පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන බැවින් එම ආරාක්ෂාවට අඩු කිරීම හෝ මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ටද මෙවැනිම ආරක්ෂාවක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
හිටපු ජනපතිගේ ආරක්ෂාවට අතිවිශාල පොලිස හා යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත්ට්‍රක් රථ, ඩිෆෙන්ඩර් රථ, ලෑන්ඩ් කෘෂර් රථ, කැබ්, බස් ඇතුළු යුද හමුදා වාහනද එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහනද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටරද, ඩීසල් ලීටරද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, ඇතුළු තවත් උපකරණ ද ලබා දී ඇතැයිද එම පෙත්සමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආරක්ෂාව නැති උනත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ඔබතුමා ආරක්ෂා කරනවා. (ස)
මහත්තයෝ කොටි හුරතල් කරපු තමුන්ලා වගේ අයට මොන ආරක්ශාවක්ද?ආරක්ෂාව දිය යුත්තේ කොටි විනාශ කල අයටයි. (ස)
චන්ද්‍රිකා මීටින් වල මොකද කරන්නේ (නදී).
ඔච්චරම ලංකාවේ කොටි ඉන්නවා නම් මහින්ද කොටි නැති කරලා නැහැනේ. කොටින්ව මාකට් කරලා ඡන්දෙ ඉල්ලනවා. (නදී)
මහින්ද මහත්තයාට තව ආරක්ෂාව දිය යුතු බව රට වැසියන් ලෙසින් අප අනුමත කරමු, අපේ රට බේරාගත් අසහාය නායකයාව අප විසින් රැක ගත යුතු වෙනවා නේද ? කළගුණ සලකන්න පුරුදු වෙන්න (නදී)
මෙච්චර "ආරක්ෂක සේනාවක්", රථවාහන, ඉන්ධන වගේ හැම දෙයක්ම මහින්දට ලබා දීම ගැන ලැජ්ජා විය යුතුවෙනවා කියලයි මම නම් කියන්නේ. මොකටද මෙච්චර සුඛ විහරණ ලබාදෙන්නේ?අසරණ, දුප්පත් මහජනයාගේ සල්ලි වලින් නේද මේ සියල්ල නඩත්තු කරන්නේ?මේ වියදම් කරන සල්ලි කන්දරාවෙන් රටේ දුප්පත් ජනතාවට පිහිට වෙන්න බැරිද? ඇමරිකාවේ, රුසියාවේ, චීනයේ හෝ ලෝකයේ වෙන කිසිම රටක මහජන ඡන්දයකින් පරාජිතවූ ජනපති කෙනෙකුට මෙතරම් විශාල, රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරමේ ආරක්ෂාවක් දෙන බව "ගිනස් වාර්තා පොතේවත්" සඳහන් වෙලා නැහැ.ඡන්දෙට ඉස්සර එයාම කියපු දෙයක් මතක් වෙනවා. "සුබ අනාගතයක්", "ආසියාවේ ආශ්චර්යය !!" මේ ඔක්කොම දැන් එතුමාට නම් හොඳින් ලැබෙනවා..... (නි)
සමහරුන් වහල් මානසිකත්වයෙන් මිදීමට හිතන්නෙවත් නැහැ. (නදී)
පෙරේතකමයි හිටපු ජනාදිපතිකම්යි යන දෙකෙන් එකක් තෝර ගන්න වෙයි (නදී)
