තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු එමේ කීවේ කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘‘නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා. එවකට හිටපු ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියායි. ඒ නිසා ඔහු මෙසේ නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා.
නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතුයි.
නමුත් යෝෂිත රාජපක්ෂ පළමුවර අපොස සාපෙළ විභාගයේදි සිංහල විෂයට ගෙන ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක්. ඔහු එම විෂයට 2004 දි අධි සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා.‘‘
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - ‘‘මේ අනුව යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාවට බැඳීම සඳහා අපොස සාමාන්‍ය පෙළ සුදුසුක් නැහැ. ඒ අනුව දෙවරයක් විභාගය කරලා‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයන්න ඕන ඒවා නෙමෙයිනේ හොයන්නේ ,ඕවා හොයල දැන් මොකක්ද කරන්න හදන්නේ...(බ)
ඩුබායි තිලක් මොකද සිංහලයෙක් වෙන්න ලැජ්ජා පුතෙක් ගැන කිව්වම මළ පනින්නේ. ඔයාටත් දැන් සිංහලයෙක් වෙන්න ලජ්ජාද? රමණි සංසන්දනයක් කරලා විතරයි. ඒ කතා ඇත්ත. අපිත් පත්තරවල ටී වී වල දැක්ක ඕවා. අනික ඕ ලෙවල් ක්‍රෙඩිට් එකක් අඩුවෙන් ඇරියේ සංස්ථා සභාපති කෙනෙක් හැටියටවත් නෙවෙයි තානාපති කාර්යාලේකටවත් නෙවෙයි. බෙල්ල ගහලා යන්න තියෙන රස්සාවකට, රට වෙනුවෙන්. ඔයා මොනවාද රට වෙනුවෙන් කළේ (බ)
මහින්ද මහින්ද මහින්ද........................ හැමදේටම තාම මහින්ද. දැන් ඉතින් හරියට කරන්නකෝ. (කෞ)
පුලුන් නම් අපිට කියන්න දන්න කෙනෙක්, යෝෂිතත් එක්ක ගිය අනිත් අයට මේ මුදල වියදම් කළේ නැද්ද? මීටපෙර ගිය අයට මේ වගේ මුදල් ගෙවලා නැද්ද? ලංකාවේන් විදේශ පුහුණු වලට යන අයට වියදම් කරන මුදල් ප්‍රමාණය දන්නවද? දොස්තර කෙනෙකුට විදේශ පුහුණුවකට කීයක් වැය කරනවද? මේවා මිලියන ගණන් වලින් කිවුවම ගමේ මිනිස්සු කට ඇරගෙන අහනවා. යුද්ධය කාලේ ඔය පාමංකඩ ගිය අයගේ ළමයි ගෙවල් වල හැංගිලා හිටියේ. මොන රටේ ජනාධිපතිගේ පුතාද යුද්ධ කාලේක හමුදාවට බැදුනේ. ඒක අගය කරන්නේ නැහැ, ඕ ලෙවල් හොයනවා. (නි)
තිලක් කියන එක්කෙනා මොකද සමන්තිට කියූ දෙයකට උඩ පනින්නේ? (නි)
තාම මහින්ද , පත් වුණ දවසේ ඉදන් මහින්ද ගේ ඇද හොයා හොයා හිටිය විතරයි. දුන්න පොරොන්දු කිසි දෙයක් ඉටු කරලා නම් නෑ. තාජුදින්ගේ මළ මිනිය ගොඩ අරන් එක සැරයක් විකාරයක් කළා. දැන් යෝෂිතව. අපිට පරණ දේවල් වලින් වැඩක් නෑ.දැන් වත් රටට දෙයක් කරන්න. (බ)
