමළ ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
මානව හිමිකම් උල්ලංඝනය කරමින් ලංකාවේ දෙමළ ජනයාට හිරිහැර කළ නායෙකු සාමකාමී රටක් වන මැලේසියාවට පැමිණීම නිගරුවක් වන බව පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානයේ සභාපති කෙලෙයි මුගිලන් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ මහත්තයා අපිට නම් දෙවියෙක් (නි)
යුද්ධය සැබෑලෙසම අවසන්කළ රාජපක්ෂ මහත්තයා අපිට හැමදාමත් රජෙක්. (නි)
මේගොල්ලෝ මැලේසියාවේ භුමිපුත්‍ර ප්‍රතිපත්තිය යටතේ දෙවන පෙළ පුරවැසියෝ හැටියට ඉන්න ගමන් තමයි මේ සාමකාමී රටක් ගැන කියන්නේ. (නි)
යුද්ධය නිමකර - ජීවිතය දුන් වරද! (නි)
අපේ රජා අපිට හැමදාමත් රජෙක්. (නි)
අපේ රජා අපේ වීරයායි! (නි)
අපි කලබල වෙන්න ඕනෑ නැහැනේ. අපි දන්නවනේ ඇත්ත මොකක්ද කියලා (නි)
මහින්දව දැන් කව්රුත් ගණන්ගන්නේ නැහැ වගේ (නි)
රටකට අමුත්තෙක් ආවහම විරෝධතා පෙන්වන අවස්ථා ඇතිකරන්නේ මොන වගේ මිනිසුන්ද කියා කියන්න අවශ්‍ය නැහැනේ. මෙය හැම රටකම ජනතාවට පොදුයි. (නි)
කවුරු කොහොම අර්ථකනය කරන්න ගියත් පේනවා නේද යුද්ධය කවුද ඉවර කළේ කියලා. ලෝකෙම ඒක දන්නවා අපේ මිනිස්සු නොදන්නවට.. (නි)
ජීවිතය දුන් නායකයා දෙමළ ජනයාගෙ හතුරෙක් ලෙස ඒ ජීවිතය ලද ඇතැම් සිංහලයන්ම ජාත්‍යන්තරයට ඒත්තුයන ලෙස විවිධ කටයුතු කරන නිසයි මෙහෙම වෙන්නෙ (නි)
බහුතර දෙමළ වැසියන් ඉන්න මලයාසියාවේ, ඩයස්පෝරාවට ඉන්නේ පහළොවක් වගේනේ. දැන් නාට්‍ය වලට සල්ලි වියදම් කරලවත් සෙනඟ ගෙන්නගන්න බැහැ වගේ. අපි නොදන්න ඩයස්පෝරා......! (නි)
කොහේ ඉපදුනත් කකුළුවා හරහටමයි යන්නේ. (නි)
ඩයස්පෝරාව මහින්දට විරුද්ධ වුණා. බහුතර සිංහලයාත් ඔහුට එරෙහිවුණා. දැන් බැලුවහම දෙගොල්ලම ඉන්නේ එක පැත්තෙනේ. (නි)
පුදුම සෙනඟක්නේ ඉන්නේ (නි)
යුද්ධය ඉවරකළා කිව්වේ රනිල් මහත්තයයි, චන්ද්‍රිකා නෝනයි ෆොන්සේකා මහත්තයයි. ඒ වුණාට කොටින්ගේ වෛරය නම් තියෙන්නේ මහින්ද එක්ක? අනේ මන්දා... (නි)
නියම නායකයා මහින්ද මහත්තයා තමයි (නි)
සිංහල මිනිසුන්ටත් අතීතය අමතකවෙලා. පස්සේ මතක්වෙයි (නි)
නාටක මාරයි. මැලේසියාවේදීත් නාල හමාරයි. සල්මන් කාන් ගෙන්නන්න උපදෙස් දුන්න අයමද මන්ද මනුස්සයට තවම මේවට උපදෙස් දෙන්නේ. (බ)
නිශ්ශංක,බුද්ධික, ඉස්සර රටේ අසරණ මිනිසුන්ට "රජ මානසිකත්වය" මොළ හෝදපු වැඩේ නම් ලස්සනටම කරලා තිබෙනවා. අපිට ලේ දෙන්න පුළුවනි. එ්ත් මොළේ දෙන්න බැහැනේ. (නි)
