මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පැරණි බස් පොළේදී වූ අකරතැබ්බය ගැන විවිධ අර්ථකථන දෙනවාලු. ඔහු යන යන තැන්වලට වශී බෝලයක් අතේ තියාගෙන යනවාලු. රාජකීය දෛවඥයා වී පසුව ජනවාරි 8 වැනිදා ප්‍රතිඵලයෙන් පසු සුමනදාස අබේගුණවර්ධන පවසනුයේ එවැනි බෝල 9ක් ඔහු ළඟ තිබූ බවයි.
ඇඟිලිවල ව්‍යායාම් සඳහා එම බෝල පාවිච්චි කළ බව ඔහු ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.
දැන් ඔහු අම්මේ මුත්තේ කීවත් අනාවැකිනම් කියන්නේ නැතිලු. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වැනිදා ජනාධිපතිවන බව ඔහු දැන සිටියේ අවුරුදු 9කට කලින්ලු. පොඩි පරහකට ඇත්තේ ඒ අනාවැකිය ඔහු අවුරුදු 9ක් ප්‍රමාදවී පැවසීමයි. එහෙම කළේ මහින්ද ළඟ රස්සාව කළ යුතු නිසාලු. අකුරැස්සේදී මහින්දට නාදුනන මිනිසකු ඔහුගේ ඇඟිල්ලේ මුද්දක් ගලවා ගන්න හැදුවාලු. තවත් පිරිසක් මෙහිදී මැරයන් දමා ඔහුගේ අත අඹරන්න හැදුවා කියා කියනවාලු. ඒ කථාව නව ජවයකින් කියා සිටියේ වීරවංශ පිළලු. එතැනත් පොඩි පරහකට ඇත්තේ 200කට ආසන්න ආරක්ෂකයන් මැදි කරගෙන සෙනග මැදින් රැස්වීමකට යන අවස්ථාවේ මුද්ද ගලවාගන්න හැදීමලු. පණ ඇති මිනිසකු ඒ වැඩේ කරන්නේදැයි සොයා බැලීම වෙනම කාරණයක්ලු. හොඳටම මොළේ අමාරුකාරයකු වුවත් එහෙම වැඩක් කරන්නේදැයි තවත් ප්‍රශ්නයක්ලු. එම සිද්ධියේදී මහින්දගේ ඉරියව් හැසිරීම් අධ්‍යයනය කිරීම වැදගත්ලු.
අගෝස්තු 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂ ස්වර්ණමය යුගයක් බිහිකරන බව එම පක්ෂයේ මහ කතිකයෝද කියති. පිටකොටුවේ වෙළඳපොළේ වෙළෙන්දකු ඇසුවේ ඔවුන් රට පාලනය කළ අවුරුදු 10දී එහෙම යුගයක් ඇති කළේද යන්නයි.
කට කැඩුණු තවත් මිනිසකු කීවේ එකත් එකටම අර මිනිහා අකුරැස්සේදී මුද්ද ගලවන්න හැදුවේ ස්වර්ණමය යුගයට මුල්ගල තැබීමට විය හැකි බවලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්කේ මහින්දව පස්සට තල්ලු කරනවා, මට පෙන්නේ ඇත්තටම ආරක්ෂකයෝ දාලා තියෙන්නේ මහින්දගෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. (බ)
අකුරැස්සේ සිද්දිය..මෙයා කියවලා කරගත්ත එකක්..(ර)
ජනතා ආකර්ෂණය සහ විකර්ෂණය ඇති නැති වෙනසද (බ)
බලාගෙන ගියාම කෞතුකාගාරේ තිබුන රාජසිංහ රජ්ජුරුවන්ගේ කඩුව හොරා කාපු ඒ හොරාට දෙවැනි වෙන්නේ නැහැනේ මේ මුදු හොරා? කම්බ හොරු තමයි ඉන්නේ හැම තැනම? (බ)
ටෝයියෝ ටික මේ සිදුවීමෙන් මහින්ද මහත්තයට ඡන්දෙ නොදී ඉන්න තීරණය කරලා.එතුමාට එ්කෙන් ගොඩක් පාඩු වේවි..බයියෝ ටිකට මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන දෙවතාවක් හිතන්න ඉඩක් ඉතුරු කරලා..ඒකනම් එතුමාට වාසියක් වේවි...(බ)
ජනතාව නොදන්නා වශී බෝල ....(ම)
මම මේ වීඩියෝ ක්ලිප් එක රාමුවෙන් රාමුවට බැලුවා. සමහර විට කැමරාවට අසු නොවුන දෙයක් සිදු වෙන්නත් ඇති. කෙසේ උනත් ජන්ම ගති නෑරේ කියලා තමා කියන්න තියෙන්නේ . (ර)
