බලහත්කාරයෙන් හා අකැමැත්තෙන් අතුරුදන් කළැයි කියන අය සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායමේ නියෝජිත පිරිසක් ලබන මාසයේදී නව දින නිල සංචාරයක් සඳහා ලබන මස 9 වැනි දා පැමිණ 18 වැනි දා තෙක් මෙරට රැඳී සිටින බව දැන ගන්නට ඇත.
එම කණ්ඩායම මේ දිනවල ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 30 වැනි සැසිවාරයේදී නිල වශයෙන් මේ බව නිවේදනය කළේය.
මෙම කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකාවට පැමීණිමට අපේක්ෂාවෙන් සිටියත් පසුගිය රජය ඒ සඳහා අනුමැතිය ලබා දී නැතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාතිය ඔබෙගේ කීම මමද 100 % අනුමත කරමි .මෙතැන අදහස් දාන ගොඩ දෙනෙකුට ත්‍රස්තවාදියා කවුද කියල අමතකවෙලා රට කරවන ඇත්තොත් කොටි පුල්ලි සුදු පිරුවටේකින් වහලනේ තියෙන්නේ (බ)
ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සල්ලි වලට කතන්දර හදන කට්ටිය කොඩක් ඉන්නවා. එ් වුණාට අම්මාද තාත්තද කියලවත් නැ සල්ලි දෙනවා නම් කතාවක් හදයි (අ)
වරදක් වෙලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. වැරදි තියෙනවනම් තමයි මේ අය එනවට විරුද්ධ වෙන්න ඕනා. විරුද්ධ වෙන්න වෙන්න හංගන්න දේවල් තියෙන බවට සැක වැඩි වෙන එක තමයි වෙන්නේ.(ම)
අපේ සිංහල මිනිහා හරි අහිංසකයි මෝඩයි. දෙතුන් පාරක්ම සුද්දට රැවටුනා තාමත් රැවටෙනවා ...(ම)
භාතිය ඹයා හරි (ම)
විදුලි පුටුවට යන්නම් කියපු මහින්ද උන්නැහේ දැන් මොකටද බයවෙන්නේ! (බ)
මහින්ද කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
ඇත්තටම අපිට බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)
ඉතා හොඳයි. හමුදාව වරදක් කරලා නැත්නම්, හංගන්න දෙයක් නැත්නම් ඇයි බයවෙන්නෙ? (නි)
මේ වගේ දේවල් වලට අවසර දෙන එක ගැන දෙපාරක් හිතුවොත් හොඳ නැද්ද? ශ්‍රී ලංකාවටවත්,ශ්‍රී ලාංකිකයන්ටවත් කිසිම විදියේ වරදක් වෙන්න දුන්නොත් ඒක අපේ ඉදිරි පරම්පරා වලටත් නරක විදිහට බලපාන්න පුළුවන්. (නි)
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ,එක පාර්ශවීයව නඩුත් අහල තීන්දුත් අරන් එන්නේ.ලොකු විනාශයකට තමයි පෙර නිමිති ?
රංගන, ඔයා හරි (නි)
මේ එව අයට කළ සුදු කරන්නත්. සුදු කළු කරන්නත් හැකියාව තිබෙනවා. යූඑන් එක කොහේදීහරි කියලා තියෙනවද ත්‍රස්තවාදින් අතින් මිනිස් ඝාතන වුණා කියලා? (නි)
අද යුරෝපයේ රැකවරණ ලැබෙන්නේ සිරියාව ඇතුළු යුද්ධය පවතින රටවල රටවැසියන්ට.යුද්ධ කරන ත්‍රස්තවාදීන්ට නොවේ.නමුත් අපේ රටේ යුද්ධය තිබෙනකොට යුරෝපය රැකවරණ දුන්නේ ත්‍රස්තවාදීන්ට.වෙනසක අරුමය! (නි)
මොකටද අපි බයවෙන්නේ? ඕනෑ කෙනෙක් ආපුදෙන්කෝ. අපි වරදක් කරලා නැහැනේ. කාටවත් බයවෙන්න ඕනෑ නැහැ (නි)
කැමති වුණත් අක මැති වුණත් ලෝකයට මුහුණ දිය යුතුයි (අ)
මේ සියලු සැලසුම් කොටි ඩයස්පෝරාවේ උවමනාවෙන් කරන බවත් කොටියන් කල සියලුම සිද්දීන් යටපත් කොට හමුදාව නොකළ වැරදි වලට පටලවා රට තවත් ,ලිබියාවක් ,සිරියාවක් ,ඉරාකයක් කරන්න හදනවාද (අ)
අයි අපි බය වෙන්නේ . අපි වැරදි කරලා නම් විතරයි (ම)