රාජපක්ෂ රෙජීමය ඇතුළු කණ්ඩායම නැවත වරක් පරාජය කරන බව ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ කැඳවුම්කරු ජයම්පති වික්‍රමරත්න මහතා අද (16) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මහින්ද රාජපක්ෂ මේ රටේ දේශපාලන සංස්කෘතිය බරපතල විදියට වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑම් කළා. මේ මොහොතේ අපට බරපතල වගකීමක් තිබෙනවා මේ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය පරාජය කරන්න‘ යැයිද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙගොලන්ට ගෙදර ඡන්දයවත් නැහැ. මහින්දට විරුද්ධව කතාකළාම රැස්වීම් තිබ්බහම ඩොලර් සහ රුපියල් යහමින් ලැබෙනවා. බඩ ගොස්තරේ හොයාගන්න එකයි මේ කරන්නේ. (අ)
රටේ දේශපාලන සංස්කෘතිය බරපතල විදියට වෙනස් වීමේ විනාශයට වඩා විනාශයක් වන්නේ රටේ මහා සංස්කෘතිය විනාශ කිරීමට දැන හෝ නොදැන කරන ඇතැම් ය කරන කටයුතු.(අ)
මහින්ද මහත්මය මේ රට නිදහස් කර දුන්න (ස)
දැන් ඒ සංස්කෘතිය එජාපෙ ගෙනාවා කියලා වෙනස්වෙයි!(හේ)
ඡන්ද 10 ක් වත් නැති මේ අය කොහෙද මහින්දව පරද්දන්න යන්නේ, හීන දකිනවා .(හේ)
සම්පූර්ණයෙන්ම වෙනස් කළා.(හේ)
මේ අයගේ දේශනා අහන්න එන පිරිසගේ ඡායා රූපයකුත් පල වුනානම් තවත් හොඳයි (ස)
මෙගොලන්ට ගෙදර ඡන්දයවත් නැහැ. (ස)
ජයම්පතිගෙ වයිෆ්ගෙ ඡන්දයත් මහින්දට.(ස)
දවල් හීන.(හේ)
සමසමාජ පක්ෂයේ බහු බුත කණ්ඩායම කියන දේවල් පිළිගන්න යහපත් මිනිසුන්ට මොලේ අමාරුවක් නැත.(හේ)
අපිට නම් මහින්ද කියන්නේ දෙවියෙක් (නි)
දැන් හරි..මහින්ද වෙනස් කලා කියමුකෝ..මොන දේ කළත් එතුමා ඡන්ද තිබ්බනේ..මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න කාටවත් බාධා කළේ නැහැනේ..තමන්ට විරුද්ධ ජනමතවල නාමයෝජනා පාලනය කරන්න ගියේ නැහැනේ.(හේ)
කියලා වැඩක් නෑ.(හේ)
එක් කෙනෙක් බෙරිහන් දෙනවා . තව එක්කෙනෙකුට එතනම නින්ද යනවා. (හේ)
සිහලුනි අවදි වෙව් මේ රට හැර අන් රටක් තොපට නැත, (හේ)
කවුද මේ අදමයි දැක්කේ (හේ)
රටේ සැබෑ ප්‍රශ්ණයකදී හැඟෙන මේ ගොල්ලෝ දැන් වීරයෝ වෙලා.(නදී)
ගෙදර ඡන්ද නැත්තේ මේ අයට නෙමෙයි මේ අයට වාසු, දිනේෂ් විමල් ඇතුළු නඩයටයි ගෙදර ඡන්දෙත් මේ සැරේ නැත්තේ (නදී)
වෙනස්කළ නිසා තමයි කට්ටිය බය නැතුව පාරේ බැහැලා යන්නේ.අලුත් ගුවන් තොටුපළවල් දැක්කේ ,අධිවේගී මාර්ග දැක්කේ.දැන් මුල අමතකයි. (නි)