දැන් එතකොට ඔයාලා හරි ඔයාලගේ පුතාලා හරි යනවාද යෝෂිත යුද්ධෙට ගියේ නැත්නම්. යුද්ධය අවසන්වුණාම කට්ටියම මුව හමට තඩිබානවා. එතෙක් බෝම්බ වලට බයේ හැංගිලා හිටියා. ඕවා කියන්න තිබුනේ යුද්ධ කාලයේමනේ. එතකොට යෝෂිතව අස්කරලා ඒ තැනට ඔබට යන්න තිබුනා. (නි)
ජනාධිපතිට ගැහැනියක් පිරිමියෙක් විතරයි කරන්න බැරි කියල තියෙනවා නේද (බ)
කියනවද බලන්න දන්නා කෙනෙක් දතාගේ පුතා කොහොමද විභාගේ පාස් උනේ කියල.? කොයි දිස්ත්‍රික්කයෙන්ද කියල ? කීවෙනි පාරටද කියල ?තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ කබ ගුලි හොයනවට වැඩියේ රටේ දැවෙන ප්‍රශ්න කොච්චර තියනවද. ජෙප්පොන්ට පේන්නේ මායාව විතරයි. ලොක්කට බෙන්ස් එක දුන්න ගමන් එල් ටි ටි එකත් කළේ යහපලානේ කිවුව එවුන්. (බ)
දැන් ඉන්න ජනපතිටත් නැති කොට ඒ කොල්ලට නැති වුණාම මොකද. (බ)
පාර්ලිමේන්තුවේ රට පාලනය කරන්න ඉන්න කි දෙනෙකුට ඕක තියනවද ? (බ)
අපි කවුරුත් වගේ අාසයි අපේ පුංචි ලංකාව දියුණු වෙලා සුන්දර රටක් වෙනවට අපි දුටුවා තරමක් දුරට රට දියුණුවේ මාවතක ගිය නමුත් අද පැරදුණු මහින්ද මහින්ද ගේ වැරදී පෙන්න පෙන්න කාලය ගත කරකරන එක නමුත් කිසිම වැඩක් කෙරෙන් නෑ (බ)
නිල්හාන් ඔයාගේ කමේන්ට්ස් වලට තැන්ක්ස්. හැබැයි. ඔයා ඇත්ත දන්නේ නෑ. ඊයේ පාර්ලිමේන්තුවේ කියපු දිනෙත් වැරදි වෙන්න ඕන. ඔයාට යුද්දේ තිබුනු කාල ගැන අවබෝධයක් නැ වගේ. අපට ඉක්මනට අමතක වෙනවා නේ. ඔයා බලන්න අනිත් එවාට පිළිතුරැ දෙන්න (බ)
අපි කවුරුත් වගේ අාසයි අපේ පුංචි ලංකාව දියුණුවෙලා සුන්දර රටක් වෙනවට. අපි දුටුවා තරමක් දුරට රට දියුණුවේ මාවතක ගිය නමුත් අද පැරදුණු මහින්දගේ වැරදි පෙන්න පෙන්නා කාලය ගතකරන එක. (නි)
මට පේන්නේ තිලක් ඩුබායිටත් හරියට රිදිලා. ඔයාට බැරිද යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකගේ සුදුසුකම් පරීක්ෂා කරන්න සහ පාර්ලිමේන්තු එනවා නම් තිබියයුතු අවම සුදුසුකම් මොනවාද යන්න පිළිබඳ මතයක් ගොඩනඟන්න. රටේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු ගැන පවා තීරණ ගන්නවා නම් ඒ අයට මොනතරම් විචක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනෑද? (නි)
අනුන්ගේ දේවල් හොයා හොයා ප්‍රශ්න දාන්නේ නැතුව රටට වැඩක් කරන්න ගයන්ත මහත්තයෝ (බ)
රටේ ජනාධිපති ගේ අධ්‍යාපන සුදුසු කම් මොනවද කියල හොයන්න මුලින්ම (බ)
තිලක් ඔබ හරි, මේ රටේ ඉන්න බහුතරයක ජනතාව නුගත්. එදා දළදා මාලිගාව ළඟ ගණිකාවෝ නටනකොට එකට අත්පොඩි ගහල සතුටු වෙච්ච ජනතාවක් ඉන්න රටක් මේක. මේ වගේ ජනතාවකට හරියන්නේ ඒ වගේ නායකයන් තමා. (බ)
ජනතාව දන්නෙ නැහැ පාලකයො ජනතාවගේ බදු මුදලින් යැපෙන සේවකයො වග හැම කුප්ප වැඩක් කරන්නෙම පාලකයෝ සහ ඔවුන්ගේ පවුල් වල අය මෝඩ ජනතාව. (බ)
ඇයි මතක නැද්ද යුද්ධ කරන්න ඕන මෝඩයෙකුට පුළුවන් කිවුවේ. ඉතින් මොකටද ඕලෙවල්? (බ)
