‘මහින්දගේ පරාජය නළලේ කොටලා ඉවරයි. ඔහුට අගමැති වෙන්න බලයක් නැහැ. සන්ධානය දෙකට කැඩිලා. ගම් මට්ටමින් ඡන්දය ඉල්ලන්නේ දෙකට බෙදිලා. සන්ධානයේම සමහරු ප‍්‍රසිද්ධියේ කියනවා අනෙක් පාර්ශ්වයට ඡන්දය දෙන්න එපා අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය වෙලා කියලා. ඒ නිසා දැන් පාක්‍ෂිකයින් විකල්පයක් ගැන හිතමින් ඉන්නවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
‘අපි පක්‍ෂයක් විදියට මේ මැතිවරණයට පූර්ව සූදානමක හිටියා. ඒ නිසාම මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට විවිධ සිවිල් සංවිධාන විශාල ප‍්‍රමාණයක සහාය ලැබී තිබෙනවා. ඔවුන් සෘජුව අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, වෘත්තිකයින්, නියෝජනය කරන අගෝස්තු 17 ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදෙන ලෙසත් ජවිපෙ පාර්ලිමේන්තුවේ බලය වැඩිකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම කලාකරුවන් නියෝජනය කරන අලූත් පරපුර සංවිධානය ජවිපෙට සහාය පළකර තිබෙනවා. දිනෙන් දින සිදුවන මේ වර්ධනය දරාගත නොහැකි විරුද්ධවාදීන් කලබල වෙලා ජවිපෙට අවලාද, බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා. අපිට එරෙහිව කූට ලේඛන හදනවා. අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විකෘති කරමින් ව්‍යාජ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ හදනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අතරේ බොරු ප‍්‍රචාර යවනවා ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ප‍්‍රතිපත්ති හදලා කියලා. ෆේස්බුක් හරහා අපේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් සහෝදරයාගේ ව්‍යාජ අත්සනක් යොදලා අපේ පක්‍ෂය විසින් තානාපති කාර්යාලවලින් මුදල් ලබාගැනීමට ලිපි හුවමාරු කළා කියලා ප‍්‍රචාරණය කරනවා. මේ විදියට අවලාද ගහන්නේ ජවිපෙ දිනෙන් දින ශක්තිමත් වෙන නිසයි‘ යැයිද විජිත හේරත් මහතා පැවසීය.
මැතිවරණයට ඉදිරිපත්වන සියලූම අපේක්‍ෂකයින් සිය වත්කම් බැරකම් මැතිරවණ කොමසාරිස්ට ලබාදිය යුතු වන අතර මේ වනවිට වත්කම් බැරකම් ලබාදී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂක කණ්ඩායම පමණක් බවත් එහිදී ජවිපෙ ප්‍රචාරක ලේකම් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ.ජා.ප යට මුක්කුවක් ගහගෙන උදේ ඉදල රැ වෙනකල් මහින්ද මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් නැහැ. රට කරන්න දුන්නොත් හොද අච්චාරු හැලියක් වගේ තියෙයි. රටක් කරන්න තියන සුදුසුකම් මොනවද එකවත් පැහැදිලි කළොත් හොදයි. කියයි වැඩවර්ජන මෙහෙයවල බිලි දීල තියනවා. උසස් අධ්‍යාපනේ කලා අන්තිමට නැතිකරලා තියනවා. 71, 88-89 පුළුවන් තරම් තරුණයන් බිල්ලට දීල තියනවා. මේවද රටක් කරන්න තියන සුදුසු කම්. (අ)
