වත්මන් පාර්ලිමේන්තුවේ ඉඳීම ලජ්ජා සහගත බවත් මෙය ව්‍යාපාරයක් වී ඇති අතර සාරධර්ම , විනය පද්ධතියක් නැති බවත් මෙවැනි තත්ත්වයකට රට පත්වුණේ අධිකරණයේ ඇති යම් යම් අඩුපාඩු නිසා බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (12) උඩුනුවර ආසන බලමණ්ඩල රැස්විමේදී පැවැසිය.
‘එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 65 ක් ගියා එහා පැත්තට පසුගිය වසර 10 තුළ. ඒ ගිය මන්ත්‍රිවරු 65 දෙනාගෙන් එක්කෙනෙකුගෙ ආසනය අධිකරණයෙන් අහිමි කළානම් එක්කෙනෙක්වත් යන්නෙ නෑ. නමුත් ඒ කාලෙ අධිකරණය කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කළ එක.‘
‘මම ඉස්කෝලෙ යන කාලෙ අතුරු මැතිවරණයකදි සී. ටී. බී. බස් එකක් පාවිච්චි කළා කියල ආසනය අහිමි කළා. ඒ කාලෙ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කිරිම එතුමාගේ ආණ්ඩුව ආරක්ෂා කිරිම.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබතුමාගේ ආණ්ඩුව නේද අධිකරණය දේශපාලන පළිගැනීම් කරන්න අතකොළුවක් වගේ තියාගෙන ඉන්නේ (බ)
එයා එක්කලා වගේම සමහර බැඳීම් වෙන්කළා නේද ? (බ)
2010 දී ඔය සරත් එන්.සිල්වා ඔබතුමාලා එක්කම එකතුවෙලා සරත් ෆොන්සේකාට වැඩ කරන කාලේ ඕක කිව්වේ නැත්තේ ඇයි? (බ)
ඒ කාලෙත් යු එන් පී මන්ත්‍රීවරු 65ක් සමඟ රට පාලනයේ 50%ක් බාරදීලා තිබුනේ යු එන් පී එකටනේ. ඕගොල්ලෝ අලුතින් යු එන් පී පාලනයක් ගෙනෙන්න ඕනෑ නැහැ. (නි)
ඕනෑ කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වගේ! (නි)
ඇයි එහෙම කියන්නේ? ගිය හැමෝම කිවුවේ නායකත්වයේ වැරදිත් පක්ෂය ගැන කළකිරීමත් ගැන නේද? (නි)
ඒක ඒ මහතාට විතරක් පොදුවුණ ධර්මතාවක් නෙමෙයිනේ (නි)
පිවිතුරු යහපාලත් ජනතාවට බොරු කතා කියන්න දන්න දේශපාලුවෙක් වගේමයි (නදී)
ඉස්සා කියනවා මම සුදනා කියලා. එ්ත් එයාගේ ඔලුවේ තියෙන දේ මොනවාද ? (නදී)
කව්රුත් හෙඳට අඳුනනවා (නදී)
රටේම අවාසනාවක් මෙවැනි මිනිසුන් මේ රටේ ඉපදීමත්. (නදී)
මහනුවර අපි නොදන්න ඔබතුමාගේ කරනම් (නදී)
ඕනෙම කෙනෙකුට කතා පවත්වන්න පුළුවන්. (ර)
කරුණාකර නුසුදුස්සන්ට නාමයෝජනා දෙන්න එපා.අපි නුවර මිනිස්සු (නි)
ලයනල්, ඕනෑම කෙනකුට යුද්ධ කරන්න පුලුවන්නම්, ඕනෑම කෙනෙකුට ඔයාලගේ ඡන්දෙ ඉල්ලන්නත් අයිතියක් තියෙනවා. එත් එක මංකොල්ල කන්න ඉඩ නොදෙන එක බුද්ධිමත් ඔයාලගේ අතේ තියෙන්නේ. සැබෑ ජනතා නියෝජිතයෝ කව්ද කියලා තීරණය කරන්න ඔබ සැමට හැකිවේවා.! (ර)
ඕනෑ කෙනෙකුට ඉතින් පනින්න බැරිද? (නි)
ඔබට ජයවේවා! (නි)
මමත් දැක්ක එදා සමුළුවට ඇවිල්ල තිබුන බස් ටික. සිය ගානක් බස් ඇත පිට පළාත් වල ඉඳල. ඉස්සර කිව්වේ කොහොමද. දැන් කරන්නේ මොනවද. (බ)
දැන්නම් අපිට කතා අහලා අහලාම ඇතිවෙලා (නි)
අනේ මන්දා මහත්තයෝ ඕවා? (නි)
ඔබතුමා කිවුව දේවලුත් අපිට මතකයි (නි)
සිටිබි බස් කතාව කියනකොට මතක් වුණේ, පහුගිය සතියේ මෙයාලාගේ සම්මේලනයට ගෙන්නල්ලා තිබුණ සිටිබි බස් ගොඩ කොහොමද, (ම)
ඔන කෙනෙකුට තමාට කැමති කථාවක් කියන පුළුවන් මොකද ස්වාධින අයිතියක් තියනවානේ (ම)
පළමුව ඔබ නිවැරදි වන්න දෙවනුව අන් අයගේ වැරදි දකින්න(ම)
ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් එ්ත් එක ගොනෙක්වත් කළාද අර මනුස්සය කරනකම් (බ)