මහින්ද රාජපක්ෂ පාලන සමයේ අසාධාරණයක් වුයේ උපන්ගෙයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂකයින්ට බවත් එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි අය ඇමැතිකම් ගෙන උපන්ගෙයි අයමෙන් හැසිරෙමින් පක්ෂය රැක ගැනිමට කතා කිරිම පුදුමයට කරුණක් බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පැවැසිය.
ප්‍රධාන අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ සැප්තැම්බරු 04 වැනිදා කුරුණෑගල දි පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 65 වන සම්මේලනයට මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප පාක්ෂිකයන් සම්බන්ධ කිරිම පිළිබඳ දැනුවත් කිරිමට අද (29) මාධ්‍ය හමුවක් අමතමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දදායකයන් වන අපිට නම් පක්ෂය ලොකු නැහැ. අපි කැමති රටට හරි දේ කරන නායකයන්ට. ඡන්දයක් තිබ්බහම අපි හරිදේ කරන්නම්. (ර)
ජනහිත, ඔබ හරි (නි)
මෙතනත් ඉන්නවා ඒ කාලේ පස්සෙන් ගිය අය. දැන් කොහොමද සැප? මෙයාලගේ අතීතය අපි දන්නවා. එ්ක නිසා වැඩිය කයිවාරු ගහන්න එපා. (නි)
සරත් මහත්තයෝ, ඉදිරියේදී යථාර්ථය හරියටම පෙනේවි (නි)
මෙයාලා කතාකරන්නේ කටින්ද? ලැජ්ජයි දැන් කතාකරන විදිය ගැන (නි)
අනුරාධ, ඒ කාලේ මේ මිනිස්සු මේ වගේ කතාකළා නම් මොකද වෙන්නේ කියලා දැන දැන නිකන් බබෙක් වගේ කතාකරන්න එපා (නි)
ඇත්තනේ! හැබැයි ඒ දවස්වල ඕවාට විරුද්ධ වුණා නම් මොනවා වෙයිද? පණ බේරාගන්න නිශ්ශබ්දව ඉන්න එක වරදක්ද? එ්ක තම නුවණට හුරු දේ. වෙලාව ආවහම කියනවා (නි)
කැනඩා දිසා, කතාව ඇත්ත. (නි)
මහින්ද තමයි සන්ධානය ඇතුළේ නිදහස් පක්ෂය කැපීපෙනෙන තැනට ගෙනාවේ. ඔබතුමා නොදන්නවාට අපි දන්නවා (නි)
ඡන්දයක් තියලම බලන්න මොකද වෙන්නේ කියලා ගහපු බොරු වලට. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. ඊළඟ ඡන්දෙදි අපි කුණු බක්කියට තමා තල්ලු කරන්නේ. (නි)
මෙයාල මෛත්‍රී ට කරන්නෙත් මේ ටිකම තමයි බලය නැතිවුණුදාට (බ)
තව ටික කාලයක් දුන්න කට්ට සුප්පු කර කර ඉන්න. ආයිත් ඡන්දයකින් එනවා බොරු. (අ)
මහින්ද අවුරුදු අටක් සහෝදරයොත් සමග තමන්ට ඕන විදියට රට කෙරුව. මුදලට වීරුද්ද පාක්ෂිකයින් බදවා ගත්තා. එතකොට මේ බේබිල නොදැක්ක වගේ. හිටිය. කොන්දක් තිබුනා නම් මේවට. විරුද්ද වෙන්න. තිබුණා දැන් කියනවා. පක්ෂය කාලලු. මහින්ද තමයි මේ පක්ෂය විනාස. වෙන. තැනට වැඩ කෙරුවේ ඉතිරි අවුරුදු දෙකත්. හිටියනම් ඔය පක්ෂයේ සලකුණ මහින්දගේ මුණ ,මහින්දගේ අලුත් පක්ෂයේ සලකුණ තිශුලේ (අ)
ජනාධිපතිතුමාගේ පක්ෂය කුළල් කා ගන්න අතර අගමැතිතුමා එයාගේ පක්ෂය ප්‍රවර්ධනය කරගෙන යනවා ලස්සනට. (අ)
එතකොට මහින්ද ගේ කාලේ ඕක කියන්න බැරි වුනේ ඇයි.එතකොට කටේ පිට්ටුද නැත්නම් වෙන මොනවහරි ප්‍රශ්නයක්ද, (අ)
එදා එජාපයෙන් කඩාගෙන ආ සමහරුන්ගේ ක්‍රියාකලාපය නිසා තමයි ජාතිවාදී අර්බුද වලට මඟපෑදුනේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු වුණත් එය සිදුකරපු විදිය නිසා තමයි, අවුල් ජාලයක් ඇතිවුණේ. අද අපේ පරපුරට හරියට සිංහලත් බැහැ, ඉංග්‍රීසිත් බැහැ. ඇතැම් ද්‍රවිඩ ජනයාට භාෂා තුනම පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසියම් යහපත රටට සිදුවුණා නම් එහි ගෞරවය හිමිවන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටයි. (නි)
ඒකනායක මහතය දන්නේ නැතිව ඇති එ ජා ප යෙන් එදා කඩාගෙන ආපු බණ්ඩාරනායක මහතා තමයි ඔය කියන ශ්‍රී ලං නි ප ය හැදුවේ. හැකියාවක් ඇති කෙනෙකුට තැන දීම වැරද්දක්ද? පක්ෂයේ ප්‍රතිපති පිළිගන්නවානම් එකේ ප්‍රශ්නයක් නැහැ. පක්ෂයෙන් ඉවත් වෙලා, පක්ෂ නායකත්වයට විරුද්ධව තරග කරල දිනුවට පස්සේ ආපහු ඇවිත් පක්ෂය දියාරු කරන්න හදන අය ගැන ඒකනායක මහත්තයට කියන්න මොකුත් නැද්ද? (අ)
මහින්ද මහත්මය කල වරදක් තමයි වැඩිම මනාප ගත්තු අනුරාධ ජයරත්නට මහා ඇමති කම නොදී ඊට අඩුවෙන් මනාප ගත්තු තමුන්ව මහා ඇමති කල එක..එතකොට ඒ සැලකුවේ උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෙකුට නෙවෙයිද? කටට ආ පලියට වාසි ගන්න කතා කියන්න එපා මහත්තයෝ..(අ)
මහින්ද මහත්තයාගේ කාලය තමයි නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය තිබුනේ. (ර)
ඔව් ඔව් රාජපක්ෂ මහත්තය තමා පාක්ෂිකයෝ කපාගෙන තමාගේ බලය තියාගන්න අනිත් කට්ටිය ළඟට අරන් නැලෙව්වේ (බ)