ඉතින් එයාව අස්කරාම ඉවරයිනේ. ඕන නම් දඩත් ගහතහැකි. හැබැයි 1977 ආණ්ඩුව ආවම අටවත් පාස් නැති සමුපකාරේ බඩු කිරපු නෑනාට ගුරු තනතුරක් හොරට දීපු කළුතර හිටපු අධ්‍යාපන ලොක්කෙකුටත් මොකක් හරි කරන්න. ඒ කාලේ ඉඳන් ඕවා ගියා. (කෞ)
තිලක්-ඩුබායි වගෙම මේකෙ ලියන ගොඩක් අයට අමතකයි වගේ අට පාස් වෙච්ච අයවත් හමුදාවට යන්නෙ නැති කාලෙ තමයි මහින්ද පුතාව හමුදාවට යැව්වෙ.දැන් තමයි ඔක්කොම කොලිෆිකේෂන් බලන්නෙ. මුන්ට කොටි ..නැ නැ අයි එස් අයි එස් ගහලත් මදි. (බ)
මට පේන්නේ ඩුබායි තිලකුත් යුද්දෙට බයේ ලංකාවෙන් පැන්න වීර පුතෙක් වගේ (සිංහලයෙක් නම්). ඒකනේ එංගලන්තෙට වෙලා ඉන්න වීර පුත්තු ගැන කියවෙනකොට මළ පනින්න්නේ.(බ)
ඩුබායි තිලක් කියන කතාව ඇත්ත . කවදාවත් ඔය රාජපක්ෂ කුමාරයා ක්‍රියාන්විතයකට සම්බන්ධ වෙලා නැහැ . වැඩිපුර හිටියේ පිටරටවල පුහුණුවීම් වලට ගිහින් . මෙතන සිද්ධවුණේ ලොකු මගඩියක් . අඩුම අධ්‍යාපන සුදුසකම් වත් නැතිව නාවික හමුදාවට රිංගවල උපරිම සැප සම්පත් රට සවාරි දීල තමන්ගේ පුතා හමුදාවට දුන්න කියල බොරු සෝබනයක් තමයි දැම්මේ. මේ රටේ ඉතින් ඕවට රැවටෙන මෝඩයෝ ඕන තරම් ඉන්නවනේ . (අ)
අසංග වගේ අයගෙන් මම අහන්නේ, රටේ ප්‍රතිපත්ති, නීති, අනපනත් හදන උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කී දෙනෙකුට ඕලෙවල් තිබේද? (බ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වීමටත් , ඇමති කෙනෙක් වීමටත් අවශ්‍ය මුලික අධ්‍යාපන සුදුසුකම් ඇතුලත් පනතක් ගෙනවිත් වහාම අලුත් ව්‍යවස්තාවට ඇතුලත් කරන්න. කෝ මේ රටේ විද්වතුන් නිදිද ? මුළු රටේම අනාගතය තීරණය වන තැන ඉන්නේ ගොන් රැලක් . අහෝ ශ්‍රී ලංකා . (කෞ)
නාවික හමුදාවට බැඳෙන්න එකවර ඕලෙවල් සම්මාන 6 ඕන. යෝශිතට එකපාර සම්මාන 5. මෙයා මුලික සුදුසු කම සපුරා නැත (බ)
නිමල්, ඔබට වැරදිල. බොදුබලේ කරන දේ හොඳයි කියන ප්‍රභූන් ඉන්නකොට, මිකැනික් කෙනෙක් තමා ඉන්ජිනේරුවෙක් කියල කියා කියා යන මිනිස්සු අතරේ ඉන්නකොට ටිකක් තේරුම් ගන්න අමාරුයි. මම යහපාලානේ ඉත්තෙක් නම් නොවෙයි (බ)
‘මහින්දගේ පුතාට ඕලෙවලුත් හරියට නෑ‘.මහින්දගේ ඔක්කොම පුතාල ඒවගේ තමයි. (බ)
කොහෙද ඉගෙන ගත්තු එකෙක් ඉන්නේ (බ)
මහින්ද දේශපාලනයට එනකොට තිබුනෙත් සාමාන්‍ය පෙළ සමත් විතරයි.බණ්ඩාරනායක මහත්තයට පින් සිද්ධ වෙන්න තමයි පසුව නීති විභාගයට ඉගෙන ගෙන තිබෙන්නේත්. උත්තර ලියල තිබුනේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙයි. (බ)
ඉගෙනගත්තේ නැතිවුණාට එයාලා දන්න දේවලුත් තියෙනවනේ (නි)
දැන් මේ කොටි දෙකේ වියදම කරේ යෝශිතට විතරද? ඒකෙන් මොනවාද රටට ලැබුනේ. එයා පුහුණුව ලබා පිට රටක ඩොලර් හම්බකරන්න පැනලා ගියාද. නැත්නම් නොමිලේ රටෙන් අධ්‍යාපනය සහ පුහුණුව ලබා ඊට පසුව චැනල් සේවය මගින් රටේ පුරවැසියන්ගෙන් හොඳට හම්බකරාද. ඕවාත් අපිට දැනගන්න කිව්වානම් හොඳයි. (කෞ)
