මහින්ද රාජපක්ෂගේ පිළුණු වූ සුප් හැලියට වඩා මෛත්‍රී රනිල් කැඳහැළිය හොඳ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ කැඳ බෙහෙවින් ගුණදායක ඖෂධීය පානයක් බවයි.
‘කැඳ කොච්චර හොඳද? මහින්දගේ පිළිණු වූ සුප් බොනවට වඩා කැඳ බීම බොහොම හොඳයි.‘ යනුවෙන් ඔහු කීවේය.
බොදු බල සේනාවේ ගලබඩඅත්තේ ඥාණසාර හිමියන් ගැන සිංහල උපමාවකින් පිළිතුරු දුන් ෆීල්ඩ් මාෂල්වරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ඒ හිමියන් කළ ප්‍රකාශය පිළිතුරු දීමට තරම්වත් නොතරම් දෙයක් බවයි.
‘ඒ හමුදුරුවන් කළ යුත්තේ බෝධියක් යටට ගොස් බණ බාවනා ටිකක් කර ගැනීමයි.‘
යුද සමයේ උතුරේ කොටි බැංකුවෙන් අත්අඩංගුවට ගත් රන් කිලෝ 220ක් ලේඛණ ගත කර යුද හමුදාවෙන් රජයට බාර දුන් බවත් එහෙත් දැනට රටේ ද නැති හිටපු ඇමැතිවරයකු කියා ඇත්තේ රන් කිලෝ 110ක් රජයේ ඇති බවත් කීවේය.
‘මේ ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ ගැන පැමිණිල්ලක් ඕනෑ නම් මටත් කළ හැකියි.‘
ගිය රජයේ වංචා දූෂණ හොර මැරකම් ගැන පරීක්ෂණ සිදුවන ආකාරය ගැන ඔහු නොසතුටු පළ කළේය. ඒවා කඩිනම් විය යුතු බව ඔහු කීවේය.
‘මට තියෙන ප්‍රශ්නෙත් මේ හොරුන් ගැන රජය ඉක්මණින් ක්‍රියා නොකිරීමයි. ඇතැම් නිලධරයන්ගේ උදාසීනත්වය ඊට හේතුවයි.‘
තම මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන් පැනවූ නඩුවේ දී නීතිපති ක්‍රියා කළ ආකාරය ගැන ඔහු සිය අප්‍රසාදය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කෙසේ උනත් මාෂල් අයියා වැඞක් කරගත්තා (බ)
ලංකාවේ විහිළුකාරයෝ දෙන්නයි (බ)
එහෙමට අපහාස කරන්න එපා. සරත් මහින්දගේ ගෝල කට්ටිය උනාට රටේ වීරයන්ට අපහාස කිරීම හොඳ නැහැ (බ)
දැන්වත් ඔය වෛරය අයින් කරන්න.මොන දේ වුනත් හිටපු ජනපති රට ජාතිය නිදහස් කරපු නායකයෙක්.කැද හැලිය දැන් නම් රස නැති බව දැනෙනවා (බ)
මං කිව්වේ ෆොන්සේකා මහතා මුලින් යුද වීරයෙක් වුණත් සුදු කොඩි කතාවෙන් රටට ද්‍රෝහී වී හිරබත් ද කෑ බවත් පසුව මේ හලාහල විසැති කැඳ හැලියට අත ගසා ෆීල්ඩ් මාර්ෂල් පට්ටමක් ගෙන එය පසසන බවත්ය. එතුමාගේ වීරකම් සේම ද්‍රෝහිකම් ද ප්‍රසිද්ධියේ කෙරුණි (බ)
චතුරි, මහා බැංකු වංචාව තවම ඔප්පු වෙලා නැහැ අනේ. ඒ නිසා අපි දැක්ක වගේ ඒ ගැන කතා කරන්න හොඳ නැහැනේ. ටිකක් ඉඳලා බලමුකෝ. (බ)
නාවික හමුදාපතිගේ 'අධිෂ්ඨානය' කියවන්න. මොහු දක්ෂ නායකයෙක් වුවත්, ඔහු කරපු දේවල් දැනගන්න පුළුවන්.(බ)
මුදියන්සේ මහතාණෙනි, ආඬි හත් දෙනාගේ කතාව මෙතනට ගන්න වෙන්නේ සංශෝධනයක් ඇතිවයි. මේ යහපාලන කැඳ හැලියට ආඬි හයදෙනයි කියලා තමයි අපි නම් අහලා තියෙන්නේ. (බ)
