‘යුද්ධය පැවැති සමයේ එම ප්‍රදේශවලට ගොස් රණවිරුවන් දිරිමත් කරමින් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ අපට ආණ්ඩුව කොටි ලේබල් අලවන්න යනවා.‘ යැයි ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී පැවසූහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ සහ අර්ජුන රණතුංග මහත්වරු ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.
‘‘ආණ්ඩුව දැන් සිංහල බෞද්ධයන් අවුස්සන්න හදනවා. අද සිල්රෙදි බෙදනවා, ඔරලෝසු බෙදනවා, ජංගම දුරකතන බෙදනවා. මේවට සල්ලි කොහෙන්ද දන්නේ නෑ. ඒකෙන්ම පේනවා ආණ්ඩුව බය වෙලා ඉන්නා බව.
සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ඕමල්පේ හාමුදුරුවන් දළදා හාමුදුරුවන් අභියස මාරාන්තික උපවාසය කරද්දි එතැනට ආ මහින්ද රාජපක්ෂ කිව්වා සුනාමි සහන මණ්ඩලය දුන්නට කමක් නැහැ කියලා. මා සමග කතාබහකුත් ඇති වුණා. පුළුවන්නම් නැහැ කියන්න. කොටියා මාවිල්ආරු සොරොව්ව කොටි වහපු වෙලාවේ එය විවෘත කර ජනතාවට වතුර දෙන්න අපි පෙරමුණට ගියාම ඊට එරෙහිව මා සමඟ දුරකතනයෙන් විනාඩි 40ක් වාද කළා. පුළුවන්නම් නැහැ කියන්න.
තුවාල වුණු රණවිරුවන් අපි තමයි රෝහල්වලට ගෙනිච්චේ. ඔවුන් සමග හිටියේ අපි. අපි හිටපු තැන්වලට බෝම්බ වැටුණා. ඒත් බයෙන් ආවේ නෑ. ඒ රණවිරුවන් ඊට සාක්කි සපයනවා ඇති.
ඡන්දයෙන් පැරදී හමුදාව යොදවා බලයේ ඉන්න හැදුවට වැඩක් නෑ. හමුදාවේ දරුවන්ගේ හදවත තියෙන්නේ මේ රතන හාමුදුරුවන් සමගයි කියන එක මා මතක් කර දෙනවා.‘‘
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ මෙසේ කීහ.
‘‘ජනාධිපතිවරණයට තව දින දෙකයි. අපි ඉල්ලන්නේ සාධාරණ මැතිවරණයක්. නමුත් අද අල්ලස් දෙනවා. උපාසක අම්මලටත් අල්ලස් දෙනවා. විධායක ජනාධිපති බලතල භාවිතා කර නොයෙකුත් දේ කරනවා. මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. මඩ ගහනවා.‘
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය මෙසේ කීවාය.
‘‘අපි කවදාවත් මේ රට බෙදන්න දෙන්නේ නැහැ. අපි කොටින්ට එරෙහිව සටන් කළා. යාපනයේ මුදවා ගත්තේ අපේ කාලයේයි. අපි ත්‍රස්තවාදයට රුකුල් දුන්නේ නැහැ. පරාජයෙන් වියරු වැටී සිටින මේ ආණ්ඩුව දැන් බොරු ප්‍රචාර යවනවා. රට බෙදන්න අපට පිස්සුවක් නෑ.
මම ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කිව්වා කියා මඩ ගහනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ගැහැනියෙක් ද පිරිමියෙක් ද කියා හඳුනා ගන්නයි මිස්ටර් හා මිසිස් කියන වචන දෙන භාවිත කරන්නේ. මා ප්‍රභාකරන් කියන වචනය එම කතාවේ දී තුන් පාරක් පමණ කළා. පළමු වතාවෙදි පමණයි මිස්ටර් කිව්වේ. ඒ කිව්වෙත් සමච්චලයට. මිස්ටර් කියන වචනයේ තේරුම මැතිතුමා කියන එක නොවෙයි.