රජතුමා පිටරටවල යන්නේ මොකද කියලා අපි නම් දන්නවා (නි)
වැලේ වැල් නැතුව හත්ගව්වකට විසිවෙලා ඉන්න මනුස්සයව උස්සන්න/ප්‍රතිරූපය නංවන්න දඟලන මේ මිනිස්සු කන්නේ තණකොලද මන්දා? (නි)
මේ ජයලලිතාගේ කට්ටිය වෙන්න ඇති.(හේ)
මේවට රැවටෙන්න මහජනතාව කොණ්ඩේ බැඳපු චීන්නු කියලා සමහරු තවමත් හිතනවා ඇති. අනේ පව්! (නි)
අපේ අයට අමතක වුණාට ඒ මිනිසුන්ට යුද්ධය අමතක නැහැ (නි)
මොවුන්ගේ උප්පත්තිය තමිල්නාඩුවේ වෙන්න ඇති. (නි)
පිටිගල මිලානෝ කළගුණ නොදන්නා මහා ගුණමකුවෙක්! (බ)
මහින්ද රාජපක්ෂ යුද්දය ඉවරකරලා සිංහල දෙමල මුස්ලිම් බර්ගේර් මේ හැමෝම අද නිදහසේ ජීවත් වෙනවා.දැන් කාටවත් යුද්ධයක් තිබ්බද කියලා වත් මතකයක් නෑ. ලංකාවේ මිනිස්සුත් වෙනස් වෙනකොට මැලේසියාව වැන රටවල් ගැන මොන කතාද ?(හේ)
පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව ඉල්ලගෙනනේ මේ කන්න යන්නේ (නි)
අාසයි මට මේකට සහජීවනය ගෙන අදහස් දාන වියතුන්ගේ අදහස් ටිකක් දැනගන්න (නි)
තිලක් ඩුබායි ,නුගේගොඩ ටිකිරි බණ්ඩාට ,මේවා දකින කොට හරි සතුටු ඇති,අවුරුදු 8ක් ගිහිනුත් කොටි හිතවාදීන්ගේ මහින්ද සමග ඇති වෛරයනම් තාම ඉවර නැහැ ,රනිල් හෝ මෛත්‍රී මැලේසියාවට ගියොත් ඩයස්පෝරාවෙන් මල්මාලා දාල පිළිගන්නේ. (බ)
මෙයාලා මේ කෑ ගහන්නේ එයාලට ඕනෑ විදියට ලංකාවේ නටන්න නොදුන්නාට. (නි)
රනිල් මහත්තයා එහෙම ගියා නම් රතු පලස දලා පිළිගන්නේ.(හේ)
එතකොට මොවුන්ගේ අය කළේ හරි වැඩ. එල්ටීටීඊ එක කළේ ඔක්කොම සාමකාමී වැඩ. මේවට මොන උත්තරද දෙන්නේ කියලා හිතාගන්න බැහැ (නි)
මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවා.(හේ)
කොහොමත් ඔය වගේ වීරෝධ එනවා කියලා අපි දන්නවා.(හේ)
මෙයින් සැබෑ සිංහල නායකයා එම්.ආර්. බව නැවතත් තහවුරුයි. ඩයස්පෝරාවේ රූකඩ වලට මේ ටික නොතේරෙයිද? (නි)
මැලේසියාවේ ඩයස්පෝරාවට විසිපහක්වත් නැහැ වගේ..... (නි)
මහින්ද කියන්නේ අපේ හිටපු ජනාධිපති කෙනෙක්. මනුස්සයා යුද්ධය අවසන් කලා.. ඒකට ගරු කරන්න බැරි කාල කන්නි සත්තු ලංකාවේ විරෝධය දක්වන කොට අනෙක් අය විරෝධ දක්වන එක අහන්න දෙයක්ද.(ම)
අනේ මන්දා! යුද්ධයෙන් තුන්කාලක් ඉවරකළා කියන්නේ හිටපු මැතිනියක් කියලා මේ ළඟකදී එතුමියම කිවුවා. ඒ වුණාට හැමෝම තරහා යුද්ධයෙන් කාලක් ඉවරකළා කියන මහින්ද මැතිතුමා සමඟයි... (නි)