මට තේරෙන්නේ නැහැ සුප් හා කැඳවල වෙනස මොකක්ද කියලා. කවුරුත් සුප් බිලා කටුත් සුප්පු කරලා තමයි ඔහොම කතා කරන්නේ.(නදී)
නුපුරුදු දීගයට වඩා සුපුරුදු කනවැන්දුම හොඳා කියලා පබාවතීත් කියලා තියෙනවා (නදී)
ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මතකද? එක් කෙනෙක්වත් හාල් ටිකක් දැම්මේ නැහැ.නමුත් පොරකාගෙන තමයි කැඳ බොන්න ආවේ.අහලා නැත්නම් ඒ කතාව පොඩි ළමයෙකුගෙන්වත් ඉගෙනගන්න.මහින්ද මහත්මා ළඟ තියෙන්නේ කැඳ වැඩ නොවෙයි. (නි)
ෆොන්සේකාට කැඳ බොන්න ඕනෑ නම් ඔන්නොහේ බීපුදෙන්.. බීපුදෙන්....ජනතාවගේ නායකයා නම් ඔන්න මලේ බඹරු වගේ පිරිවර ඇතිව අලුත් අවුරුද්දේ කිරිබත් කනවා! (බ)
පිළුණු වුනත් සුප් එක හොද බව දැන් රටටම තේරිලා ඉවරයි. යහපලානේ කැද හැලියක් වෙලා ගොඩක් දවස් මෙහෙම් ගියොත් ලගදීම උතුරට යන්න වීසා ගන්න වෙනවා. මෙයා අවොත් වෙන්නේ අච්චාරු හැලියක්. (නදී)
අනේ මගේ කට! ආඬි හත්දෙනාගේ කැඳ හැලිය හොඳයි කියන්න තරම් අපිට අව්‍යශතාවයක් නැහැ (නි)
අනේ ෆෝන් සේකා මහත්තයෝ, ජනාදිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි අනිත් දෙන්නව හලලා මෙයා තනියෙන් උඩට ගියා. කැඳ හැලියෙන් තරුවක් ලැබුනම කැඳ හැලිය හොඳයිලු. ප්‍රතිපත්තියක් නැති මිනිසුන් මේ මහා පොළවටත් බරක්. (නදී)
ඔබ නම් දියසේන කුමාරයාම තමා. අඩුපාඩු පෙන්නා ඉදිරියට යහපාලනය කල යුතුයි. (නදී)
මේ ෆොන්සේකාතුමා ත්‍රිවිධ හමුදාවේ අනිත් හමුදාපතිවරුන් සමඟ අත්වැල් බැඳගෙන හිටපු ජනපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ යුද ජයග්‍රහණයට දායක වී රජයෙන් ගරු සම්මාන ලැබුවත් පසුව හිරබතුත් කෑවා. දැන් මේ කැඳ හැලියට පසසන්නේ ඇයි? (නි)
මොනවකලත් පසුගිය රජය උතුරේ ජනතාවගෙන් කොල්ලකපු රත්තරන් කිලෝ 350 මොකද උනේ කියල ඉක්මනට හොයල බලන්න මට තියෙන ප්‍රශ්නෙත් මේ හොරුන් ගැන රජය ඉක්මණින් ක්‍රියා නොකිරීමයි. ඇතැම් නිලධරයන්ගේ උදාසීනත්වය ඊට හේතුවයි හරි එක ඇත්ත.මේ හැමදේකට පිළිතුරු ජනතාව බලාගෙන ඉන්නේ බොරු චින්තනයක් පෙන්නල අපිව මුලා කළා (නදී)
වැදගත් විදියට දැන් ඉන්න ඕනෑ. 'කලවැද්දා' කතා එහෙම කියනවා නෙමෙයි හොඳේ. ඕන් කිව්වා... (නි)
ඔබ තුමා හරි. අපි මෛත්‍රී මැති තුමාගේ වැඩ පිළිවෙල අනුමත කරනවා. හොරුන් එලවා උගත් තරුණයින්ට තැනක් දෙමු. සහාග ආණ්ඩුවක් රටට හොඳයි.(නදී)
