යුරෝපය ඇතුළු බොහෝ රටවල ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශාඛා සමිති බහුතරයක සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එසැණට පැවසීය.
‘ පසුගියදා ජනාධිපතිතුමා කියා තිබුණා වැඩි ඡන්ද ලක්ෂ 22කින් තමා ජයගන්නා බව. මම හිතන්නේ එතුමාට වැරදිලා. එතුමාට ලැබෙන ඡන්ද සංඛ්‍යාවයි ඒ කියලා තියෙන්නේ.
රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවට අනුව සියටට 56කින් සිරිසේන මහතා ජයගන්නවා. හමුදා බුද්ධි වාර්තාවට අනුව සියයට 55යි. කණිජතෙල් සංස්ථාවේ හිටපු සභාපතිගේ වාර්තාවට අනුව සියයට 56යි.
මේ වාර්තා හැම එකක්ම ජනාධිපතිවරයා ළඟ තියෙනවා. මේ සමීක්ෂණය කළේ සිරිසේන මහතා ආණ්ඩුවෙන් එළියට ඇවිත් දින කිහිපයකින්. දැන් ඒ ප්‍රවනතාවය ඊටත් වැඩියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටවල ඉන්න හාදයෝ කොහොමද ඡන්ද දිනවන්නේ ලංකාවට පය නොතියා. (නදී)
යුද්දේ යනකොට කකුලෙන් ඇදපු කට්ටිය. මෙයා ගිය එක හොදයි. හිටියනම් ජනාධිපතිතුමා පරදිනවා. මොන කරුමෙකට අපේ දිස්ත්‍රික්කයට ආවාද මන්ද ? (ස)
උපාලි, ඔබගේ කතාව ලාල් කාන්තත් කිව්වා. යු ටියුබ් එකෙන් අහන්න. (නදී)
කාටද මේවා කියන්නේ (ස)
ජනතාව බුද්ධිමත් නම් මම නම් හිතන්නේ නැහැ ඒ තරම්වත් ගනීවි කියලා. (නදී)
මුන්ට පිස්සු (නදී)
ප්‍රාදේශීය සභා කාරයෝ සහ ගෝලයෝ ඉදිරි දින කිහිපය ඇතුලත මාධ්‍යවේදියෝ 4-5 දෙනෙකුට පහර දීල ජනාධිපති තුමාගේ ඡන්ද ප්‍රතිශතයේ සැලකිය යුතු වෙනසක් කරලා දෙවි. (ස)
රාජිත මහත්තය ඔය ගණන් හදන වැඩේට හරි දක්ෂයි.(නදී)
රාජිත නිවැරදියි.මෙවර මෛත්‍රිපාල මහතා ජය ගන්නවා (දී)
එක එක දේවල් කියනවා අපි අහගෙන ඉන්නවා (දී)
අපිට ඕවා විශ්වාස නැහැ (දී)
මෙම මනුස්සය ලෝක හොරෙක් .හිතපු විදිහටම ගෙම්බා පැන්නා,මෙයාලට ඡන්දය දෙන්නේ පිස්සෝ .(ස)
කවුරු දිනුවත් මේ අංජබජල් ව්‍යවස්ථාව සම්පූර්ණන්ම වෙනස් කලයුතුමයි රටට ජනතාවට සෙතක් වෙන්න ,නැත්නම් ඉතිං අයෙත් අබසරණයි (ස)
මෙතුමා විතර ජනාධිපතිතුමාගේ ගුණ ගායනා කළ කිසි කෙනෙක් නැහැ (නදී)
යුද්දෙ දිනන්න බැහැ කිව්වෙත් මෙයාම තමයි (නදී)
දත් දොස්තර මහත්තයා ඇත්තමද කියන්නේ (නදී)
අයියෝ සිරිසේන. ඔබලාගේ දේශපාලනය අවසානයි ! (නදී)
අනේ මන්දා (නදී)
සාගර, දැනට සිටින ජනාදි පති ඉදිරි 10 වසර තුලදී , සැලකිය හැකි උසස් තලයකට රට සංවර්දනය කරනවා ඇත. නමුත් මෙම ක්‍රමය දේශපාලු හොර ගෙම්බන්ට නම් දිරවන්නේ නැත. ලාංකික ඡන්ද දායකයිකින් ඡන්දය දීමේදී, විදේශ දේසපාලනය හැසිරෙන ආකාරය ගැනත් සැලකිලිමත් වීම අගනේය (නදී)
ඔය සමීක්ෂණ වාර්තා බොරු බව 9 වෙනිදා වෙද්දී හැමටම තේරෙයි. (නදී)
ජනවාරි 8 වෙනිදායින් පස්සේ රාජිතගේ දේශපාලනේ ඉවරයි. මහින්ද දිනන එක ෂුවර් (නදී)
