වාහන තුනක් අතුරුදන් වීයැයි සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක රුපියල් 25000ක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
අතුරුදන් වී තිබුණු බව කියන වෙඩි නොවදින බෙන්ස් රිය හිටපු අගමැති නිල නිවස වූ විසුම්පායේ ගරාජයක ද, ජිප් රිය කොහුවල පෞද්ගලික ගරාජයක ද තිබී හමු වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
අතුරුදන් වූ බව කියන යතුරු පැදිය හමු නොවූ බවත්, එය විනාශ වන්නට ඇතැයි සැක කරන බවත් කියැවිණි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත් සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලට යනවා ටික දවසකින් එළියට එනවා.(හේ)