ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේ පවත්වන රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.
‘බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. හයිඩ් පිටියේ රැස්වීමට යනවා‘ යැයි හිටපු ජනපති පවසා ඇත.
අද (17) හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව පසුගියදා සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට එන්න ආණ්ඩුවේ බස් නැහැ ඒ නිසා බයිසිකලේ එනවා (බ)
මහින්ද මහත්තයා වැරදි කළා නම් ඔප්පු කරන්න බැරි ඇයි ? (බ)
කොහෙන්ද අරවගේ මාලිගාවල් ගන්න සල්ලි , ඔය රැස්වීමේදී ඒවාට උත්තර දෙනවනම් හොදා (බ)
වැලේ වැල් නැතුව, මඩේ හිටෝපු ඉන්න වගේ හැම පැත්තටම වැනෙන මහින්ද, ඉබ්බන්වල තියා තුන්මුල්ලේ ගියත් දෙසන වැදි බණ ගැන අපි දන්නවා නේ. (හේ)
මම නම් හිතන්නේ තව ගොඩක් අය යාවි. රටට හොඳක්ම වේවා! තව තව දෙවියෝ රකීවා! (නි)
ඉස්සර කිව්වේ ඔක්කොම කුණු බේරේ වැවට කියල.දැන් කියන්නේ ඔක්කොම කුණු ටිකිරි බණ්ඩාගේ වෙල්ලහැලියට කියල.(අ)
තිලක් ඩුබායි ඒ පාර ටිකිරි බංඩා නුගේගොඩ කියලා පටන් අරන්.. ලැජ්ජා වෙන්න ඒ ගැන.. අපි සූදානම් නායකතුමනි.. ඔබතුමාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුව ඉන්නෙ දැන්.. ජයවේවා !!!..(අ)
සිංහලයාට මේ හැම දේම වෙලාතියෙන්නෙම කල ගුණ අමතක කරන නිසයි. ඔප්පු කර ගන්න බැරිවුණා හොරකමක් ගැන කතා කරනවා. දුටු ගැමුණු ගෙන් පස්සේ රට එක් සේසත් කළේ මහින්ද බව අමතකයි. (අ)
විධායක ජනාධිපති වෙලා කළ විනාශයට තවම අපි විඳවනවා. අපේ පරම්පරා 100 යක් විඳවනවා. (නි)
අනුරාධ, ප්‍රඥානවන්තයයෝ සඳ දෙස ඇගිල්ල දිගු කරන කල්හි, මෝඩයෝ ඇගිල්ල දෙස බලති කියල ඇහිල තියෙනද? සරත්,ගාමිණී ඇත්ත..මහින්දට තරම් මේ රටේ වැදගත් මොලේ තියෙන මිනිස්සු කාටවත් බය නැහැ. (බ)
තාමත් යුඑන්පී කාරයන්ගෙ බොරු වලට රැවටිලා කඩේ යන හරක් ඉන්නව. ඒ වගේම තව හරක් ටිකක් ජෙනරාල් තනිවම යුද්ධ කලා කියල හිතන් ඉන්නව. මම දන්න විදිහට නම් යුද්ධයක් දිනන්න දේශපාලන නායකත්වය හමුදා දායකත්වය හා මහජන කැපවීම කියන කාරනා තුනම අවශ්‍යයි. එතකොට ට මේ තුනම එකම විදිහට කලමණාකරනය මෙහෙයවීම කරගන්න පුද්ගලයාට තමයි යුද ගෞරවය යා යුත්තෙ. මහින්ද රජපක්ෂ ජනාධිපති වීමට පෙර මේ තුනම කළමනාකරණය කරපු පාලකයෙක් හිටියද? (බ)
