මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරියාගේ සේවය අත්හිටුවීම අරබයා පසුගියදා පැවැත්වුනු ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලය හමුවේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මොබිටෙල් සමාගමේ මූල්‍ය හා භෞතික සම්පත් ලබාදුන් බවට එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රංජිත් රූබසිංහ මහතාට චෝදනා නැඟී තිබෙන හෙයින් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිර්දේශය වූයේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සේවා තහනමක් රූබසිංහ මහතාට පැනවිය යුතු බවයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයද රූබසිංහ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවද මෙහිදී සඳහන් විය.
නමුත් මීට විරෝධය පළකළ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී පී.ජී.කුමාරසිංහ මහතා, රූබසිංහ මහතාට සේවා තහනමක් පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියා සිටියේය.නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් ඊට විරුද්ධ වීමෙන් දෙපාර්ශවය අතර විවාදය උණුසුම් වචන හුවමාරුවකට පෙරැළිණ.
වාදය සමථයකට පත්කිරීමට ඒ වන විට ටෙලිකොම් ආයතනයෙන් පිටත්ව ගොස් සිටි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නැවත කැඳවූ අතර ඔහු පැමිණ පරීක්ෂණ කටයුතු අවසාන වන තෙක් රූබසිංහ මහතාට මාස 3 ක සේවා තහනමක් පැනවීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැටුම සමථයකට පත්කළේය.
අමාත්‍යවරයා පිටත්ව ගිය වහා නැවත ගැටුම් ඇවිලී ගියේය.රූබසිංහ මහතාගේ වැඩ තහනම වහාම ක්‍රියාත්මක කළ යුතුයැයි අධ්‍යක්ෂක මණ්ඩලය කියා සිටියද ටෙලිකොම් සභාපතිවරයා පවසා සිටියේ එ සඳහා වන ලියුම තමන් සඳුදා නිකුත් කරන බවයි.
ගැටුම හමුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ඩබ්ලියු.කේ.එච් වෑගපිටිය මහතා ඉන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවම එයා හැමතැනින්ම සල්ලි අරන් නේද? (බ)
මේවා මෙහෙම ටික ටික හෙළිවෙනකොටවත් අපේ අයට මොළේ පෑදෙයිද දන්නෙ නැහැ (නි)
අයි මහ්තයෝ අපේ බිල් අඩු නොකළේ. අපෙන් අරන් එතුමාට දුන්නා? කුණු මාළු කෑවා නම් විඳවාපන් බළලෝ. (ස)
මාර කෑමක් නේ කාල තියෙන්නේ , අපිවත් කාලද දන්නේ නැහැ. (ස)
අපේ මව්බිම බේරා ගැනීම ගැන බුද්ධිමත් ජනතාවට මගේ ප්‍රණාමය. (ස)
අනේ එහෙනම් මේක වෙන්න ඇති හේතුව ආලෝකයේ වේගෙන් දෙනවා කියන ඉන්ටෙර්නෙට් ඉබි වේගෙන් අපිට ලැබෙන්නේ. මේවා දැනගෙන හිටියේ නැහැනේ අපි. (ර)
දීකිරට බලල්ලු සාක්කි. මෙතුමාත් මේවට හවුල් ඇති (බ)
ධර්ම ජයවික්‍රම තව ටික දවසකින් යාපනයට යන්න වීසා ගන්න වෙනකොට ඔයාට බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය කරන්නම හිතෙයි. බය වෙන්න එපා විජේතුංග අපේ අයට මොළේ පෑදෙන්නේ නෑ. මොකද මොලයක් නැති නිසා. (බ)
මම නම් කොහොමහරි ජොබ් එක කරලා කීයක් හරි හොයා ගන්නවා. අපිට මොකටද අනුන්ගේ කුණු (බ)
ටෙලිකොම් සභාපති ජනාධිපති තුමාගේ මල්ලි නේද? (බ)
පරණ අය කරපු දේවල් අලුත් අයත් කරන කල වෙනස කුමටද ................(ම)
එතුමා සල්ලි ඇදපු නැති තැනක් හොයාගන්න බෑ (බ)
වෑගපිටිය කවුද කියලා දන්නවා (බ)
වරදක් කරලා තියෙනවානම් වැඩ තහනම් කරන්න ,නමුත් ඔප්පුකරන්න බැරි වුනොත් එතුමට සිදුවූ අගෞරවය,බොරු නඩුවකට පැටලවීම,රැකියාව අහිමි විම නිසා සිදුවූ අසාධාරණයට වහාම රජය වන්දි ගෙවිය යුතුයි (බ)
අපි බිල් ගෙවනවා මුන් ඒවා ඡන්ද වැඩවලට ගන්නවා හෙනගහන අපරාධයක්නේ මේක. (බ)
හෙට ඉසිර දස දෙසින් මගුල් ගේ වගේ තියේවි...(බ)
රූබසිංහ කියන්නේ කවුද කියලා දන්නවා. ටෙලිකොම් එකේ හොර පාරෙන් උඩට ගිහින් මහින්දගේ අැගේ එල්ලිලා උඩටම හොරෙන් ගියපු කෙනෙක්, (බ)
දේශීය සමාගම් ටිකත් ඉවරයි ...(ම)
සිරිසේන පවුල් ගස රාජපක්ෂ පවුල් ගස අභිබවා යන බව මෙයින් පැහැදිලි වෙයි (බ)
මොහාන් ,හිටපු ජනාධිපතිවරයට එරෙහිව එල්ලවන චෝදනා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම් ,ගරු අධිකරණයකින් ඒවා ප්‍රතික්ෂේප කරන තෙක් අපටද යම් අදහසක් දැරීමට අයිතියක් තිබෙනවා. යාපනයට යන්න විසා ගැනීමත්, මොබිටෙල් මුදල් අවභාවිතයත් අතර ඇති සහ සම්බන්ධය කුමක්ද?ඔබ අදහස් කලේ යහ පාලනය නොව මහින්ද පාලනය තවදුරටත් පවත්වා ගැනීම මගින් විසා ගැනීම ගැනීමෙන් වැලකි සිටීමද? එමනිසා රජයේ කුමන ආයතනයක් හෝ මුදල් වියදම් කර මහින්ද පාලනය රඳවාගැනීමද . ඔබ විහිලු සපයන්නේ රට වෙනුවෙන්ද නැත්නම් පවුල් පාලනයක් වෙනුවෙන්ද? (ස)
ඔහු ප්‍රතිපත්ති ගරුක කෙනෙක්, මොබිටෙල ආයතනයේ වැඩිම ලාබයක් ලැබුවේ ඔහුගේ කාලයේ. එහෙත් ඒවා කියන්නේ නැහැ. (ර)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
නමුත් සමහර තැන්වලදි පිටරටින් අා සමාගම් මොබිටෙල් වලට වඩා හොඳයි. සාධාරණව කටයුතු කරනවා. කොහොමත් මම නම් එක සමාගමක දේ විතරක් ගන්නේ නැහැ. මොකද ඒකාධිකාරයක් හැදෙන නිසා. (නි)