තිලක් ඩුබායිගේ මොලය නැවත නරක වී ඇති බව පෙනෙයි. මගේ හිතේ ඔටු කිරිවල උෂ්නෙට. (අ)
පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුන්ට මේ ටිකවත් නැහැ (නි)
ලංකාවේ දේශපාලකයකු වන්නට 5 වසර අවම සුදුසු කම නැතුවා වාගේම තමා , ඔවුන් බලයට ආවාම ඔවුන්ගේ දු පුතුන් රටේ ඉහළම තනතුරු දැරිමට ඕ ලෙවෙල් තියා එයට අඩුවෙන් තිබ්බත් සුදුසු කම ලබනවා , එය මහින්දගේ රජය පමණක් නොව මෙම රජය යටතේත් සිදුවන දෙයක් (බ)
පාර්ලිමේන්තු යන්න ලෙවල් ඕනි නැත. මු නාවික හමුදාවට ගිය හැටිනම් බලන්නම වෙනවා (බ)
ඔහු එසේ හෝ නාවික හමුදාවට බැඳී සේවයක් කළා. ඩුබායි තිලක් තාමත් බොරු වපුර වපුරා ආණ්ඩුවට කඩේ යනවා (නි)
සෑම්, මම හිතන්නේ හැන්සාර්ඩ් වාර්තා වලත් ඇති ඔය කතාව. නමුත් එය පත්‍රවල පළවුනා කියලයි මට මතක. අපේ අම්මලා ඔය ගැන කියලා හිනාවුණා. අනුර බණ්ඩාරනායක සහ බලවතාගේ මේ කතාව සිදුවුණේ 1977න් පසුව. දෙදෙනාම එතකොට තරුණයෝ. බලවතා තරුණ ඇමතිවරයෙක්. අනුර බණ්ඩාරනායක මහතා විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ ඉඟිය හොඳටම ඇති කියලා මම හිතනවා. (නි)
තිලක් ඩුබායි කියන්නේ සිංහල නමකින් ලියන කොටියෙක් සහ යහ පාලන කටු කන බල්ලෙක්. (අ)
ඕනෙම බලය තිබෙන දේශපාලකයකුගේ දු පුතුන්ට රටේ ඉහළම තනතුරක් දරන්නට , අධ්‍යාපන සුදුසුකම ඕනේ නැහැ , එදත් අදත් සිදු වන්නේ මේකමයි , සුදුස්සා එළියේ රැකියා නැතුව , නුසුදුසු නුගත් එකා ඉහළම තනතුරු දරමින් , අපේ රට දියුණු වන්නේ නැත්තෙ ඕක නිසා (බ)
ඒවා හරියට නැතිවුණාට මොකද එයා ඉන්න තැන පෙනෙන්නේ නැද්ද? දැන් මොකටද විභාග ප්‍රතිඵල හොයන්නේ? මගේ අප්පච්චි ජනපති වෙලා හිටියා නම් අද මමත් ඉන්නේ මෙතන නොවෙයි (නි)
හමුදාවල ධෛර්යය බින්දුවට බැහැලා තියෙද්දී, කවුරුත් යුද්ධය දිනන්න පුළුවන් කියලා නොහිතුව කාලෙක මහින්ද තමන්ගේ පුතාව නාවික හමුදාවට දුන්නා. විභාග පාස්වුණත් නැතත් එකයි. මහින්ද රටට දුන් ආදර්ශය උතුම්. (නි)
තිලක් ඩුබායි ට අනුකම්පා කරන්න ඔහුට වැළදී ඇති රෝගය සුවකළ නොහැකීයි. (බ)
මොකක්ද නිමල් ඕස්ට්‍රේලියා ඉන්න සිංහලයන්ගේ සංවිධානය. මොකද්ද වැලිඅමුනට ලංකාවට කරන්ඩ පුළුවන් දේ .(බ)
මේ ආණ්ඩුව කරන්නේ ගිය රජයේ කුණු අදින එක පමණයි (බ)
මේක මොකක්ද? මේ මනුස්සයා බැඳුනේ නාවික හමුදාවට. අර සෝබෝන් විශ්ව විද්‍යාලේ උපාධියක් තිබුනා කිව්ව කෙනෙක් රටේ ඉහළම තැනකට ගියේ. ඒකත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් ඔය එක්කම (නි)
හා හා... රජ පවුලට දොස් කියන්න එපා (නි)
මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙයා තාමත් අයින් කරන්නැත්තේ ගත්ත අයද දඩුවම් කරන් නැත්තේ ආයේ යහපාලනෙන් ඡන්දෙට එන්න එපා හොදේ (බ)