රන්ජනී 2015-04-12 15:02:46, ඔයාට ගණන් බැරිද මෙයා? දැන් ෆොන්සේකා මහත්තයත් කියන්නේ රත්තරන් කිලෝ 220 හම්බවුනා නමුත් සදහන්වෙලා තියෙන්නේ කිලෝ 110විතරයි කියලනේ. එතකොට අඩු 110 විතරයිනේ. ඔයාලවගේ කට්ට්ය ඉන්න කම් මේ යහපාලන නඩයට හොදට මුලා කළහැකි.(බ)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා වාගේ කෙනෙකු රටේ නායකයා වීම අපේ බලාපොරොත්තුව , එනිසා ඔබ වෙනුවෙන් අපි සිටිමු (බ)
අවුරුදු ගණනාවක් තිස්සේ අඛණ්ඩව වැඩුණු අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා. විශාල පිරිසකට අවුරුද්දටත් කන්න වෙන්නේ පස්. කොටින්ට බඩ පිනුම් ගැසීමට හැකිවනු පිණිස උතුරෙන් හමුදා ඉවත් කරගනිමින් පවතී. අල්ලපු රටේ ලොකු අයියා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන්න අණ දීලා ගියා . දැන් ලොකු තුමා ලජ්ජා නැතිව යුද අපරාධ විමර්ශනයට අමෙරිකාවෙන් උපදෙස් ඉල්ලනවා. මෙහෙම ගියොත් රටට කුමක් වේවිදැයි දෙවියොත් නොදනිත්!මේ හලාහල විස සහිත කැඳ හැලිය අනේ අපට නම් එපා එපාමයි! (බ)
මෙතුමා දැන්නම් හරිම විහිළුකාරයෙක් වෙලා. දැන් බොන සුප් එක රස ඇති. (නි)
කැඳ හැලියට අතගහලා ලැබුණු දේවල් අනුව කැඳ හැලිය නරකයි කියයිද (නි)
මාෂල් සර් මොනාහරි කෑවනම් හොඳයි කැඳ බොන්න පිළුණු කන්න පිස්සුද ? (බ)
මහින්ද ඔබව යුද හමුදාපති නොකරන්න ඔබට ඔය කිසිවක් ලැබෙන්නේ නැත (බ)
ලියන සමහරුනම් සරඹ පන්තියක්වත් හිටපු නැති අය වගේ. මෙතුමාට අගෞරව කරන එක ඉතාම නින්දිතයි (බ)
අධි ආරක්‍ෂිත කලාප ගලවන කොට ....සාම්පුර් ආපහු දෙනකොට....යූඑන් එකට ඕනේ විදිහට අපේ හමුදාවේ නිලදාරීන් එල්ලුම්ගස් යවන්න හදනකොට වමන්කුමරගේ පිළිරුවත් කුනුබක්කියකට දාන තැනකට හදනකොටත්....යුද්ද කරන්න ඕනේ හරකෙකුටත් කරන්න පුළුවන් කියපු හරක් කරට ගන්නකොටත්....මම අලුතෙන් තරු එල්ලගන්නකොටත් මේ කැද හැලිය හොදයි නේන්නම් (බ)
ගලබඩ හිමියන්ට උපදෙස් දෙන්න මාර්සල්ට පුලුවන්ද ? ඔබත් දැන් 60 පැනල නේ. නරකද බෝධියක් යටට වෙලා සිල් ගන්න හිතුවනම් . (බ)
සිංහලයා හරිම ගුණමකු ජාතියක්. වාසියේදී අම්මා තාත්තාත් පාවාදී බොරුව ඇත්ත කර ඇත්ත බොරුව කර, තම වාසියට කටයුතු කරනවා. මහින්දලාට හොරු යැයි පවසන අයගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් දේශපාලනයේ හොර ලේබල් ගැසූ කී දෙනෙකුගේ හොරකම් ඔප්පුකර තිබෙනවාද? ඒ නිසා අපි මේ හොරුන්ගෙන් රටට යමක් කළ හොරු හා කිසිත් නොකළ හොරු වෙන්කර හඳුනාගත යුතුයි. (නි)
හොඳයි අපි කරලාම බලමුකෝ! (නි)
ඔයාලගේ සුප් එකෙන්වත් කැඳ වලින්වත් රට ඉන්න අපිට සෙතක් නැහැ.(නදී)
කැඳ හැලියට අතගහලා ලැබුණු දේවල් අනුව කැඳ හැලිය නරකයි කියයිද කවදාවත්? (නි)
මාෂල් තනතුර ලැබිම සතුටක්. නමුත් තනිවමද යුද්ධ කළේ ? ඔතනට එන්න උදව් කළ අයට ස්තුති කරන්න. (නි)
