මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි සමයේදී උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස තැනීමේ මුවාවෙන් එල්ටීටීඊයට මුදල් දීමේ චෝදනාව සනාථ වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව අද (19) කුරුණෑගල පැවති ජනතා විමුක්ති පෙරමුණ රැලියකදී නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ ගැන තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේදී ජනාධිපති කොමිෂමක් හමුවේ සිදුකරන පරීක්ෂණයකින් පසු වැරදිකරු බවට සනාථ වුවහොත් එසේ ප්‍රජා අයිතිය අහෝසිවන බව පැවසූ බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කීවේය.
කිරිබත්ගොඩ රැස්වීමක දී දිසානායක මහතා මෙසේ කීවේය.
‘මහින්ද රාජපක්ෂට ගෙඩිය පිටින් තව අවුරුදු දෙකක් තිබෙද්දී දෛවඥයන් අල්ලගෙන ඡන්දයක් තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති, විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති වෙලා ඉඳනා දැන් ආයෙත් මන්ත්‍රීවරයෙක් වෙන්න හදනවා.
‘ජනාධිපතිකම ගැස්සුනාම අගමැතිකමට ඒන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පිල්ලියෙන් බේරා ගත යුතුයි. ඊට මෛත්‍රී සිරිෙස්න ජනපති අමාරුවෙන් හරි උත්සාහ කරනවා. මහින්දගෙන් ශ්‍රීලනිපය ගලවා ගන්න නම් බුලත් කොළයට එරෙහි ඡන්දය පාවිච්චි කරන්න. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ කුණු හොයන්නේ නැතිව පුලුවන්නම් රටට වැඩක් කරන්න බලන්න (ම)
බොරදියේ මාලු බෑම අපි ප්‍රතික්ෂේප කරමු (නි)
අපේ ඵකම පැතුම ජවිපේ තමයි! (නි)
අයුක්තියට දුෂණයට ඵරෙහිව හඬ නඟන ඔබ බුද්ධිමත් ජනතාවගේ ඵකම පැතුමයි. ජවිපෙට ජයවේවා! (නි)
රූපසිංහ, ජවිපෙට මම කැමතියි. නමුත් ඔබේ අදහසට මම වඩාත් එකඟයි (නි)
88-89 දී ජීවත් වීමේ නිදහස නැති කළ අයට මොකද කරන්නේ (ම)
ඇත්තටම පුලුවන්ද එහෙම කරන්න? හොඳයි කරලා බලමුකෝ (නි)
ඔබතුමාගේ අදහස්වල 80% තිබෙන්නේ වෛරය හා ක්‍රෝධය (බ)
ජවිපෙ ඇත්ත කියනවා තමා නමුත් රට අනතුරේ දමන්නත් උදව් කළා (බ)
අනේ මෙහෙම උන්..මහින්දට ඇයි මේ හැටි බය...නරකද තමන්ගෙ වැඩක් බලාගන්නෙක ඔයිට වඩා..(බ)
හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ. මෙම මැතිවරනයේදී ඡන්දදයකයාගේ වගකීම වන්නේ මෙතුවක්කල් ජරාජීර්ණ දේශපාලනයේ වැජඹුන දේශපාලකයන්ට මුලනොවී තමන්ගේත් තම මතුපරපුරෙත් යහපත උදෙසා සාරධර්ම සුරකියහැකි මෙන්ම රටෙහි පවතින සම්පත් උපරිමයෙන් සමජයවෙත පරිභෝජනයට නිදහස් කළ හැකි ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමය්. (බ)
කුහක කම කුඩුකේඩුකම ඉරිසියාව වගේ නුහුගුණ බැරල් එකක් පුරවගන්න තිබුන අඩු නැතුවම (බ)
"මහින්දගෙන් ශ්‍රීලනිපය ගලවා ගන්න නම් බුලත් කොළයට එරෙහි ඡන්දය පාවිච්චි කරන්න". ඒ කියන්නේ ජවිපෙට නෙමේද ඔයා ඡන්දෙ ඉල්ලන්නේ? (බ)
රටට වැඩක් කාරන්න හිටපු දුෂිත නායකයෝ ඉඩක් තියල නැහැ එය කෙලින් කියන්න කොන්දක් ඇති ඔබලාට ජයවේවා (බ)
ඔවු ඔවු... දැන් එච්චර තමයි අඩු (නි)
මුලින්ම ප්‍රජා අයිතිය නැති කරන්න ඕනෑ අතිතයේ මිනීමැරුම් කළ, රාජ්‍ය දේපළ විනාශකළ අයගේයි (නි)
අනේ ඇත්තට? රටක් මරබියෙන් මුදාලූ ඒ අසහාය නායකයාගේ ප්‍රජා අයිතියත් දැන් නැතිකරන්න කතා කරනවා? (නි)
රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝ සිකරන්න කියල නඩු තීන්දු දීපුව දැන් වැඩක් නෑනේ ද? (බ)
හොඳයි. කරලා බලමුකෝ (නි)
මහින්දගේ වහලුන් ගෙන් තමා බේරෙන්න බැරී , මහින්දගෙන් බේරුනත් .වහලුන් සවාමියාට දක්වන අන්ධ භක්තිය නිසා (බ)
අනේ යන්න ජේවීපී අය (බ)
මහින්ද කියන්නේ සුපිරි නළුවෙකි.. (බ)
ඹබතුමාලට ජනතා නියොජිතයින් වශයෙන් වගකිමක් තිබෙනවා මෙම රටේ සිදුවන සිදුකර ඇති වංචා දුෂණය හෙළිකිරමට ඵමගින් බුද්ධිමත් ජනතාවට පුලුවන් ඡන්දයකදී ඔවුන් ගැන තීරණයක් ගැනිමට (බ)
රටට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්‍රභාකරන් එක්ක හොර ගිවිසුම් ගහපු අය නිදහසේ ඉන්නවා. ප්‍රභාකරන් විනාශකළ මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න එනවා? (නි)
මහින්ද කියන්නේ එක පුරවැසියෙක් පමණයි. ඒ නිසා වැරදි කර ඇත්නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
මොකද මේතරම් මහින්දට බය? (නි)
පිටබැද්දර ජයා ඔබතුමාගේ ජේ වී පිය වැඩිපුරම දැන් පෙනී සිටින්නේ තමන්ගේ අසහාය නායකයා මර දැමූ යු එන් පිය වෙනුවෙන්. අපිටනම් මේවා පේනකොට පිළිකුල් සහගතයි (බ)
රූපසිංහ, ඔබගේ අදහස් වලට එකඟයි. දේශපාලනය වහසි බස් තරඟයකට හරවා ගැනීම නිසා එය විහිළුවක් වෙලා. ජනතාව නිකම් මුලාකිරීමක් පමණක් බවට පත්වෙලා. (නි)
අපි තීරණය කරන්නම්කෝ! (නි)
මරබිය නැතුව ජීවත්වෙන්න අවස්ථාව සළසලා දුන්නට ඒ මනුස්සයාගේ ප්‍රජා අයිතියත් නැතිකරන්න තමයි තියෙන්නේ (නි)
මහින්දට තර්ජනය කරන්න පුළුවන් කාටද? අපි රැවටුනා 88/89 කාලේදී. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනුරට බනිනවා වගේම, තමන්ගෙ පපුවට අතතියලා අහන්න ඒ මනුස්සයා කියන කතාව ඇත්ත නෙමෙයිද කියලා. හෘද සාක්‍ෂිය කාටවත් ඇහෙන්නෙ නැහැනෙ. (නි)
මොකද මෙයා මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන්නේ .... මහින්ද හිටියොත් ජිවිතේටවත් මෙයාලට ආණ්ඩුවක් හදන්න බෑ කියලා දන්නා නිසා තමයි ඔය අඩන්නේ .. පව් අහිංසකයා ..(ම)
අනුර, මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් මම 88/89 කාලේ හොඳට බැහැල වැඩ කරජු කෙනෙක්. ඔහෙලා වගේ හැංඟී හැංඟී හිටියේ නැහැ. ඔයාලා අපිට කියන්න එපා ජනතා විමුක්ති පෙරමුණ ගැන. මහින්දට අත තියන්න කාටවත් ඉඩ තියන්න දෙන්නෙ නැහැ (නදී)
88/89 කාලයේදී "මානව හිමිකම් "ගැන කතාකළේ කාටද කියලා දැන් අමතකවෙලා වගෙයි (නි)
ජවිපෙ පසුගිය ජනපතිවරණයේදීත් වැඩියෙන්ම කළේ මහින්දට මඩ ගහන එකයි. මේ වරත් කරන්නේ ඒකයි. තමන්ගේ ආර්ථික සමාජමය හා සාංස්කෘතික ප්‍රතිපත්තිත් තමන් බලයට පැමිණි විට ඒ සඳහා මුදල් හොයන හැටිත් ජනතාවට කිවුවා නම් නේද හොඳ? (නි)
එතකොට ඔයාලා වැරදි කරලම නැද්ද? (නි)
යුද්ධය අවසන් කළාට වෙන්න ඇති. මෙහෙමත් නායකයෝ (නි)
බොරු මවාපාමින් යන්නේ නැතුව, ගඩොල් කැටයකින්වත් රටේ සංවර්ධනයට දායක වෙන්න බලන්න. (නි)
රට කොටින්ගෙන් බේරාගත් නායකයගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවාද? (නි)
සමහරු ඉතින් දන්නේ කටින් බතල හිටවන්න තමයි. මොකුත් කරලා නැති නිසා තාම සුපිරිසිදු ලේබලය ගහගෙන ඉන්නවා. අපිට නම් කාගේත් අතීතය හොඳට මතකයි. කොයිතරම් නම් ජනතා දේපල විනාශ කළාද? (නි)