"අංගොඩ ලාල් " ගමේ හැටියට දාල තියන අදහස ගැන අනිත් අය හිතන්න ඕන නෑ. මොකද අංගොඩ ඉන්න කෙනෙක්ගෙන් වෙන අදහසක් ලැබෙන් නෑ.(නදී)
අංගොඩ ලාල් ඔයාල වගේ හිතන අය රටට බරක්. (නදී)
නන්දලාල් වගේ ලංකාවේ වෙන්නේ මොනවද දන්නේ නැති සිංහල නම් විතරක් තියෙන මිනිස්සුන්ට මේවා හරි සතුටුදායක පුවත්. අපේ ජීවිත බේරලා දුන්නු අපේ නායකයාගේ ජීවිතේ අවදානමේ දාන්න ඉල්ලන අපේ මිනිස්සු ගැන මට නම් තරහක් නෙවෙයිලැජ්ජාවක් විතරයි තියෙන්නේ..(අ)
ඔව් එහෙම කරලා ලෝකෙටම පෙන්වන්න සිංහලය කියන්නේ බලය ගන්න අම්මව පවා විකුනන්න පුළුවන් ජාතියක් කියා. ජවිපේ කාරයන්ව බලයෙන් විනාශ කරලම දන්නා ඕන . ජාතියේ වාසනාවට පහල වුණ නායකයෙක් අපිට නැතිකරන්න එපා (අ)
හොඳ නරක දෙයියෝ දනී. (නදී)
අනේ මන්දා මොනවද කියලා මේ කරන්න යන්නේ? (නි)
ඇන්ජීඕ ඉත්තන්ට වෙන වැඩක් නැති පාටයි. නව සමසමාජයත් ජවිපෙයත් මා සලකන්නේ ඇන්ජීඕ දෙකක් හැටියට ය. එතකොට ඔය තරග කරන හිටපු ඇමැතිවරුන්ටයි අගමැතිටයි විරුද්ධ වත් මුලික අයිතිවාසිකම් නඩු ගොනු කළ යුතු නො වේ ද? (අ)
දේශපාලුවෝ වනාහී අහිංසක ජනතාවගේ රුධිරයෙන් පෝෂණය වන පරපෝශිතයෝයි (නදී)
රත්නසිරි ජනවාරි 8 වෙනිදා ඔබ ඔය කියන පුද්ගලයාව පරාජය කර එලියට දැමුවේ ඡන්දෙකින් නොවේද ? ඔබට හොරු වටිනවා වෙන්න පුළුවන්. අපිට නම් හොරුන් පිච්චියක් තරම් වත් වටින්නේ නැහැ (නදී)
ජනපතිව ඉඳලා සාමාන්‍ය කෙනෙක් ලෙසට චන්දෙට ඉදිරිපත් වෙලා බලයට එන්නේ මොකටද කියන දේ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුයි. ජනතාව පසුගිය ජනවාරි 8 වනදා දුන් පරාජයට වඩා අන්ත පරාජයක් මෙවර මොහුට ලබාදී අපේ රටත් අහිංසක ජනතාවත් මේ නීලකාස හොරුන්ගෙන් බේරා ගන්න ඔබලාට මහත් පිනක් (නදී)
ඩයස් පොරවේ මතය කුමක්ද (අ)
මහින්ද සමඟ ඡන්දෙන් දිනන්න බැරි බව දන්න දේශපාලකයෝ මේ වගේ සිල්ලර වැඩ වලට පෙළඹෙනවා. මෛත්‍රී වගේ නෙවෙයි රනිල් මහත්තයා කොච්චර කලත් මහින්දට එරෙහිව බාල වැඩ කරන්නේ නෑ. මේ ගැන නොදන්න නරි ලැබෙන ඡන්දත් නැතිකර ගන්නවා (නදී)
සිවුරු ඇරියට පස්සේ හාමුදුරුවන්ට වඳින්න ඕනේ නෑ (නදී)
මහා මැතිවරණයට මහින්ද මහතා කුරුණෑගලින් ඉදිරිපත්වෙනවා, රනිල් මහතා කොළඹින් ඉදිරිපත්වනවා අනිවාර්යෙන්ම මහින්ද මහතාගේ, රනිල් මහතාගේ ආරක්ෂාව අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව අඩුකරන්න ඕනේ. එහෙත් රනිල් මහත්තය ගැන මෙයාල කතා කරන්නේ නැහැ. එපමණක් නොවේ දැනට විශේෂ ආරක්ෂාව සපයා ඇති හිරුනිකා ප්‍රේමචන්ද් , අසාද් සාලි යන අයගේ ආරක්ෂාවත් අඩුකරන්න ඕනේ. එවිට තමා යහ පාලනය ක්‍රියාත්මක වෙන්නේ (නදී)