මොනවද මේ කියවන්නේ ? (නදී)
සිල්වා මහත්මයා, මටත් හොදට ඒ ඉතිහාසේ මතකයි. එක කාලෙක මැතිවරණ වේදිකාවේ උඩ පැනල කිවා මේ පාර ඡන්ද ලකුණ පුළුන් කෑල්ල කියලා. අනේ දැන් ඒ අයගේ මුහුණ බලන්නේ කොහොමද දන්නේ නැහැ. (නදී)
විශ්වාසද ඔබ තුමාට (දී)
අභය, බන්දුලවත් අරන් රට යන්න. (නදී)
මොනවා උනත් මේක ලෝකයේ මේ තාක් පැවති දුෂිතම මැතිවරණය වෙන එකනම් කාටවත් වලක්වන්න බැහැ. (දී)
මමත් ඉන්නේ යුරෝපයේ රටක.ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක ශාඛා සමිති අටක් තියෙනවා.එක්කෙනෙක්වත් අඩුවෙලා නෑ.(දිල්)
ඇමැතිතුමා හීන දකිනවද.8 වැනිදට බලා ගන්න පුළුවන් (දිල්)
මේ රට යන අත කියන්න පුළුවන් කවුරුහරි ඉන්නවද (දී)
මැර ක්‍රියා නැවැත්තුවේ නැත්නම් වැදගත් මිනිසුන්ගේ ඡන්දය ගන්නත් බැරිවේවි.(දිල්)
මේ මහත්මයා කියන ඒවා වැඩිය සැලකිය යුතු නැහැ . මොකද අපිටත් ඉතිහාසේ මතකයි.(හේ)
මට නම් මොකුත් කියන්න බැහැ කියුවත් වැඩක් නැහැ (දී)
කලබල වෙන්න එපා ඔය කියන තරම් යකා කළු නැහැ.(හේ)
කවුරු කොහොම කියුවත් මිනිස්සු බුද්ධිමත් (දී)
හරි හරි 09 වෙනිදා බලමුකෝ (නදී)
මම නම් මේ රට අත හැර යනවා ඇත්තමයි (දී)
සියල්ල සාදාහරණ සාමකාමී මැතිවරණයක් මෙවර තිබිය යුතුයි. ජනතාවට කිසිම දෙයකින් පිඩාවට පත් නොවිය යුතුයි. මෙවර ජනතාව හොදට අදුරන පුද්ගලයකු විය යුතුයි. (නදී)
ගිය එක තමයි හොඳ (නදී)
සියල්ල සාදාරණ සාමකාමී මැතිවරණයක් මෙවර තිබිය යුතුයි. ජනතාවට කිසිම දෙයකින් පිඩාවට පත් නොවිය යුතුයි. මෙවර ජනතාව හොඳට අදුරන පුද්ගලයකු විය යුතුයි.(නදී)
අපි බලමු අට වෙනිදාට (දී)
මෙයාට ෆොන්සේකා ගත්ත ගානවත් ගන්න බැහැ (නදී)
දිනුම පැරදුම කොහොම වෙතත් හිතන්න එපා නිකම්ම දීලා යයි කියලා. (හේ)
යකා කළුද ? සුදුද ? කියලා ඉදිරියේදී පෙනේවි.(හේ)
කනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති තුමාගේ වාර්තාව හරි මහින්ද මහතා සියයට 56 ගන්නවා අනිවාර්යෙන්ම (නදී)
අයියෝ සල්ලි (නදී)
එහෙම කියන්න පුළුවන් නම් චන්ද මොකටද (දී)
හා හා බලා ගෙන දත් අස්සේ දිවකුත් තියෙනවා. (නදී)
ලංකාවේ දීවරයෝ හොදට දන්නවා මෙයාගේ ගැන (නදී)
රටට වෙලා තියෙන වින්නැහිය කලුට, නාලකට පේන්නේ නැති එක ගැන දුකයි. පොඩ්ඩක් එලියට බැහැල බලන්න. මේ රට චීනෙට උකස් තියල ඉවරයි. දුෂණය, නාස්තිය, වංචාව ඉහවහා ගිහිල්ලා. මෛත්‍රී කියන්නේ පිරිසිදු කෙනෙක්. රාජිත කියන විදයට එයාල දිනනවාමයි. (නදී)
දවල් හීන දකින කොට ඔහොම තමා. (නදී)
රාජිතට දැනටම පිස්සු (නදී)
ජනතාවට දැනුයි සත්‍ය තේරුම් ගිහින් තියෙන්නේ, මෛත්‍රී දිනුව කියන්නේ රනිල් දිනුව වගේ නේද? මිනිස්සුන්ට රනිල් දිනවන්න ඕන නැහැ. ඔය කියන විධායකය අහෝසි කරන්න 2/3 ගන්නේ කොහොමද? 2/3 නොගෙන දිනුවොත් මොකද වෙන්නේ? අතුරලියේ රතනහිමි එ්ක ඇහුවද? (නදී)
