පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ විශ්‍රාමිකයන්ට පොරොන්දු දුන් නමුත් ඒවා නිසියාකාරයෙන් ඉටු නොකළ බවත් තම එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දින සියයේ වැඩපිළිවෙළ මගින් විශ්‍රාමිකයන්ට පැවැති වැටුප් විෂමතාවය සකස් කර දීමට පියවර ගත් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගම්පහ විශ්‍රාමික හමුවකදී පැවසීය.
‘පසුගිය රජයෙන් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කළේ නැහැ. නමුත් අපි අතුරු අයවැයෙන් ඉදිරිපත් කළ පරිදි විෂමතාවය ඉවත්කර මේ 18 වැනිදා වැටුපට ගෙවීමට පියවර ගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන දේ කරන නායකයෙක්‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දේවල් ඡන්ද කාලෙටම කරන්න තියාගන්නේ. මේවා ඉටුවිය යුතු දේවල්නේ මොන රජයෙන් වුනත්. (බ)
ඇයි අර 5000කුත් දෙනවා කිවුවේ? (නි)
හා..හා..හා.....(බ)
ඒක නම් ඇත්තටම අගය කරන්න ඕනෑ කටයුත්තක් මැතිතුමනි (නි)
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම අගය කළයුතුයි. විශ්‍රාමිකයින් ඒ වෙනුවෙන් තම යුතුකම ඉටුකරනු ඇතැයි විශ්වාස කරමු. (නි)