අපට කියන්න සෝමවංශ ජේවීපී එකෙන් අස්වුණේ ඇයි කියලා? (නි)
පොදුවේ ගත්තහම විනය සහ සංවිධාන ශක්තිය අතින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් සිටිනවා , හොරකම සහ දුෂණ චෝදනා ඔවුන්ට නෑ.මේ හේතු නිසා පර්ලිමේන්තුවේ යම් බලයක් ඔවුන්ට ලබාදීම රටට හිතකරයි . (අ)
ලන්ඩන් වල ඉන්න ලොස් ඇන්ජලිස් වල ඉන්න කට්ටියනේ බැලුවම මහින්ද මහත්තයව අට වෙනිදා ගෙදර යවල තියෙන්නේ. ඒක හරි ඉතින්. මේ රටේ මිනිස්සු ඇත්තටම එතුමාව යැව්වා නම් අද මේ කට්ටිය මහින්ද භීතිකාවෙන් ඇදුම් තෙමාගෙන දඟලන්නේ නැහැනේ. බොරුවෙන් වංචාවෙන් මුදල් බලෙන් කරන දේවල් වලට ආයුෂ අඩුයි..2002 අවුරුදු දෙකයි..මෙදා මාස හයයි..රතු අලි පැටව ටිකටත් එක්කම 17 වෙනිදට යහපාලනෙට අපි සුදු කොඩි දානවා..ජනක මහත්තයත් ඇවිත් කොඩියක් දාන්න..(අ)
මහින්ද ඇතුළු පාර්ශවය රටේ මහා ජනතාවගේ මුදල් අවබාවිත කල බව ඔබතුමන් ඇතුළු කණ්ඩායම චෝදනා කරනවා. ඔබතුමාලගේ මැතිවරණ ප්‍රතිපති ප්‍රකාශය එලි දැක්වීමේ උත්සවය රාජ්‍ය මාද්‍ය ආයතනයකින් විකාශය කිරීමට ඔබතුමන්ලා එම ආයතනයට පැය 2 මිනිත්තු 30ක් සදහා රුපියල් ලක්ෂ අටක් ලබාදුන් බව පැවසුවද , සාමානයෙන් තත්පර දහයක දැන්වීමක් සදහා රුපියල් ලක්ෂ හතරක මුදලක් අය කරනු ලැබේ. මා දැනුවත් ආකාරයට එම ගනුදෙනුව සදහා සියයට අසුවක වට්ටමක් ලබාදුන් බව පැවසේ. ඇත්තටම සිදුවී ඇත්තේ නිත්‍යානුකුලව මහජන මුදල් වංචා කිරීමක් (බ)
සමහරු ගැන පව් කියලා හිතෙනවා.හිතාගෙන ඉන්නේ මේ 60/70 දශක කියලද? (නි)
අන්න හරි ඇසළ. ඕකම තම අපිටත් කියන්න තියෙන්නේ. (බ)
ලන්ඩන් වල ඉන්න, ලොස් ඇන්ජලිස් වල ඉන්න කට්ටියනේ බැලුවහම මහින්ද මහත්තයව අට වෙනිදා ගෙදර යවලා තියෙන්නේ.ඒක හරි ඉතින්.මේ රටේ මිනිස්සු ඇත්තටම එතුමාව යැව්වා නම් අද මේ කට්ටිය මහින්ද භීතිකාවෙන් දඟලන්නේ නැහැනේ.බොරුවෙන් වංචාවෙන් මුදල් බලෙන් කරන දේවල් වලට ආයුෂ අඩුයි.2002 අවුරුදු දෙකයි.මෙදා මාස හයයි.රතු අලි පැටවු ටිකටත් එක්කම 17 වෙනිදට යහපාලනයට අපි සුදු කොඩි දානවා. (නි)
අලි ඡන්ද සීනුවට ලබා ගැනීම මහත් අමාරු වැඩක්, මහින්ද නැවතත් කරලියට පැමිණි නිසා කල කිරුණු සිත් ඇති නිල් ඡන්ද මහත් සේ පන ලබා ඇති සේ පෙනෙන නිසා වඩාත් බලාපොරොත්තු සුන් වුනු දේශපාලන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එයට හේතුව යම් ලෙසකින් මහින්ද මයිත්‍රී වෙන වෙනම තරඟ කලේ නම් හෝ මහින්ද නැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂය අලියා සමඟ තරඟ කලේ නම් කලකිරුණු නිල් ඡන්ද වැඩි ප්‍රමාණයක් සීනුවට වාසි සහගත ලෙස ලැබීමට තිබුණු අවස්ථාව දැන් මග හැරී ගොස් ඇත. එනිසා මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ කථිකයන්ගේ ප්‍රධාන සතුරා වී ඇත. (නදී)