එයා ගැන නම් කතාකරලා වැඩක් නැහැ. වචන අපරාදේ (නි)
අබේරත්න, ඔහු හමුදාපති නොවුණා නම් අදටත් යුද්ධය තිබෙන්නත් පුළුවන් නේද? අනිත් අතට කියනවා නම්..නිකම් කටට ආවට කියවන්න එපා (නි)
අබේරත්න -ටෝකියෝ, මහින්දව ජනාධිපති කළේ මහජනයා වන අපිම වුණත් ඊටපස්සේ තමයි වැඩ වරද්දා ගත්තේ (නි)
නමුත් උතුරුකරයේ සිදුවෙන සමහර දේවල් කොහෙත්ම අනුමත කළනොහැක. (නි)
ඇයි තනිවම ඡන්දය ඉල්ලන්නේ? (නි)
අවසාන මානුෂීය මෙහෙයුමේ සිටි සරත් ෆොන්සේකාට අපේ ලොකු ගෞරවයක් තිබෙනවා. දේශපාලනයට පැමිණියාට පසු එතුමා හැසිරෙන ආකාරය ගැන නම් අපිට තිබෙන්නේ හරිම අකමැත්තක්. (නි)
අපිට නම් අව්‍යශ නැහැ කැඳවත් සුප්වත් බොන්න. හොඳට කනවා මිසක් (නි)
රටක දේශපාලන නායකත්වයක් නැතුව තනිවම යුද්ධ කරන්න පුලුවන්ද? ඉන්න අය කැඳ හැලියෙම ඉන්න.මහින්ද පෙරහරේ යයි.මහින්ද නොහිටින්න ඔය කාටවත් කාවවත් මතක නැහැ. (නි)
කවුරු කවුරුත් මේ හැමදේම කරනනේ ලංකාවේ දුප්පත් ජනතාවගේ මුදල් සමඟ නේද? (නි)
ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් අනුව එයා තමයි සුදුස්සා. ඒකයි එයාට හමුදාපතිකම ලැබුනේ (නි)
අපි නම් ඔය ජාති දෙකටම කැමති නැහැ (නි)
කෝලිත ඇතුළු කට්ටියට කියන්නේ, ගුණමකු වෙන්න එපා ඔයාලගේ දේශපාලන පක්ෂ වලට තිබෙන ලැදියාව නිසා. අපිට නායකයෝ හැටියට ඕනෑ ලෝකයම පිළිගත් අය. දැක්කනේ අර එංගලන්ත සංචාරකයාව දුෂණය කරලා පෙම්වතා මරපු එක.ඒකට නඩුව අහන්න අවුරුදු දෙකක් ගියා.එනිසා දවස් සීයෙන් ගොඩක් දේවල් කරන්න බැහැ නමුත් ප්‍රමාදවෙලා හරි හොරකමට වංචාවට දුෂණයට දඬුවම් ලැබෙනවාමයි . (නි)
දෙසිය විස්ස හරියටම දුන්නද? කවුරු හරිද කියලා කවුද හරියටම දන්නේ? තව තව නාටක ඉදිරියට ඒවි. (නි)
හ්ම් හ්ම්... ඒකත් එහෙමද? (නි)
රට කඩාවැටුනේ කවුරු නිසාද කියලා අපි දන්නවා. සමහරු පපුවට අත තියාගෙන, අනිත් අතින් රටේ මුදල් හොරෙන් ගත්තා. මෙතන තිබෙන අදහස් වලින් පෙනෙනවා දැනීමේ තරම. (නි)
පද්මිණි වලිගය පාගාගෙන. කොහෙද යන්නේ මල්ලේ පොල් කිවලු. අනේ පද්මිණි ගේ ටිකිරි මොලේ (බ)
වැඩේ වරදා ගත්තේ කවුද කියල අනුරට වැඩි කාලයක් යන්න පෙර වැට හේවි . (බ)
මොනවා වුණත් ඔබතුමා දේශපාලනයට නම් ගැළපෙන්නේ නැහැ (නි)
සේරටම කලින් බැංකුවේ වංචාව විසදිය යුතුයි.යහපාලනය ආදර්ශවත් විය යුතුයි. (ම)
හරියට හරි කෝලිත, තවම අපේ අයට තේරුනේ නැහැ. තේරෙනකොට අස්සයා ඉස්තාලෙන් පැනලා ගිහින්. (නි)
රටට හෙණ ගැහුවත් බඩට කැඳ වැටෙනවා නම් අපිට මොකද නේද?(නි)
රත්තරන්. කිලෝ. 110 සද හිරු සෑයට නිදන් කරලා කියනවා නේද? (නදී)
