මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඔහුගේ භාර්යාව ඇතුළු පවුලේ සාමාජිකයන් නව දෙනකුගේ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 80ක ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලිසියට දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම බැංකුවලට අද නියෝග කළේය.
ගිය රජය කාලයේ ගාමිණී සෙනරත් අයතා ලෙස මුදල් උපයාගෙන ඇති බලට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේය.
මුදල් විශුද්ධිකරන පනත යටතේ මෙම පැමිණිලි ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස තුනකටත් වැඩියේ එකම බයිලා එක අහල අහල එපා වෙලා දැන්. අගමැති තුමා විතරයි හරියට කියල තිබුනේ මහින්ද අවුරුදු 10 කින් කරන්න බැරිවුන දේ අපි දින 100 යක් යන්න කලින් කලා කියල. බැලුවහම වරදකුත් නැහැ කියමනේ. මහා බැංකුවට කැරකිලා වැටෙන්න ගේම දුන්න නේ. බොසා කෙස් එකෙනුත් බේරුවනේ. තමන්ගේ ඇහේ තියන පොල් පාරලේ පෙන්නේ නැහැ අනුන්ගේ ඇහේ තියන කබ ගුලිය හොයන ජාතිය.(අ)
මේවා කාගේ සල්ලිද කියලා මහජනතාව දන්නවා. උඩ දෙවියන් ඉන්නවා, බලාගෙන පරිස්සමෙන්! (නි)
පිටබැද්දර ජයෝ, ඔය සල්ලි පිල්ලි ගහනකොට දෙවියෝ හිටියේ කොහේද? (නි)
දෙවියෝ බලාගෙනයි ඉන්නේ. දැන් ඉඳලා ආත්ම ගානක් ගත්ත ඒවට ගෙවන්න වෙයි. (නි)
තාම නටපු තොවිලෙකුත් නැහැ-පමණි බෙර සද්දේ (නි)
බැංකු ගිණුම් 80ක්? මගේ අම්මෝ මොකටද මෙච්චර ගිණුම්? (නි)
මේ වෙනසේ කෙරුවාව දැන් දැන් රටේ සියලුම ජනතාවට ඉතා හොඳින් තේරුම් යමින් තිබෙනවා. පැහැදිලි අරමුණක් නැතිකම තුළ රටම අන්දමන්ද වෙලා. රටේ ස්ථාවරත්වය ගිලිහී අරාජික වේදැයි බියක් අප සිත් තුළ පවතී. (නි)
ටෙනිසන් දෙයියොත් බයවෙලා හිටියේ සුදු වෑන් නිසා. (අ)