මහින්ද රාජපක්ෂ මහත්මයත් ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කියා තිබෙනවා. ඔහුගේ නිල වෙබ් අඩවියෙත් ඒවා තිබෙනවා.‘‘
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ සුජීව සේනසිංහ මහත්වරු ද කතා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිනිය හරි. පිරිමියෙකු හඳුන්වන්නේ "මිස්ටර්" යනුවෙන් යෙදීමෙන්. සමහරු නොදන්නාදේත් දන්නා බව අඟවා සාමාන්‍ය ජනතාව මුලාකරනවා. සිංහල කියමනක් තිබෙනවා යමෙකු නොදන්නේද, නොදන්නා බව නොදන්නේද හෙතෙම මෝඩයෙකි කියා. (නි)
මේ පාර අපි මෛත්‍රී සමඟයි. අරයා ඉන්න හින්දා බයකුත් තිබෙනවා තමයි. ඒත් අපි මෛත්‍රිපාල මහත්තයා විශ්වාස කරනවා. (නි)
මහින්ද මහතාගේ නායකත්ව ගුණාංග සහ පොදු ජන ආකර්ෂණය ඉදිරියේ අනෙක් අය ගැන කතාකර වැඩක් නැත (නි)
මිනිස්සු ඔබ වහන්සේගේ කතා අහපු කාළෙ ගියා.(නදී)
සුනාමි සහන මණ්ඩලේට විරුද්ධව චන්ද්‍රිකාව අතහැරලා ගියපු ජවිපෙත් එහෙනම් මහින්දව දිනවන්න වැඩ කරාවිද? බළලා මල්ලෙන් එලියට පනින කොට ඔය වගේ පිස්සු කතා කියවෙනවා. (නදී)
මෙච්චර දේවල් වෙලත් මේ මිනිස්සු මහින්ද සමග අවුරුදු දහයක් දීග කෑවේ කොහොමද? දැන් තමයි ඔක්කොම වමාරන්නේ.(හේ)
ඔබලා එක්ක ඉන්න සෙට් එක තමයි හොඳ නැත්තෙ (බ)
මේවා සියලුම විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කරන්න (බ)
මේවා සියලුම විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කරන්න (බ)
ප්‍රහාරන්ගේ ස්ත්‍රී පුරුෂභාවය එතනට ආ යාපනයේ මිනිස්සු දැනගෙන ඉඳලා නැත්තේ නැහැනේ නෝනා (නි)
අනේ! අපිට නිදහසේ ඉන්න දෙන්න මේ රටේ (නි)
සුනාමි සහන මණ්ඩලය දෙන්න ගියේ කවුද කියලා අපි දන්නවා (නි)
මිස්ටර් යනුවෙන් හැඳින්වීමට වඩා විවේචනයට ලක්වුණේ ජනපතිට නිකම්ම මහින්ද කියලා, ත්‍රස්ත නායකයාට මිස්ටර් කියපු එක වැරදි නිසයි (නි)
ජය ඔබටයි ලංකාවේ, අතන මෙතන කොතන ගියත් ලංකාවේ. මහජන කැමැත්ත කාටවත් නවත්ත්වන්න බෑ. (දිල්)
දැන් කවුරු මොනවා කිව්වත් ජය මෛත්‍රීට. ඒක වළක්වන්න කාටවත් බැහැ (නි)
චන්ද්‍රිකා මැතිනිය තමා අපේ රට බේරාගත් නූතන විහාර මහා දේවිය. ඇයට ජයවේවා! (නි)
අපි නොදන්නා ලයිව්. 9 වෙනිදාට පස්සේ.....??? (නි)
කොහොමත් දිනන්නේ මෛත්‍රී කියලයි මට නම් හිතෙන්නේ (නි)
4 වන සිල්පදය කඩන්න එපා (නි)