ලැජ්ජයි සෝමවංස මහත්තය හූ කියනවා හීනෙන්වත් පේන්නේ නැද්ද 89 90 (නදී)
ඇසළ දන්නේ මොනවද ජේ වී පි ගැන? (නි)
නොකියා කියන්නේ ඉතින් මහින්ද පරදිනවා කියලා නේද? (නි)
සමහරු මහින්දට පුදුම බයක්නේ තියෙන්නේ? (නි)
අපෝ! ජවිපෙ අයියලාගේ කයිය විතරයි වැඩ නැහැ.මෙයාලට මහින්ද ජනාධිපතිතුමා එක්ක තියන්නේ පුද්ගලික තරහක් වෙන්න ඇති.ඒ මනුස්සයා යුද්ධය අවසන්කළේ නැත්නම් අපිත් අද පොළව යට (නි)
මහින්ද දිනන එක නවත්වන්න බැහැ (නි)
තවත් අමුතුවෙන් ඒක කොටන්න දෙයක් නැහැ. (නි)
ජවිපෙ පමණි විශ්වාස කල හැකි පක්ෂය (නදී)
ඔයාල බය පවතින රජයට වඩා මහින්දට. ඔය විදියට බයේ නම් රජයක් පිහිටවන්න ජීවිතේට බැහැ (නදී)
අප්පච්හි පැන්සන් ගන්න, අප්පච්හි ජ වී පෙ ට පයින් ගැහුවා අපිට හොදට මතකයි (නදී)
ජේ.වී.පී. යේ හිටපු පරිනත වූ අද්දැකීම් බහුල වූ සෝමවංස සහෝදරයා ජ.වී.පෙ. පෙට්ටියට පහු ගිය දිනෙක ඇන ගහල තියෙන්නේ. මේ මැතිවරණයේදී ඉතුරු ඇන ටිකත් ජනතාව ගහල 18 ද භූමිදානයට සුදානම් කරාවි.(නදී)
පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත එකම දේශපාලන පක්ෂය ජ වි පෙ විතරයි මේ පාදඩ සමාජය වෙනස් කිරීමට ඔබලාට ජයවේවා! (නදී)
මොනතරම් මඩ ගැහුවත් මෙවර මහින්ද උඩින්ම දිනනවා (නි)
එදා රනිල්ලාගේ උඩුගම්පොළලා කෙටුවේ නුඹලාගේ පරාජය වෙන්න ඇති අද ලැජ්ජාවක් නැතුව රනිල්ට කඩේ යනවා. (අ)
මෙදාපාර රනිල් උඩින්ම දිනුම් ... (නි)
මහින්දට ඇපත් නැහැ මේ සැරේ. (නි)
ඇසළට තව ටිකක් එකතු කළොත් මේ මෑත ඉතිහාසයේ එතනෝල්, ගංජා, කුඩුකාරයෝ විතරක් නොවේ ළමා අපචාරකාරයොත් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. තව ගොඩක් දේ තිබෙනවා. මේවා තමයි නියම සුදුසුකම්. (නි)
මෙවර වැඩි වාසිය තියෙන්නේ එජාපයට බව හැමෝම පිළිගන්නා කරුණක්. මමත් සන්ධාන පාක්ෂිකයෙක්. නමුත් මේ එජාපයට ලැබෙන බහුතර බලය විශිෂ්ට එකක් නොවුණොත් දෙමළ සන්ධානය වැනි පක්ෂ වල සහය අවශ්‍ය වෙනවා සුළු පනතක් වුණත් සම්මත කරගන්න. මේ නිසා වැඩි වාසිය තිබෙන එජාපයට සියලුම බොදු ජනතාව ඡන්දය දෙන්න කියලා ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි. බැරිවෙලා හරි මහින්ද දිනුවොත් ගැටුම් පටන් අරගෙන රට අස්ථාවර වෙනවා. සියලුම බුද්ධාගමේ ප්‍රජාවගෙන් මම ඉල්ලීමක් කරනවා. මම කොතරම් තද සන්ධාන පාක්ෂිකයෙකු වුණත් එජාපයට ඡන්දය දෙන්නාක් මෙන් ඔබත් පක්ෂ ,පාට අමතක කර මෙවර මනාපය එජාපයට දෙන්න. (නි)
