මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේය.
දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
ඇතැම් විට හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
හිටපු ජනපති කතරගම ගියේ පෙර දින ඉරිදා ය. අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වීමට ඔහු ද, ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.
එහෙත් වෙනදා ජනපති කතරගම යන විට නොවරදවාම යන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පැමිණ නොසිටීම කැපී පෙනිනි.
හිටපු ජනපති රැගත් වාහනය ද සමඟ තවත් වාහන පහක් කිරිවෙහෙර පාලමෙන් එගොඩ වී මහා දේවාලය පිටුපස පාරෙන් එහි පිවිසෙද් දී දේවාලය සමීපයේ ගේට්ටුව වසා තිබිණි.
එහි යතුර ක්ෂණිකවම සොයා ගත නොහැකි විය. එතැන දී වාහනවලින් බැස හිටපු ජනපති දේවාලයට පයින් ගියේය.
හිටපු ජනපති රාත්‍රිය ගත කළේ කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ය.
අද (23) පෙරවරුවේ ඔහු කතරගමින් පිටත් විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් නැකතටම තමයි එතුමා වැඩ (නි)
ඹබ දේශපාලනයට පැමිණිම රටේ වාසනාව!(හේ)
දැන් තියෙන තත්ත්වය අනුව දේශපාලනයට එන එක ඔහුට සහ ඔහුගේ ගෝලයන්ට හරිම පාඩුවක් (අ)
බාරය ඔප්පු කරේ "යහපාලනයට" දේවාශිර්වාදය ලබා දීම නිමිති කරගෙනද? ශිරන්ති මහත්මිය භක්තියෙන් වන්දනා කරන පින්තුරය ඉතා අගේ කලයුතු වෙනවා. (අ)
ඔබ රටට උවමනා මොහොතක් . මා නිවන්ත අබික්කම්ම .(අ)
ඔබ දේසපාලනයට එනතුරා අපි මග බලා සිටුමු. අයෙ නම් මුළු ලංකාවම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කල සමහර සිල්වලා, සොයිසලා, අරගන එන්න එපා. අපගේ අදහස්වලට පොඩි ඉඩක් දෙන්න. ඔබ තුමාට රටේ ජනතාව ගේ ආදරය ඉහලින්ම ලැබෙනවා. ජය ශ්‍රී (අ)
ඔබ දැන් යහපාලනයට ඉඩ දෙන්න(දිල්)
ඔබ යලි එනතුරු අපි මගබලා සිටිනවා මැතිදුනි.(හේ)
තව පෝය දෙකයි. ඉවසලා ඉන්න (නි)
කතරගම දෙවියන්ටවත් සත්‍ය පෙන්වා දෙන්න කියන්න (නදී)
නැවත සුබ අනාගතයක් ඉක්මනින් ඕන ජනපති තුමනි. ඔබ එන තුරු ලක්ෂ ගණන් ජනයා බලන් ඉදියි (නදී)