ජනමාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (28) පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව කථා කළේය.
රාජපක්ෂ රෙජිමය යටතේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන ආයතන තුනම නැති කළ බවත් ඒවා හදාගෙන අප යා යුතු බවත් අගමැතිවරයා කීවේය.
‘ඒ කාලේ දඩයමේ ගිය අය දැන් කෑ ගහනවා. කර්තෘ සංසදය මොකක්ද කළේ? ඔය එක කර්තෘවරයෙක් ඉන්නවා මාධ්‍ය වේදියෙක්ට විරුද්ධව කේළම් කියලා සුදු වෑන් එකකින් උස්සන් යන්න ආවා. ඇඹිලිපිටිය අධිකරණයට අප්පුඩි ගහලා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපට අවශ්‍ය නෑ. හෝමාගම ගැන එක කතු වැකියක් ලියලා තියෙනවාද? මම අහනවා විද්‍යුත් මාධ්‍යයෙන්. අපි බුදු දහම අදහනවා. අපි හැමදාම කිව්වේ බුද්ධං සරණ ගච්ඡාමි ! ධම්මං සරණං ගච්ඡාමි ! සංඝං සරණං ගච්ඡාමි කියලා. මහින්ද සරණං ගච්ඡාමි කිව්ව අයට අයිතියක් නෑ දැන් බුද්ධාගම ගැන කථා කරන්න. දැන් අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ. මම දෙරණෙන් අහනවා. ලංකාදීපෙන් අහනවා. අද පත්තරෙන් අහනවා. ඩේලි මිරර් එකෙන් අහනවා. ඔයා රිවිර පත්තරේ දාන්න මම ඇවිල්ලා මේක දෙරණෙ හරි කියවන්නම් කියලා කියනවා. චතුරත් ඔය දඩයමේ ගිය කෙනෙක්නේ. මාධව මඩවලයි, චතුරයි ඔක්කොම එකට එකතුවෙලා කෑවා එතැන රාජපක්ෂලා එක්ක. විද්‍යුත් මාධ්‍ය තුළින් ජාතිවාදය අවුස්සන්න එපා. ඔය සෙල්ලම නවත්වන්න. ඔය චතුර රීරි යකා වගේ කියවන්නේ නැතිව මම කියන එක දාන්න පුළුවන්නම්‘ යැයි අගමැතිවරයා කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව තුලදී ඕනෑම ලෙසකින් ඕනෑම අයෙකුට ගරහන්න පුළුවන්.වරප්‍රසාද තියෙනවනේ.මෙතන කමෙන්ට්ස් දාන ගොඩදෙනෙක් අගමැතිතුමාලගේ 77-94 කාලේ ගැන දන්නේ නැතිබවනම් පේනවා.(කෞ)
මහින්ද සරණ ගිය අය වාගේම , මහින්දගේ වහලුන් ද තවමත් හොල්මන් කරනවා මේ රටේ , රට හොඳ පෙත්තට ගන්න හදන විට ඒ කට්ටිය කලින් තමන් සිටි පැත්තට අදිනවා (කෞ)
අැඹිලිපිටියේ වැරදිකරුවෝ අත් අඩංගුවට ගන්න බැරි මහින්දගේ බලපෑම නිසා වෙන්න ඇති . යහපාලු සරණ යන අය කාටත් පේනවා (බ).
අගමැති තුමනි යහපාලනය මේ වගේ අයට හරියන්නේ නෑ. (බ)
ලංකාව වගේ රටකට එකපාරටම යහපාලනය ගැලපෙන්නේ නැහැ. අවශ්‍ය අයත් එක්ක හුරතල් කරන්න බැහැ. පොඩ්ඩක් දරදඬු වෙන්නත් ඕන. ඔහොම්මම හුරතල් කරන්න ගියොත් කෙලවෙන්නත් බැරි නැහැ. (බ)
කපිලගේ කතාව මම අනුමත කරනවා (බ)
හරි ඔතනින් මර්දනය පටන් ගන්න ජය වේවා (ම)
අගමැතිතුමා හදන්නේ චතුරටයි මාධවටයි කීර්තිටයි මොනවා කරන්නද ? (බ)
බලන්න අගමැතිතුමා මොන තරම් ශිෂ්ට විදියටද මාධ්‍යකරුවන් විවේචනය කරන්නේ කියලා. ඉස්සරනම් ඉතින් සුදු වෑන් තමයි. (බ)
එතකොට උසාවි නියෝගයක් තිබේද්දී පොලිස් කාරයන්ව අත්අඩංගුවට නොගන්න එක ගැන ඔබ මොකද කියන්නේ , ඇඹිලිපිටියෙත් හෝමාගමත් අධිකරණය කෙලින් තීන්දු දී තිබෙනවා , මාධ්‍යවේදීනුත් නිසි ලෙස වාර්තා කර තිබෙනවා (ම)