අනේ දොස්තර - දකිනු කවදද අහෝ මොක් පුර? (නදී)
එතුමා දත් දොස්තරනේ, හොදට දන්නවා බොරු කියලා දත් ගලවන්න .(නදී)
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (දී)
කිසිම විශ්වාසයක් තියා ගන්න එපා (දී)
රාජිත මහත්තය හිතන් ඉන්නේ ජනාධිපතිවරණය කියන්නේ එස් එම් එස් වලින් දිනන එකා තෝරන රියලිටි ෂෝ එකක් කියල...ඔහොම යන් ..ඔහොම යන්..(නදී)
අනේ අපි නොදන්න රාජිත එහාට ගියාම එකක් මෙහාට ආවම වෙන එකක් (නදී)
මෛත්‍රී මහත්තය සියයට 50ක් ගනීවි කියල හිතන්න බෑ. එයාට බාධක මැඩගෙන ඉදිරියට යන්න තරම් පෞරුෂත්වයක් නෑ. ඇමතිකම කරද්දීත් කිවේ බැරිකම් තමයි. ඒවා මැඩගෙන යන්න බැලුවේ නෑ. එහෙමකෙනෙක් කොහොම ජනාධිපතිකම් කරන්නද මේ හත්හවුලක් එක්ක ?මෙයාල මට මේක කරන්න ඉඩදෙන්නේ නෑ කියා කියා ඉදිවී. (බ)
ඇත්තටම මටනම් තවම කවුරු දිනයිද කියලා හිතාගන්නවත් බැහැ (දී)
රට වෙනුවෙන් යුද්ධ කරල කකුල් අත් ඇස් අහිමි වුන සෙබලු කිදෙනෙක් ඉන්නවද තාම ඉන්න ගෙයක් වත් නැති. ඒ වුනාට මිනිස්සු දහස් ගානක් මරපු කරුනල පිල්ලෙයාන්ල දැන් සුර සැප විදිනවා. (නදී)
තවම තරගය පටන්ගත්තා විතරයි. මේ කියන්න වේලාසන වැඩියි (නදී)
මහින්දගේ ජය නියතයි (බ)
මහින්ද දිනනවා.(හේ)
ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ දැන් (දී)
බලමු මෙයත් මොකද කරන්නේ කියලා. මහින්ද කරපු වැඩ ටික ඇති ගෙදර යන්න දැන්(දිල්)
මේ මහත්තය මටනම් හිතන්නේ ගැහි ගැහි ඉන්නේ.(හේ)
ඔය මොන ගණන් හිලව් තිබුණත් හමුදා බලය ඒවාට වඩා බලසම්පන්නයි ! (දිල්)
ෆයිල් 5 විතරනේ. අනේ සියල්ල දත්. (නදී)
රාජිත ඔබ හරි. (නදී)
බම්බුව තමයි, යුරෝපයේ ඉන්න සියලුම දෙනා මහින්දට (නදී)
රාජිත මේ කියවන්නේ ටැමිල් ඩයස්පෝරා එක ගැනයි ...ඔව් ඒක අපිත් දන්නවා ...ඇඟේ පුල්ලි තියෙන අය ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට තමයි (නදී)
අනිල්, ඔයා මෛත්‍රී, රාජිත දෙන්නව සුද්ද කරන්නේ හරියට මේ රටේ දේශපාලනය ගැන කිසිම දෙයක් අවබෝධයක් නැතුව වගේ. ඒ දෙන්නත් ඔයා ඔය කියන දුෂිත, නාස්තිකාර පාලනයේ කොටස්කරුවොම නේද? මෛත්‍රී කියන්නේ පිරිසිදු කෙනෙක් කියලා කියන්න මෙච්චර ඉක්මන් ඇයි? රාජිතල වගේ අය කරන ප්‍රකාශවල වලංගු බව රටේ මිනිස්සු දන්නවා.. (නදී)
දන්නෝ දනිති ,මහින්ද ගෙදර යනවා නියතයි (නදී)
මෙහෙම වෙනවා නම් තමා හොඳ (නදී)
මට පේන්නේ ජනාධිපතිවරණයකට නෙමෙයි රාජිත මහත්තය ලෑස්ති වෙන්නේ රියලිටි ෂෝ එකකට. ඔය කියල තියෙන්නේ එස් එම් එස් ප්‍රතිපල..මෙයා මෙදා වැරදි මනුස්සයාගේ දත් ගලවන්න හදන්නේ..(නදී)
මාගේ ගණනය අනුවත් ප්‍රතිශතය හරි. මහින්ද හොඳයි මෛත්‍රී හොඳයි (නදී)
රාජිත මහතා ඔලුවෙන් හිටගෙන ඉන්නේ (නදී)