ජයරත්න, මාකොස්ටත් බලයෙන් එලවල දැම්මට පස්සෙත් 38% කට වඩා ජන පදනමක් තිබුනලු. කොයි රටෙත් දුර්ජනයෝ වැඩියි,නුගත්තු වැඩියි .ඒ නිසා සෙනග අද්දගන්න එක වීර කමක් දක්ෂ කමක් කියා හිතන්න බැහැ.මල් හොයා ගෙන මී මැස්සොත් ,අසුචි හොයාගෙන නිල මස්සොත් යන එක ස්වභාවධර්මය.(බ)
මහින්ද මහතයා මේ රැස්වීමට ආවේ නැති වුනත් අපි මේ රැස්වීමට අනිවාර්යයෙන්ම යනවා. (බ)
එල කිරි. මහින්දට ශ්‍රීලනිපය නැති වෙනවා. ඒක එයා විසින්ම කර ගන්න එක ලොකු දෙයක්. (බ)
කට්ටියට එෆ්.සී.අයි.ඩී එක පැත්තේ ඇවිත් යන්න පුළුවනි රැලියට. (බ)
අනාවැකියක් ... මේ ඔක්කොම නාඩගම් වල අවසානයේදී .. ජනතාව ගොනාට අන්දා..මහින්ද එක්සත් ජාතික ආණ්ඩුවට ජැක් එක ගසනු ඇත.. සියලුම චෝදනා ..සහ පරීක්ෂණ සියල්ල අවලංගු වෙයි ..(බ)
අපිත් පාරම්පරික ශ්‍රීලනිප කාරයෝ තමයි. එ්ත් වැරදි කරපු කට්ටියගේ පස්සෙන් නීතිය එලවන එකෙන් ඒ අය බේරගන්න අපි මොකටද මහන්සි වෙන්නේ.ඒ වගේම ඉදිරියෙන්ම ඉන්න අයගේ සුජාත භාවය ගැන හිතන් කොට ශ්‍රීලනිපය ගොඩගන්න එක කෙසේවෙතත් ඒ අය ගොඩයන්න කියල නම් පේනවා.ඒ අයගේ වත්කම් ගැන හොයල බලන්නත් (බ)
තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ නිකන්ද? (නි)
එයා ආවා කියලා මොනවා වෙන්නද? රටට කළ හරිය මදිද? (නි)
මහින්ද ඔය රැස්විමට යන්නේ නෙහැ , අර මහින්දගෙන් යැපුන නඩය පමණක් ඔකේ කෑ ගහවි . මහින්ද තේරුම් අරන් ඉවරයි ඔය නඩය නිසා තමා පැරදුනේ කියලා (බ)
ඔයා හයිඩ් පිටි නෙමෙයි අපායට ගියත් අපිට කමක් නැහැ. එ්ත් කොල්ලකාපු මහජන මුදල් ආපසු ගෙවන්නටත්, ඒ අපරාධයන් සඳහා දඬුවම් විඳින්නත් සූදානම් වෙන්න. (නි)
ගම්පළලගෙදර නම් නියම යූඑන්පීකාරයෙක් වගේ. ඒකයි දුක. (නි)
හැමෝගෙම වත්කම් හෙළි කළයුතුයි. ඔක්කොම එකයි. අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි ගසා කනවා. වගකිවයුත්තන් නිහඬවෙලා. ඇත්ත හෙළිනොවෙන රටක් (නි)
මහින්දට ශ්‍රී.ල.නි.ප.ය නැතිවෙයිද? ඊනියා ශ්‍රී.ල.නි.ප.ය ට මහින්ද නැතිවෙයිද? එෆ්.සී.අයි.ඩී එක දාලා දේශපාලකයො අත්අඩංගුවට ගන්න පුලුවන් වුණනත් ජනරැලි නවත්වන්නවත් ඒවට යන ජනතාව නවත්වන්නවත් බැරිවෙයි. (නි)
"එක ජාතියේ කුරුල්ලෝ එක තැනක ලගිනවලු". අද රූපවාහිනී ප්‍රවෘත්ති වලින් අපිට බලාගත හැකියි "එක ජාතියේ කුරුල්ලෝ". (නි)
මහින්ද මහත්තයා මේ කරන්නේ මොකක්ද කියලා ජනතාව වශයෙන් ඔබට තේරෙන්නේ නැද්ද? (නි)
හිටපු අයට දඟලන්න දුන්නා හොඳටම ඇති. දැන්වත් දුෂණ වංචා හොයන්න ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. මිනීමරු ප්‍රභාකරන් කල්ලිය විනාශම කළ ජෙනරල්ට, කම්බා හොරු මර්දනය කරන්න, ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න මාසයක් හොඳටම ඇති. (නි)
