කොළඹ කිරුළපන දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අලුත් අවුරුද්දදේ වැඩ ආරම්භ කරමින් කීවේය.
‘මැයි දිනය කියන්නේ කම්කරු දිනයක්. එය උතුම් දිනයක්. ආණ්ඩුවෙන් ඉල්ලිම් දිනා ගන්නයි මැයි දිනය සමරන්නේ. මැයි දිනය පක්ෂ බේදයකින් තොරව සැමරිය යුතුයි. මමත් මැයි දිනේට රතු පාට ඇන්දා. මෙවර මැයි දිනයට එන ලෙස එකාබද්ධ විපක්ෂයෙන් ආරාධනාවක් ලැබුණා. මං ඊට සහභාගී වෙනවා.’




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි, සමහරුන්ට ඔබතුමා කළ සේවය අමතකයි. නමුත් සිංහල රටේ නායකයා ඔබ පමණි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
හොරු ලංකර ගන්න එපා .මිනිස්සු අවධානෙන් ඉන්නේ (බ)
මහින්ද සමග ජනතා මුදල් මංකොල්ල කෑ අයයි ඔබ මෙහි දකින්නේ පවතින නීතියෙන් දඩුවමි නොලැබුණත් ස්වභවධර්මයෙන් ගැලවිමක් නැත. (අ)
මහින්දගේ ළඟින්ම ඉන්න රත්තරන් පුතෙකුත් ඉන්නේ... (නි)
මෙයාලගෙත් ඉතින් බලයට තිබෙන කෑදරකම අඩුවෙන්නේ නැහැ (නි)
ඡායාරූපයේ එතුමා වටේ ඉන්න දේශපාලකයින්ගේ විලාශය දැක්කහම ඒකාබද්ධ විපක්ෂය කියන නමත් එපාවෙනවා. (නි)
මහින්ද ජනපතිඳුනි, ඔබට ජය...! (නි)
ඔබතුමා නැවත බලයට එන්නට කොතරම් වලිකෑවත් මහජනතාව දැන් ඡන්දය පාවිච්චි කරන්නේ යම් යම් අයගේ කෙරුවාවන් ගැන තක්සේරු කරයි. හොරු ඉන්නේ කොයි පිලේදැයි තුලනාත්මකව සිතා බලායි (නි)
ආණ්ඩුවෙන් ඉල්ලීම් දිනාගන්නද, ආපසු රජවෙන්නද මෙදා පාර සුදානම් වෙන්නේ? (නි)
ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාමගෙන මැදමුලනට වී බෞද්ධ පොතක් පතක් බලාගෙන හිටියොත් හොඳ නැද්ද? අායෙත් බලයට අාවොත් මිනිසුන්ට ඔබතුමාව එපාම එපාවෙනවා. (නි)
මේ රැලියට සහභාගිවෙන එක හොඳයි. නැත්නම් දැන් කට්ටිය වැඩිය ගණන් ගන්නේත් නැහැනේ (නි)
අපේ සුබ පැතුම්! (නි)
පක්ෂ නායකයා වෙලා සිටියදී නොතිබුන විනයක් දැන් තියෙයිද? (නි)
ඔව් ඉතින් තුත්තිරි ගහක හරි එල්ලිලා කොහොමහරි ගොඩඑන්න එපායැ. (නි)
පක්සේ කඩාගෙන ගියේ මෙයා නෙමෙයි අරයා. පිස්සුද මන්දා පිටබැද්දර ජයාට. (නි)
අපිට වැරදුනා, අපි දැන් අපිටම දොස් කියා ගන්නවා. වැරැද්ද නිවැරදි කරනවා ඊළඟ පාර (නි)
ඔබතුමා අතගහන සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
ආරක්ෂාවත් මදි නිසා එන එක හොඳ මදි වගේ නේද? සුමනෙට කියලා හඳහන බැලුවොත් හොඳයි වගේ. (නි)
ඇති මහත් ජනතාවක් එදාට කිරුලපනයේ ජය වේවා (ම)
ජයතු, ඔබ වැනි සුලු දෙනෙකුට මෙය තේරුණාට බහුතරයක් තවම ඉන්නේ ළිං පතුලේ. (නි)
ඔහොම කියන විදියට සංවර්ධනයක් වුණා නම් ජනතාව එයාව ගෙදර ඇරියේ ඇයි? (නි)
මැයි දිනය උතුම් දිනයක් වුනේ ඒ කාලයේය.අද එය කම්කරුවන්ට නොව දේශපාලකයන්ට උතුම් දිනයක් වී ඇත. අද වැඩ කරන ජනතාව බාගෙට කාලා දේශපාලකයන්ට සැප සම්පත් ලබා දෙන යුගයකි. තව කොපමණ කල් ශ්‍රිලංකාවේ කම්කරුවන් ගොනාට අඳින්නට ලෑස්තිද?(කෞ)
තමන් වටා සිටින කේවට්ටයන් හඳුනා ගැනීමට තරම් ඥානයක් නොමැති බව නැවතත් ප්‍රසිද්ධ කරන්න යනවා .(කෞ)
දැන් මතක නැහැ 2005-2015 කාලයේ මොනවද කළේ කියලා. ජනතාවනි, හොඳ සිහිබුද්ධියෙන් හිතන්න. මේ අයට බලය තිබෙනවිට මොළය නැහැ කල්පනාවත් නැහැ. (නි)
අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක්.(අ)
ඔබට ජය වේවා. (අ)
ගාල්ලේ තියන රැලිය එජාප සහයෝගී රැලිය, කිරුලපන රැලිය නියම ශ්‍රී ලංකානිදහස් පක්ස රැලිය මහින්ද මැති තුමා සහබාගි වෙනවා (අ)
රතු ඇන්දට 2005 2015 මොනවද කළේ කම්කරු ඇමති කාලයේ හදපුව බලය ලැබුනම අමතක කළා නේද බලය නැති කොට තමා කම්කරුවෝ මතක් වෙන්න සියලුම වැඩ කරන ජනතාවනි රැවටෙන්න එපා බොරු පොරොන්දු බලය ගන්නකම් පමණි (බ)
ඔබ තුමාට දිර්ගයු ! (අ)
තමන් හිටිය පක්ෂෙ කඩාගෙන ගිහින් තව පක්ෂ හදන්න ගිය කාටවත් හරි ගිහිල්ලා නම් නැහැ උන්නැහේ !(අ)
අපිටනම් හොද මතකයක් තියෙනවා . 2010 කලින් කොහොමද 2010 පස්සේ කොහොමද කියල .....2015න් පස්සේ මොනවද වෙලා තියෙන්නේ කියලත් තේරෙනවා.....(ම)