ඔබතුමාලා කරන්නේ කියවන එකනේ. මොහුට අධ්‍යාපන සුදුසුකම් නැත්නම් එහෙම කෙනෙක් නාවික හමුදාවට බඳවාගත් නිලධාරීන්ට විරුද්ධව ගත් පියවර මොකක්ද? අපිට ඔබගේ කතා අහලා එපාවෙලා තිබෙන්නේ (නි)
ටිකිරි මොලේ තමයි (බ)
මේක කියවනකොට 70 ගණන්වල පාර්ලිමේන්තුවේ ගිය කතාවක් මතක් වුණා. දැනුත් පාර්ලිමේන්තුවේ ඉන්න බලවතෙක් අනුර බණ්ඩාරනායක මහතාට පහර ගැහුවා ඔහුට ඕ ලෙවල් නැති බව කියලා. එතකොට බණ්ඩාරනායක මහතා කිව්වා ඔවු මම ඕ ලෙවල් ෆේල් තමයි, හැබැයි මගේ තාත්තා ඔබේ තාත්තා ඔබට කළා වගේ ෆේල් වුණ මාව හොර පාරෙන් පාස්කරවා ගත්තේ නැහැ කියලා. අර බලවතා එතැනින්ම නිහඬ වුණා. (නි)
හේමන්ත, පාර්ලිමේන්තු යවන්නේ රටේ ජනතාවගේ බුද්ධියෙන් කල්පනාකරලා දෙන ඡන්ද වලින්. එයින් පෙනෙන්නේ ඔයාගෙයි මගෙයි (රටේ ජනතාවගේ ) බුද්ධිය. ඒත් හමුදාවකට නීතියක් තිබෙනවා. ඒ නීතිය කඩන්න බැහැ ශීලාචාර රටක. ලංකාව ශීලාචාර රටක් නොවෙන එක වෙනම කතාවක්. (නි)
රමණි!! රට වෙනුවෙන් යුද්දෙට යන්න දරුවෝ හැදුවා. ඒ වැරැද්දක්ද? ඔව් ඒ අසරණ දුප්පත් ජනතාව. ඔයාල ඔය කියන කෙනා කළේ මාධ්‍ය සංදර්ශනයක් විතරයි . නේවී එකට බැඳිලා දවස් 10න් එංගලන්තයට ගියා . ඉගෙනගන්න යුද්ධය ඉවර වෙලා තමයි ආපසු ආවේ. නමුත් මේක දැකල තව ගම්වල තරුණයෝ යුද්ධයට ගියා. (බ)
පාලිත, මේ පුතා බැඳුනේ යුද්දය ඉවරවුණාම. ඒත් එක්කම ඔහු ලංකාවේ පුහුණු වුණේ කාමරේක ඉඳල. අනිත් එක ඔහු පිටරට ගියත් එහෙත් පුහුණුව අසමත්. විදේශ පුහුණුවීම් දෙන්නේ හොඳම නිලධාරියාට. තැතුව ලංකාවෙත් හරියට පුහුණුවීමක් නොලබපු කෙනෙකුට නොවෙයි. මොහු නාවික හමුදාවෙන් නෙරපිය යුතුයි (බ)
මතකද ඒ දිනවල කිව්වා ජාතියට ආදර්ශයක් දෙන තාත්තා කෙනෙක් කියලා (නි)
අංගොඩ ලාල්.ඔබ හරි. ඔය කියන 10 සමත් නැති යෝෂිත හිටියෙම පිට රටවල.මොන ක්‍රියාන්විතයටද සම්බන්ධ වුනේ?.රටේ බත් කන හරක්ට අපි කියන දේ තේරුම් ගන්න ටිකක් අමාරුයි කියල දන්නවා. (බ)
රටේ බත් කන හරක්ගේ මොළ හෝදපු වැඩේනම් ඉස්සර සුපිරියටම කරලා තිබෙනවා.අපි කියන දෙයක් තේරුම් ගන්නවත් බැරි තරමටම මොළ හෝදලා.දැන්වත් මේ අයගේ මොළ යථා තත්වයට පත් කරන්න පුනරුත්ථාපනය කරන්න.(බ)
කිසිම සුදුසුකමක් නැතිව කී දෙනක් පාර්ලිමේන්තු ගිහින් තියෙනවද? (ම)
බලය ගත් දවසේ සිට මහින්දගේ වැරදි හොයනවා මිස කළ එක දෙයක් තිබෙනවද? දැන් හිතෙනවා මහින්ද හිටියා නම් හොඳයි කියලා (නි)
යෝෂිත නේවි එකට වෙලා කළෙත් දුෂිත වැඩ.ලංකාවෙන් හොරෙන් කැනඩා,නවසීලන්තය, ඕස්ට්‍රේලියා වැනි රට වලට බෝට්ටුවෙන් හොරෙන් පැනල යන අයට ආරක්ෂාව දීල එක්කෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ගානේ එකතු කර ගත්තු එකයි.කැනඩා වලදී හසු වුන කෙනෙක් තමයි මේ ගැන හෙළි දරව් කරලා තිබුනේ. (බ)