ඒ කාලේ රටේ හතර දික්බාගයේ ජනාධිපති මන්දිර, භාවනා මධ්‍යස්ථාන, කුමාරවරුන්ට ලැම්බෝගිනි, ෆෙරාරි, පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනත් දෙනවා, රජුට යන්න වෙනම ගුවන් යානා, කුමාරවරුන්ට වෙනම ශරීර සුවතා මධ්‍යස්ථාන, ඇමරිකාවේ වෙනම අධිසුඛෝපබෝගී නිවාස....... කාගේ මුදල්ද? තව මොනවද කතා කරන්නේ ? (නි)
දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙටම පෙන්වන්න. උපරිම දඬුවම් දීලා ගසාකාපු ධනස්කන්ධයත් නැවත ජනතා සතුකරලා අසරණ මිනිසුන්ට සහන දෙන්න. ලක්ෂ 62 කගේ බලාපොරොත්තුව එයයි. (නි)
ඔබතුමාට කවුරු කොහොම මොනවා කිවුවත් හැමදාම අපි ඔබ සමඟයි. ජය වේවා! (නි)
රාජපක්ෂලාගේ පව් හෝදන්න සිද්ධවෙලා තිබෙන්නේ අසරණ මහජනතාවට සහ රටේ උපදින පරම්පරා සියයකට. තවත් වහල්ලු වගේ හිතන අය ඉන්නවනේ. ලැජ්ජයි !
සුබ ගමන් ජය වේවා (බ)
වැටිලා තිබුන ශ්‍රීලනිපය මෙතරම් ගොඩගත්තේ මහින්ද. චන්ද්‍රිකා ශ්‍රීලනිපය දියකෙරුවා. මෛත්‍රී රටත් එක්කම පක්ෂය යුඅැන්පීයට ලියලා දුන්න. වංචා දුෂණ වලට හවුල් අය බයේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා තමන්ගේ ඒවා හෙළි වෙනවට. බය නැතිව එලියට බැහැල ඉන්නේ නිවැරදිකාරයෝ. අපි ඒ අයට ගරු කරනවා. නැවත රට දශක ගණනාවක් පස්සට ගිහිල්ලා.එය ගොඩගන්න නැවත එන්න. අපි ඔබ සමගයි. (බ)
ගම්පලගෙදර කියන කතාව හරි (බ)
මහින්ද මහත්තයා ඇවිල්ලා හිටියා. අපි බලාපොරොත්තු වුණේත් නැහැ එයි කියලා. ඒත් අපි ගියා (නි)
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි ලැබේද මින් සැනසීමක්...! (නි)
දැන් එස්.බි. ඇමතිතුමා මොනවද කියන්නේ? විනය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද? ලොකු ලොක්කෝ සේරම හයිඩ් පිටියට එනවා. (නි)
එන්න මහත්තයෝ එන්න. අපිත් එනවා. (නි)
ටිකිරි බණ්ඩගේ ටිකිරි මොළේ තරම නම් කියලා වැඩක් නැහැ (නි)
මොනවා කියන්න හැදුවත්, ජනතාව දන්නවා මහින්ද මැතිතුමා තරම් රට වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් තවත් නැති බව. දැන් හැමෝම දුක්වෙනවා මේ කාටවත් වැඩක් නැති පාලනයක් ගෙන්න සහයෝගය දීම ගැන. (නි)
ගාමිණි මහත්තයෝ .. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉවසලා ඉන්න මොකද වෙන්නේ බලන්න. (ර)