සහතික ඇත්ත! (ම)
ඉතාමත් හොඳ පුවතක් (ම)
හුසේන් මොහමඩ්, මම ඔබ සමඟයි. මමත් ඔය ටික හැමදාම කියන දෙයක්. ලංකාවේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය විදින්න තරම් තවම ශීලාචාර නැහැ. (නි)
අගමැති තුමාට ජය වේවා. යෝධබල ශක්තිය ලැබේවා, ජයවේවා (බ)
සුදු වෑන් අාපහු ගෙන්න වෙයි වගේ (බ)
නොහැකියාවේ නාදය .....කියවීම පමණි (බ)
ඔබතුමා ඔය කතා කරපු විදියටම විල්පත්තු රක්ෂිතයට වුණු දේ ගැනත්, කතා කරනවනම් හොදයි.ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් විදියට ස්වාමීන් වහන්සේලාට ටිකක් ගෞරවයෙන් කතා කළොත් හොදයි. (බ)
මාධය දඩයම ප්‍රසිධියේම පටන් අරන්. ජාතික ගිය ගයන කරන ආකාරය වෙනස් කරලා, සංඝයා වහන්සේලා නිහඩ කරවල, රටේ දිනු නිදහස නැති වෙලා අයිමත් රට අරාජික තත්වයට යාවිද ? දැනටමත් රටේ සංවර්දනය ඇනහිටලා ප්‍රධාන පෙලේ ව්‍යපෘති නැවතිලා. දේශපාලන පලිගැනීම් වලින් තොර සංවේදී නායකයන් ලංකාවේ නැද්ද? (කෞ)
ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් කතා කරන්න , ඒ අයට හැදියාවක් තියේද. මදාවිකාරයෝ වගේනේ හැසිරෙන්නේ.තවත් කෙනෙක්ගේ අවශ්‍ය තාවයට සිවුරු දා ගත් පිරිසක් මේ. කෝ මේ දෙවල් පිටු පස ඉන්න , මේවා හසුරුවන අය. ඒ අය ඇයි පාරට බහින්නේ නැත්තේ.(කෞ)
කසුන්, ස්වාමීන් වහන්සේලාටනම් අනිවාර්යයෙන් ගරු කළ යුතුයි.(කෞ)
මහින්දගේ කාලේ සුදු වෑන්වලින් මාධ්‍යවේදියෝ උස්සන් යද්දී කටක් නොඇරපු අය අගමැතිතුමා සැරෙන් උපදෙස් දුන්නාම පරල වෙලා (බ)
අගමැතිතුමනි අපි ඔබ තුමාගේ කතාව හරියට හරි.(ම)
මේ රටේ සුදු වෑන් සංස්කෘතියේ ගොඩ් ෆාදර්ලා හිටියේ 1977 සිට 1994 දක්වා කාලයේ. ඒ කාලයේ අතුරුදන් කළ හා මරා දැමූ මාධ්‍යෙව්දීන් හා කලාකරුවන් සමග සසඳන විට මහින්ද ඉන්නේ බාලාංශයේ. (බ)
අගමැති හරි , තව මදි. (කෞ)
සමහර අය හිතන් ඉන්නේ සිවුර කියන්නේ අනිත් අයට අපහාස කරන්න බනින්න , උසාවිවලට පොලිසි වලට ගිහින් චන්ඩිකම් පෙන්නන්න පුළුවන් ලයිසන් එකක් කියලද? (කෞ)
සහතික ඇත්ත අගමැතිතුමනි (කෞ)
අගමැතිතුමාට ජය වේවා. මේ වගේ අය තමයි රටේ ප්‍රශ්න ඇති කරන්නේ . මොවුන්ට සුදු වැන් උවමනා වගෙයි (බ)
අගමැතිතුමා නිර්භයව කියපු කතාව , බහුතරය පිළිගත්තත් , සමහරුන්ට එය රිදිලා , මොකද ? ඇත්ත තිත්තය (බ)
රනිල් විපක්ෂයේ ඉදන් අාපු මන්ත්‍රීවරුන්ට කරපු දේ ජනමාධ්‍යවේදින්ටත් කරන්න යන්නේ (බ)
දැන් නැවත වැඩ පටන් අරන් වගේ (බ)
සමහර අයගේ කමෙන්ට්ස් දැක්කම දුකයි. මොකද මේ අය ඉපදිලා තියෙන්නේ 1994 පස්සේ කියන එක හොදින් පෙන්නනවා. (බ)
ඔය වගේ කතාවක් මහින්ද මැතිතුමා කළා නම් මෙතන මේක හොඳයි කියලා කතාකරන මහත්වරු පරල වෙන හැටි බලන්න තිබුණා. (බ)
පිටිගල කියල කෙනෙක් මිලානෝ වල නැහැ.ඉන්දියාවේද කොහෙද ඉදල බොරුවට කෑ ගහන්න එපා (බ)