චන්ද්‍රිකාවක් හදන්න,යවන්න කොණ්ඩේ ඉදෙනකම් තට්ටේ පැදෙනකම් පරීක්ෂණය කරලා මුළු ජිවිත කාලයම කැප කරලයි විද්‍යාඥයෙක් වෙන්නේ.අහස කුරක් යවනවා වගේ චන්ද්‍රිකාවක් යවන්න බැහැ කියල ඕනෙම මැට්ටෙකුට වුනත් තේරෙනවනේ.එ්ත් ඉස්සර රොකට් රෝහිත පුතා රොකට්ටුවක් අැරිය කියල මොන තරම් ප්‍රසිද්ධියක් දුන්නද? හිනත් යනවා.මේවා කාට කියන්නද? (බ)
වුදේට තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව,පහසුකම් නැති පාසලට ගිහින් අධ්‍යාපනය කරන අපේ රටේ දුප්පත් දරුවන් මොන තරම් ඉන්නවද?10 සමත් නැති එක්කෙනෙකුට රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට වඩා වියදම් කරනව කියන්නෙම මොන තරම් අපරාධයක්ද? (බ)
ඉස්සර රුපියල් කෝටි දහස් ගණනින් ගසා කන අය ගැන කිව්වම දේශද්‍රෝහියෙක් කියල හංවඩු ගහනවා.හිටපු ඒකාධිපතියාගේ සහ හත්මුතු පරම්පරාවේම "හතර වරම්" ගැහිලි/දුෂණය ගැන කියල දේශද්‍රෝහියෙක්/කොටියෙක් වෙනවා කමක් නැහැ.(කෞ)
වැරදි ගැන කතා කරනවා පමණක් නොවෙයි, ඒවා සොයලා දඬුවම් කිරීමත් හොඳයි. ඒ වගේම තමනුත් නිවැරදිව රටේ අනාගතයට හොඳ දේවල් කළයුතුයි. බොහෝ අයට දැන් දේශපාලකයෝ එපාවෙලා. ඒගොල්ලෝ අල්ලාගෙන වාසියක් ගන්න බලාගෙන ඉන්න අය විතරක් දේශපාලකයන්ට වන්දනා කරනවා (නි)
දිලිප් වික්‍රමරත්නගේ කතාව හරියට හරි. ක්‍රෙඩිට් එකක් විතරක් අඩුවෙන් යුද්ධෙට ගියා කියලා උඩ පනින්නේ මොකද? සිංහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජයි කියලා එංගලන්තෙට වෙලා ඉන්නවා අන්න වීර පුත්තු. (නි)
ම දන්නා තරමින් පාර්ලිමේතු යාමට සුදුසුකම් මෙපමණ අවශ්‍යයි කොහෙවත් සටහන්ව නැත. නමුත් පරිපාලන සේවයේ හෝ ආරක්ෂක සේවයට බදවා ගැනීමේදී සැපිරිය යතු සුදුසුකම් තියෙනවා.එ්ක නිසා මෙතන ප්‍රශ්නේ පාර්ලිමේන්තුව ඉන්න අයගේ සුදුසු කමගැන නෙමේ යෝශිතගේ සුදුසුකම් ගැන ගැටළුවක් (බ)
නිල්හාන් කියන්නෙත් යහපාලන ඉත්තෙක්ද කියලා හිතෙනවා. මෙයා වැලිඅමුණගේ බෙල්ල බේරන්න තව ආර්ටිකල් එකකට කමෙන්ට් දාල ඕස්ට්‍රේලියාවෙත් බොදු බලේ වගේ සංවිධානයක් තියෙනවා කියලා. ඒ මුකුත් නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහලයන් වැලිඅමුණගේ කෙරුවාව එළිකරන නිසා. දැන් මෙතනත් සීනි කිරනවාද. පුළුවන් නම් ඔය කියන විස්තර සාක්කි ඇතුව ඔප්පු කරන්න. නැත්නම් රත්තරන් අශ්වයෝ වගේ වේවි. (බ)
මේවා ගැන පොතක් ලියන්න වුණත් පුළුවන්. (නි)
ඒ වුණාට ඉස්සර නේවි එකේ ලොකු ලොක්කොත් සැලියුට් ගහනවා. පරීක්ෂණයක් කරලා දැන්වත් දැඩි දඬුවම් දෙන්න. (නි)
මේක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නයක් ආවම ඒකට නෙමෙයි අවධානය යොමු කරන්නේ, වටේ පිටේ තියෙන දේවල් වලට.(ම)
යෝෂිත උපන් අවුරුද්ද 1988 ඒ කියන්නේ අපි වගේ සාමාන්‍ය පෙළ පළමුවර කරන්නේ කොහොමත් 2004 තමයි. බොරු කියනවනම් මේ වගේ අහුවෙන බොරු කියන්නේ නැතුව හිටියනම් නරකද? (බ)
