2010 – 2014 දක්වා වත්කම් බැරකම් ප්රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්රධානී හා ශ්රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට නඩු පහකට අදාළව ඇප දීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කළේය.
එක් නඩුවකට රුපියල් දසදහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.
නඩුව ජනවාරි 13 වැනි දා යළි විභාග වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලනකොට මහින්ද වටේ හිටපු අයත් හොඳට හම්බකරලා තියනවා වගෙයි (නි)
ආරක්ෂකයි හාම්පුතාටයි වටේ හිටිය කට්ටියටයි ඔක්කොටොම යන්න වෙයි වගේ (ම)
මහින්ද මහත්තයාගේ කරනවැමියා, කෝකියා රියදුරා ,ගාවටවත් කවුරුවත් කිට්ටු වෙන්න එපා. හිරේ තමයි !! පිටරට වසන අපට මේක මහා විහිළුවක්!! (බ)
මේ මනුස්සය දැන් කෝටිපතියෙක්. හමුදා නිලධාරියෙක් කොහොමද කෝටිපතියෙක් වුනේ කියල හොයන එක වැරදිද? අපිට තියෙන ප්රශ්නේ මේවාට ඉක්මනට දඩුවම් නොකර ඇප දිදී කල් දාන එකයි. (බ)