යටිනුවර සන්ධාන රැලියේදී එහි ඔසවා තිබූ විකෘති කළ ජාතික කොඩි ඡායාරූප ගත කළ ලංකාදීප මාධ්‍යවේදියාට නිදහසේ සිය කටයුතු කරගැනීමට ඉඩ නොදුන් නින්දිත හැසිරීම පිළිකුළින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
දේශපාලනය තුළ වෛරී සහගත බව සැම විටම ප්‍රකට කළ මහින්ද රාජපක්ෂ ඒ සඳහා ඕනෑම ක්‍රියාදාමයක් අනුගමනය කරන බවත් එහි අලුත්ම සිදුවීම යටිනුවර පැවැති සන්ධාන රැලියේ ඔසවා තැබූ සිංහ ධජය තුළින් පිළිබිඹු වන බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය නිවේදනයේ පවසයි.
සිය දේශපාලන අභිමතාර්ථ සඳහා මහින්ද රාජපක්ෂගේ කේවට්ටයින් විකෘති කර ඔසවන්නේ ජාතික සමගියේ සංකේතය බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාට කරන බරපතලම අවමානයක් බවත් කිරිඇල්ල මහතාගේ නිවේදනයේ සඳහන්ය.
තමා පාලන බලය මෙහෙයවන අවධියේ කළ ක්‍රියා තවමත් ඔවුන් සිදුකරන බව කඩුගන්නාවේදී කොඩිය ඡායාරූප ගත කළ මාධ්‍යවේදියා රඳවා ගනිමින් කළ තර්ජනය තුළින් මනාව පිළිබිඹුවන බවත් එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ජාතික කොඩියක්නම් ජාතික කොඩිය අංගසම්පුර්ණ විය යුතුයි අනෙක් සුළු ජාතිනුත් නියෝජනය වන පරිදි. පින්තුර දැක්කමනම් පේනවා එකේ ලොකු වෙනසක් තියෙන බව. (ම)
එතකොට ඊළගට අගමැති වෙන්න බලාගෙන ඉන්න මහින්ද මහත්තයා අගමැති වෙන්නේ සිංහලයන්ට විතරද? (ම)
මාධ්‍යවේදියා රඳවා ගනිමින් කළ තර්ජනය බත් කන කව්රුත් හෙළා දැකිය යුතුයි. කේවට්ටයා වැරදි කෙරුවත් මහෝසද පඬිතුමා ඒවා නවත්තල තියෙන්න ඕනි. (නදී)
එකම රටක් එක කොඩියක් . ඇයි දැන් මේ කොඩි දෙක තුනක් . මෙහෙම ගියෙත් දිනූ නිදහසට කාගේ පිහිටක්ද? මෙිවා දේශපාලන පක්ෂ වලට ගැතිවෙලා බලන්න එපා (ම)
අපි කොහොමත් දන්නවා මහින්ද ගැන. (නදී)
ඇයි මෙය ජාතික කොඩියත් එක්ක පටලවා ගන්නේ? මේක වෙන මොකක්දෝ එකක්. (නදී)
ඕනේ කෙනෙක්ට මෙහෙම නිවේදන නිකුත් කරන්න පුළුවන්.(නදී)
එය සිංහලේ කොඩිය බව ඇත්ත. නමුත් ගැටලුව වන්නේ එම කොඩිය ඡායාරුප ගත කළ මාධ්‍යවේදියා පිරිසකගේ සිර අඩස්සියට ගෙන ඔහුට හිරිහැර කිරීමයි. එය කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවකි. එමෙන්ම පසුව එම සිංහලේ කොඩිය ගලවා ඉවත්කර තිබීමද ගැටලුවකි. (බ)
එතකොට මහින්ද මහත්තය ජනපති කාලේ භාවිතා කළේ මොන කොඩියද? එතුමා දිවුරුම් දෙනවිටත්, ජාතික උත්සව වලදී එසේව්වෙත් ජාතික කොඩිය නේද? මොකද මේ එකවරම සිංහලේ කොඩිය මතක් වුනේ? ඒ කාලේ එහෙනම් මේ කොඩිය භාවිතයට ගෙන්න තිබුන. මේක දේශපාලන වාසි පිණිස ජාතිවාදය ඇවිස්සීමක් මිස ජාත්‍යාලයක් නොවේ. (බ)