ඒකාලේ ඕක රාජ්‍ය රහසක්. නැත්තම් රජ පැටව ඔච්චර නටයිද? (කෞ)
එක්කෙනෙක් ගගනගාමියෙක් වෙලා රොකට්ටුවක් ඇරියා කියලාත් මේ අපිට කිව්වා. අනේ අපේ රටටත් ඉර පායනවනේ! (නි)
දෙවරක් හරි කරලා පාස් නම් මොකද? කිසිම සුදුසුකමක් නැතිව කී දෙනක් පාර්ලිමේන්තු ගිහින් තියෙනවද? අපි හැමෝගෙමත් රටෙත් අනාගතය සම්බන්ධ තීරණ ගන්න එයාලට ඇති සුදුසුකම් මොනවද? ඒවා ගැන හොයන්න කෙනෙක් නැහැ. (බ)
ඔව් සමන්ති, ඒ තාත්තා සිංහලයෙක් වෙලා උපදින එක ලැජ්ජාවක් විදිහට නොහිතන පුත්තු හැදුවා. උන් රට දාලා එංගලන්තෙට වෙලා ඉන්නේ නැහැ. රට වෙනුවෙන් යුද්ධෙට යන්න දරුවෝ හැදුවා. ඒ වැරැද්දක්ද? (නි)
දැන් එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී වරු ඇමති වරුන්ගේ සුදුසුකම් මොනවද? (බ)
මහජන මුදල් රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වියදම් කරලා තිබෙනවා. අසරණ මිනිස්සු කන පාන් ගෙඩියෙන්,පරිප්පු ටිකෙන් බදු පිට බදු ගහලා කරලා තිබෙන ඔවැනි දේවල් වලට මුළු ලංකාවම විරුද්ධ වෙන්න ඕනෑ. ඔය චීවරධාරීන් ඉදිරියට එන්න ඕනෑ මෙවැනි අපරාධ වලට විරුද්ධවයි. (නි)
හැබැයි කගේ කාගේත් ඕ ලෙවෙල් ප්‍රතිඵල බැලුවනම් තමයි හොඳ. විශේෂයෙන් පාර්ලිමේතුවේ අයගේ. එතකොටනම් ප්‍රශ්නයක් නැහැ. (බ)
රමණි, ඔලුව කොහේ හරි ඇනුනද? (නි)
උසස් පෙළ කරල විශ්ව විද්‍යාලයටත් ගිහිල්ල ජනතා මුදලින් වෛද්‍ය උපාධියකුත් අරගෙන වෙදකම් නොකර දේශපාලනය කරමින් තව කෙනෙකුට හෝ වෛද්‍ය වරයෙකු වීමේ අවස්ථාව අහිමි කළා වගේම ඊනියා විපක්ෂයට වෙලා සැබෑ විපක්ෂයේ කාලය මංකොල්ල කමින් ආණ්ඩුවට කඩේ යන මේ වගේ අයට අද රටේ තියෙන ජාතික ප්‍රශ්න තමයි මේ. (බ)
ගයන්ත මහත්තයෝ ඉතින් ඔයාල මොනවද කෙරුවේ මෙතරම් කල් දැන් වසෙරක් ගෙවිලා අපෙත් බලාගෙන් ඉන්නේ ඔයාල මොනවද මේවට කරන්නේ කියල තමා නිකම් සංදර්ශ තියල නම් හරියන්නේ නැහැ හොදේ. (බ)
දැන් ඕක කියන්නේ ඇයි? (නි)
ඕවා කියන මහත්තුරුන්ගේ රටේ ලොකුම කෙනාගෙ සා පෙල විස්තර දාමුද බලාගන්න.(අ)
අපේ මිනිස්සු දේශපාලකයන් වන්දනා කරන එක නවත්වනකල් මේ රට හදන්න බෑ. මෙතන කීදෙනෙක් කොමෙන්ට් කරනවද වැරදි කරපු දේශපාලකයන්ව බේරන්න. සුද්ද මේ රටෙන් යන කොට අපේ මිනිස්සුන්ගේ කොඳු බිඳලා ගියේ. එකයි අසාධාරනේකදී නැගිටින්නේ නැත්තේ. හැබැයි සුද්ද අටවල ගිය ජාති වාදී සහ ආගම් වාදී උගුල්වල අපේ මිනිස්සු හැමදාම අහුවෙනවා. මෙහෙමත් ජාතියක්....!!! (බ)
එක ප්‍රශ්නයක් නැහ සාමාන්‍යයෙන් අවම සුදුසුකම් තියෙනවා .මන්ත්‍රී වරුන්ට ඕව තියෙනවද තිබ්බත් මොලේ තියෙනවද (අ)
තිලක් ඩුබායි ගේ කොහොමත් ඔලුව වැදිලා තියෙන්නේ. ඔය 2006 2009 කාලේ 8 පාස් අයත් හමුදාවට ගත්ත (බ)
මේක හුඟාක් පරණ ප්‍රවෘතියක් - අපිට දැනගන්න ඕනේ ඔබතුමාලා ඒ සම්බන්දව මොකද කලේ කියලා (අ)
