IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද රන් ත්‍රිශූලයක් රිදී පඬුරක් ඔප්පු කරයි : දේශපාලනයට එන ලකුණු

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේය.

දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.

ඇතැම් විට හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.

හිටපු ජනපති කතරගම ගියේ පෙර දින ඉරිදා ය. අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වීමට ඔහු ද, ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.

එහෙත් වෙනදා ජනපති කතරගම යන විට නොවරදවාම යන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පැමිණ නොසිටීම කැපී පෙනිනි.

හිටපු ජනපති රැගත් වාහනය ද සමඟ තවත් වාහන පහක් කිරිවෙහෙර පාලමෙන් එගොඩ වී මහා දේවාලය පිටුපස පාරෙන් එහි පිවිසෙද් දී දේවාලය සමීපයේ ගේට්ටුව වසා තිබිණි.

එහි යතුර ක්ෂණිකවම සොයා ගත නොහැකි විය. එතැන දී වාහනවලින් බැස හිටපු ජනපති දේවාලයට පයින් ගියේය.

හිටපු ජනපති රාත්‍රිය ගත කළේ කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ය.

අද (23) පෙරවරුවේ ඔහු කතරගමින් පිටත් විය.

7(21)

a3(4)

1(60) 2(50) 5(32) 8(14) 9(16) 10(23)



අදහස් (0)

මහින්ද රන් ත්‍රිශූලයක් රිදී පඬුරක් ඔප්පු කරයි : දේශපාලනයට එන ලකුණු

ෆාතිමා Monday, 23 February 2015 02:24 PM

තවමත් නැකතටම තමයි එතුමා වැඩ (නි)

:       0       0

නිශාන්ත Monday, 23 February 2015 07:00 AM

ඹබ දේශපාලනයට පැමිණිම රටේ වාසනාව!(හේ)

:       0       0

වාසනා Tuesday, 24 February 2015 12:08 AM

දැන් තියෙන තත්ත්වය අනුව දේශපාලනයට එන එක ඔහුට සහ ඔහුගේ ගෝලයන්ට හරිම පාඩුවක් (අ)

:       0       0

නන්දලාල් Tuesday, 24 February 2015 12:41 AM

බාරය ඔප්පු කරේ "යහපාලනයට" දේවාශිර්වාදය ලබා දීම නිමිති කරගෙනද? ශිරන්ති මහත්මිය භක්තියෙන් වන්දනා කරන පින්තුරය ඉතා අගේ කලයුතු වෙනවා. (අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Tuesday, 24 February 2015 12:59 AM

ඔබ රටට උවමනා මොහොතක් . මා නිවන්ත අබික්කම්ම .(අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Tuesday, 24 February 2015 01:15 AM

ඔබ දේසපාලනයට එනතුරා අපි මග බලා සිටුමු. අයෙ නම් මුළු ලංකාවම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කල සමහර සිල්වලා, සොයිසලා, අරගන එන්න එපා. අපගේ අදහස්වලට පොඩි ඉඩක් දෙන්න. ඔබ තුමාට ර‍ටේ ජනතාව ගේ ආදරය ඉහලින්ම ලැබෙනවා. ජය ශ්‍රී (අ)

:       0       0

සමන් දයාරත්න Tuesday, 24 February 2015 11:14 AM

ඔබ දැන් යහපාලනයට ඉඩ දෙන්න(දිල්)

:       0       0

රසික පුෂ්පකුමාර Monday, 23 February 2015 10:29 AM

ඔබ යලි එනතුරු අපි මගබලා සිටිනවා මැතිදුනි.(හේ)

:       0       0

මේනක Wednesday, 25 February 2015 05:41 AM

තව පෝය දෙකයි. ඉවසලා ඉන්න (නි)

:       0       0

උපාලි රංජිත් Monday, 23 February 2015 10:53 AM

කතරගම දෙවියන්ටවත් සත්‍ය පෙන්වා දෙන්න කියන්න (නදී)

:       0       0

මොනිකා Saturday, 28 February 2015 10:01 AM

නැවත සුබ අනාගතයක් ඉක්මනින් ඕන ජනපති තුමනි. ඔබ එන තුරු ලක්ෂ ගණන් ජනයා බලන් ඉදියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site