යූඑන්පී අළුත් වෙලා. ජවිපෙ අළුත් වෙලා. නමුත් මහින්ද හා නඩය එහෙමමයි. වෙනස් වෙන්න කාලයක් ගියෙත් නැහැ. හිතන්න වෙලාවක් තිබුනෙත් නැහැ. පරාජය වුණ දා සිට ආයෙත් බලය ගන්න විදිය හෙව්වා විතරයි. ඒ නිසා යූඑන්පි සහ මෛත්‍රි සංයෝගය රට පාලනය කිරිමත් ජවිපෙ වැඩි කට්ටියක් පාර්ලිමේන්තුවේ සිටීමත් වියයුතුයි. (නි)
මෙම මැතිවරණයේදී ජවිපෙ ආසන 10ක්වත් ගන්නා බව මට විශ්වාසයි (නි)
මහිනද ළඟ තිබෙන්නේ ඉර දෙන්නම් හඳ දෙන්නම් තියරිය. රටේ මිනිස්සු මෝඩ නැහැ. රට හදාගන්නයි හොරු එළවන්නයි තමයි අපිට ඕනෑ. (නි)
සාස්තරකරුවන් මේවා ගැන තීරණ දුන් කාලය දැන්වත් අවසන් කළයුතුයි. (නි)
අකිල, එජාපයට ලැබෙන බහුතර බලය විශිෂ්ට එකක් වුණත් නොවුණත් වෙන්නේ රට බෙදෙන එක විතරයි. සොනාලි, යූඑන්පී අළුත් වෙලා නිසාද මේ පාර අලුත් ක්‍රමයකට කෝටි 5000ක් නැතිවුණේ? (නි)
මහින්ද මහත්තයාගේ නළලේ කොටලා තියෙන්නේ ජයග්‍රහණය! නැද්ද කියලා බලමුකෝ 17 වෙනිදට (නි)
ඔබතුමාලගේ පරාජය කොහෙද දන්නේ නැහැ කොටලා තියෙන්නේ? (බ)
පුද්ගලයෙක් පරාජය කිරීම ගැන කතා කිරීමට වැඩිය රට හදන වෙනස ගැන කතාකිරීම රටට වැදගත් (නදී)
මේ කට්ටිය දිනලත් ඉවරයි වගේ! (නදී)
එතකොට මහින්ද පරදිනවා, කවුද දිනන්නේ? ඔයාලද? යූඇන්පී ද? (බ)
මහින්ද රාජපක්ෂ හැර වෙනත් කිසිදු සටන් පාටයක් ජේවීපී එකට නැත. බලයට ඇවිත් කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරලා ඡන්දෙ ඉල්ලන්නකො. (බ)
මේ කාලේ තරුණයන් 88 ගැන දන්නේ නෑ, ඉතින් තවත් 88 චෝදනා හරි යන්නේ නෑ. මගේ ගොඩක් යාලුවෝ කලින් සන්දානයට ඡන්දෙ දීපු අය නම් කියන්නේ ජ ව් පෙ ටලු මේ සැරේ ඡන්දෙ දෙන්නේ. මම මේ කියන්නේ මං දන්නා ජනතා තීරණය. (බ)
අායෙත් නළලේ කොටන්න දෙයක් නැහැ ජනවාරි 8දා රටේම ජනතාව ඡන්ද කොලේම කොටලා එලෙව්වේ. (නදී)
ලාංකීය ධනවාදය ගැන විවේචන එල්ල කරද්දී ජවිපෙ මගහැර යා නොහැකිය...එ්ක ධනේශ්වර තට්ටුවක් අර්බුදයට යද්දී අනෙක් තට්ටුවට මාරුව හදා දෙන්නේ ජවිපෙ විසිනි...එසේ නම් ලාංකීය ධනවාදයට පහර ගැසීමේදී ධනවාදයේ නිවුන් සොහොයුරාව මගහැර යන්නේ කෙසේද? (බ)
පරිවාස ආණ්ඩු අමතකවෙලා ,කොළපාට සිහින දකිනකොට කියන කතා, ජනතාව තමුන්නාන්සේලාට වඩා ඉදිරියෙන් (බ)
ආයෙත් මිනීමස් විකුණලා කොටි පෙන්නලා රට කන්න ඔය හොර නඩයට ඉඩ දෙන්න රටේ බුද්ධිමත් මිනිස්සු ඉඩ දෙන්නේ නෑ (බ)
ජේවිපි කුහක පිරිස හිතන්නේ සාමාජ වාදය යනු මහින්දට බැනිමයි කියලා. මෙි නඩයගේ ශබ්ද කොෂයේ වැඩියෙන්ම තිබෙන වචනය මහින්ද අඩුම ගානේ මෙම විප්ලවවාදනි රට වෙනුවෙන් එක ගඩොල් කැටයක්වත් ඇදලා තියෙනවාද (බ)