යහපාලල වගේ උදවිය තමයි කන්න ඕන වුනහම කබරයි තලගොයි කරගන්නේ. මේ කොඩිය සිංහලේ කොඩිය නම් මේක ගෙන්න තිබුනේ ජාතික නිදහස් දිනයටනේ. මොකද මැතිවරණ වේදිකාවට ගෙනාවේ. ඕක තමයි කියන්නේ මහින්ද පිල හැමදාම කළේ රටේ ජනතාවගේ ඔලුවට ජාති වාදය දාල, නැති ත්‍රස්තවාදයක් මවා පාල ඡන්දය කොල්ල කන එකනේ. මේ කොඩියේ සුළු ජාතීන් නියෝජනය කරන වර්ණ දෙක නැහැ.මේකත් ජාතිවාදය අවුස්සන වැඩක් නොවෙයි කියල යහපාල කියනවද? ඌරු මාළු කෑවට කමක් නැහැ කරේ එල්ලන් කන්න එපා කියල තමයි මේවට පැරැන්නෝ කියල තියෙන්න. එ් කතාව මේ වගේ වෙලාවට හොඳට ගැලපෙනවා. (බ)
ඉතින් මේ කොඩිය සිංහලයේ කොඩිය මිසක් ජාතික කොඩිය නෙමෙයිනේ. ඉතින් ගැටළුවක් නැහැනේ (නදී)
ඔන්න ඕකයි තත්ත්වේ.(හේ)
මේක අමුතු කොඩියක් නෙමෙයි, මේක තමයි සිංහ කොඩිය. 1948 නිදහස් දිනෙත් භාවිතා කළේ මේ කොඩිය. ඉතින් මොකක්ද වරද මේක භාවිතා කළ එකේ. (නදී)
සිංහලේ කොඩිය දාන්න කාගෙන්වත් අවසර මොකටද ? අපි සිංහල නම් අපිට අපේ කොඩිය දාන්න කාගෙන්වත් අවසර මොකටද ? (ම)
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට ඇත්තේ එක කොඩියකි. එය මෙය නොවේ ... මෙය කොටි කොඩියට සමානය. නිත්‍යනුකුල නොවන ඕනෑම කොඩියක් රාජ්‍ය විරෝධිවේ (බ)
ඉතින් ගැටළුවක් නැතිනම් අහවල් දේකටද පොටෝ ගත්ත මනුස්සය මරන් කන්න හදන්නේ? (බ)
ඉන්දික සහ උද්දික හරි. ඔබලාගේ දැනුවත් වීම ගැන සිංහලයෙක් ලෙස ආඩම්බරයි. මේකේ සිංහයා තමා විජේ කුමාරය ලංකාවට එනකොට කොඩියේ තිබුණා කියන්නේ. (නදී)
10% ඉන්න කළු සුද්දන් සිංහලේ නියම කොඩියට කැමති නැත. මේක අමුතු කොඩියක් නෙමෙයි, මේක තමයි සිංහ කොඩිය (බ)
සිංහල රටේ සිංහලේ කොඩිය ප්‍රදර්ශනය කිරීමත් වරදක්ද..? සිංහල අපේම රටේ අපි පිටස්තරයො වගෙ වෙලා දැන්.. කලකිරෙනව ඇත්තටම.. දැන් අහයි සිංහල රට කියලා එකක් තියෙන්නෙ කොහෙද කියලා..(බ)
හාමුදුරු නමක් ජාතික කොඩියට පරිභව කලා එළිපිටම..ඒවාට කතා නැහැ..නඩු නැහැ.විරෝධතා නැහැ.. මේ සිංහලේ කොඩිය දැක්කම කුලප්පු වෙනවා..මේ ජාතික කොඩියේ ඔර්ජිනල් එක.තුන් සිංහලේ කොඩිය..(බ)
මෙහෙම අගමැති කෙනෙක්ද අපි පත් කර ගන්න හදන්නේ (බ)
පන්සලක වගේ ගෞරවනීය ස්ථානයක කරන්න අවශ්‍ය දේවල් දේශපාලන වේදිකාවල් වටේ ගහගෙන කරන එක වැරදියි .සිංහලේ කොඩියට අගෞරව කරනවා .මිනිස්සුන්ව කුලප්පු කරන්න ජාතිවාදය අවුස්සනවා .හැමෝම සමග සමගියෙන් හිටියේ නැත්නම් මේ රට විනාශ වෙනවා වැඩිකල් නොගොස් (බ)
කවුරු හරි මේකට නඩුවක් දැම්මනම් හොදයි නේද (බ)
අපේ ජාතික කොඩියට මෙවන් දේ කළ විට හෙළා දකින්නේ නැද්ද ? (ම)