අපේ දරුවන්ට නිදහසේ පාසල් යාමේ අයිතිය වෙනුවෙන් තම දරුවන්ට පියා අහිමිකරමින් දිවිපිදු රණවිරුවන්ගේ මරණය හා බැඳුනු යුතුකමක් අපට ඇත. ඉතින් අප අද කළයුතු, කළ හැකි දේ ඉටු කළ යුතුය. එසේ නොකළහොත් අපටත් වඩා අපේ දරුවන්ට ඒ ශාපයට වන්දි ගෙවන්නට සිදුවනු නිසැකය. ඉරාකය, ලිබියාව, සිරියාව ඇමරිකානු මැදිහත්වීමට පෙර සාමකාමීව සශ්‍රීකව පැවතුනු බව අපි දනිමු. නමුත් ඒවා මරුකතරවල් බවට පත්වන්නට ගතවූයේ කෙතරම් කෙටි කලක්ද? (නි)
තවත් 3 වීල් සංවිධානයක්.(හේ)
මහින්ද හිටියා නම් මේ වෙනකොට දන්සල් පටන් අරගෙන.(හේ)
මහින්ද තමයි රටේ සැබෑ වෙනසක් කළේ (නි)
අද දේශපාලනය කියන දේ කතා කරන්නත් ලැජ්ජයි. මේ රටේ මිනිසුන්ව බරපතල විදිහට රවටන්න අද දේශපාලකයෝ පුරුදුවෙලා. අපේ මේ වයසට අපි දැක්කා මහත්තයෝ හැම පක්ෂයක්ම කළ දේවල්.මේ ජරාජීර්ණ ව්‍යවස්ථාවක් ගෙනලලා මනාප ක්‍රමය ඇතිකරලා මේ රටේ දේශපාලනය විනාශ කළේ කවුද කියලා අමතක කරන්න එපා. ඒකේ ප්‍රතිඵල අදත් අපි විඳවනවා. කවුරු ආවත් හෙටත් මතුවටත් අපේ දේශපාලනය වෙනස් කරන්න අමාරුයි (නි)
රජෙක් වගේ හිටිය මහින්දට මොකද වුණේ? (නි)
කොහේ හිටපු කට්ටියක්ද? වැඩකට නැති කතා කියන්නේ නැතිව දුප්පත් පවුලකට වහලක් , වැසිකිලියක් හදල දුන්නනම් හොඳයි . තේරුමක් නැති වියදම් කාලය කන්නේ නැතිව. (ස)
කට්ටියට මතකයක් නැහැ නේද මෙයාලා ගැන? 2015 ට කලින් හිටියේ කොහේද? (නි)
කෙනෙක් හඬතලද්දී තව කෙනෙක් නිශ්ශබ්දව ඉන්නවා. මොකද ඔහු දන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
යසිරු, පසුගිය අවුරුදු 9 කොහෙද හිටියේ? (නි)
සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ කැඳවුම්කරු ජයම්පති වික්‍රමරත්න ,,,,,,,,,,,පිස්සු තමා . (ස)
අනාගතයේ කවමදාකවත් නැවත ඔවුන්ට හිස ඔසවන්න දෙන්න එපා. (නි)
ඕවා කියන්න අද ඊයේ ඉපදුන මුහුණුපොතේ දේශපලනය කරන උදවියට. ලංකාවේ දේශපලන සංස්කෘතිය උඩුයටිකුරු වුණේ 1977දී. ඒක මහින්ද කාලෙදී නැතිවුණේ කොහොමද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න (නි)
කතාව නම් සහතික ඇත්ත (නි)
රාජපක්ෂලාට දර දිය අදින්නේ නැති තරුණ නායකත්වයක් බිහීකර ගන්න. (නි)
" ලාම්පු කළගෙඩි " සෙල්ලම දාලා ඡන්දෙ කල්දාගත්ත කාලේ මේ අය කොහෙද හිටියේ? (නි)
මෙය රාජකාරි කොරපු කාලේ කොහොම කඩේ යන්න ඇත්ද , යේස් සර්, වෙරි වෙල් සර්, ඔක්කොම මන් බලාගන්නම් සර්, යේස් සර්, වෙරි වෙල් සර් (නදී)
කතාව කොයිතරම් රසවත් හා වැදගත් ද කියලා කියනවා නම් ස්ටේජ් එකේ ඉන්න කෙනෙක් නිදි. එතකොට රැස්වීම අහන උදවිය ගැන කවර කතාද ? මේ එක රැස්වීමක් තියන්න මෙයාලට කොච්චර ගෙවනවාද ඩයස්පෝරාව ? (නදී)
ඇත්ත. සැබෑ වෙනසක් රටේ කළේ මහින්ද තමයි (නි)
ඉස්සර නැති නොවුණ දේශපාලන සංස්කෘතියක් මහින්ද කාලෙදී නැතිවුණේ කොහොමද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ (නි)