රජීව් ගාන්ධි ලංකාවට ආපු වෙලාවේ නාවික හමුදා සෙබළාගෙන් බේරෙන්න කරපු ආරක්ෂණ ක්‍රියාවලියයි මේ සිද්ධියයි එක සමානයි කියලයි මට හිතෙන්නේ. (බ)
රටක් ලෝකයක් වටින නායකයෙක්..හෑල්ලුවෙන එකනම් හරිම දුකයි...මේවට වග කියන්න ඕන පෙරමුන කාපු විමල්ලා....(බ)
මොනා වුණත් ඒ මනුස්සයාට ගහන්න ගිය එකෙන් තේරෙන්නේ මෙතුමා නැවත වතාවක් රාජ්‍ය පාලනයට නුසුදුසුයි කියන එකයි. (අ)
මහින්ද මහත්තයා නැත්නම් අද රටක් නැහැ
ආත්ම ආරක්ෂාවට ගැහුවත් කමක් නැ, අනිත් මහත්තයානම් ගුටිකාලා එයි ,කොන්ද පන තියෙන පිරිමියෙක්. (ම)
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ. (ර)
පක්ෂය කුමක් උවත් රට බේරගත්ත නායකයට අද දීලාතියන ආරක්ෂාව.? (ර)
රට බේරගත්ත අයට අරකෂාව නිකම්ම ලැබෙනවා .අලුතෙන් දෙන්න දෙයක් නැහැ . (ර)
ඇඟිලිවල ව්‍යායාම් සඳහා එම බෝල පාවිච්චි කරනවා (හේ)
ආරක්ෂකයින් 200ක් මදිද? (අ)
පිරිමිකම සහ නිර්භීතකම! වයසට ගියත් ඕනෑවට වැඩිය ආවොත් අතින් පයින් වුණත් ඔට්ටුයි කියන එක තමයි මහින්ද පෙන්නුවේ.ඒක පිරිමිකම. නිර්භීතකම. මහින්ද කොන්ද පණ ඇති පිරිමියෙක් නිසා අතින් අදින කෙනාගෙන් ගැළවෙන්නට ක්ෂණිකව පහරක් එල්ලකරන ලෙස හඟවා සතුරා බියගන්වා තත්වය පාලනය කරගත් අපුරුව අනෙක් අයට ආදර්ශයකි. (නි)
ආරක්ෂාවට දීල තියෙන දේවල ලිස්ට් එකක් තිබුණා. තව මදිද? (අ)
පිටකොටුවේ වෙළඳපොළේ වෙළෙන්දා ඔවුන් රට පාලනය කළ අවුරුදු 10දී හිටියේ නිදා ගෙනද? ඒ කාලේ ඔවුන් තමන්ට සහ තම සනුහරේට ස්වර්ණමය යුගයක් බිහිකරගෙන සිටි බවත් දැන් මේ පවසන්නේ අගෝස්තු 17 වැනිදායින් පසු නැවත ඒ තමන්ට සහ තම සනුහරේට නැතිවී ගිය ස්වර්ණමය යුගය උදා කර ගන්නා බවත් මේ මෝඩ පිටකොටුවේ වෙළඳපොළේ වෙළෙන්දාට නොවැටහෙන්නේද? (අ)
ඔහුත් ඇට, මස්, ලේ වලින් හැදුනු පෘතග්ජන මිනිහෙක්.(හේ)
ඇලඩින්ගේ මුද්දද දන්නේ නැ (ම)
මහින්ද මහතා කොන්ද පණ ඇති නායකයෙක්. (නි)
ආරේ ගුණ නෑරේ.(හේ)
ආරේ ගුණ නෑරේ.(හේ)
මේච්චර විශාල මුදු තොගයක් පැළඳ ගන්න මේ මනුස්සයට කොහෙන්ද මෙච්චර සල්ලි කන්දරාවක් ලැබුනේ ? බලාගෙන යනකොට ජනාධිපති පුටුව සල්ලි උනන ආකරයක් වගෙයි. (අ)
ඉදිරියට මීටවැඩිය දේවල් බලාගන්න පුළුවන් වේවි (නි)
අනේ සිරි සිරාවටම කියන්නේ. එදා රජීව්ගේ මුහුණේ ඉරියව් හා අද මහින්දගේ මුහුණේ ඉරියව් හොදට බැලුවා නම් මොකෝ. කොහොමද රජීව්ගේ තිබුණ තැති ගැනීම හා මහින්දගේ තිබුන කෝපය හා ද්වේශයෙන් මුහුම ගිනි ගැනීම. වේදනාව එකේ ගෑවිලවත් නැහැ නේද. ඕක තම ඇත්ත. කෝපය හා ද්වේශය පුපුරා යාම ඉස්සරහට බල ගත්තහැකි (අ)
අපි මැරිලා ඉපදුනේ නැහැනේ (අ)
අපගේ ගම් ප්‍රදේශයේදී සිදුවෙච්ච මේක හොඳින් විග්‍රහ කරලා බැලුවොත් කියන්න තියෙන්නේ මහින්දගේ රැස්වීම් වලට එන්නේ මහින්දට ආදරය කරන මිනිස්සු .දැක්ක නේ මිනිස්සු ඔල්වරසන් දෙන හැටි. ඉතින් එහෙම මිනිස්සු මහින්දට හිරිහැරයක් කරන්න උත්සාහ කරා කියල හිතන්න බැහැ. මේ පුද්ගලයා හිරිහැරයක් කරන්න හැදුව නම් අනිවාර්යයෙන්ම සංවිධානාත්මක දෙයක් වෙන්න ඕන. (අ)
ඇඟිලි වියායාමයට වොලීබෝල් ගැහුවානම් හොඳයි නේද? (අ)