දැන් ආණ්ඩුවේ ළමයි වුණත් කලකදි මේ වගේ එලියට එයි. හැබැයි අපේ තාත්ත ජනාධිපති වුණත් අපි මෙහෙම වෙයි (අ)
සුදුසුකම් නොමෙතිව රාජ්‍ය සේවයේ ඉන්න අයෙකු හමු වූ පසු තව දුරටත් සේවයේ රැඳී සිටීමට ඉඩක් ලැබේ ද ? මේ ක මහා විහිළුවක් නේද ? සාමාන්‍ය ජනතාවට එක නීතියක් වරප්‍රසාද ලත් පිරිසට තව නීතියක්. රටක නීතිමය ස්ථාවරත්වය බිඳ වැටීම භයානකයි. (කෞ)
පැහැදිලි මදි .2004 දී අධි සාමාර්ථයක් ගත්ත නං ප්‍රශ්නේ මොකක්ද ? (බ)
පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම හිනත් යනවා (කෞ)
පරණ කුණු අයින්කරලා තමයි අලුත් වැඩ පටන් ගන්න ඕන (බ)
දේශපාලකයෝ පාර්ලිමේන්තු යවල තියෙන්නේ ජනතාව රජ පුතුන්ට සුදුසුකම් ඕනෑ (බ)
එක තමයි අපි කිව්වේ ජනවරම රජවරම කියල හිතාගෙන ..රාජකීය වරප්‍රසාද බුක්තිවින්දීම හින්දම තමයි රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා මරා රෙජීමය වෙනුවට යහපාලනය තෝරාගත්තේ..දෙකෝටි විසි දෙලක්ෂයක් කියන්නේ සොච්චම් මුදලක් නේ ..(කෞ)
මේ ජෙප්පෝ තාමත් මහින්දගේ කුණු ගොඩවල් තමයි හොයන්නේ. මේ ආණ්ඩුව ආපු දා ඉඳල කරන්නේ කිව්වා දේවල් නෙමෙයි. රටට ජනතාවට මොන තරම් ද්‍රෝහිකම් කරනවද. (කෞ)
තිලක්, ඔලුව කොහෙවත් අනුනේ නැහැ. මම කියලා තියෙන්නේ ඇත්ත. බොරු නම් සාක්කි ඇතුව ඔප්පු කරන්න. රට වෙනුවෙන් යුද්දෙට දරුවෝ ඇරිය කොයි අම්ම තාත්තත් දරුවෝ ඇරියේ මැරෙන්න ඉඩක් තිබෙන බව දැනගෙන. අමතක කරන්න එපා හිටපු නේවි කමාන්ඩර් ක්ලැන්සි ප්‍රනාන්දුවත් කොටි මැරුව බව. එහෙවු එකේ කාගේ දරුවෙක් වුනත් ත්‍රිවිධ හමුදාවට බාර දෙන්නේ රුදාවට විතරක් නෙවෙයි. අනික් එක්කනාගේ පුතා සිංහලයෙක් වෙන්න ලැජ්ජයි කිව්වේ ඒ පුතාගේ අම්මයි. ඒක ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඇත්ත දැක්කාම විස වෙන්නේ ඔයාත් ඩුබායි වලට වෙලා ඉන්න වීරයෙක් නිසා වෙන්න ඇති. (බ)
පාර්ලිමේන්තුවෙ සිටින කීදෙනාටද ඕ ලෙවල් තියා 7 වසරවත් පාස් කරල තියෙන්නෙ මොකක් ද තියෙන සුදුසුකම රටම වෙනුවෙන් අණ පනත් හදන්න අලුත් ව්‍යවස්ථාවට දාන්න ඕන මන්ත්‍රීකමට ඉල්ලන අවම සුදුසුකම ඕලෙවල් වත් ඇමතිකමක් දරනවනම් උපාධියක් තිබිය යුතුයි කියල මහන්සි වෙලා ඉගෙනගන රැකියා කරන නිලධාරීන්ට අද වෙලා තියෙන්නෙ මැති ඇමතිවෙලා ඉන්න නිකම්ම නිකන් හාල්පාරුවො කියන එව කරන්නයි උන්ට වැදගන ඉන්නයි. (බ)
තව පොඩ්ඩක් ඉඟියක් දෙනවද ? දිනේෂ් මේක කියවනකොට 70 ගණන්වල පාර්ලිමේන්තුවේ ගිය කතාවක් මතක් වුණා. දැනුත් පාර්ලිමේන්තුවේ ඉන්න බලවතෙක් අනුර බණ්ඩාරනායක මහතාට පහර ගැහුවා ඔහුට ඕ ලෙවල් නැති බව කියලා. එතකොට බණ්ඩාරනායක මහතා කිව්වා ඔවු මම ඕ ලෙවල් ෆේල් තමයි, හැබැයි මගේ තාත්තා ඔබේ තාත්තා ඔබට කළා වගේ ෆේල් වුණ මාව හොර පාරෙන් පාස්කරවා ගත්තේ නැහැ කියලා. අර බලවතා එතැනින්ම නිහඬ වුණා. (බ)