කවුරු කවුරුත් ඔය මොනවා කිව්වත් අපි දන්නවා රණවිරුවන් හැටියට ෆොන්සේකා මහත්තයා කොහොමද කියලා. ඇයි දන්නවාද එතුමනේ එදා යුධ හමුදාපති හිටියේ. දැන් හිතින් යුද්ධ කරපු යුධ හමුදාපතිටත් අපේ සිංහලයින් හොදට මඩ ගහනවා සිංහලයාගේ පුරුද්දනේ (නදී)
යුද හමුදාපති වශයෙන් මේ රට සිංහලයාගේ රටයි පැවසු මහා සෙනෙවියානන් එදාම ඔබ වෙනුවෙන් ඡන්ද සටනට පිවිසියේ මගේ ඥාති මිත්‍රාදීන්ටද තර්ජනය කරමිනි. ඥානසාර හිමි සියයට සිය යක් හරි නැති බව ඇත්තකි. එහෙත් ජාතික ආපදා වලදී මේ රටේ සංඝරත්නයත් පෙරමුණ ගෙන ඇත. හිටපු ජනපතිගේ සුප් එක පිළිණු වුයේ යුද්දය දිනීමෙන් පසුවයි. යුද්දයට පෙර එතුමා සමග ඔබ සහබාගි වූ විද්‍යුත් නාලිකා සාකච්ඡා මතක් කර ගන්න. දෙවන වර ජනපතිවීමෙන් පසු එතුමාගේ සුප් එක පිළිණු වෙන්නට පටන්ගත් බව සැබවි. එදා ඔබ සිරගෙට නියම වූ ද ඔබ හා සමානවම මමද කනගාටු වුයෙමි. නමුත් මේ කැද හැලිය දන්මම් පිළුණු වීමට පටන් ගෙන ඇත. උතුරු පළාත් සහ නැගෙනහිර පළාත් වල රණවිරුවන් විසින් පවත්වාගෙන ගිය හෝටල් වලින් ලැබුණු ආදායමෙන් වැඩි හරියක් වැය කලේ රණවිරුවන් වෙනුවෙනි. නමුත් එදා කොටි සහායකයන්ගේ ඉල්ලීම අනුව, එම හෝටල් ටෙන්ඩර් කැඳවීමෙන් පසු මුදල් උපයන්නේ කොටි ආදෙර කරුවන් නේද? එමෙන්ම රතු චීවරදාරියෙකු හසලක වීරයාගේ පිළිරුව එතනින් ඉවත් කරන ලෙසට ඉල්ලා ඇත. එයත් එසේ සිදු වුවහොත් මේ කැඳ හැලිය දැන්මම පිළිණු වීමක් නොවන්නේද? මේ සිංහල රටයි කියන්නට දේශපාලකයන් අතරට ඔබ තුමාද එක් නොවන්න (නදී)
රටේ ඒකීය භාවයට තර්ජන එල්ල වෙමින් පවතිනවා. ආර්ථිකයේත් සැලකිය යුතු වර්ධනයක් නැහැ මෙතුමා තව තවත් බලය ලබාගන්නට කල් යල් බලනවා (නදී)
කොහොමත් මහින්දගේ පරණ සුප් එකෙන් තමා ඔය මාෂල් පට්ටම ගැහෙව්වේ (නදී)
ඉස්සෙල්ල ආව කන් දෙකට වඩා පස්සේ ආව අන් දෙක ලොකු වෙලා (බ)
සුමේද නෝනා/සුමේද මහත්තය ඔබ වගේම ,සමහරවිට ඔබටත් වඩා මම එතුමාට ගරු කරනවා.මම මේ කිසිවකුගේ දේශපාලන සහයකයෙකු හෝ මේ කිසිවෙකුට ඡන්දය නොදෙන අයෙකු බැවින්.නමුත් හිටපු ජනපතිගේ සුප් එක වගේම,එතුම වටාසිටි අය සහ එජාපයේ සමහර දුෂිතයන්ද වට කරගෙන කරගෙන යන මේ කැදහැලිය වඩාත් සිංහයන්ට තර්ජනයක් වෙන බවක් පෙනෙනවා. මෙතුමා ප්‍රවේශමෙන් වචන පාවිච්චි නොකළහොත් සමහරවිට මෙතුමාගේ පක්ෂයෙන් මෙතුමාම පමණක් දිනාවි. එයට හේතුව තවමත් මෙතුමාට ගෞරව කරන ඔබ,මම මෙන්ම තවත් පිරිසක් සිටින නිසා.මොකක්ද මේ රටේ සිංහල බෞද්ධ අයිතිය ගැන දේසපාලන පක්ෂ වලට සහය ඇතිව හෝ කතාකරන හාමුදුරුවරුන්ට බෝධීන්වහසේලා ළඟට යන්න කීම ,රට ජාතිය අමතක කර බණ භාවනා කරන්න කීම එපමණ ගුණ දායක නැහැ හරියට අර මුගටි කතාව වගේ. (බ)