වෙන්නේ මොකක්ද කියල හැමෝටම බලාගන්න පුළුවන් ඉස්සරහට. මෙතන කලබල වෙලා දඟලන අය ගැන දුකකි..... (බ)
ඉතින් අපිට මොකද? හරියට අපි නිසා එනවා වගේ කියන්නේ. තමන්ගේ බඩ වඩා ගන්න කරන වැඩ. (බ)
පක්ෂය කඩනවා පවුල බේරනවාද? ඒ මොහොත ගැන අපි බලා සිටිමු. (බ)
වසන්ත නාදන්, අපි හිතමු ඔබ කළගුණ දන්නවා කියලා. එතකොට ෆොන්සේකාට කලගුණ දැක්වූ ක්‍රමය හරිද? දන්නෙ නැති හින්දයි අහන්නේ (නි)
අපි එනවා දුෂ්ට පාලකයෝ එලවන්න එකතු වෙයල්ල බලාගන්න ගලන ජන ගග ජය වේවා (බ)
අපිත් එනවා අනිවාර්යෙන් වැඩ බැරි උන් එලවන්න ඕනේ (බ)
මහින්දට කළගුණ, ෆොන්සේකාට ගුටි බැට, කොටි පියවරු රජගෙට, මහින්දට යුද්ධය බැරිනම් පලයන් කී ජවිපෙ කටුගෙට.පුදුම දේශප්‍රේමියෝ ! (නි)
මිලානෝ, අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... කියන්න ඕන කට්ටිය අසුගනන්වල ඉඳල දන්නවා. එකට ඔයගොල්ලෝ කියන්නේ අප්‍රතිහත උත්සාහය කියල නේ. ඒක උත්සාහය වෙලා මේක තණ්හාව උනේ කොහොමද දන්නේ නෑ. (අ)
කට්ටිය බය වෙලා දැන්ම ම තියෙන ප්‍රතිචාර වලින් පේනවා ජය වේවා ජඩ පාලකයන් පන්නමු (අ)
දුෂණ වංචා කරපු සියල්ලන්ම අද ආණ්ඩුවේ ඇමතිකම් දරනවා..මෙතන ඉන්න අයත් ආණ්ඩුවට හේත්තු වුණා නම් කිසිම දුෂණ චෝදනාවක් එන්නේ නෑ. මේ රැලියට ගියා කියල චෝදනා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. මොනවා වුණත් අද රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ මේ මිනිස්සු ටික විතරය්. ටිකිරි බණ්ඩාවගේ මිනිස්සු නිසා තව තවත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරනවා.(අ)
ලංකාවේ දේශපාලනය කාලගුණ අනාවැකි වගේ. (ර)
දැන් බය වෙලා බොරු ප්‍රචාර පතුරනවා කඩාකප්පල් කරන්න රැස්වීම (අ)
මම ඉතින් මේ නිකමට අහන්නේ? ඇයි තාම අලුත් පක්ෂේ හැදුවේ නැත්තේ (බ)
විදුලිය නැති අලුත් රටක් හැදීමට විරුද්ධව පෙළගැසෙමු. රට රැකදුන් විරුවාණෙනි, කළගුණ දත් මුළු ජනතාවම ඔබ සමඟයි (නි)
අනේ සෞදි සරත්, නිවාඩුවක් අරන් යන්න බැරිවුණාද? අනේ පව් මේ සරත්. (නි)
අප්පුහාමිලා වගේ අය අහන්නේ ඔය වගේ බොළඳ දේවල්මයි (නි)
ජයවේවා මහත්තයෝ! අපිත් එනවා (නි)
දැන්වත් නිසි වෙලාවට අදාළ තැනට වාර්තා කරනවද දන්නෙ නැහැ (නි)
පරම්පරා ගාණකට හම්බකරගෙනත් තවත් මදිවෙලානේ මේ කෑගහන්නේ හැබෑට (නි)
ටිකිරි බන්ඩෝ කඩේ ගියාට කමක් නැහැ. හිතේ අමාරුවට මොකුත් කරගන්න එපා. දේශපාලනය කොහොම වෙතත් ඔබත් අපගේ යාලුවෙක් ඒක නිසා පරිස්සමින් .(බ)
ටිකිරිබණ්ඩා මහා මෝඩ පහේ කතා කියන්නේ (බ)