නන්දලාල්, ඔබ ප්‍රංශයේ නිසා අවුරුදු 30 යුද්දයේ ආනිසංස ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. යුද්දෙට මුහුණ නොදුන්නා වෙන්න පුළුවන් නමුත් යතාර්ථය තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කරන්න. ලෝකෙන්ම දරුණුම ත්‍රස්තවාදීන් සමුල ඝාතනය කල නායකයා අදත් ත්‍රස්තවාදේ ගොදුරක් බව සිහි තබාගන්න. මට පෙනෙන්නේ ඔබත් කොටි ත්‍රස්තවාදියෙක් බවයි. (නදී)
මහින්ද මහතාම කියන විදියට එයා කොටි නැති කලානේ. එහෙමනම් මොකටද මෙතරම් ආරක්ෂාවක්? (ර)
නන්දලාල් මහත්තයෝ.. ඔයා ඔය විදියට ඔහෙටම වෙලා ඉන්න. මහින්ද මහත්තයාගේ වටිනාකම දන්නේ මේ රටේ ත්‍රස්තවාදයෙන් බැට කාපු මර බිය අදුනපු මේ පොළොවේ පය ගහලා ජිවත් වුනු අය. (ර)
මහා මැතිවරණයට තරගකරන සියලුම අපේක්ෂකින් එකම තරග බිමක තරග කල යුතුය. මෙහි ප්‍රතිපල 8 වෙනිදා තේරුම් ගත් මොලයක් එති ජනතාව ලබා දුන්න. ඔය ටික නොදැනේ නම් එය ඔය කියන සිංහල කමටද ලැජ්ජාවකි. (අ)
නන්දලාල්. ප්‍රංශය ඔබ ඔය වගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටීම ඔබට යහපතක්. (ර)
මෙයාට කොටින්ගෙන් තර්ජන නැහැ. කරුණා, පිල්ලෙයාන් එහෙම ආරක්ෂාවට ඉන්නවා (නදී)
මෙයාලට තියෙන අමාරුව? තමන්ගේ ළමයෙක් හරි දෙමාපියෙක් හරි කොටි බෝම්බෙකට අහුවෙලා මැරුණා නම් මෙහෙම කියන්නේ නැහැ කවුරුත්ම (නි)
නන්දලාල් මහත්තයෝ..ඔහේ වගේ ගුණමකුවෝ මේ ලංකා පොළොවට බරක්..ඔයා ඔය විදියට ඔහෙටම වෙලා ඉන්න..මහින්ද මහත්තයාගේ වටිනාකම දන්නේ එතුමාගේ ජිවිතයට තියෙන තර්ජනය දන්නේ ඔහෙලා දන්නේ නැහැ (නදී)
මහින්දව ඡන්දයෙන් පරද්දන්න බැරි නිසා ආරක්ෂාව ඉවත් කරලා කොටි බෝම්බ කරුවෙකුට එම් ආර්ටට කිට්ටු කරන්නයි මෙයල දඟලන්නේ (අ)
එතකොට සරත් ෆොන්සේකාගේත් ආරක්ෂාව කපනවද.? (ර)
රට බේරා ගත් නායකයාගේ ආරක්ෂාව කපනවා. ප්‍රභාකරන් මැරුණු තැන පහන් දල්වනවා. දෙමල ඩයස්පෝරාව ගෙනල්ල සැණකෙළි තියන්න යනවා. මිය ගිය ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්න යනවා. අපිට දැන් හිතා ගන්න පුළුවන් රටට මොකද්ද වෙන්න යන්නේ කියලා. (ර)
අංගොඩ ලාල් නමට ගැලපෙන කතාවක් කියල තියෙනවා.(නදී)
මහින්ද මහත්මයාට දෙනවා නම් අනික් අයගේ ඔක්කොම ඉවත් කළ යුතුයි (අ)