කරපු දේවල් වලට ප්‍රජා අයිතිය අහෝසි කරලා මදි. මේවා තේරුම් ගන්න බැරි මන්ද බුද්ධික සහ අන්ද පුද්ගලන් ඉන්න එක හිතා ගන්නත් බෑ (නදී)
පිවිතුරු මහතාණෙනි ,17 දින ඔබටත් කැමති රටකට ගුවන් ටිකට්පතක් දැන්ම වෙන්කර ගන්න (නි)
සහෝදරයා, ඔබ ඇත්ත කියනකොට වරදාන ගත්ත බැලයනට රිදෙනවා. ඒ වගේම උන්ට හරි හැටි අතීතය විග්‍රහ කරගන්න බැරි ලෙඩකුත් තියෙනවා. (බ)
මේ වගේ හිටපු ජනාධිපතිවරයෙක් ලෝකයේ කොහෙවත් හිටියද? දන්නා කෙනෙක් කියන්න... (නි)
මෙහෙම කතාකරන අයට අතීතය අමතකවෙලාද? නැත්නම් උවමනාවෙන්ම අමතක කරලද? (නි)
අයියලා මොනවා කියනවද මන්දා. (නදී)
ජවිපෙ දිනේවා! ජනතා ජය තහවූරු කරමු! ජනතා මුදල් කෑ දුෂිතයන්ට දඬුවම් දෙනු. (නි)
බණ්ඩා, තව ගොඩක් දුර යන්න තියනවා. කියවලා බලන්න මොනවද ලියලා තියෙන්නේ කියලා. (නි)
රට දිනවන්න ජවිපෙට ඡන්දෙ දෙන්න. (නි)
හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න (නි)
ජවිපෙට ඡන්දයක් දෙන්න තමයි හිටියේ. ඒත් මානව හිමිකම් , අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් වෙනුවෙන් පෙනීසිටින මෙයාලම අද ප්‍රජා අයිතිය නැතිකිරීම ගැන කියනකොට ්එ අදහස වෙනස් වුණා (නි)
තීරණය ජනතාවට බාරයි. (නි)
ඒක මිනිස්සු තීරණය කරයිනේ! (නි)
සහෝදරයා අපි අවදියෙන් ඉන්නේ මහින්දට අත තිබ්බොත් ඉල්ලන් කන්න වෙන්නේ අපි පාරට බහිනවා නිකන් වසියට කහින්න එපා . කන්න දෙයක් නැත්නම් අපි කන්න දෙන්නම් නම කැතකරගන්න එපා (ම)
ඕකට ඉතින් නඩුවක් දැම්මානම් හරිනේ අපිට කියලා ඇති වැඩේ මොකක්ද ? (ම)
රටේ නිවැරදි දේශපාන මතයක් වෙනුවෙන් පෙනීසිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජයවේවා! (නි)
මඩ චෝදනා එපා.යුද්ධය අවසන්කළ නායකයා ඔහුයි. අපහාස කරන්න එපා... (නි)
මන්ත්‍රී ආසන 6 ක් වත් ලබා ගන්න ජවිපෙට පුළුවන්ද (ම)
ජේ වී පි එකේ නායකයන්, විප්ලවවාදින් කලින් කලට ඕකෙන් ඉවත්ව වෙන පක්ෂ වලට යනවා. නැත්නම් අලුත් පක්ෂයක් හදනවා. මේවාට රැවටෙන පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. බිල්ලට යනවා. නායකයන් සැමදා එළියේ කෑගහනවා විතරයි (නි)
ජේ ආර් ජයවර්ධන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතීන් නැති සොර ,වංචා වලට නොවේ, තමන්ගේ වතුපිටි දේපොළ පවා ජනතා සන්තක කරලා , එහෙම එකේ මේ රජයේ ජනතාවගේ මුදල් සොරකම් කරපු අයගේ ප්‍රජා අයිතීන් නැති කරන එක සාමාන්‍ය දෙයක් , එසේ කරාවිද කියලා සැක (ම)
අපේ රටේ දේශපාලඥයන් ජන්ද කාලයෙන් පිටතත් ඒ කාලය ඇතුලතත් කර එකම දෙයනම් එකිනෙකාට බැන ගැනීම හෝ එකිනෙකාගේ පිට කහ ගැනීම පමණයි. නිවැරදි දේශපාලන පක්ෂයකින් සිදුවිය යුත්තේ තමාගේ දේශපාලන ප්‍රතිපත්තීන් විදහා පෑම හෝ තම පක්ෂෙන් රට නන්වන ක්‍රියාමාර්ග පෙන්වාදීම පමණයි. එකිනෙකාගේ වැරදි පෙන්වීමට උත්සහ ගන්නේ දේශපාලනඥයන් ඔවුන් තුළ ඇති අනියත බිය සහ තමා වැරදියි කියා සිතන මානසිකත්වයක් ඇති නිසා කියා මා විශ්වාස කරනවා.(ම)
ජවිපෙ ගන්න ආසන ගණන් අදාළ නැහැ , හැබැයි උන් පෙනී හිටින්නේ සත්‍ය වෙනුවෙන් (ම)
මෙවර ඡන්දයෙන් නුසුදුස්සන් ගෙදර නෙමෙයි "මහගෙදරම" යැවීම ජනතාවට බාරයි. (නි)