සුරන් මෙයාලට ඕනේ තර්ජන තියන නායකයාගේ ආරක්ෂාව අඩු කරන්න මිසක් යහපාලනයක් නොවේ. දැක්කනේ අර කස්ටියත් කුරුණෑගලින් ඉල්ලනවා. (ර)
අනිවාර්යයෙන්ම රටට බරක් වෙන මේ ආරක්ෂාව අඩු කල යුතුයි , ඔහු නැවතත් පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් වුනේ එයාගේ උවමනාවට මිසක් රටේ අවශ්‍යතාවයක් නොවන නිසා ඔහුට එම ආරක්ෂාව තව දුරටත් ලබා දීම සුදුසු නැහැ . (අ)
මහින්ද මහත්මාට විශේෂ ආරක්ෂාවක් තිබිය යුතුය. ඒ සඳහා විරුද්ධ වන්නේ කොටින්ගේ හිතවතුන්ය. (ර)
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව ගැන මොවුන් ඉදිරිපත් කරන තර්ක සලකා ගරු අධිකරණයට තීරණයක් ගැනීමට අවකාශයක් නැහැ. මෙම කරුණ ගැන ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා විද්‍යුත් මාධය සංවාදයකදී එතුමාගේ පෞද්ගලික මතය ලෙස පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන්නේ ඔවුන් විසින් එම ජනාධිපති පදවිය දරන කාලය තුල ගන්නා වූ විශේෂ තීරණයන්ට පලිගැනීමක්, ඔවුන් විශ්‍රාම ගිය පසු සිදුවිය හැකි නිසාය කියා. (ඔබතුමාගේ මහත්මා දේශපාලනයට අපේ ආචාරය) මහින්ද රාජපක්ෂ, ගොටාබය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, හිටපු උසස් හමුදා නිලධාරීන් තමා වැඩිම ජිවිත තර්ජනයන්ට ලක්ව ඇත්තේ. එම නිසා ඔවුන් මොන ක්‍රියාකාරමේ යෙදුනත් ඔවුන්ගේ ජීවිත අවදානමේ අඩුවක් නැත. එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ඔවුන්ට කරන්න වූ මහත් බරපතල වරදකි. අපිට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය ගැන විවේචන ඇත. එහෙත් ඒ සදහා පලි ගැනීමට කුහක වැඩකිරීම මහත්මා දේශපාලනය නොවේ (නදී)
පාඨක ප‍්‍රතිචාර සංශෝදනයකින් හෝ කපහැරිමකින් තොරව ඉදිරිපත් කිරීමට පෙළබිම ගැන ලංකාදීප මාධයවේදීන්ට මාගේ උත්තමාචාරය. (ර)
නන්දලාල් මහත්තයෝ, ඔහේ වගේ අය මේ ලංකා පොළොවට බරක්. ඔයා ඔය විදියට ඔහෙටම වෙලා ඉන්න. මහින්ද මහත්තයාගේ වටිනාකම දන්නේ එතුමාගේ ජිවිතයට තියෙන තර්ජනය දන්නේ ඔහෙලා වගේ සුද්දන්ගේ වැසිකිලි හෝදන අය නෙමෙයි. මේ රටේ ත්‍රස්තවාදයෙන් බැට කාපු මැර බිය අඳුනපු මේ පොළොවේ පය ගහල ජිවත් උනු අය. (නදී)
මහජන මුදලින් ලංකාවේ වැඩිම ආරක්ෂාව හිමි පුද්ගලයා මැතිවරණ කටයුතු කරන්නෙත් එම ආරක්ෂාවෙන් සහ මහජන මුදලින්. ලෝකයේ එවැනි එකම රට ලංකාවයි !!! ජය වේවා !!!!! (ම)